oshandas
oshandas
Oshi
63 posts
Voice to the voiceless
Don't wanna be here? Send us removal request.
oshandas · 8 years ago
Link
If Sri Lanka takes her Buddhism seriously, she should impose a total ban on ivory, with the full blessings of the Sangha. Unfortunately, such a ban is unlikely to happen anytime soon, 
3 notes · View notes
oshandas · 8 years ago
Text
Hi
0 notes
oshandas · 8 years ago
Text
කෝට්ටේරජවාසලට යනරාජගිරියේ මුරකපොල්ල
​කෝට්ටේ රාජධානියට අයත්රාජකීය ග්‍රාම නාමාවලියේරාජගිරියට හිමිවන්නේ සුවිශේෂස්ථානයකි. එද‌ා කෝට්ටේ රජකම්කළ සය වැනි පැරකුම්බාරජතුමාගේ රජවාසලට ඇතුළුවීමට තිබූ කපොලුවලින් ප්‍රධානකපොල්ල හෙවත් ප්‍රධානආරක්ෂක මුරපොළ පිහිටා තිබූස්ථානය රාජගිරිය වූ බව පැරණිවංශකථාවල සඳහන් වේ.    කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටිකෝරළයට අයත් පල්​ෙල්පත්තුවේරාජගිරිය පිහිටා ඇත. වැලිකඩ,ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, මාදින්නාගොඩ, කලපළුවාවමේ සියලු ගම්මානවල ප්‍රධානගම්මානය රාජගිරියයි.     පරිසරයේ හදවත බඳු වගුරුබිම්රැසකට උරුමකම් කියූ රාජගිරියේරාජකීය මුගටියකු සිටි බවත් ඒමුගටියා ඔබේසේකර වලව්වේ ජීවත්වූ බවත් පැරණි ජනප්‍රවාදයේ එනතවත් කථා ප්‍රවෘත්තියකි.    බොදු පුනරුද ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨයුග පුරුෂයකු වූ අනගාරිකධර්මපාලතුමාගේ දොන් කරෝලිස්හේවා විතාරණ පවුලට අයත් නිවසපමණක් නොව ඉඩකඩම් පවා පිහිටාතිබුණේ රාජගිරියේය.     රාජගිරිය අවට ප්‍රදේශවල ජීවත් වූබොදු දරු දැරියන්ට ඉගෙනුමලබන්නට විදුහලක් නොමැතිඅවදියක හේවාවිතාරණ පවුල සියදේපළ පරිත්‍යාග කොට ආරම්භ කළහේවාවිතාරණ විදුහල රාජගිරියටසද‌ා නොමියෙන සිහිවටනයකි.    හේවාවිතාරණ නිවස හැරුණු කලතවත් වලව් දෙකක් රාජගිරියටඋරුමව ඇත. ��� ඔබේසේකර වලව්වහා ආටිගල වලව්වයි. මේ අතීතඋරුමය හා එද‌ා පැවැති ජන ජීවිතයගැන කරුණු සොයා යෑමේදී හමු වූඅය අතර රාජගිරියේ අතීතයටආදරය කරන සාම විනිසුරු ප්‍රේමසිරිමුණසිංහ මහතා අදහස් දැක්වූයේමෙසේය.    ඉස්සර ඔබේසේකර පුරට කිව්වේකොච්චියාවත්ත කියලයි.කොච්චියාවත්ත කියන්නේ ඒ කාලේකොච්චි මිනිස්සු ජීවත්ව සිටි නිසාබව අපේ පැරණි මුතුන් මිත්තෝ අපිටකියලා තිබෙනවා. මේ ප්‍රදේශයතනිකරම වගුරු බිම සහිත තෙත්බිම් අක්කර 84 ක වපරිසයකටහිමිකම් කියනවා. ඉබේම වැවුණුතණ කොළවලින් මේ ප්‍රදේශය වැසීතිබුණා.    ඒ අතරේ කීර කොටුත් තිබුණා. විශාලවශයෙන් ගව පට්ටි තිබුණ නිසාතණකොළවලට හොඳ ඉල්ලුමක් ඒකාලේ ඉඳන්ම තිබුණා.ඔබේසේකරපුර වශයෙන් අදහැඳින්වෙන රාජගිරියේ මේ කොටසේවගුරුබිමෙත් නින්දගමෙත් නිත්‍යහිමිකරුවා වූයේ ඩොනල්ඩ්ඔබේසේකර මුදලිතුමා ප්‍රමුඛ පවුලේඋදවියයි.    මේ වටිනා ඉඩමෙන් ජනතා, සේවයක්වශයෙන් ඉටුවෙලා තියෙන්නේආයුර්වේදයේ ඉගෙන ගන්නසිසුවියන්ට කාන්තානේවාසිකාගාරයක් ඉදිවීම පමණයි.    1950 ගණන්වල රජයේමැදිහත්වීමෙන් නිවාස යෝජනාක්‍රමයක් ආරම්භ වුණා. ගෙවල් දෙකබැගින් අැරඹුණු මේ නිවාස යෝජනාක්‍රමයට නම දැම්මේ ඔබේසේකරපුර කියලයි. එහෙම තමයිඔබේසේකර පුර ආරම්භ වුණේ.    ඒ කාලේ ඉතාම සු��්දර පරිසරයක්තමයි තිබුණේ. ඔබේසේකරපුරරජයේ නිවාස ආශ්‍රිතව ගුරුපාරක්තමයි තිබුණේ. පාර දිගටම රජයෙන්ඇහැළ ගස් වවලා තිබුණා ඇහැළ මල්පිපෙන කාලට කහ රෙද්දක්පෙරෙව්වා වගේ මුළු පළාතම හරිමලස්සනයි. ඊළඟට රොබරෝසියා මල්පාර දිගටම වවලා තිබුණා. ඒවායේමල් පිපෙන කාලෙටත් පුදුමලස්සනක් තිබුණා.    ඔබේසේකරපුර නිවාස හදලාරජයෙන් අඬබෙර ගහලා කිව්වා ඒනිවසවල පදිංචියට එන්න කියලා.ඒත් ඒ මිනිස්සු ඒකට මුලින් කැමතිවුණේ නැහැ. එකක් ජනශූන්‍ය බව.අනෙක පැල්පත්වල හිටියත් ඒමිනිස්සු එයින් මිදෙන්න තිබුණඅකමැත්ත ඊට හේතු වුණා.    මොරගස්මුල්ලෙන් කොලොන්නාවටප්‍රවේශවන මාර්ගයේ ලී පාලමක්තිබුණා. මෙතැනින් ගලාගෙන ගියදියවන්නා ඔයෙන් ගමේ වැඩිහිටියෝවගේම අපේ වයසේ පසු වූ දුවපැනඇවිදින කොල්ලෝ නානවා. මේ ගඟදෙපස තිබුණේ වගුරු බිම් තමයි.    ඒ දවස්වල මුහුදු මාළුවලට වඩාමිනිස්සු හුරුවෙලා හිටියේ වෙල් මාළුකන්න තමයි. තංගයියා සහ සිල්වාඋන්නැහේ කියලා දෙන්නෙක් ගමේහිටියා. මේ දෙන්නගේ රාජකාරියවුණේ ගඟෙන් හා අවට ඇළවල්වලින්වගුරු බිම්වලින් මාළු ඇ��්ලීමයි.    පොල් ඉරටුවක කෙළවර ගැටයක් ගහලා මාළුවාගේ කරමලේ අස්සෙන් පොල් ඉරටුව රිංගවලා ලස්සනටඅසුරනවා හරියට දම්වැලක පුරුක්වගෙයි. වෙල් මාළු රසවගේම ගුණයි. ගමේ නැවුම් එළකිරි බෝතලයක්ඒ කාලේ ශත 60 යි. ඒ කාලේ ගමේම ගව පට්ටි 5 ක් විතර හිටියා. සෝමදිසි මුදලාලිගේ ගව පට්ටියත් ඒකාලේ ප්‍රසිද්ධ ගව පට්ටියක්. සෝමදිසි මුදලාලිගේ පුතෙක් තමයි එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රීජයන්ත ද සිල්වා කියන්නේ. මාදින්නාගොඩ, මොරගස්මුල්ල, කලපළුවාව වැනි ප්‍රදේශ ඒකාලේජනාකීර්ණ වෙලා තිබුණේ නැහැ. නමුත් ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ජනාවාස වූ පසුවත් පැල්පත්වාසී මිනිස්සු ඒ ප්‍රදේශ දෙකේ බහුලව හිටියා. ඒ මිනිස්සුන්ට තමන්ගේ දුප්පත්කම ඒ තරම් දැනුණේනැහැ.    ඒකට හේතුව වුණේ ඒ මිනිසුන් තුළ තිබූ සාමුහික බව සහ ඒ අයට උරුම වූ සෞන්දර්යාත්මකපැවැත්මකුත් තිබුණ නිසයි.    අපි පුංචි කාලේ ගමේ දෙවොල් මඩු, නාඩගම් මඩු නිතර තියෙනවා. නාඩගම් මඩුවල ලස්සනට වියපු පොල්අතු ඉරුවේ තමයි වාඩිවෙන්න දෙන්නේ. එ් කාලේ පැරණි නාඩගම් ගායකයෙක් හිටියා ඔහුගේ නම ඇලන්රත්නායක. වෙසක් කාලේට වෙසක් බොදු බැති ගී කණ්ඩායම් ගමේ සෑම නිවසකටම ගිහින් බොදු බැති ගීගායනා කරනවා. ඒ කාලේ පුංචි අපි වගේම අපේ දෙමව්පියොත් මේ වැඩසටහනට හරිම කැමතියි. බොදුබැතිගී ගායනා කරලා අවසන් වුණාම ඒ අයට සංග්‍රහයක් කරලා පුංචි තෑග්ගකුත් දෙන සිරිතක් තිබුණා.ඒ කාලේ අඩි 4 පුංචි වැටක් මිස තාප්ප දාපු ගෙවල් තිබුණේ නැහැ. අපේ ළමාවිය හරිම සුන්දරයි. ටියුෂන්පංතිවලට අපේ ළමාවිය හිරකරලා තිබුණේ නැහැ. බාහිර ක්‍රියාකාරකම්වලට අපි මුල් තැන දුන්නා. වගුරුබිම්වල බඩවැටි අතරින් ගිහිල්ලා සරුංගල් යවනවා. වෙසක් කාලේට සෑම නිවසකම ලස්සනට සල්උයනක් හදනවා. පොසොන් කාලේට මිහින්තලේ හදලා මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස වගේම මිහින්තලාගල ලස්සනට හදනවා. අදට වඩා අපේ ළමාවිය හරිම නිර්මාණශීලියි.    එළිමහන් වේදිකා නාට්‍යවලටත් හරිම ඉල්ලුමක් එ් කාලේ තිබුණා. ඒ කාලේ රූපවාහිනී ඇත්තේ නැහැ.තිබුණොත් රේඩියෝ එකක් තමයි ගෙදරක දෙකක තියෙන්නේ.    එළිමහන් වේදිකා නාට්‍යවල වාදකයෝ ගායකයෝ නළු නිළියෝ අධ්‍යක්ෂවරු මේ සියලු දෙනාම ගමේ අයතමයි. බෞද්ධ කථා වස්තු රැගත් නාට්‍යය තමයි බොහෝ වෙලාවට වේදිකාගත කරන්නේ.    අජාසත්ත කථාව ඒ කථා අතර තිබුණ විශේෂ නාට්‍යයක් තමයි. මේ නාට්‍ය කලාව 1920 - 30 දක්වා දිවයනඅතීතයක් තිබුණු නාට්‍ය බව ඒ කාලේ හිටපු වැඩිහිටියෝ අපිට කියලා දුන්නා. මේ සංස්කෘතික සබැඳියාවසමග ගමේ එකමුතුකම සාමුහික බව වඩාත් අ���්ථවත් වුණා.    සමුප හන්දියේ ඒකාලේ බොහෝ දෙනා එකතුවන කඩමණ්ඩියක් තිබුණා. සවසට මේ කඩමණ්ඩියටවැඩිහිටියෝ වගේම ළමයින් එකතු වෙනවා. මේ කඩමණ්ඩිය අසල ශාලාවක් තිබුණා ඒක පොල් අතුසෙවිළි කළ මඩුවක්. සෑම ඉරුදිනකම ගමේ වැඩිහිටියෝ එකතුවෙලා මේ ස්ථානයේ ධර්මදේශනාවක්පවත්වනවා. ශ්‍රී සද්ධර්මානුචාරී සමිතිය කියලා වැඩිහිටියෝ පිහිටුවාගත් සමිතියක් තමයි මේධර්මදේශනාව පවත්වනු ලබන්නේ. එද‌ා බොහෝවිට මේ ස්ථානයේ ධර්මදේශනාවලට වැඩම කළේඅපවත් වී වද‌ාළ කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ නැත්නම් අපවත් වී වද‌ාළපිටකෝට්ටේ සෝමානන්ද හාමුදුරුවෝ තමයි. මේ පිංකම සංවිධානය කළ අය අතරින් සුබදේරිස් අයියාලේකම් මාමා වගේ වැඩිහිටි පිරිස මට මතකයි. ඒ දවස්වල සෑම ගෙදරකම කොස්, දෙල් වගේම වැළවරකා,ගස් ලබු, කෙසෙල් වැනි පලතුරු වර්ගද ගෙවත්තේම සරුවට වැවී තිබුණා. එ් කාලේ මිනිස්සු කිසිම දවසකකඩෙන් පලතුරු සල්ලිවලට ගත්තේ නැහැ අපි පුංචි කාලේ අපේ වැඩිහිටියෝ අරළු බුළු නෙල්ලි මිශ්‍රකසායක් මාස 3 කට වරක් දෙනවා බඩ සුද්ධ වෙන්න කියලා. ඉහෙන් බහින රෝගයක් අපිට තිබුණේනැහැ. ඉඳහිට කලාතුරකින් ලෙඩක් හැදුණොත් වැඩිහිටියෝ අපිව රාජගිරියේ ආයුර්වේදයට එක්කගෙනයනවා. අද වගේ වෛද්‍ය චැනල් සේවා වැහි වැහැලා ඒ කාලේ තිබුණේ නැහැ. අද වගේ විශේෂයෙන් බෝනොවන රෝග වලට මිනිස්සු ගොදුරුවෙලා හිටියෙත් නැහැ.   ඒකාලේ හේවුඩ් එකේ සංගීතය ඉගෙන ගන්න කොණ්ඩේ වවාපු මහත්තයෙක් හෙරළි මාටින් අයියලාගේනිවසේ නේවාසිකව හිටියා. ඔහු වික්ටර් රත්නායක මහතා කියලා පසුව අපි දැනගත්තා. මා සමගරාජගිරිය සිරිපැරකුම් විදුහලේ ඉගෙනගත් හින්දි ගීත පිළිබඳ ඇල්මක් දක්වන ගුවන් විදුලි නිවේදක රංජිත්එදිරිසිංහ අතීතය අමතක ​ෙනාකළ මගේ පාසල් මිතුරෙක්.   ඒකාලේ අපේ ගමේ ප්‍රධාන ක්‍රීඩාව වුණේ පාපන්දු හා ක්‍රිකට් තමයි. වැලිකඩ ක්‍රීඩාංගණයේ ගොඩාක්අය පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. කොටා ක්‍රීඩාංගණයෙත් ඇසළ ක්‍රීඩාංගණයෙත් දිනපතා පුහුණුවීම්කටයුතු කරනවා. මේ තුළින් නිරෝගිමත් විනයගරුක තරුණ පරපුරක් ඒ කාලේ හිටියා.   අපේ ගමට තිබුණ එකම සිනමා ශාලාව වුණේ රාජගිරියේ නන්දන සිනමා ශාලාවයි. ඉස්සර ගැලරියේ ශත50 යි අයකරන්නේ. ඒ දවස්වල අලුත් චිත්‍රපටියක් ගැන ප්‍රචාරක කටයුතු කළේ ගොන් කරත්තවලින්.චිත්‍රපටියේ රූපරාමු ඇතුළත් බෝඩ් කරත්තෙ දෙපැත්තේ එල්ලලා තියෙනවා. බෙරකරුවෙක් බෙරයක්ගහගෙන කරත්තෙ නැගලා එනවා. බෙරහඬ සමග ගමේ කොල්ලෝ කරත්තේ පස්සෙන් දුවගෙන එනවා.චිත්‍රපටියේ විස්තර ඇතුළත් පත්‍රිකාවක් ඒ අයට බෙද‌ාදෙනවා. ඒකාලේ බෙරය හොඳ සන්නිවේදනක්‍රමයක් තමයි අපේ ගම්වල තිබුණු.    ඒ දවස්වල ගමට විදුලිය තිබුණේ නැහැ. කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු තිබුණා භූමිතෙල්වලට ද හොඳඉල්ලුමක් තිබුණා. මළගෙදර, මඟුල් ගෙදර, බණ ගෙදර, පිරිත් ගෙදර ආදී ජනයා ගැවසෙන ස්ථානවලපැට්‍රල්මැක්ස් කියන ලාම්පු තමයි දැල්වෙන්නේ. මෙවැනි සුන්දර වටාපිටාවකට උරුමකම් කියූ එදා ජනජීවිතය ඉතාම සුන්දර බව ප්‍රේමසිරි මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.   රාජගිරිය ඔබේසේකර වලව්වේ අතීතය ගැන තොරතුරු සෙවීමේදී රාජගිරියේ පදිංචි ඩබ්ලිව්.කුමාරමහතාද අපට අතීත තොරතුරු පැවසුවේය.    ‘‘ඔබේසේකර වලව්වේ මුල් හිමිකරුවා වුණේ ඩොනල්ඩ් ඔබේසේකර මහ මුදලිතුමා. ඔහු කලක් කෝට්ටේනගරාධිපති ධුරයද දරා තිබෙනවා. ඒ මුදලිතුමාට පුතුන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඇලික් ඔබේසේකරහා ප්‍රෙඩ්රික් ඔබේසේකර. ඇලික් ඔබේසේකර මහා වලව්වේ හිමිකරුවා වූ අතර ප්‍රෙඩ්රික්ඔබේසේකරටද එ් හා සමාන වලව්වක් ඒ අසලින්ම හදලා දීලා තියෙනවා. මේ දෙන්නට ඒ කාලේ හිටපුගැමියො කිව්වේ හාමු කියලා තමයි. උඩ වලව්ව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ වලව්���ක්.එංගලන්තයේ මහ රැජින පවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ ස්ථානයක්. හාමුලා දෙන්නටම තුවක්කුදෙකක් තිබුණා. බල්ලෝ රංචුවක්ම ආරක්ෂාවට හිටියා. ඉස්සර මේ වලව්වට ඇතුළුවීම සම්පූර්ණයෙන්මතහනම්. අඩුම වශයෙන් වලව්ව ළඟ බෙරයක්වත් ගහන්න තහනම්. බෙර ගහනවා නම් වලව්වෙන්අවසර ගන්න ඕනැ. එතකොට කොළඹ නගරයටම කිරි දුන්නේ ඇලික් ඔබේසේකර හාමුට අයත්ව තිබූවිශාල ගව පට්ටියකින්. ​ගෝන්නු, මුවෝ, මොනරු, වලිකුකුල්ලු වලව්වේ ඇති කළා.   ඇලික් ඔබේසේකර හාමු අවිවාහක හුදකලා ජීවිතයක් තමයි ගතකළේ. දෙවැනි හාමු ප්‍රෙඩ්රික්ඔබේසේකර. ඔහු පළමුවෙන්ම ආදරය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික සුදු තරුණියකට. ඇයඕස්ට්‍රේලියාවේදී විවාහක කාන්තාවක් වුවත් පස්සේ දරුවන් සමග ඇවිත් මේ වලව්වේ ​ෙප්‍රඩ්රික් හාමුමියයනතුරුම ජීවත් වුණා. ප්‍රධාන වලව්වේ ජීවත් වූ ඇලික් හාමුට වීල්ස් වර්ගයේ ජිප් රථයක් තිබුණාප්‍රෙඩ්රික් හාමුට ස්කෝඩා කියන මෝටර් රථයක් තිබුණා.   ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘‘නිධානය’’ චිත්‍රපටියේ රූගත කිරීම් කරලාතියෙන්නේ ඇලික් ඔබේසේකර හාමු ජීවත් වූ මහා වලව්වේ තමයි. ඒ කාලේ මේ වලව් දෙක අවට ජනශුන්‍ය ප්‍රදේශයක් බව ඩබ්ලිව්.කුමාර මහතා ප්‍රකාශ කළේය.   එදා රාජගිරියේ කලාකරුවන් කිහිප දෙනකුද ජීවත් වූ බව අපට පැවැසුවේ ගුවන් විදුලියේ හිටපු ප්‍රවීණනිවේදනයකු වූ බර්ටි ගලහිටියාව මහතා ය.    මම රාජගිරියට පදිංචියට ආ කෙනෙක් වුණත් මාත් එහි ඈත අතීතය ගැන තරමක් සොයා බලා තිබෙනවා.ඒ කාලේ මගේ වැටුප රුපියල් 180 යි. රාජගිරියේ ඉඳලා බොරැල්ලට බස්ගාස්තුව ශත 5 යි. ඒ කාලේ මමකථා කරලා දාගත්ත බස් රථයක් තිබුණා. 179 රාජගිරියෙන් බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියටයන්න. ඒ කාලේ ගුවන් විදුලිය ළඟ���ම අයකරන්නේ ශත 10 යි. ඒ දවස්වල කෑම එකක් ශත 45 යි. කෑමඑක ගේන මිනිහාට ශත 5 කුත් දෙනවා.  මා ඒ දවස්වල බෝඩිමක හිටියේ. ඒකට රුපියල් 35 යි. 60දශකයේ රාජගිරියේ මැතිවරණ කාර්යාලය ආදී කාර්යාල තිබෙන ප්‍රදේශය වගුරු බිමක්. ඒ කාලේ බාල්දිවැසිකිළි තමයි රාජගිරිය පැත්තේ නිවාසවලට තිබුණේ.  බොරැල්ලේ ඉඳලා එනකොට ආයුර්වේදය තියෙන ස්ථානයෙන් ගලායන ඇළෙන් මෙහා පැත්ත රාජගිරියප්‍රදේශය වශයෙන් හැඳින්වුණා.    එතැන කරත්ත රේන්ද පොළක් තිබුණා. කොළඹට ඇතුළුවන වගේම ​කොළඹින් එන කරත්ත මුදල් අයකිරීම මේ රේන්ද පොළෙන් කෙරුණා. හෙළ ගී අඹරේ පෑයූ සුපුන් කරුවක් වූ සුනිල් ශාන්ත කලක්රාජගිරියේ ජීවත් වූ කලාකරුවෙක්. ජයවර්ධනපුර නගර සභාව අසල රාජගිරිය උද්‍යානයේ ඔහු ජීවත්වුණා. මහගම සේකර කියන කලාකරුවා රාජගිරිය හේවාවිතාරණ විදුහලේ දරුවන්ට ඉගැන්නුවා. තේවිස්ගුරුගේ මහත්මයත් කලක් හේවාවිතාරණ විදුහලේ ඉගැන්නුවා. ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෑතක්වනතුරුම හේවාවිතාරණ විදුහලේ ඉගැන්නුවා.   තවත් දක්ෂ කලාකරුවන් රැසක් රාජගිරිය ඒ අවට ගම්වල ජීවත්වුණා. ඒ අය අතර නැටුම් ශිල්පී හාචිත්‍රපට නළු ශේෂා පලිහක්කාර, පණිභාරත, සිනමාවේදී තිස්ස අබේසේකරත් මාදින්නාගොඩ ජීවත්වුණා.තවත් මට මතක තියෙන සිද්ධියක් තමයි ඩබ්ලිව්.ඩී. අමරදේවත් ශේෂා පලිහක්කාරත් මාත් රාජගිරියේදීබැඩ්මින්ටන් ක්‍රීඩා කළා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ඩී.ඩී. ඩැනී, ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා, ගායිකාප්‍රසිලා ඕපාත, සබිතා පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන්රැසක් මේ රාජගිරිය ආශ්‍රිතව එද‌ා ජීවත් වුණා යැයි බර්ටි ගලහිටියාව මහතා ප්‍රකාශ කළේය.   ‘නංගීලා මල්ලිලා ඉන්නවාදෝ බලා’ ‘පැලේ වසන රන්මලී’ ආදී ගීත ගායනා කළ සිඩ්නි ආටිගල නම්කලාකරුවාත් රාජගිරියේ ආටිගල වලව්වේ ජීවත් වූ කලාකරුවෙක්. ඔහු ගැන තොරතුරු සොයා යද්දීප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා සිඩ්නි ආටිගල ගැන රසවත් තොරතුරු රැසක් අපසමග පැවැසුවා.   ‘සිඩ්නි ආටිගලයි මමයි උපාලි අත්තනායකයි මරද‌ානේ ශාන්ත ජෝසප් විදුහලේ එකම පංතියේ තමයිඉගෙන ගත්තේ.  ‘අපි තුන් දෙනා ත්‍රිමූර්තියක් කිව්වොත් එය නිවැරදියි. අපි තුන්දෙනාම එකට තමයි පංතියෙන් හිටියේ.සිඩ්නියි මායි බක්කි කරත්තෙන් තමයි ඉස්කෝලේ ගියේ ඉස්කෝලේදී අපි සිංදු කියනවා. හරිම සතුටින්තමයි හිටියේ.   ‘‘නංග��ලා මල්ලිලා’’ යන ගීතය සිඩ්නිට ගායනා කරන්න රචනා කරලා දුන්නේත් උපාලි. ඒ කාලේ අපේපංතියේ සතියකට වරක් අන්තිම පීරියඩ් එක තියෙන්නේ පිහිනුම් පුහුණුව සඳහායි. කොහොම හරි අපිතුන්දෙනා මේ පීරියඩ් එක කට්කරනවා. කට් කරලා ඉස්කෝලේ පස්ස පැත්තෙන් බේරේ වැව අයිනෙන්හිමිහිට ඇවිදගෙන එනවා. එක තැනක පොඩි මරුකපොල්ලක් තියෙනවා. ඒකත් ඉතාම ප්‍රවේශමෙන්පැන ගන්නවා. පොඩ්ඩක් වැරදුණොත් බේරේවැවේ තමයි. අපි මතුවෙන්නේ මරද‌ානේ ගාමිණී හෝල් එකළඟින් තමයි. ගාමිණී හෝල් එකට ගිහින් චිත්‍රපටියක් බැලීමට තමා අපි එහෙම එන්නේ. ඒ කාලේ ටිකට්එකක් ශත 50 යි. පාසල් නිල ඇඳුම නිසා අපිට ඒ කාලේ ටිකට් දෙන්නේ නැහැ.     අපි කාන්තාවෝ ඉන්න පෝලිම් ළඟට ගිහිල්ලා කාන්තාවකට කියලා සල්ලි දීලා ටිකට් තුනක් අරගෙනහෝල් එකට ඇතුළුවෙනවා. සිරිසේන විමලවීර මහත්තයාගේ අහංකාර ස්ත්‍රිය වැනි චිත්‍රපටි බැලුවා.ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ඕන වුණාම අපි තුන්දෙනා නිව් ඔලිම්පියා එකට යනවා. අපි තුන් දෙනාගේමේ හොර වැඩේ විදුහල්පති පියතුමාට ආරංචිවෙලා අපි පැනලා යන තැනට ගේට්ටුවක් දැම්මා. ඊට පස්සේඅපේ අහිංසක සතුට අහිමිවුණා    සිඩ්නිගේ පියා කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. සිඩ්නි එංගලන්තෙට ගිහින් බැරිස්ටර්විභාගය පාස්වෙලා බැරිස්ටර් කෙනෙක් ලෙස වැඩ කළ බව පසුව මට අාරංචි වුණා.   මම සහාය අධ්‍යක්ෂකවරයා වූ ‘‘සංදේශය’’ චිත්‍රපටියේ ‘පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’ යනගීතය ජෝතිපාල එක්ක සිඩ්නි ගායනා කළා. මේ ගීතයේ පටිගත කිරීම් තිබුණේ ඉන්දියාවේ නිසා මට ඒකටයන්න වුණේ නැහැ. මම ඒකට ගියානම් මගේ කළණ මිතුරා සිඩ්නි ආටිගලව ඉන්දියාවේදි හමුවෙන්නතිබුණා. කොහොම නමුත් ඒකත් වැළකී ගියා.   50 දශකයේ රාජගිරියේ මාදින්නාගොඩ තමයි ශේෂා පලිහක්කාර උන්නැහේ පදිංචි වෙලා හිටියේ. මමඅධ්‍යක්ෂණය කළ ‘‘සාරවිට’’ චිත්‍රපටියේ රූගතකිරීම් සිදුවුණේ ශේෂාගේ නිවසේ තමයි. මාදින්නාගොඩපාලම අසලදී සාරවිට කාරයා මැර ප්‍රහාරයකට ලක්වෙනවා. ඒක රූගත කළා. ඊළඟට රන්මුතු දුවචිත්‍රපටියේ ‘‘ගලන ගලකි ජීවිතේ’’ කියන ගීතයේ කොටසක් මදින්නාගොඩ පාලම අසල දී රූගත කළා මටමතකයි.    ඉස්සර රාජගිරිය ආසන්නයේ සංගීත සංදර්ශනයක් බලන්න මම ගියා. එහිදී සුනිල් ශාන්ත මහතා ‘ඕලුපිපීලා’ යන ගීතය ගායනා කළ අයුරු මා මතකයේ තියෙනවා යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්සලියනසූරිය මහතා කීවේය.    රාජගිරිය, මාදින්නාගොඩ, කලපළුවාව වැනි ගම්වල වගුරු බිම් ගොඩ වී මහ නගර මහල් නිවාස ඉදිවෙද්දීතවදුරටත් අතීතයේ තිබූ ගැමි සුවඳ රාජගිරියේ ශේෂවී තිබීම සතුටට කරුණ���ි.   සටහන සහ ඡායාරූප    මහින්ද ආරියවංශ    
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media
Ehelepola Adhikarama's residence in Mauritius while on exile during1825-1829
0 notes
oshandas · 8 years ago
Text
https://sonofthemorninglight.wordpress.com/2017/07/24/the-batadomba-lena-sri-lanka/
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media
This 203 years old ancient Kandyan mansion (believed to be built in 1814) is famously known as 'Giragama Walawwa'. Today this is located at the corner of Yatinuwara Veediya and Sir Bennet Soysa Veediya in Kandy. *This was the residence of Diyawadana Nilame Kudamudiyanse Giragama.Kudamudiyanse Giragama served the Temple of tooth from 1882 - 1897.Diyawadana Nilame is the highest position in Buddhist society a lay buddhist could be elected to in Srilanka. (Talking of the Diyawadana Nilame , let me brief you about this title and the iimportance of this positon.Diyawadana Nilame of Dalada Maligawa was a kinsman of the 'Athul Kattale' (palace staff).There was a belief at ancient times among the Sinhalese that -whoever possessed the custody of the Sacred Tooth Relic and provide protection to it, is the most suitable person to be the King of the country.Every King who was crowned then had to treat this duty with utmost importance and this was the most sacred Royal duty and responsibility. The custodianship of Dalada and to protect it and perform the rituals was under the King's personal supervision, hence the palace staff -'Athul Kattale' was selected by the king himself) This Giragama Walauwwa is believed to be the oldest building in Kandy today and it has been formally recognised by the government as an archaeological protected monument. The Kandy municipal council and the Urban redevelopment authority together with the central cultural fund renovated this in 2015.
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media
This ancient mansion is situated in Chilaw and believed to be more than 180 years old. This is the home of a National Hero- Charles Edward Victor Seneviratne Corea. CE Victor S Corea was born on the 29th January of 1871. His parents were Charles Edward Bandaranaike Corea and Henrietta Seneviratne. His father was a very famous lawyer from Chilaw and this Corea family was one of the wealthiest families in the country at that time.CE Victor studied at St. Thomas' College (some say that he was a Royalist) .He became an advocate of the Supreme Court and later he was elected as the President of the Ceylon Labour Union which was led by A.EGoonesinha. He was a successful advocate and a politician and he fought fearlessly with the help of his brother Charles Edgar Corea against the British and became two of the most famous Political figures the country. The 'Sigiriya' was inherited by their sister and was told that during the recent years the last owner had sold this property to a businessman and it was converted into a Dulux paint shop.
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
This former Adigar’s (King’s Chief Minister) residence, is now offering you the opportunity to experience life in a traditional Walauwwa. Built in 1884, it’s a regal and stately Manor House sprawled across 14,000 sqft. Consisting of 10 well-appointed rooms that have individual styles, it also boasts beautifully manicured gardens, an Ayurvedic spa and a swimming pool which is perfect for escaping the hot weather. Enjoy a taste of luxury and personalised service when in Kandy. The property may be booked per room basis or as a whole, and is an ideal choice for the New Year long weekend just around the corner. Click goo.gl/BE9kJj more information
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ පරම්පරා ඉතා ඈත අතීතයට දිව ගිය ද රජ පෙළපතකින්පැවත එන පරපුරක සාමාජිකයන් සොයා ගත හැකි වන්නේ කලාතුරකිනි. එහෙම කාලයක මෙරටරාජාවලියේ අවසන් රජු වන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාට (ක‍්‍රි.ව 1798-1815) නෑකම් කියනපරපුරක් මහනුවර දෙයියන්නේවෙල ජීවත් වන බව ඇසුවහොත් එය පුදුමයට කරුණක් වනු නිසැකය.සැබවින්ම ඔවුහු නෑකම් කියන්නේ රාජසිංහ රජතුමාගේ යකඩ දෝලිය සහ රිදී දෝලිය වූ බිසෝවරුන් වනරෙංගජම්මාල් සහෝදරියන්ට ය. ඔවුහු නායක්කාර් වංශිකයෝය.      ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ, ඇහැලේපොළ මහා අදිකාරම නිසා අවාසනාවන්ත ලෙස සිහසුන අතහැරදැමීමට සිදු වන මෙරට අවසාන රජතුමාය. ඔහු ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඉතා අමානුෂිකලෙස ඝාතනය කිරීමේ වරදට හසුවන්නේ එවකට රාජ්‍ය සභාවේ සිටි කිහිප දෙනෙකුගේ බහට මුලාවීමෙනි. ඔවුන්ගේ වැරදි අදහස් ක‍්‍රියාත්මක කිරීම නිසාය. අවසානයේ ඉංග‍්‍රීසින් සමග පැමිණෙනඇහැලේපොළ ඇතුළු පිරිස කිසිදු ලේ වැගිරීමකින් තොරව සෙංකඩගල යටත් කර ගත්ත ද ඒ වනවිටරාජසිංහ රජතුමා වෙංකතරෙංගජෙම්මාල් සහ වෙන්කත ජම්මාල් බිසෝවරු සමග මැද මහනුවර දක්වාපසුබසිති. එහෙත් ඔවුහු සියලු දෙනාම බෝමුරේ අප්පුරාලගේ නිවසේදී ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වන අතර, රජවාසලින් පැන යන අවස්ථාවේ දී, රෙංගජෙම්මාල් සහෝදරියන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුභාර දෙන්නේ රජුගේ රෙදි සේදූ හන්තානේ පදිංචි සිංහල ජනතාවට ය.    එතැනින් ආරම්භ වන මෙරට මහනුවර නගරයේ අනුන්ගේ රෙදි සෝදන ජනතාවගේ ඉරණමඅනාගතයේදී කෙසේ විසඳේවි දැයි යන්න තීරණය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. ඒ කතාවවර්තමානය වනවිට දුක්මුසු සිද්ධීන්ගෙන් ගහණව පවතී. කෙසේ වෙතත් මෙහි පදිංචිව සිටිනජනතාවගෙන් සීයට දහයක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය ලබ�� රජයේ සහ පෞද්ගලික අංශවලරැකියාවල නිරතව සිටිනු දක්නට ලැබේ.    තෙළිඟු භාෂාව කතා කරන ජනතාව සහ උතුරේ පදිංචි දමිළ ජනතාව අතර පමණක් නොවතමිල්නාඩුවේ දමිළ ජනතාව අතර ද ඥාති සම්බන්ධතා නොමැති අතර, තෙළිඟු භාෂාව කතා කරනදෙයියන්නේවෙල ටැංකියවත්ත ප‍්‍රදේශයේ ජනතාව පමණක් රජ පෙළපතට සම්බන්ධ වේ. සිවා ඇතුළුතෙළිඟු භාෂාව කතා කරන ජනතාව අදහන්නේ විෂ්ණු දෙවියන් ය. ඉන්දියාවේ “තිරුපති” කෝවිලඔවුන්ගේ ප‍්‍රධාන ආගම් මධ්‍යස්ථානය වන අතර, වසරක් පාසා එම කෝවිලට යන සිරිතක් ද පවතී.    පුරුෂයන්ගේ ඇඳුම වශයෙන් රත‍්‍රන් බොත්තම් ඇල්ලූ සුදු පැහැති ජාතික බැනියම සහ වේට්ටිය වේ.පුරුෂ පක්ෂය රැකියාව සඳහා නිවසින් පිටත්ව යාමේදී තම ආගම අදහනු දැකගත හැකිය. කාන්තාවෝරැකියාවක නිරත නොවන අතර, නිවසේ රැඳෙමින් දරු මුණුපුරන් ඇතිදැඩි කරමින්, නිවසේවැඩකටයුතුවල නිරත වෙමින් කාලය ගත කෙරේ. සවස හය, හත අතර කාලයේදී විශේෂයෙන්මකාන්තාවෝ ආගම සිහි කරති. එය දිනපතාම සිදු වන කටයුත්තකි.    ඔවුහු ආහාර අනුභව කරන්නේ ද විශේෂිත වූ ආකාරයකට යැයි සිතේ. අතීතයේදී කෙසෙල් කොළේ බෙදාගත් තෝසේ, වඩේ වැනි ආහාර නිවසේ සිටින සියලු දෙනාම එකට බිම වාඩි වී පරිභෝජනය කළහ. ඊටඅමතරව බත් වැනි ආහාර මෙන්ම, මස් සහ මාළු අනුභව කිරීම සඳහා ද ඔවුහු වැඩි කැමැත්තක් දක්වති.වර්තමානයේ කෙසෙල් කොළයේ බෙදා ගෙන එකට ආහාර ගැනීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අනුගමනයකරනු දක්නට නොලැබේ. එසේ වුවත්, රාත‍්‍රී කාලයේ දී සියලු දෙනාම එකම වේලාවක ආහාර ලබාගනිති.    දැන් දැන් ඔවුහු පදිංචිව සිටින දෙයියන්නේවෙල ටැංකියවත්ත ප‍්‍රදේශයේ ඉඩම විවිධ හේතූන් සඳහන්කර, ඈත් කරමින් පවතින බව දෙයියන්නේවෙල තෙළුගු සුබසාධක සමිතියේ සභාපති බී. සිවසුබ‍්‍රමනියම් මහතා පවසයි. එහි පවුල් 45කට අයත් 250ක පමණ පිරිසක් ජීවත් වෙති. 1933 වසරේදීතෙළිඟු වෘත්තිය රෙදි සෝදන්නන්ගේ සංගමයට ලබා දී ඇති ඉඩම, 1972 වසරේදී මහනුවර මහ රෝහලේපල්දෝරු සැදීම සඳහා පවරා ගෙන, ඊට යාබදව පිහිටි නාථ දේවාලයට අයත් ඉඩම ලබා දී ඇතත්, ඒසඳහා අයිතිය පවරා දී නොමැත. දැනට පදිංචිව සිටින ඉඩමෙන් ද මහනුවර පේරාදෙණිය අලුත් පාර(විලියම් ගොපල්ලව මාවත) සෑදීමේදී කොටසක් ලබා දී ඇති අතර, වර්තමානයේ ජාතික ජලප‍වාහනමණ්ඩලයේ ටැංකියක් ඉදිකිරීමට එහි කොටසක් වෙන් කර ගෙන තිබේ. මේ නිසා ඔවුන්ගේ වෘත්තීයජීවිතය කර ගෙන යාමට නොහැකි වන අන්දමින් බාධක මතු වෙමින් පවතී. මෙම අසාධාරණකම්වලටඑරෙහි ඉදිරිපත් වන���නේ ඔවුන් අතුරින් දෙතුන් දෙනෙකු පමණි. බොහෝ දෙනෙකු නිහඬ පිළිවෙතක්අනුගමනය කරනු ලබන්නේ, එදා පැවති බියෙන් ඔවුහු තවමත් වෙළා ගෙන සිටින නිසාදැයි නොතේරේ.මෙය ඉතාමත් අවාසනාවන්ත, කනගාටුදායක තත්ත්වයකි. වගකිව යුත්තන්ගේ අවධානය යොමු කළයුතුය.    ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගෙන් මෙරට රාජාවලිය අවසන් වීමට හේතු වූ කරුණු කිහිපයක්ම තිබේ.එහෙත් අප උත්සාහ කරන්නේ රාජසිංහ රජුගේ “නෑදැ පරපුර” ගැන සොයා බැලීමට ය. රාජසිංහරජතුමාට බිසෝවරු සතර දෙනෙකි. වෙන්කත රෙංගජෙම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුදෙදෙනාය. අනෙක් බිසෝවරුන් දෙදෙනා වූයේ වෙන්කත අම්මාල් සහ මුතුකන්නම්මාය.    පෙර රජවරුන් අනුගමනය කරමින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද ඒ ආකාරයෙන් දකුණු ඉන්දියාවේ මධුරාපුරවරයෙන් ගෙන්වා ගන්නා ලද වෙන්කත රෙංගජෙම්මාල් රන්දෝලි බිසව වශයෙන් ද වෙන්කත ජම්මාල්රිදීදෝලිය වශයෙන් ද පත් කර ගත් අතර, සෙංකඩගල පුරවරයට පැමිණ ටික කාලයක් ගත වීමෙන් පසු,බිසෝවරු සිංහල භාෂාව හොඳින් ඉගෙන ගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙන්කත රෙංගජෙම්මාල්බිසව කවි රචනාවෙහි දක්ෂතා පෙන්නුම් කළ කිවිඳියක වූවාය.    කොණ්ඩසාමි (පසුව ගම්පොළ පදිංචි වූ බැවින්, ගම්පොළ සාමි වශයෙන් ද හැඳින්විය) ගේ දූ කුමරියන් වූඔවුහු මධුරා පුරයෙන් පිටත්ව නැව් නැග, ත‍්‍රිකුණාමල වරායෙන් ගොඩ බැස, සෙංකඩගල පුරය බලාගමන් කළෝය. ඒ එන අතරමඟ පිහිටි මාතලේ ප‍්‍රදේශයේ දී තම පියාණන් සිර භාරයට ගත් බවආරංචිව ආපසු තම රටට පිටත්ව යාමට සැරසුණේ කඳුළු පිරි දෙනෙතිනි. එහෙත් ඔවුන් සමීපයේ සිටිනිලමේ කෙනෙක් කුමාරියෝ අමතමින්, “රජතුමා පියාව නිදහස් කරාවි.. කනගාටුවිය යුතු නැහැ..”යනුවෙන් ඔවුන් සනසා රජවාසලට රැගෙන ගොස් රජුට භාර කළේය. පසුව එම කුමාරියන්ගේ සරණමංගලෝත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූහ.    කාලය සෙමෙන් ගත විය. බිසෝවරු දරුවන් බිහි කළහ. එහෙත් එම දරුවන් බාල වියේදීම මියගියේමව්පියන් ශෝකයට පත් කරමිනි. මේ නිසා ක‍්‍රි.ව. 1812 වසරේදී දෙගල්සාමිගේ දියණිවරුන් දෙදෙනෙකුවන වෙන්කත අම්මාල් හා මුත්තුකන්නම්මා කුමාරිකාවන් රජු සරණ පවා ගනී. ඔවුහු ද රූපයෙන් පිරිපුන්කාන්තාවෝ වූහ.    ඉන් වසර කිහිපයකට පසුව සෙංකඩගල පුරවරයට උදා වූයේ අභාග්‍ය සම්පන්න කාලයකි. පිළිමතලව්ව,ඇහැලේපොළ වැනි අදිකාරම්වරු රජුව නෙරපීමේ අදහසින් කැරළි කෝලාහල ඇති කළේ ය. උඩරටරදළයන්ගේ අසමගිය වර්ධනය වූ අතර, ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ සැම කුරිරු අන්දමින්ඝාතනය කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රීසින්ට කන්ද උඩරටට පහසුවෙන්ම ඇතුළු වීමටහැකියාව ලැබුණි. අවසානයේදී රජතුමා ඇතුළු ප��රිසට සෙංකඩගල පුරවරයෙන් පළා යාමට සිදු විය.    රජ මාලිගයෙන් රහසේ තම ආරක්ෂක පිරිස සමඟ බිසොවුන් දෙදෙනා ද පළා යන අවස්ථාව එළඹෙනවිට, එහි ඔරුංගසාමි ඇතුළු නායක්කර් පවුල් පහක පමණ සංඛ්‍යාවක් ඉතිරි වී සිටියහ. ඔවුහු බිසවගේළඟම ඥාතීහු ය. ඉංග‍්‍රීන්ට භාර දිය නොහැක. ඒ වනවිට හන්තානේ පදිංචි රජ මාලිගයේ ඇඳුම් සෝදනසිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම පැමිණ සිටි අවස්ථාවකි. වෙන්කත රෙංගජම්මාල් බිසව ඔවුන්ටකතා කර, මෙම පිරිස භාර දී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක්කරමිනි. පසුව හන්තානේ දී රජවාසල රෙදි සෝදන ගැමියන් මෙම පිරිසට රැකවරණය ලබා දී ඇත.    වෙස්වලා ගත් රජතුමා උඩවත්තකැලේ පසු කර වඩඅත්තපාදිය නම් ගඟින් එතෙර විය. මේ වනවිටඅහස ගිඟුම් දෙමින් තද වර්ෂාවක් ඇද හැළෙමින් පැවතිණි. පසුව මැද මහනුවර දෙසට හැරී දෝලාවෙන්ගමන් කර මහවැලි ගඟේ ගල්පර සහිත ස්ථානයට පැමිණ එහි වූ ඒදණ්ඩෙන් එතෙර විය. ඒ වනවිටත්එහි පැමිණ සිටි රන්දෝලි සහ රිදී දෝලිය යන බිසොවුන් දෙදෙනා ද සමග මැද මහනුවරට සැතපුම්කිහිපයක් ඈතින් වූ කන්ද පාමුල පිහිටි බෝඹුරේ අප්පුරාළ ආරච්චිලගේ නිවසට පිවිසියේ ය. එය තරමක්දුෂ්කර ගමනකි. විශේෂයෙන්ම සැපවත් ජීවිතයක් ගත කළ බිසෝවරුන්ට එය තදින් දැනෙන්නට විය.    ශ‍්‍රී වි���‍්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස “බෝමුරේ” අප්පුහාමිගේ නිවසේ සැඟවී ගත කළේ දිනකිහිපයකි. එක්නැලිගොඩ මොහොට්ටාල සබරගමුවෙන් පැමිණි පන්සියයක පමණ පිරිසක් සමගරජතුමා සොයමින් මැද මහනුවරට පැමිණියෝ ය. හාරිස්පත්තුවේ සුදුකොල්ලාගෙන් ලැබුණු ඔත්තුවකටඅනුව අප්පුරාලගේ නිව��ස වට කර රජු අල්ලා ගන්නා ලදී. මේ අවස්ථාවේදී කිරිපෝරුවේ මොහොට්ටාලවිසින් බිසෝවරුන්ගේ කන්පොතු ඉරා කන් ආභරණ පැහැර ගනු ලැබුවේ ඉතාමත් අමානුෂික අන්දමිනි.එම අවස්ථාවේදී ඩයස් තෝල්ක මුදලි විසින් ඉදිරිපත්ව ඉඹුල්වල ආරච්චි ලවා ඖෂධ කොළ ගෙන්වාතලා කන්පොතුවල ආලේප කිරීමෙන් ලේ ගැලීම නවත්වාලන ලදී.    දවස් ගත වෙමින් කාලය ඉක්මනින් පියඹා ගියේ ය. රාජකීයන් ලෙස ඥාති පිරිසට තවදුරටත් ජීවත් වියනොහැක. ඇහැලේපොළ සහ ඉංග‍්‍රීසි ඔත්තුකරුවන්ගෙන් බේරී සිටීම ලෙහෙසි නැත. අවසානයේ ඔවුන්ද රෙදි සේදීම සිදු කළේ හන්තානේ ගැමියන් බව ඇඟවීමේ අරමුණෙනි. කාලය වේගයෙන් පියඹා ගියේය.අවසානයේදී රාජකීයන් ද ඇඳුම් සේදීමේ වෘත්තියට පිවිසියේ වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබූ බැවිනි.එදා සිංහල ඇඳුම් අපුල්ලන්නන් උඩුවෙල ප‍්‍රදේශයේ කුඩා දිය ඇළක් අසළ කුණු රෙදි සෝදා ඇත. වර්තමානයේ උඩුවෙල හන්තාන රජමහා විහාරස්ථා���ය පිහිටා තිබෙන්නේ එදා රජවාසලට රෙදි සේදූස්ථානය අසළය. පසුව එම දිය ඇළ ගමන් කරන මාර්ගය හරස් කර අලංකාර පොකුණක් සාදා තිබේ.පොකුණ සාදා ඇත්තේ කුණු රෙදි දිය ගැසූ ගල කඩා දැමීමෙන් වළ ගැසුණු ස්ථානයේ බවප‍්‍රදේශවාසීන්ගේ අදහසයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගය වනවිට රෙදි සෝදන්නෝ හන්තාන“කොටියාවල” පිහිටි ස්ථානය තෝරාගෙන ඇත. එහි දිය ඇල්ලක ආකාරයෙන් ගලා බසින ජල පහරබේසමක් වැනි වළක රැඳී පහළට ගලා බසී. රෙදි දිය ගැසීම සහ සේදීම සඳහා විශාල කළු ගලක් ද එහිපිහිටා තිබේ.    රජ සමය අවසාන වනවාත් සමගම ඇළ පෙදෙස අවට ජීවත් වෙමින්, ඇළ දිගේ ජනාවාස ඇති කරගනිමින් හන්තානේ පදිංචිව සිටි නායක්කාර වංශිකයෝ නාගස්තැන්න, සුදුහුම්පොළ පසු කරමින්, පහළටසංක‍්‍රමණය වෙමින් අවසානයේ දෙයියන්නේවෙල ටැංකියවත්ත ප‍්‍රදේශයට පැමිණ තිබෙන්නේමහනුවර නගරය ජනාකීර්ණ වීමත් සමගය. එහෙත් අදට ද නායක්කාර වංශික පවුල් පහක සංඛ්‍යාවක්හන්තාන ප‍්‍රදේශයේ ජීවත් වේ.    නායක්කර් වංශය යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා රාජ්‍යයට අයත් තෙළුඟු රටෙහි ජනතාව ය. මදුරාසිය,මලබාර්, තන්ජෝර් වැනි ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් ය. රජ පෙළපතකට අයත් නායක්කර් වංශිකයෝලංකාවට පැමිණෙන්නේ ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (ක‍්‍රි.ව 1707 - 1739) රජුගේ කාලයේදී ය.    එවකට මෙරට රජවරු විවාහ වී සිටියේ උඩරට රදළවරුන්ගේ දියණියන් සමගය. මේ නිසා ඔවුන්ගේබලය වර්ධනය විය. සිහසුනට තර්ජනයක් වූයේ එම රදළ පිරිසෙනි. රජුන් අදහස් කළේ අකීකරු සිංහලප‍්‍රභූන්ගේ බලය එමඟින් මැඩපැවැත්විය හැකි බවය. මේ සම්බන්ධයෙන් ”මන්දාරම්පුර පුවතේ” සඳහන්වන්නේ මෙසේ ය. “රජු විවාහය සිදු කළේ සිහසුනට ගිජු වූ ප‍්‍රභූන්ට රජසිරි පිළිබඳ උරුමය සිඳ දමාරදළ පක්ෂය හා මිශ‍්‍ර නොවූ පිරිසිදු රජ පරපුරක් ඇති කිරීම උදෙසාය. එහෙයින් රජු ලංකාවේ සිටිමිශ‍්‍ර පෙළපතක් ඇති රජ කුමරියන් ගැන නොතකා මදුරා දියණියන් කැඳවීය” යනුවෙනි. ඒ සඳහා බලපාතිබූ තවත් කරුණක් වනුයේ පළමුවන විමලධර්මසූරිය (ක‍්‍රි.ව. 1592-1594) රජුගේ කාලයෙන් පසුදිවයිනේ සිටි එකම රජ පවුල මහනුවර රජ පවුල පමණක් වීමය. විමලධර්මසූරිය රජතුමාට පෙරමහනුවර රජවරු කෝට්ටේ රජ පෙළපත සමඟ හෝ රජ පරපුරකට අයිතිවාසිකම් කියූ සතර කෝරළයේකීරවැල්ලේ පෙළපත සමඟ හෝ අවාහ විවාහ සබඳතා ඇති කර ගත්තෝ ය. දාහත්වැනි සියවස ඇරඹෙනවිට මෙම පවුල් දෙකම අහෝසි වූ බවත් එහි සඳහන් වේ.    දෙවෙනි රාජසිංහ රජතුමාගෙන් ආරම්භ වූ දකුණු ඉන්දීය කුමරියන් හා විවාහ වීමේ චාරිත‍්‍රය අවසන්වන්නේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගෙනි. එහෙත් දෙවෙනි රාජසිංහ රජු පමණක් නොව දෙවෙනිවිමලධර්මසූරිය ���හ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ද සිංහල රජවරුන් ය. ඉන් පසු බලයටපැමිණෙන රජවරු සිව්දෙනාම නායක්කර් වංශිකයෝ ය. දකුණු ඉන්දීය පවුල් සමඟ ඇති වූ රාජකීයවිවාහ මාලාව නිසා දහඅට වැනි ශත වර්ෂයෙහි මැද භාගය පමණ වනවිට දී රජුගේ නායක්කර්ඥාතීන්ගේ ජනපදයක් මහනුවර ඇති විය. ඔවුන්ගේ සංඛ්‍යාව කොතෙක් වැඩි වූයේ ද යත්, සෙංකඩගලපුරවරයේ වෙන ම වීදීයක් ඔවුන් වෙනුවෙන් නම් කෙරුණි. එය “කුරුප්පේ වීදීය” යන නමින් හැඳින් වූඅතර, බ්‍රිතාන්‍ය යුගයේදී එය මලබාර් වීදිය නමින් හැඳින්විය. රජුගේ නැදෑයෝ කුමාරුප්පේ සිටබූවැලිකඩ දක්වා ද දළදා වීදිය දක්වා ද එකකට එකක් ළංවන සේ ගෙවල් තනා ගත්තෝ ය. මෙහි කිසිදුසිංහල ජාතිකයකුට පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පවා එදා ඇතුළුවීම තහනම් වූහ.    වෙන්කතරෙංගජෙම්මාල් බිසවගේ පරපුරේ තවත් ඥාතීන් පිරිසක් කුරුණෑගල නගරයේ ද ජීවත් වනඅතර ඔවුන් පිළිබඳ ලිපියක් මෙයට පෙර ‘ඉරිදා ලංකාදීප’යේ පළවිය.    ස්තුතිය- ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනී ප්‍රේමා මුතුවත්ත, සහකාරපුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන්, කෞතුගාර පාලිකා ඕලූ කුමාරි, මහනුවර තෙළිඟුවංශිකයන්ගේ සුබසාධක සමිතියේ සභාපති කීර්ති ශ‍්‍රී දේශබන්දු, සමාජසේවා කීර්ති තෙළිඟු භාෂාශිරෝමණී බාලා සිව සුබ‍්‍රමනියම් යන මහත්ම මහත්මියන්ට.    සටහන සහ ඡායාරූප  සිසිර කුමාර බණ්ඩාර
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media
උඩරට අවසන් අග බිසවගේ ඥාතීන් මෙන්න වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ පරම්පරා ඉතා ඈත අතීතයට දිව ගිය ද රජ පෙළපතකින්පැවත එන පරපුරක සාමාජිකයන් සොයා ගත හැකි වන්නේ කලාතුරකිනි. එහෙම කාලයක මෙරටරාජාවලියේ අවසන් රජු වන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාට (ක‍්‍රි.ව 1798-1815) නෑකම් කියනපරපුරක් මහනුවර දෙයියන්නේවෙල ජීවත් වන බව ඇසුවහොත් එය පුදුමයට කරුණක් වනු නිසැකය.සැබවින්ම ඔවුහු නෑකම් කියන්නේ රාජසිංහ රජතුමාගේ යකඩ දෝලිය සහ රිදී දෝලිය වූ බිසෝවරුන් වනරෙංගජම්මාල් සහෝදරියන්ට ය. ඔවුහු නායක්කාර් වංශිකයෝය.      ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ, ඇහැලේපොළ මහා අදිකාරම නිසා අවාසනාවන්ත ලෙස සිහසුන අතහැරදැමීමට සිදු වන මෙරට අවසාන රජතුමාය. ඔහු ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඉතා අමානුෂිකලෙස ඝාතනය කිරීමේ වරදට හසුවන්නේ එවකට රාජ්‍ය සභාවේ සිටි කිහිප දෙනෙකුගේ බහට මුලාවීමෙනි. ඔවුන්ගේ වැරදි අදහස් ක‍්‍රියාත්මක කිරීම නිසාය. අවසානයේ ඉංග‍්‍රීසින් සමග පැමිණෙනඇහැලේපොළ ඇතුළු පිරිස කිසිදු ලේ වැගිරීමකින් තොරව සෙංකඩගල යටත් කර ගත්ත ද ඒ වනවිටරාජසිංහ රජතුමා වෙංකතරෙංගජෙම්මාල් සහ වෙන්කත ජම්මාල් බිසෝවරු සමග මැද මහනුවර දක්වාපසුබසිති. එහෙත් ඔවුහු සියලු දෙනාම බෝමුරේ අප්පුරාලගේ නිවසේදී ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වන අතර, රජවාසලින් පැන යන අවස්ථාවේ දී, රෙංගජෙම්මාල් සහෝදරියන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුභාර දෙන්නේ රජුගේ රෙදි සේදූ හන්තානේ පදිංචි සිංහල ජනතාවට ය.    එතැනින් ආරම්භ වන මෙරට මහනුවර නගරයේ අනුන්ගේ රෙදි සෝදන ජනතාවගේ ඉරණමඅනාගතයේදී කෙසේ විසඳේවි දැයි යන්න තීරණය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. ඒ කතාවවර්තමානය වනවිට දුක්මුසු සිද්ධීන්ගෙන් ගහණව පවතී. කෙසේ වෙතත් මෙහි පදිංචිව සිටිනජනතාවගෙන් සීයට දහයක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය ලබා රජයේ සහ පෞද්ගලික අංශවලරැකියාවල නිරතව සිටිනු දක්නට ලැබේ.    තෙළිඟු භාෂාව කතා කරන ජනතාව සහ උතුරේ පදිංචි දමිළ ජනතාව අතර පමණක් නොවතමිල්නාඩුවේ දමිළ ජනතාව අතර ද ඥාති සම්බන්ධතා නොමැති අතර, තෙළිඟු භාෂාව කතා කරනදෙයියන්නේවෙල ටැංකියවත්ත ප‍්‍රදේශයේ ජනතාව පමණක් රජ පෙළපතට සම්බන්ධ වේ. සිවා ඇතුළුතෙළිඟු භාෂාව කතා කරන ජනතාව අදහන්නේ විෂ්ණු දෙවියන් ය. ඉන්දියාවේ “තිරුපති” කෝවිලඔවුන්ගේ ප‍්‍රධාන ආගම් මධ්‍යස්ථානය වන අතර, වසරක් පාසා එම කෝවිලට යන සිරිතක් ද පවතී.    පුරුෂයන්ගේ ඇඳුම වශයෙන් රත‍්‍රන් බොත්තම් ඇල්ලූ සුදු පැහැති ජාතික බැනියම සහ වේට්ටිය වේ.පුරුෂ පක්ෂය රැකියාව සඳහා නිවසින් පිටත්ව යාමේදී තම ආගම අදහනු දැකගත හැකිය. කාන්තාවෝරැකියාවක නිරත නොවන අතර, නිවසේ රැඳෙමින් දරු මුණුපුරන් ඇතිදැඩි කරමින්, නිවසේවැඩකටයුතුවල නිරත වෙමින් කාලය ගත කෙරේ. සවස හය, හත අතර කාලයේදී විශේෂයෙන්මකාන්තාවෝ ආගම සිහි කරති. එය දිනපතාම සිදු වන කටයුත්තකි.    ඔවුහු ආහාර අනුභව කරන්නේ ද විශේෂිත වූ ආකාරයකට යැයි සිතේ. අතීතයේදී කෙසෙල් කොළේ බෙදාගත් තෝසේ, වඩේ වැනි ආහාර නිවසේ සිටින සියලු දෙනාම එකට බිම වාඩි වී පරිභෝජනය කළහ. ඊටඅමතරව බත් වැනි ආහාර මෙන්ම, මස් සහ මාළු අනුභව කිරීම සඳහා ද ඔවුහු වැඩි කැමැත්තක් දක්වති.වර්තමානයේ කෙසෙල් කොළයේ බෙදා ගෙන එකට ආහාර ගැනීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අනුගමනයකරනු දක්නට නොලැබේ. එසේ වුවත්, රාත‍්‍රී කාලයේ දී සියලු දෙනාම එකම වේලාවක ආහාර ලබාගනිති. , 1972 වසරේදී මහනුවර මහ රෝහලේපල්දෝරු සැදීම සඳහා පවරා ගෙන, ඊට යාබදව පිහිටි නාථ දේවාලයට අයත් ඉඩම ලබා දී ඇතත්, ඒසඳහා අයිතිය පවරා දී නොමැත. දැනට පදිංචිව සිටින ඉඩමෙන් ද මහනුවර පේරාදෙණිය අලුත් පාර(විලියම් ගොපල්ලව මාවත) සෑදීමේදී කොටසක් ලබා දී ඇති අතර, වර්තමානයේ ජාතික ජලප‍වාහනමණ්ඩලයේ ටැංකියක් ඉදිකිරීමට එහි කොටසක් වෙන් කර ගෙන තිබේ. මේ නිසා ඔවුන්ගේ වෘත්තීයජීවිතය කර ගෙන යාමට නොහැකි වන අන්දමින් බාධක මතු වෙමින් පවතී. මෙම අසාධාරණකම්වලටඑරෙහි ඉදිරිපත් වන්නේ ඔවුන් අතුරින් දෙතුන් දෙනෙකු පමණි. බොහෝ දෙනෙකු නිහඬ පිළිවෙතක්අනුගමනය කරනු ලබන්නේ, එදා පැවති බියෙන් ඔවුහු තවමත් වෙළා ගෙන සිටින නිසාදැයි නොතේරේ.මෙය ඉතාමත් අවාසනාවන්ත, කනගාටුදායක තත්ත්වයකි. වගකිව යුත්තන්ගේ අවධානය යොමු කළයුතුය.    ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගෙන් මෙරට රාජාවලිය අවසන් වීමට හේතු වූ කරුණු කිහිපයක්ම තිබේ.එහෙත් අප උත්සාහ කරන්නේ රාජසිංහ රජුගේ “නෑදැ පරපුර” ගැන සොයා බැලීමට ය. රාජසිංහරජතුමාට බිසෝවරු සතර දෙනෙකි. වෙන්කත රෙංගජෙම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුදෙදෙනාය. අනෙක් බිසෝවරුන් දෙදෙනා වූයේ වෙන්කත අම්මාල් සහ මුතුකන්නම්මාය.    පෙර රජවරුන් අනුගමනය කරමින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද ඒ ආකාරයෙන් දකුණු ඉන්දියාවේ මධුරාපුරවරයෙන් ගෙන්වා ගන්නා ලද වෙන්කත රෙංගජෙම්මාල් රන්දෝලි බිසව වශයෙන් ද වෙන්කත ජම්මාල්රිදීදෝලිය වශයෙන් ද පත් කර ගත් අතර, සෙංකඩගල පුරවරයට පැමිණ ටික කාලයක් ගත වීමෙන් පසු,බිසෝවරු සිංහල භාෂාව හොඳින් ඉගෙන ගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙන්කත රෙංගජෙම්මාල්බිසව කවි රචනාවෙහි දක්ෂතා පෙන්නුම් කළ කිවිඳියක වූවාය.    කොණ්ඩසාමි (පසුව ගම්පොළ පදිංචි වූ බැවින්, ගම්පොළ සාමි වශයෙන් ද හැඳින්විය) ගේ දූ කුමරියන් වූඔවුහු මධුරා පුරයෙන් පිටත්ව නැව් නැග, ත‍්‍රිකුණාමල වරායෙන් ගොඩ බැස, සෙංකඩගල පුරය බලාගමන් කළෝය. ඒ එන අතරමඟ පිහිටි මාතලේ ප‍්‍රදේශයේ දී තම පියාණන් සිර භාරයට ගත් බවආරංචිව ආපසු තම රටට පිටත්ව යාමට සැරසුණේ කඳුළු පිරි දෙනෙතිනි. එහෙත් ඔවුන් සමීපයේ සිටිනිලමේ කෙනෙක් කුමාරියෝ අමතමින්, “රජතුමා පියාව නිදහස් කරාවි.. කනගාටුවිය යුතු නැහැ..”යනුවෙන් ඔවුන් සනසා රජවාසලට රැගෙන ගොස් රජුට භාර කළේය. පසුව එම කුමාරියන්ගේ සරණමංගලෝත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූහ.    කාලය සෙමෙන් ගත විය. බිසෝවරු දරුවන් බිහි කළහ. එහෙත් එම දරුවන් බාල වියේදීම මියගියේමව්පියන් ශෝකයට පත් කරමිනි.��මේ නිසා ක‍්‍රි.ව. 1812 වසරේදී දෙගල්සාමිගේ දියණිවරුන් දෙදෙනෙකුවන වෙන්කත අම්මාල් හා මුත්තුකන්නම්මා කුමාරිකාවන් රජු සරණ පවා ගනී. ඔවුහු ද රූපයෙන් පිරිපුන්කාන්තාවෝ වූහ.    ඉන් වසර කිහිපයකට පසුව සෙංකඩගල පුරවරයට උදා වූයේ අභාග්‍ය සම්පන්න කාලයකි. පිළිමතලව්ව,ඇහැලේපොළ වැනි අදිකාරම්වරු රජුව නෙරපීමේ අදහසින් කැරළි කෝලාහල ඇති කළේ ය. උඩරටරදළයන්ගේ අසමගිය වර්ධනය වූ අතර, ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ සැම කුරිරු අන්දමින්ඝාතනය කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රීසින්ට කන්ද උඩරටට පහසුවෙන්ම ඇතුළු වීමටහැකියාව ලැබුණි. අවසානයේදී රජතුමා ඇතුළු පිරිසට සෙංකඩගල පුරවරයෙන් පළා යාමට සිදු විය.    රජ මාලිගයෙන් රහසේ තම ආරක්ෂක පිරිස සමඟ බිසොවුන් දෙදෙනා ද පළා යන අවස්ථාව එළඹෙනවිට, එහි ඔරුංගසාමි ඇතුළු නායක්කර් පවුල් පහක පමණ සංඛ්‍යාවක් ඉතිරි වී සිටියහ. ඔවුහු බිසවගේළඟම ඥාතීහු ය. ඉංග‍්‍රීන්ට භාර දිය නොහැක. ඒ වනවිට හන්තානේ පදිංචි රජ මාලිගයේ ඇඳුම් සෝදනසිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම පැමිණ සිටි අවස්ථාවකි. වෙන්කත රෙංගජම්මාල් බිසව ඔවුන්ටකතා කර, මෙම පිරිස භාර දී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක්කරමිනි. පසුව හන්තානේ දී රජවාසල රෙදි සෝදන ගැමියන් මෙම පිරිසට රැකවරණය ලබා දී ඇත.    වෙස්වලා ගත් රජතුමා උඩවත්තකැලේ පසු කර වඩඅත්තපාදිය නම් ගඟින් එතෙර විය. මේ වනවිටඅහස ගිඟුම් දෙමින් තද වර්ෂාවක් ඇද හැළෙමින් පැවතිණි. පසුව මැද මහනුවර දෙසට හැරී දෝලාවෙන්ගමන් කර මහවැලි ගඟේ ගල්පර සහිත ස්ථානයට පැමිණ එහි වූ ඒදණ්ඩෙන් එතෙර විය. ඒ වනවිටත්එහි පැමිණ සිටි රන්දෝලි සහ රිදී දෝලිය යන බිසොවුන් දෙදෙනා ද සමග මැද මහනුවරට සැතපුම්කිහිපයක් ඈතින් වූ කන්ද පාමුල පිහිටි බෝඹුරේ අප්පුරාළ ආරච්චිලගේ නිවසට පිවිසියේ ය. එය තරමක්දුෂ්කර ගමනකි. විශේෂයෙන්ම සැපවත් ජීවිතයක් ගත කළ බිසෝවරුන්ට එය තදින් දැනෙන්නට විය.    ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස “බෝමුරේ” අප්පුහාමිගේ නිවසේ සැඟවී ගත කළේ දිනකිහිපයකි. එක්නැලිගොඩ මොහොට්ටාල සබරගමුවෙන් පැමිණි පන්සියයක පමණ පිරිසක් සමගරජතුමා සොයමින් මැද මහනුවරට පැමිණියෝ ය. හාරිස්පත්තුවේ සුදුකොල්ලාගෙන් ලැබුණු ඔත්තුවකටඅනුව අප්පුරාලගේ නිවෙස වට කර රජු අල්ලා ගන්නා ලදී. මේ අවස්ථාවේදී කිරිපෝරුවේ මොහොට්ටාලවිසින් බිසෝවරුන්ගේ කන්පොතු ඉරා කන් ආභරණ පැහැර ගනු ලැබුවේ ඉතාමත් අමානුෂික අන්දමිනි.එම අවස්ථාවේදී ඩයස් තෝල්ක මුදලි විසින් ඉදිරිපත්ව ඉඹුල්වල ආරච්චි ලවා ඖෂධ කොළ ගෙන්වාතලා කන්පොතුවල ආලේප කිරීමෙන් ලේ ගැලීම නවත්වාලන ලදී.   
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media
JULY 16 1918 CZAR NICHOLAS II AND HIS FAMILY EXECUTED Czar Nicholas II and his family were executed by the Bolsheviks on this day in In Yekaterinburg, Russia, bringing an end to the three-century-old Romanov dynasty. Crowned in 1896, Nicholas was neither trained nor inclined to rule, which did not help the autocracy he sought to preserve among a people desperate for change. The disastrous outcome of the Russo-Japanese War led to the Russian Revolution of 1905, which ended only after Nicholas approved a representative assembly–the Duma–and promised constitutional reforms. The czar soon retracted these concessions and repeatedly dissolved the Duma when it opposed him, contributing to the growing public support for the Bolsheviks and other revolutionary groups. In 1914, Nicholas led his country into another costly war–World War I–that Russia was ill-prepared to win. Discontent grew as food became scarce, soldiers became war weary and devastating defeats at the hands of Germany demonstrated the ineffectiveness of Russia under Nicholas. In March 1917, revolution broke out on the streets of Petrograd (now St. Petersburg) and Nicholas was forced to abdicate his throne later that month. That November, the radical socialist Bolsheviks, led by Vladimir Lenin, seized power in Russia from the provisional government, sued for peace with the Central Powers and set about establishing the world’s first communist state. Civil war broke out in Russia in June 1918, and in July the anti-Bolshevik “White” Russian forces advanced on Yekaterinburg, where Nicholas and his family were located, during a campaign against the Bolshevik forces. Local authorities were ordered to prevent a rescue of the Romanovs, and after a secret meeting of the Yekaterinburg Soviet, a death sentence was passed on the imperial family. Late on the night of July 16, Nicholas, Alexandra, their five children and four servants were ordered to dress quickly and go down to the cellar of the house in which they were being held. There, the family and servants were arranged in two rows for a photograph they were told was being taken to quell rumors that they had escaped. Suddenly, a dozen armed men burst into the room and gunned down the imperial family in a hail of gunfire. Those who were still breathing when the smoked cleared were stabbed to death. The remains of Nicholas, Alexandra and three of their children were excavated in a forest near Yekaterinburg in 1991 and positively identified two years later using DNA fingerprinting. The Crown Prince Alexei and one Romanov daughter were not accounted for, fueling the persistent legend that Anastasia, the youngest Romanov daughter, had survived the execution of her family. Of the several “Anastasias” that surfaced in Europe in the decade after the Russian Revolution, Anna Anderson, who died in the United States in 1984, was the most convincing. In 1994, however, scientists used DNA to prove that Anna Anderson was not the czar’s daughter but a Polish woman named Franziska Schanzkowska. http://www.history.com/this-day-in-history/romanov-family-executed
0 notes
oshandas · 8 years ago
Photo
Tumblr media Tumblr media Tumblr media
Maniumpathy was built around 1868 and its over 150 years. Manipay was regarded as the Colombo 07 of Jaffna during the nineteenth century. It was known as the paradise of Jaffna and this beautiful mansion was named after this town. The first owner of this place was Dr Saravanamuttu and his wife Annapuranie.
0 notes
oshandas · 8 years ago
Text
යළි පණදුන් ඩෝසන් බංගලාව
ගලිගමුව හන්දිය පසුකර කෙමෙන් කෑගල්ල දෙසට කන්ද නගින විට දකුණ පැත්තේ පිහිටි උස් බිමකි. එහි ඇති රුක් ගස් අතරින් වටවූ භූමියේ ඓතිහාසික කාරණා රැසක් සඟවාගත් නිහඬ නිවෙස්නයකි. �� කෑගල්ල, අඹන්පිටියේ පිහිටි ඩෝසන් බංගලාවයි. නුවර - කොළඹ මාර්ගය ඉදි කරන්නට තම දිරියෙන් විරියෙන් අවසනදී ජීවිතයෙන්ද වන්දි ගෙවූ ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ආදරය කළ බි‍්‍රතාන්‍ය රාජකීය යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන් විලියම් ෆ‍්‍රැන්සිස් ඩෝසන් මෙම නිවෙස්නෙහි වාසය කළේය. වන සතුන් අලි ඇතුන් ගහන කැලෑ ප‍්‍රදේශයේ තම සේවකයන්ද කඩිසරව මෙහෙයවමින් කටයුතු කළ කපිතාන් ඩෝසන් මහතා තම නිවෙස්නය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබුණේ උස් භූමියකි. මෙම නිවෙසේ මිදුලේ දුර දක්නයක්ද සවිකර ගනිමින් ප‍්‍රදේශයේ සහ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඔහු විසින් නිරීක්ෂණය කළ බවද ඉතිහාසය සඳහන් කරයි. කොළඹ - නුවර මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹෙන්නේ මීට වසර 189කට පමණ පෙරය. එහිදී කැප්ටන් ඩෝසන්ගේ දක්ෂතාව නිසාම සර් එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරතුමන් විසින් ඔහු රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධාරි තනතුරට පත් කර ගත් බව කියැවේ. කොළඹ - නුවර මාර්ගයේ පළමු අදියර ඉදිවන්නේ කොළඹ සිට අඹේපුස්ස දක්වාය. අනතුරුව දෙවැනි අදියර ලෙස අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා මාර්ගය ඉදි කරන්නට කටයුතු යෙදුණි. ඒ කාලයේදී කපිතාන් ඩෝසන් මෙම බංගලාවේ වාසය කළේය. අශ්වයන් බඳින ස්තාලයන් සේම නවීන තාක්ෂණයට අභියෝග කළ හැකි තාක්ෂණික අංගයන්ගෙන් ද මෙම නිවෙස්නයේ දක්නට ලැබීම සුවිශේෂත්වයකි. අඹන්පිටිය කන්දේ සිට ගෙන ආ ජල නළයන් හරහා පීඩනය වැඩිකර නාන කාමර සඳහා ජලය ලබාගෙන තිබුණි. එසේම සේවකයන් සඳහා වෙනම නිවෙස්නයන් ද මුළුතැන්ගෙයි ඇති සුවිශේෂත්වය මෙම නිවෙස්නයෙහි ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියා පායි. වහලය සම්පූර්ණයෙන්ම උළු සෙවිලි කොට තිබූ අතර එහි වර්ෂය වශයෙන් සඳහන්ව තිබුණේ 1865 යන්නයි. මෙහි දැකිය හැකි තවත් සුවිශේෂි අංගයක් වන්නේ විශාල නිදන කාමර කිහිපයකින් සමන්විත වීමත් පුළුල් වූ කොරිඩෝ කිහිපයකින් යුක්තවීමත්ය. එමෙන්ම මනරම් උද්‍යානයකින්ද සමන්විත වීම මෙම ගෘහයේ අලංකාරය තවත් වැඩිදියුණු කරන්නට සමත් විය. බි‍්‍රතාන්‍ය ගෘශනිර්මාණ ශිල්පයට අනුව නිම වුණු ඩෝසන් බංගලාව කාලයේ බොහෝ තොරතුරු රැසක් දරා සිටින නිහඬ ස්මාරකයකි. කැප්ටන් ඩෝසන් බොහෝ සාමකාමී නිහතමානී පුද්ගලයෙක් විය. ඔහුගේ දක්ෂතාවයේ උපරිමයක් දතහොත් කඩුගන්නාව දුම්රිය ස්ථානයයි. එහිදී තම ශිල්පීය දක්ෂතාවයන් කදිමට පෙන්වීමට කැප්ටන් ඩෝසන් සමත් වී ඇත්තේය. අඹන්පිටිය බංගලාවේ සිටි ඩෝසන් මහතා හදිසි අනතුරකට මුහුණ දෙන්නේ ද මේ බංගලාවේදීමය. ගම්මුන් කියන්නේ දිවා කාලයේදී පාර තැනීමේ කටයුතුවල නිරතව සිටි ඩෝසන් මහතා තම සේවකයින් තුඹසක් කැඞීමට ඉදිරිපත් නොවීම නිසා තමාම ඉදිරිපත්වී තුඹස කඩා දමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කළ බවයි. එහිදී රාති‍්‍රයේ තම නිවසේ සිටි කැප්ටන් ඩෝසන්ට නයෙක් දෂ්ඨ කළේය. ඔහුට අසාධ්‍ය වූ බැවින් කොළඹට ගෙන යද්දී මිය ගියේය. ඒ 1829 මාර්තු 28 වැනිදාය. ඔහුගේ අභාවය ගැන ඩබ්. ටී. කිමල් මහතා විසින් රචිත "Ceylon Beaten Trak" කෘතියේ පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද පුරුදු පාර ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. ”1829 මාර්තු මස 28 වෙනිදා රාජකීය ඉංජිනේරු කපිතාන් ඩෝසන් අභාවයට පත්වූයෙන් හොඳ මිතුරෙකුද අගනා නිලධාරියකුගේ සේවයද මට අහිමිවිය. මේ අහිංසක මනුස්සයා අවසන් හුස්ම හෙළුවේ මගේ දෑත මතය. මුළු දිවයිනම ඔහුගේ අභාවයෙන් ශෝක වූවාය. ඩෝසන් මහතා බංගලාවේදී විෂඝෝර සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගියේය. කපිතාන්වරයාගේ දේහය කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේ භූමියක තැන්පත් කෙරුණි. ඔහු මියගියේ මේජර් ස්කිනර් දෑත මත බව ලිඛිත සාක්ෂිද ඇත. කපිතාන් ඩෝසන් සිහි කරන්නට සුවිශේෂ ස්මාරකයක්ද ඉදි විය. එය දිගින් අඩි 150ක් විය. ගෘහ නිර්මාණයේ අපූර්වතා රැුසක් සහිත වූ ඩෝසන් බංගලාව නඩත්තුව නොමැතිකම නිසා පසු කලෙක ගරා වැටෙන්නට විය. අනතුරුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ යෝජනාවකට අනුව දැයට කිරුළ යටතේ මෙම ඓතිහාසික නිවෙස්නය ප‍්‍රතිසංස්කරණය විය. ප‍්‍රතිසංස්කරණ වූ ඩෝසන් බංගලාව ජනාධිපතිතුමා අතින් පසුගිය 26 වෙනිදා යළි විවෘත විය. කාලයේ වැලි තලාවෙන් ගරා වැටීමට නියමිතව තිබූ ඩෝසන් බංගලාව දැන් අඹන්පිටිය කඳු මුදුනේ විරාජමානව ඇත
1 note · View note
oshandas · 8 years ago
Photo
Tumblr media
සංරක්ෂණය වනකැප්පෙටිපොල වළව්ව කැප්පෙටිපොළ මහ වලව්ව " කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේඋඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේපියා රාජ���ධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැලනිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිලකුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක්වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිලකැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව්පරපුරේ නාමයයි. "   1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා වූ මොණරවිල කැප්පෙටිපොළමහ දිසාව දැයෙන් සමුගෙන ලබන නොවැම්බර් මස 26 වැනි දිනට වසර 195ක්පිරේ. 1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේහිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවීඇත. මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූ දැනටමාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ පෞරාණිකත්වයසුරැුකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ. ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේසෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහවලව්ව මොණරවිල වීර කැප්පෙටිපොළ මහ දිසාව කැප්පෙටිපොළදිසාව මාතලේදිසාව භාරවරාජකාරි කරද්දිඉදිකරනලද්දකි. හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙමවලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම්මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේසම්ප‍්‍රදාය මෙහි පිළිඹිබු කරයි. මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40සහ 25 බැගින් වේ. බිත්තියක ඝණකම අගල් 16ක් පමණ වෙයි. සිමෙන්තිභාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති බැඳ තිබේ. වටිනා දැවයොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකින්නිර්මාණය කර තිබෙන මේ වලව්ව දෙමහල් ගොඩනැගිල්ලකි. වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විතය. උඩුමහලේ බිම දැවවලින්සාදා ඇත. එක සඳලූතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ වටිනාදැවවලිනි. ප‍්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයටපිවිසීමට පියගැට පෙළ දෙකකි. ඒවා ඉතාමත් සිත් ගාන්නා සුළුය. මෙම ගොඩනැගිල්ලේ පිවිසුම අශ්වලාඩමක හැඩයෙන් සාදා නිමකළ ප‍්‍රධානදොරටු දෙකකි. බරාදයෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිම කළදෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමරය දිගින් අඩි 40ක් සහ පළලින් අඩි 15ක්පමණය. මෙහි හරි මැදින් බිත්ති ආරුක්කුවක් නිර්මාණය කර තිබේ. ඒ අසලකෑම කාමරයක් වෙයි. දොරටු දෙකකින් කෑම කාමරයට ඇතුළු විය හැකිය. මේකෑම කාමරේ දිග පළල විසිත්ත කාමරේ දිග පළලට සමානය. කැප්පෙටිපොළ දිසාව ��ෙම කෑම කාමරේ දී අලි ඇතුන්ට ද ආහාර දී තිබේ. පළමුඅදියරේ ගොඩනැගිල්ලේ දර්ශනීය වහල සහ මැද මිදුල නිසා කැප්පෙටිපොළමහ වලව්වේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරයි. මේ ඓතිහාසික වලව්වේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6වැනි පරම්පරාව අදත් ජීවත් වෙයි. 6 වැනි පරපුරේ මිණිබිරියන් තිදෙනෙකි.සුජාතා වජිරා කුමාරි කැප්පෙටිපොළ මහත්මිය 1989 දී මියගොස් ය. මන්ත‍්‍රිනීමැණික් කුමාරි කැප්පෙටිපොළ (69) සහ ධනරංජනී රවීන්ද්‍ර කුමාරිකැප්පෙටිපොළ (68) යන අක්කා නගෝ දෙදෙනා ජීවතුන් අතර සිටිති. ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා වන වින්ඞ්සර්හුලංගමුව මහතා සමග මේ මහ වලව්වේ අද ජීවත්වෙති. මේ පරපුරෙන්බිහිවුණු ඥාතීහු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සහ විදේශගතව සිටිති. ඌවxවෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාව අනුරාධපුර පිහිටි බි‍්‍රතාන්‍යයන්ගේ යුද කඳවුරේ සිටි ලෙප්ටිනන්ට් විලියම්  ඕනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 23 වැනිදා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අත්අඩංගුවට පත්විය. නොවැම්බර් මස 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිළමේ බෝගම්බර වැව අසල දී හිස ගසා මරා දැමීමට නියම විය. කැප්පෙටිපොළ දිසාව නිරතුරුව තම ඉණෙහි සඟවගෙන යන පුස්කොළ පොතක ලියන ලද කුඩා ධම්මපද ගාථාවක් භාවිත කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. නොවැම්බර් මස 26 වැනිදා උදෑසන කැප්පෙටිපොළ දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේලි කීපයක් කියවා කඩුව අමෝරා ගෙන සිටි වධකයා දෙස බලා ‘‘බොල එක කඩු පහරින් මගේ ගෙළ සිඳ දමව’’ කියා ඉතිපිසෝ භගවා අරහං යන බුදුන් වැඳීමේ ගාථාව කියවූ බවත්, අරහං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරකයක් ඉදිකර තිබේ. කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි. කැප්පෙටිපොළ පරපුරේ ඉතිහාසය පිළි��ඳ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග‍්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මොණරවිල වලව්ව ඉංග‍්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග‍්‍රීසින්ගේ උදහසට ලක් වී කැප්පෙටිපොළ මහ දිසාවගේ දේපල විනාශ කර දමා තිබේ. මොණරවිල ග‍්‍රාමයේ ඒ මහා වලව්වේ ගල් කණු කීපයක් පමණක් අදත් දක්නට තිබේ. මේ ඓතිහාසික වලව්වේ වටිනාකම ගැන ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා රජයේ අවධානයට යොමු කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා ඇමැති විමල් වීරවංශ මහතා ද මෙම වලව්ව පසුගියදා නිරීක්ෂණය කළේය. මේ මහ වලව්ව අනාගත පරපුර වෙත සංරක්ෂණය කර පෞරාණික තත්ත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන මෙන් ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් ද කරන්නීය. සටහන සහ ඡායාරූප - මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න
1 note · View note
oshandas · 8 years ago
Text
වෙනදා ඇරුනු උමං දොර නෑරිණි: රාසිං රජු සුද්දන්ට හසුවිණි
මහනුවර සිට කිලෝ මීටර් 42ක් පමණ දුර ගිය විට මැදමහනුවර කන්දේ මුදුන හමුවෙයි. (මැදමහනුවර කන්ද දැන් හඳුන්වන්නේ හුන්නස්ගිරිය කන්ද නමිනි) කන්ද මුදුනේ ආරක්ෂක බළකොටුවක් මැද මාලිගාවක් ඉදිකර තිබෙයි. මහනුවර යුගයේ කන්ද උඩරට රාජධානියේ රජ කළ රජවරුන් පර සතුරු ආක‍්‍රමණවලදී මෙම මාලිගාවේ සිට ආරක්ෂාව සලසා ගෙන ඇත. රාජසිංහ රජතුමාගේ හා ඔහුගේ හිතෛෂීන්ගේ මතය වී ඇත්තේ කන්ද උඩ  මාලිගාවේ සැඟවී ආරක්ෂාව සලසා ගත යුතු බවයි. රජතුමා සිය බිසෝවරුන්ද කැටුව ඉතා හිතෛෂී කීප දෙනෙක් සමඟ මැද මහනුවර කන්ද මුදුනට යාමේ බලාපොරොත්තුවෙන් පිටත් විය. ගමන හිතන තරම් පහසු නොවීය. ගිරි, වන, ජල දුර්ග පසුකරමින් පිරිස මැදමහනුවරට ළඟා වූහ. කන්ද තරණය කරන්නට තරම් ඔවුන්ට ශක්තියක්, ධෛර්යයක් නැත. ඒ වන විටත් කිලෝ මීටර් 35ක පමණ දුර මඟ ගෙවා තිබිණ. රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානයේ පිහිටුවා ඇති ශිලා ස්ථම්භය මැදමහනුවරට නුදුරු බෝමුරේ ගම්මානයේ උඩුපිටිය ප‍්‍රදේශයේ වාසය කරන ආරච්චිරාල රජතුමාට පක්ෂපාතිත්වය දරන්නෙකි. ඔහුගේ නිවසට ගොස් රැඳී සිටීම සුදුසු බව පිරිසේ මතය විය. ඒ අන���ව ඔවුහු ආරච්චිගේ නිවසට ගොස් එහි ලැඟුම් ගත්හ. ඒ 1815 පෙබරවාරි 18 වැනි ඉරිදා දිනයේ හවස් කාලයයි. හිරු බටහිර අහසේ ගිලෙන්නට මාන බලමින් සිටියි. රටේ අභාග්‍යයකට පර දේශක්කාර ඉංග‍්‍රීසිනට රට අත්පත් වීමේ අවස්ථාවක් ඒ වන විටත් ආරම්භ වී තිබිණ. තමා අල්ලාගන්නට ආ පිරිස් ලැඟුම් ගෙන සිටින නිවස වටලා ඇති බව ඒ වන විට රජතුමා දැන නොසිටියේය. ටික වේලාවකින් දොරවල් කඩා බිඳ දමා නිවසට ඇතුල් වූ පිරිස් රජතුමාට පරුෂ වචනයෙන් බැණ වදින්නට වූහ. බිසෝවරු තම ජීවිතවලට හානියක් නොකරන්නැයි කියමින් කෑ මොර ගසන්නට වූහ. කිහිප දෙනෙක් බිසෝවරුන්ගේ කණ කර වල තිබූ ආභරණ කොල්ලකෑහ. ආභාරණ අදිද්දී කන් ඉරී යාමෙන් වහනය වූ රුධිරය විසෝවරුන්ගේ ඇෙඟහි හා බිම පතිත විය. තවත් පැය කීපයකදී ඉංග‍්‍රීසිහු රජතුමා තම භාරයට ගත්හ. එය ලංකා රාජ වංශය අවසන් වීමේ අවස්ථාවද විය. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ඉංග‍්‍රීසින් අතට පත් වීමේ සිද්ධිය බොහෝ විට එසේ සටහන් වෙත්දී ජනප‍්‍රවාදයක තොරතුරුද ඇතැම් විට සඳහන් වෙන බවක් දක්නට ලැබෙයි. එහෙයින් ඒ ජන ප‍්‍රවාදයෙන් කියවෙන දේ පිළිබඳව විමසීමද වැදගත් වනු ඇත. බෝමුරේ ගමේ දිය ඇල්ලකි. දිය ඇල්ලේ ජලය මන බඳිනා ලෙසින් ඔයකට ඇද හැළෙනවා දකිනවා හැර දිය ඇල්ල යටින් තිබෙන වැදගත් දෙයක් ගැන ගම්මු තොරතුරු නොදනිති. එහෙත් ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා හා ඔහුට හිතවත් කිහිප දෙනෙක් පමණක් දන්නා රහසක් තිබී ඇත. එනම් දිය ඇල්ලට යටින් උමං මඟක දොරටුවක් තිබෙන බවත් ඒ දොරටුව ඇරගත් විට විහිදී යන උමඟ මැදමහනුවර කන්ද මුදුනේ තිබෙන මාළිගාව දක්වා දිවෙන බවත්ය. බෝමුරේ ගමට පිවිසි රජතුමා හා පිරිස දිය ඇල්ල ළඟට කිට්ටු වූහ. තල් අත්තක් දිය ඇල්ලට ඇල්ලීය. තල් අත්ත ඉසලන තල් අත්තකි. වෙනදා රජතුමා දිය ඇල්ලට තල් අත්ත ඇල්ලූ විට දිය පහර දෙබෑ වී උමං දොරටුව මතු වෙයි. ඉන් පසු උමං දොරටුව අතින් විවර කරගෙන උමඟ  දිගේ කඳු මුදුනට යයි. ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ රජතුමාට උමං දොරටුව දකින්නට නොලැබිණ. ‘අපගේ පින් ඇති කාලය අහවරයි’ යනුවෙන් රජතුමාට ඉබේම කියවිණි. කිසිත් කර කියා ගත නොහැකි වූ රජතුමා උමඟ දිගේ කන්ද මුදුනට යාමේ බලාපොරොත්තුව අත හැර කැලෑ මැදින් කන්ද මුදුනට යාමට කතිකා කර ගත්තේය. එහෙත් ගමන් විඩාවත් කැලෑමැදින් කන්ද මුදුනට යාමේ අසීරුතාව නිසා රජතුමාට පක්ෂපාතිත්වයක් දැරූ බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ නිවසේ පිරිස ලැගුම් ගත්හ. රජතුමා උමඟක් දිගේ කන්ද මුදුනට යන්නට උත්සහා දැරීමේ පුවත සඳහන් ජන කතාවේ තොරතුරු සත්‍යයමද? අසත්‍යනම් අසත්‍ය වීමට හේතු තිබෙනවාද? වර්තමානයේ බෝමුරේ ගම්මානයට ගොස් ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට රජතුමා පත් වූ ස්ථානය දැක බලා ගැනීම එතරම්ම අසීරු දෙයක් නොවේ. මන්ද එම ස්ථානය සුරක්ෂිත වන සේ ශිලා ස්ථම්භයක් පිහිටුවා තිබෙන හෙය��නි. රජතුමා තල් අත්ත ඇල්ලූවායයි කියන දිය ඇල්ල අද දැකිය හැකිද? බෝමුරේ ගම්මානයේ කිසිදු තැනක වර්තමානයේ දියඇල්ලක් දක්නට නැත. මීට අවුරුදු 198කට පෙර බෝමුරේ ගම්මානයේ දිය ඇල්ලක් තිබුණාද? බෝමුරේ ගම්මානයේත් ඒ අවට ගම්මානවලත් සෑම තැනකම සොයා බැලූවත් එවැනි දිය ඇල්ලක් තිබූ බවට සලකුණක් දක්නට නැත. බෝමුරේ ගම්මානයේ සිට හුන්නස්ගිරිය කන්ද (මැද මහනුවර කන්ද) මුදුනට යාමට උමඟක් තිබූ බවට කිසිම සලකුණක් දක්නට නැත. බෝමුරේ ගම්මානයේ සිට පොළොව යටින් කිලෝ මීටර් 3ක් පමණ දුරකට නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන මේ කාලයේදී වුවද කන්ද මුදුනටම උමඟක් කැපීම ලේසි පහසු කාර්යයක් වන්නේ නැත. අතීතයේදී එවැනි උමඟක් හදා තිබුණායයි කියන්නේනම් එය මිිනිස් ශ‍්‍රමයකින් කළ දෙයක් නොවනු ඇත. එවැනි දෙයක් කරන්නේ නම් එය යන්ත‍්‍ර මන්ත‍්‍ර හාස්කම්වලින් කළ දෙයක් විය යුතුය. රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානයට පහළින් දොරබෝමුරේ නමින් හඳුන්වන ස්ථානයක් වර්තමානයේ ඇත. බෝමුරේ ගම්වාසීන් පවසන්නේ දොරබෝමුරේ නමැති ස්ථානයේ උමං දොරටුව තිබූ දිය ඇල්ල තිබී ඇති බවය. දොරබෝමුරේ යනුවෙන් ඒ ස්ථානයට ව්‍යවහාර වන්නේද උමං දොරට��ව තිබූ නිසා බව කියති. දිය ඇල්ල උමං දොරටුව හා උමඟ පිළිබඳව වර්තමානයේ බෝමුරේ ගම්වාසීන් දන්නේ ඒ  තොරතුරු පමණි. දොරබෝමුරේ නමැති ස්ථානයේ දිය ඇල්ලක්, උමං දොරටුවක් දක්නට නැත. හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ http://www.lankadeepa.lk/features/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F-%E0%B6%87%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94-%E0%B6%8B%E0%B6%B8%E0%B6%82-%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB-%E0%B6%B1%E0%B7%91%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%92:-%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%82-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%AB%E0%B7%92/2-144986
0 notes
oshandas · 8 years ago
Text
කලාවැවේ කුවේණි කෝවිල
ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි. වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි. කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද? අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ. ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ. මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි. ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා. තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා. කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි. ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දාන��ක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල. වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා. ඒ කීවේ? මම විමසුවෙමි අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි. මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය. ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන http://www.lankadeepa.lk/features/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AB%E0%B7%92-%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD/2-83488
0 notes
oshandas · 8 years ago
Text
උඩුගම්පොලරජුගේ හද දිනූසම්බාගම
උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගමශ්‍රී ලංකාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජවරුන් අතුරින්  උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක‍්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක‍්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන්  අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක‍්‍රමබාහු  කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප‍්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ. සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එන��� ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක‍්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව  ඕලන්ද ජාතික පූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග‍්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක‍්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක. සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන්  පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් අති විශාල භූමි ප‍්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ‍්‍රිත මුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි  ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා ”විල්ලූ” බවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධ ආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී  ගිය සශ‍්‍රික කූඹුරු යායකි. සියළු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොල රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්‍ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකුද බව සනාථ කරන සාක්‍ෂි බොහොමයකි. අත්තනගලූ ඔයේ අතු ගංඟාවක්වන කුඩා ඔය හරස් කොට ඔහු කරවූ දැවැන්ත වේල්ලක නටබුන් දැනුදු මිනුවන්ගොඩ, වෑගොව්ව ප‍්‍රදේශයේදී දැකිය හැක. ඒ හැරුණු කොට එතුමන් විසින් කරවන ලද තවත් වාරි කර්මාන්ත බොහොමයකි. වර්තමාන උඩුගම්පොල ආදාහනාගාරයට යාබද පතහ නම් ස්ථානයේ ප‍්‍රදේශයේ එතුමන් පරිහරණය කළ ජල උද්‍යානයේ නටබුන් අද ද දැකිය හැක. කොට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන්ද මේ රජුම බව කියති. රජතුමන් මුත්තු රාජ් නම් ද්‍රවිඩ වාරි ඉංජිනේරුවරයෙකුගේ සැලසුමක් මත අස්වද්දන ලද නිසා එම සුවිසල් කුඹුරු යාය මුතුරාජවෙල වශයෙන් හැඳින්වෙන බව ඇතැමෙක් කියති. නමුත් මුතුවන් සහල් ලබාදුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට මුතුරාජවෙල යන නම පටබැඳුණු බව වඩාත් ප‍්‍රචලිත මතයයි. මුතුරාජවෙලට අමතරව උඩුගම්පොල රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප‍්‍රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ  ආශ‍්‍රිතව ඇති ”විට” යන්නෙන් නිමා වන ග‍්‍රාම නාමවලින් පැ��ැදිලිය. රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලූ ප‍්‍රදේශ ඒ හරහා ගලා යන ජල මූලාශ‍්‍රාධාරයෙන් අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ. වර්තමානයේ බොහෝ දෙනෙකු නොදන්නා මුත් මේ අතුරින් ”සම්බාගම” නමින් හැඳින්වුණු අක්කර සිය ගණනක විශේෂිත කුඹුරු යායක් රජතුමන් ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ප‍්‍රදේශය හරහා ගලා බසින ඌරුවල් ඔය ජල මූලාශය දඟර සහිත වීම නිසා වඩාත් සශ‍්‍රීක බවක් පළ කළ මෙම ”සම්බාගම” ට හිමි වූ ග‍්‍රාම නාමය පසුව ”හම්බාගම” වී මීට දශක හතර පහක පමණ සිට මුලූමනින්ම අභාවයට ගොසිනි. වත්මන් ගණේමුල්ල ප‍්‍රදේශයට අයත් මෙම ගම්මානය අද හොරගොල්ල සහ තිබ්බටුගොඩ ලෙස ගම්මාන දෙකක් බවට පත්ව තිබේ. වරක් මෙම පැරණි සම්බාගමට යාබද ප‍්‍රදේශයක කෘෂි සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීමට ගිය රජතුමා මුහුද පෙනෙන තරම් උසට වී කන්දක් ගැසීමට තරම් වී අස්වැන්නක් එම ප‍්‍රදේශයේ කුඹුරුවලින් අපේක්‍ෂා කරන බව එහි වගා කටයුතු බාරව කටයුතුකළවුනට පවසා ඇත. එහෙත් එහි කෘෂි අස්වැන්න නෙළන කාලයේ යළි එම ප‍්‍රදේශයට ගිය රජතුමා තමන් අපේක්‍ෂාකළ ප‍්‍රමාණයට එහි අස්වැන්න නොතිබීමෙන් නොසතුටට පත්ව සුරතට වී අහුරක් ගෙන බොල් අතේ යනුවෙන් පවසා තිබේ. ඒ තම අරමුණ ව්‍යර්ථ වූ බව පැවසීමටය. රජතුමාගේ එම ප‍්‍රකාශය අවට ප‍්‍රදේශවාසීන්ගේ සිත් තුළට කොතරම් තදින් කා වැදුණේද යත් අද ද එම ප‍්‍රදේශය හැඳින්වනුයේ බොල්ලතේ, බොල්ලත යනුවෙනි. කුඩා බොල්ලතේ සහ  බොල්ලතේ යන මෙම ගම්මාන ඇත්තේ පැරණි  සම්බාගමට නොදුරිනි. සකල කලා වල්ලභ රජතුමා මෙම සම්බාගම කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් වී ඇත්තේ එහි තිබූ පත්තිනි දේවාලයයි. සන්නාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා දේශයේ සිට මෙහි පැමිණි බ‍්‍රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනෙකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප‍්‍රවාදවලින් හෙළිවේ. සම්බාගම අස්වැද්දෙන කුඹුරු බැලීමට සපැමිණි රජතුමන් ඒ කුඹුරු යායට ඉහලින් වූ උස් භූමි භාගයක පිහිටි වත්මන් ගණේමුල්ල, තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාම භූමියෙහි වාඩිලා සිටි බව පැරණි ජනප‍්‍රවාදවලින් පැවසේ. එමෙන්ම රජතුමා වාඩිලා ගත් බව පැවසෙන තවත් ස්ථානයක් අද ද හැඳින්වෙනුයේ ”වාඩිය වත්ත” ලෙසිනි. අතීතයේ නා වදුලකින් වැසී තිබූ අතිශයින් දැකුුම්කළු උස් බිමක පිහිටි පුරාණ ශ්‍රී සුගතාරාම විහාර භූමියේ සිට අදත් ගම්පහ ඒකල ආදී ප‍්‍රදේශ දක්වා වන අක්කර දහස් ගණනක කුඹුරු යායක් ඉතා පහසුවෙන් දැක බලා ගත හැක. එමෙන්ම අන්ද්‍රා දේශයෙන් පැමිණි බ‍්‍රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප‍්‍රදේශය අදත් ”පත්තිනිපිටිය” යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග‍්‍රීසි ප��ලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වලදී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ කුඩා බොල්ලත නම් යාබද ගම්මානයට අයත් ලෙසින් කැඞී වෙන්ව ගොස් තිබේ. නව භාරකාරිත්වයක් යටතේ අද වන විට ද එහි පූජා චාරිත‍්‍ර සිදුකෙරේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන්ගෙන් පැවැත ආ ඊළඟ පරපුර  තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැර කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී තිබේ. නමුත් සන්නාසි වේශයෙන් අන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගෙන් පැවැත එන බව පැවසෙන ආඬිගේ සහ සේනාසිගේ (සන්‍යාසිගේ) යන පෙලපත් නාම අදත් මෙම ගම්මානවල පාරම්පරික ගැමියන්ගේ නම් වලට ඈඳී තිබේ. එය මේ සැඟවුණු අතීතය මානව විද්‍යාත්මකව මනාව කළ එළි දක්වන්නකි. කෝට්ටේ යුගයේ දී අතිශය සශ්‍රීකව පැවැති මෙම කෙත් වතු රජ දහන කේන්ද්‍ර කරගනිමින් බැබලූණු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ ශ්‍රී පුරාණ සුගතාරාමය ගම්පහ ප‍්‍රදේශයේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත්ම සිද්ධස්ථාන  අතුරින් එකකි. මාහැඟි බිතු සිතුවම් සහිත මහනුවර යුගයට අයත් පැරණි විහාර මන්දරය අතීතයේ මෙහි ගැමියන්ගේ ආගමික, සංස්කෘතික සහ සදාචාරාත්මක සංවර්ධනයේ කැඩපතක් බඳුය. නමුදු මේ වන විට එහි පැරණි බිතු සිතුවම් අභාවයට ගොස් ඇති අයුරක් පෙනෙයි. විසිවැනි සියවසේ මැද භාගයේ දශක කිහිපයක් පමණක් අභාවයට ගොස් තිබූ මෙම පුරාණ ශ්‍රී සුගතාරාමය දැනට දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ එහි වත්මන් විහාරාධිපති ශාස්ත‍්‍රවේදී පූජ්‍ය හෝමාගම ආනන්ද නාහිමියන්ගේ විහාරාධිපතිතීත්වය යටතේ නව පුනරුදයකට පත්වෙමින් තිබේ. ක‍්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක‍්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක‍්‍රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු  වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක‍්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ. එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක‍්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග‍්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත. ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. සුප‍්‍රකට මාදම්පේ දේවාලය ඉදිව ඇත්තේ එම දෙවිඳුන් නමිනි. එසේම සුවිශේෂ රණශූරයකු සේම කෘෂි කර්මයෙහි හසල දැනුමක් තිබූ ගොවි රජකු  ද වන උඩුගම්පොල සකල කලා වල්ලභයන් මරණින් මතු ඔහු විසින් ඉදි කළ අස්වාන වේල්ලේ නමින්ම අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත්ව තිබේ. ඒ නිසාම පත්තිනිපිටිය පුරාණ දේවාලයේත්  තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතරා��යේත් පැරණි ආගමික චාරිත‍්‍රවලදී එම අස්වානේ දෙවියන්ට පින් පෙත් පැමිණවීම අනිවාර්යයෙන්ම සිදු කොට ඇත.සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා http://www.lankadeepa.lk/features/උඩුගම්පොල-රජුගේ-හද-දිනූ-සම්බාගම/2-47360
0 notes