Don't wanna be here? Send us removal request.
Photo

තිසරණගත උපාසක භාවය පූජ්‍ය කරඳන සමිත හිමි බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය තිසරණයයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? සරණ යන මේ වචනයෙහි අදහස නම් පිහිට යනුයි. එය කුමකට වන පිහිටක්‌ද? "සරති හිංසතීති සරණං" යනු සතර අපා දුක හා ජාති, ජරා මරණාදී සියලු භය සන්ත්‍රාස දුර්ගති පරික්‌ලේශයන් හිංසනය කිරීම පිණිස විධවංශනය කිරීම පිණිස වන පිහිටයි. සරණ යන්නෙහි අදහසය. සරණ යන මේ වචනයෙන් වධය (මැරීම) කරන්නෙක් කියනු ලැබේ. එය කවරෙක්‌ද? බුද්ධාදී රත්නත්‍රයයි. රත්නත්‍රයෙහි පිහිටි යම් කිසි පුද්ගලයෙක් රත්නත්‍රය විශ්වාස කොට ගෙන ත්‍රිවිධ රත්නය සෘජු අදහසින් පිහිටකොටගෙන යථා විධීන් අදහන්නේනම් ඔහු හට දෙලොවින්ම පැමිණෙන භය සන්ත්‍රාසාදී සියලු උවදුරු ත්‍රිවිධ රත්නය විසින් තියුණු මුවහත් අසිපතකින් නෙළුම් දඬුවක් සිඳ ලන්නාක් මෙන් සුණු විසුණු කර දම��ු ලැබෙත්. සංසාර යාත්‍රාවට පිළිපන් සත්ව සමූහයාට දායාද වශයෙන් මෙන් නියමිතව ලැබෙන ජාති ජරා මරණ ව්‍යාධි, ශෝක, පරිදෙව, දුක්‌ඛ්‍ය, දොමනස්‌සාදී අනන්තාපරිමාණ දුක් සමූහයකින්ද කරන ලද පව් කම් වලට විපාක වශයෙන් ලැබෙන දණ්‌ඩ භය, දුර්ගති භය ආදී ශත සංඛ්‍යාත භයෝපදාව සමූහයෙන් මිරිකී මිරිකී යොනියෙන් යොනියට භවයෙන් භවයට යමින් එමින් පරම අසරණ භූත තත්ත්වයක වැටී සිටිනේ වෙයි. ඔහුන් කලෙක පින්ද කලෙක පව්ද කරමින් සුගති දුගති වශයෙන් භවයේ ඇවිදිති. ඔවුන් ස්‌වෝත්සාහයෙන් බුද්ධොත්පාදයකට "මේ දේ කළ යුතුයි. මේ දේ නොකළ යුතුය දන් දෙව් සිල් රකිව්. භාවනා වඩව්, සතුන් නොමරව් මේ ආදී සිද්ධාන්ත "පරම ශාන්ත අතිරමණීය" උපදේශ ධර්ම නැමති ස්‌වර්ණ පානයට ඔවුන් නංවා අනාදිමත් කාලයක සිට පරිචිතව ආමාෂුචිත්ත සන්තාන ගත ක්‌ලේශ ධර්ම සෝදා හැර දුක්‌ඛ භය සන්ත්‍රශාදී සියලු උපද්‍රව්‍යයන්ගෙන් තොර කොට පරම සු�තයෙන් කරණ හෙයින් "යුද්ධාදී රත්නත්‍රය "සරණ" යන නමින් හඳුන්වනු ලැබේ. සරණාගමනය සරණාගමනය ලෞකි සරණාගමනය ලෝකොත්තර සරණාගමනයයි දෙයා කාරවේ. ලෞකික සරණාගමනය ආත්ම නිර්යර්තන සරණාගමනය තත් පරායනතා සරණාගමනය ශිෂ්‍ය භාවොපගමන සරණාගමනය ප්‍රණිපාත සරණාගමනය යනුවෙන් සතර ආකාරයකට බෙදේ. ආත්ම පරිත්‍යාග කරමින් සිතා කියා සරණ යෑයි ආත්ම නිර්යාර්තන සරණාගමනයවේ. ජාති ජරා මරණාදී සියලු දුක් නැසීම පිණිස බුදුන්, දහම්, සඟුන් පිහිට කොට සරණ යැම. තත් පරායනත සරණාගමනයවේ. ශිෂ්‍ය භාවොපගමන සරණාගමනය යනු බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි අවවාද අනුශාසනා අසා දිවි හිමියෙන් රකින සුවච කීකරු ශිෂ්‍යයෙක් වෙමි යයි සිතා ශිෂ්‍ය භාවයට පැමිණ රත්නත්‍රය සරණ යැම වේ. තෙරුවන් ගුණ නුවණින් දැන අචල සද්ධාව උපදවා අද පටන් මගේ පරම ගෞරවාදරය නමස්‌කාරය තෙරුවන් උදෙසාම වේවායි සිතා සරණ යැම ප්‍රණිපාත සරණාගමනයයි. ලෞකික සරණාගමනයෙහි ස්‌වභාවය බිඳීමට, කෙලෙසීමට පැමිණීමයි. සරණය කෙලෙසන අයුරු, වන්නේ තිසරණය සමාදන් වූ යම් කෙනෙක් බුදුපියාණන් වහන්සේට, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝරත්නයට, කායාදි ද්වාරයෙන් අගෞරව අනාදර කිරීමෙන්, වැඳුම් පිදුම් ගරු බුහුමන් නොකිරීමෙන්, ශ්‍රද්ධා ගෞරවාදර අඩුකර ගැනීමෙන්, තෙරුවන් ගුණ මෙනෙහි නොකිරීමෙන්, ත්‍රිවිධ රත්නයෙහි නුගුණ කීමෙන්. ත්‍රිවිධ රත්නය අල්ප ස්‌වල්ප කොට සිතා කවට සිනා බස් කීමෙන්ද, මිථ්‍යාගමයන්ගේ වැඩි දියුණුවට කරන වැඩවලට උපස්‌තම්භක වීමෙන් හා චපල ක්‍රියාවන් හේතුකොටගෙන සරණය කෙලෙසේ බෞද්ධ මලකඩයෙක් වේ. ලෞකික සරණාගමනය ��ිඳී යැම මරණයෙන් බිඳී යැම, අන්‍යාගමක් ඇදහීමෙන් බිඳී යාම යයි කියා දෙයාකාරවේ. පෘථග්ජන වූ අප විසින් ගනු ලබන සරණය මේ ආත්ම භාවයටම සීමා වූයේ වෙයි. මරණින් පසු අනික් ජන්මයකට නොයන්නේය. තමන් සමාදන් වූ සරණය බිඳ දැමීම නොහොබිනා පාප වැඩක් වුණේ වී නමුත් මරණයේදී බිඳී යැම පිළිබඳව වරදක් නොමැත. ත්‍රිවිධ රත්නය සරණ ගිය ඇතැම් මන්ද බුද්ධිකයෝ මිථ්‍යාවාදීන්ගේ අභූත බස් අසා අප අදහන බුදුපියාණන් වහන්සේ නියම ශාස්‌තෘවරයෙක් නොවෙයි. ඒ ධර්මය යහපත් දෙයක් නොවෙයි. ඒ සංඝයා යහපත් සංඝයා නොවෙයි. පින්පව්වල ඉෂ්ඨානිෂ්ඨ විපාකයක් නොමැති යෑයි කියා අයෝනිමනසිකාරයෙන් සිතා මිස දිටුවන් ඇසුරු කිරීම මිථ්‍යා මත ගැනීමත් සමග ත්‍රිවිධ රත්නය නමැති ස්‌වර්ණ පර්වතයන් ගිලිහී මිථ්‍යා නමැති ප්‍රපාතයට ඇද වැටී අසත්‍ය ලබ්ධි ජාලයෙන් බැඳී පිරිහීමට පත්වේ. ලෝකොත්තර සරණාගමනයෙහි බිඳීමක්‌වත් කෙළසීමක් වත් නැත්තේය. ඒ සරණාගමනය කියන ලද පරිදි ආත්ම නියර්තනාදී වශයෙන් සමාදන් වීමකුත් නැත්තේය. එය නොකෙලෙසීමට හේතුවනම් නිර්වාණය අරමුණු කොට සෝවාන් මාර්ග ඥන මහා කුශල චිත්ත විථිය හටගන්නා කළ ත්‍රිවිධ රත්නයෙහි ගුණ සහ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සෝවාන් මාර්ග ඥනයෙන් අවබෝධ කරගත් විට සරණ බිඳෙන කෙලෙසන සියලු ක්‌ලේශ ධර්මයන් නැති කර දමන හෙයින් සරණ බිඳීමට කෙලෙසීමට නොපැමිණේ. සියලු ක්‌ලේශ ධර්මයන් මුල් සිඳ නැතිකොට දමා අචල ශ්‍රද්ධාවෙන් පිහිටන සරණාගමනයාගේ ආනිසංස වදාරණ බුදුපියාණන් වහන්සේ 1 යොච බුද්ධඡ්ච ධම්මංච සංඝච සරණංගතො 2. චත්තාරි අරිය සච්චානී සම්මපප්ඤ්ඤය පස්‌සතී එතං ��ො සරණං ඛෙමං එතං සරණං මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්‌ඛා පමුච්චතී ත්‍රිවිධ රත්නයෙහි ගුණ දැන චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධමයන් පිහිටන් ලෝකොත්තර සරණගමනයම නිර්භය වන්නේය. ඒ මේ අතිඋත්තම සරණය සමාදන්ව සසර දුකින් මිදෙන්නේය. ඒ සරණ යැම ශේ්‍රෂ්ඨය. උත්තමය ලෝකොත්තර සරණයෙන් සරණ ගත ආර්ය ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම සසර දුකින් මිදුනේ වන්නේය. එහි විපාක ඵල අනිසංස ඵල නම් නිර්වාණ ධර්මාවබෝධයෙන් නියතින්ම නිදුක් වීමයි යනු ඒ ගාථාත්‍රයේ අදහසයි. මෙසේ ත්‍රිවිධ රත්නය සරණ යන අයුරු සහ එහි ප්‍රභේදාදිය විස්‌තර කරන ලද නයින් ඉගෙන තෙරුවන් සරණ පරායන දිව්‍ය මනුස්‌ස්‍ය සම්පත් කෙළවර නිර්වාණය ලබා ගැනීමට උත්සාහ වඩත්වා බෞද්ධ විලාශයෙන් උපාසක විලාශයෙන් පෙනී සිටින බෞද්ධයන් අද ලංකාවෙහි එමට සිටිත් සරණ බිඳගන්නේ කූට වංචා වැඩ කිරීමෙන්ය. ඔහුන්ට බෞද්ධ උපාසක භාවය ඇතැයි කියා නොසිතිය යුතුයි. ඒ මන්ද? ත්‍රිවිධ රත්නයෙහි සරණ යැම බෞද්ධ භාවයෙහි පදනම හෙයින් ත්‍රිවිධ රත්නයේ ගුණ දැන ගුණ මෙනෙහි කොට තිසරණ සමාදන්ව නිර්මලව එය ආරක්‍ෂා කිරීම නියම බෞද්ධයෙකි. උපාසකයෙකි. දිනක් මහානාම ශක්‍ය රජතුමා බුදුපියාණන් වහන්සේ වෙත එළඹ "ස්‌වාමීනි" ඔබ වහන්සේගේ ශාසනයෙහි කෙතරම් ගුණයක පිහිටීමෙන් උපාසකයෙක් වන්නේදැයි විචාල ප්‍රශ්නයට පිළිතුරු දේශනා කළ අමා මෑණියන් වහන්සේ. "මහානාමය" යම් කෙනෙක් බුදුන් සරණ ගියේද? දහම් සරණ ගියේ වේද? සඟුන් සරණ ගියේ වේද? මහානාමය මෙපමණකින් උපාසක නම් වේ යයි වදාළ සේක. මෙහි දක්‌වන ආකාරයට නියම බෞද්ධයා හෙවත් උපාසකයා නම් ත්‍රිවිධ රත්නය සරණ ගොස් එය නිර්මලව අඛණ්‌ඩව රකින පුද්ගලයා බව මෙයින් පෙනේ
2 notes
·
View notes
Photo

යමකු (බුදු කෙනෙකුන්) වසින් දිනනලද කේලශ සමූහය නපුරුකොට දිනන ලද්දේනම් නොවේද, ඒ බුදුන් විසින් දිනනලද කෙලෙස් ලෝකයෙහි කිසි එකද ක්ලේශයෙක් අනුව නොයේද (ii) කෙළවරක් නැති ගෝචර ඇති රාගාදී එකද කාරණයක් නැති (ii) ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙණයවුද,යම් සම්බුදු කෙනෙකුන් (කිසි භවයකට පමුණුවන්නට) ජාලිනී නම් වූ විසත්තිකා නම්වූ රූපතෘෂ්ණාදී තෘෂ්ණාවක් නැත්තේද (මෙහි මේ වර්ගයේ 1 (ii) ඡෙදය යෙදිය යුතුයි.)යම් ප්‍රාඥ කෙනෙක් ධ්‍යානයෙහි නියුක්තද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාහුද ස්මෘතිමත්වූ ඒ සම්බුදුන්ට දෙවියෝද කැමතිවෙති.මිනිසත් බව ලැබීම දුෂ්කරය, සත්වයන්ගේ ජීවිතය දුක්ය, ධර්ම ශ්‍රවණය දුර්ලභය, බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභය.සියලු අකුශල කර්මයාගේ (පව්) නොකිරීමද, සියලු කුශල කර්මයාගේ (පින්) ඉපදවීමද තමාගේ සිත පිරිසිදු කිරීමද, යනමේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.ඉවසීමවූ ක්‍ෂාන්ති තොමෝ උතුම්වූ තපසෙක, සියලු බුදුවරයෝ නිර්වාණය උතුම්යයි කියති. පරහට හිංසා කරණ සුලුවූයේ පැවිද්දෙක් නොවෙයි, පරහට පීඩා කරන්නේ මහණෙක් නොවෙයි.උපවාදයක් (බිණීමක්) නොකිරීමද, උපඝාතයක් (හිංසාවක්) නොකිරීමද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි සංවරයද ආහාරයෙහි පමණ දන්නා බවද (ගමට) දුරුවූ සේනාසනයන්හි ඇල්මද (රූපාරූප අෂ්ට) සමාපත්තියෙහි සතතයෙන් යෙදීමද යන මේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැනහෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය.භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ.මේ සියලු සරණයම ක්ෂෙම නොවෙයි. උත්තමද නොවෙයි. මේ (පවර්තාදී) සරණයට පැමිණ සියලු (සංසාර) දුක්ඛයෙන් (සත්වතෙම) නොමිදෙන්නේය.යමෙක් බුදුන්ද ධර්මයද සංඝයාද සරණ ගියේද චතුරාර්යය සත්‍යයන් මනාකොට විදර්ශනා ඥානයෙන් දක්නේවේද?දුක්ඛසත්‍යයද, සමුදය සත්‍යයද, (ඒ දුක්ඛයාගේ හික්මීමට කාරණවූ) නිරෝධ සත්‍යයද, දුක්ඛනිරොධයට පමුණුවන්නාවූ ආර්යය අෂ්ටාංගික සංඛ්‍යාත මාර්ග සත්‍යයද (මනාකොට නුවණැසින් දක්නේවේද)මේ සරණය ක්‍ෂෙමය. මේ සරණය උතුම්ය. මේ සරණයට පැමිණ සියලු සංසාර දුක්ඛයෙන් සත්වතෙම මිදෙන්නේය.උතුම් පුරුෂවූ (සම්‍යක් සම්බුද්ධ) තෙමේ දුර්ලභය. ඒ (සම්‍යක් සම්බුද්ධ) තෙම හැමතන්හිම නූපදනේය. ඒ ප්‍රාඥතෙම යම් කුලයක උපදනේවේද, ඒ කුලය සුවයට පැමිණෙන්නේය.බුදුවරයන්ගේ ඉපැත්ම සුවය. ධර්ම දේශනාවද සුවය සංඝයාගේ සමගිබව සුවය. සමගවුවන් (භික්‍ෂුන්) ගේ තපසද සුවය.පූජාවට සුදුසුවු, (ත්‍රිවිධ) ප්‍රපඤ්චයන් මනාකොට ඉක්මවූ, ඉක්මවූ ශෝක වැලපීම් දුක්ඛයන් ඇති බුදුවරයන්ද, නැතහොත්, බුදු සවුවන්ද යමෙක්
2 notes
·
View notes