වසර 4000ක් පැරණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් මතුවෙයි
වසර 4000ක් පමණ පැරැණි මනුෂ්‍ය ජනාවාසයක් නකල්ස් රක්ෂිතය ආශ්‍රිත කඳුකරයේ පැවති බවට සාක්ෂි හමුවී ඇත.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙම ජනාවාසය මධ්‍යම අමෙරිකාවේ ඉපැරණි මායාවරුන්ගේ දේවාලවලට සමාන විය හැකි බවයි.
මෙම ගවේෂණයට මුල පිරෙන්නේ, දස වසරකට පෙර සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්.
එවක කරන ලද පර්යේෂණයකදී බලංගොඩ, හල්දුම්මුල්ල හා ඉලුක්කුඹුර ප්‍රදේශවල මිනිස් ජනාවාස පැවති බවට වූ සාක්ෂි හමුවෙයි.
ඉන් නොනවතින පුරාවිද්‍යාඥයින් පුරාවෘත්තවලට අනුව නකල්ස් රක්ෂිතයද ගවේෂණය කිරීම අරඹයි.
දින 10ක් පමණ එහි ගතකරන ඔවුන්ට ජනාවාසයක් පැවැති බවට වූ සැකය තහවුරු කරගැනීමට හැකිවෙයි.
ඒ මෙහිදී සොයාගන්නා ලද ඉපැරණි ගෘහයක කොටස් හේතුවෙන්.
එමෙන්ම මේ ප්‍රදේශය අවට යකඩ උණු කළ බවට සාක්ෂි ද හමුවී තිබෙනවා.
මිනිස් ජනාවාස පැවති බවට තවත් බොහෝ දෑ මෙහි සාක්ෂි දරයි.
Read the full article
0 notes
අද සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 3,265ක් අත්අඩංගුවට
අද (31) අළුයම 2 සිට 6 දක්වා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 401ක් ඇතුළු පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගෙන ඇත.
බීමත් රියදුරන් 401ක්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නිති විරෝධී මත්ද්‍රසාර අත්අඩංගුවට ගැනීම් 882ක්, වරෙන්තුකරුවන් 1080ක්, තවත් විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 767ක්, හා බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම ඇතුළු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 135ක් ඇතුළුව 3265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම රථ වාහන නඩු ලබා ගැනීම් 4667ක් සිදු කර ඇති බවත් වාර්තා වෙයි.
Read the full article
0 notes
පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් ආරම්භ වේ...
පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ සිදුවිය.
මෙම ධීවර වරාය ලංකාවේ මෙතෙක් ඉදි කරන විශාලතම ධීවර වරාය වන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600කි.
විශාල ප්‍රමාණයේ බහු දින යාත්‍රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි මෙම වරාය හෙක්ටයාර 7.1ක වපසරියකින් සමන්විත අතර වරාය බේසම හෙක්ටයාර් 18.6කි.
වරායේ දිය කඩනයන් පිළිවෙලින් මීටර් 880කින් හා 480කින් යුක්ත ය.
ලෝකයේ ඇති නවීනතම ධීවර යාත්‍රා ආරක්ෂිතව හැසිර වීම, අස්වනු ගොඩබෑම, ඉන්ධන හා අනෙකුත් දෑ පැටවීම, යාත්‍රා අලූත්වැඩියාව, අයිස් හා ශීතාගාර පහසුකම්, යාත්‍රා සඳහා උපකරණ ලබා ගැනීම, මත්ස්‍ය අලෙවිය, දැල් සැකසීම, වෙළෙඳ සල්, රැස්වීම් සහ සාකච්ඡා පහසුකම්, වෙරළාරක්ෂක සේවා, ධීවර දෙපාර්තමේන්තු නිලධාරින්ගේසේවා වැනි අංගසම්පූර්ණ පහසුකම් සහිත ධීවර වර���යක සේවා මෙහිදී ලබාගත හැකිවනු ඇත.
අමාත්‍යපී.හැරිසන්, අබ්දුල්හලීම්, උතුරු පළාත්ආණ්ඩුකාර සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, අංගජන්රාමනාදන්, එම්.ඒසුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන දේශපාලනඥයන් සහ පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම්උදය අර්. සෙනෙවිරත්න ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Read the full article
0 notes
ගෝටාබයගේ රාජපක්ෂ කෞතුකාගාර නඩුව 15 සිට විබාගයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
Read the full article
0 notes
පොලීසියට තර්ජනය කළ ප්‍රා. සබා මන්ත්‍රිණී යලි රිමාන්ඩ්
වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් අද(30) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
Read the full article
0 notes
ඥානසාර හිමි නිදහස් කිරීමට විරුද්ධ සන්ධ්‍යාගේ නඩුව සැප්. 10ට
ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී ඇත.
සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (10) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.
පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර හයකින් ගෙවිය යුතු බවට තීන්දුවක් ලබා දුන් බවයි.
එවැනි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
Read the full article
0 notes
සිල්රෙදි නඩුවේ අභියාචනය ඔක්තෝබර් 11 විභාගයට
ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ඔක්තෝබර් මස 11 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම අභියාචනා අද දීපාලි විජේසුන්දර, සහ අචලා වෙන්ගප්පුලි යන විනිසුරුවරන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඬුල්ල නියෝග කළේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔක්තෝබර් මස 11 වන දා විභාගයට ගන්නා බවයි.
එදින මෙම අභියාචනාවලට අදාලව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වශයෙන් වාසියක් ලබා දීම සඳහා දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් මිලියන 600 ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට රෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු කොට ඔවුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබීය.
ඊට අමතරව රුපියල් මිලියන 20ක දඩයක් ගෙවිය යුතු බවටත් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවටත් විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට නියම කර තිබුණි.
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තමන්ට දඬුවම් පමුණුවා ඇති ආකාරය නීති විරෝධී යැයි පවසන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම චෝදනාවලින් සහ දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම අභියාචනා වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Read the full article
0 notes
රතුපස්වල සිද්ධියට ත්‍රිපුත්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2013 වසරේ අගෝස්තු මස 1වන දින වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් නිසා භූගත ජලය භාවිතයට ගත නොහැකිවීමට විරුද්ධව ප්‍රදේශයේ ජනතාව විසින් සිදුකළ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීම සඳහා යුධ හමුදාව යොදාගත් අතර එහිදී හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීම් නිසා තිදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
අදාල නඩුව මේ වන විට ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැණෙන අතර ඒ සඳහා ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි නීතිපතිවරයා ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
Read the full article
0 notes
පූජිත්ට හා හේමසිරිට ඇප දුන්නාට එරෙහිව ඇපෑලක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකරුවන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා එම නියෝගයට එරෙහිව මහාධිකරණයට අභිය���චනයක් ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ���ිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න කළ විමසීමකදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න දුන් නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් මේ දක්වා එම පිටපත නොලැබුණු බවත් පිටපත ලද වහාම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නොපමාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීවාය.
බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ එම අභියාචනය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් පැවසුවාය.
Read the full article
0 notes
බණ්ඩාරගම, අටුළුගම හයිෆා ෆාතිමාගේ ආදරයට ආගම හරස්වෙයි
ගෙදරට ආපු පළමු දවසෙම පල්ලියෙන් ඇවිත් මුස්ලිම් ආගමට එන්න කියලා කතා කළා. ඊට පස්සෙත් මහත්තයා අපේ ගෙදරට ආපු හැටියේ පල්ලියෙන් ඇවිත් කතා කරලා සීඞී දීලා ගියා. ඉස්ලාම් දහම ගැන සිංහලට පරිවර්තනය කරපු පොත් ගෙනත් දුන්නා. පල්ලියෙන් දීපු එක සීඞී එකක තිබුණේ අවුරුදු තිස් තුනක් පැවිදි වෙලා හිටපු හාමුදුරුකෙනෙක් ඉස්ලාම් ආගම වැළඳගෙන පල්ලියේ පූජකවරයෙක් වෙලා කියන කතාවක්.
ඒ වගේ සීඞී ගොඩක් ගෙනත් දුන්නා. මට බයිසිකල් පඳින්න දෙන්න එපා කියලා මහත්තයාට කිව්වා. ඉස්ලාම් ආගමට අනුව කාන්තාවන් බයිසිකල් පැදීම වරදක් කියලත් කිව්වා. ඒ කිසිම දෙයක් මහත්තයා පිළිගත්තේ නෑ. ආගම මාරු කරන්නත් මහත්තයා කැමැති වුණේ නෑ. මහත්තයා අපේ ආගමට එනවට මම කැමැති වුණෙත් නෑ. මහත්තයා බෞද්ධ ආගම අදහනව. මම ඉස්ලාම් ආගම අදහනව. මුස්ලිම් ආගමට අනුව කසාද බැඳපු දෙන්නෙකුට එහෙම ඉන්න බෑ කියනවා. ඒක හලාල් නෙමෙයි කියනවා. ඒත් පල්ලියේ ප‍්‍රතිපත්තිවලට අපි වෙනස් වුණේ නෑ...‘’
‘‘සමහර දවස්වලට සීය, දෙසීය ඇවිත් අපේ ගේ වටකරලා මහත්තයට ආගමට එන්න කියලා අපිට කරදර කළා. එක දවසක් එහෙම ආපු කෙනෙක් මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා මුස්ලිම් ආගමට එන්න බැරි නම් මගෙන් අයින් වෙන්න කියලත් තර්ජනය කළා. ඊට පස්සෙ අපි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලා කුලියට ගෙයක් අරගෙන මාලඹේ පදිංචියට ගියා. ලොකු බබා හම්බවෙන්න ආවේ මාලඹේ ගෙදරදී.
දරුවා හම්බවෙන්න ළං වෙනකොට මම මහගෙදරට ආවා. එදත් අපේ මිනිස්සු ගේ වට කරලා මහත්තයට මුස්ලිම් ආගමට එන්න කියලා තර්ජනය කළා. ‘මුස්ලිම් ආගමට එන්නෙ නැතිව මේ ගමේ ඉන්න දෙන්න බෑ’ කියලා තමයි එයාලා තර්ජනය කළේ. ඒත් මහත්තයා රණ්ඩු සරුවල් ඇති කරගන්න ගියේ නෑ, මඟහැරලා යන්න ගියා. දරුවා හම්බවෙනකම් මහත්තයට මාව බලන්න එන්න නැති වුණා. මහත්තයා තනියම මාලඹේ ගෙදර හිටියා. මම අම්මා එක්ක මහගෙදර තනි වුණා. දරුවා ලැබිලත් මම තනියෙන් ගෙදර ආවේ. මහත්තයා ආවේ ඉස්පිරිතාලයට විතරයි...’’
‘‘එහෙම ටික දවසක් ඉන්නකොට මහත්තයා දෝහා කටාර් රටේ ජොබ් එකකට ගියා. මට මතක විදිහට 2010 අවුරුද්දේ. මහත්තයා රට ගියාට පස්සෙත් පල්ලියෙන් ඇවිත් ‘‘නැවත එයාව ගන්න එපා. ඒ සම්බන්ධය එතැනින්ම නතර කරන්න. මුස්ලිම් තරුණයෙක් කසාද බැඳලා මේ දරුවත් හදාගෙන, තවත් දරුවො හදාගෙන හොඳට ජීවත් වෙන්න...’’ කියලා මට කිව්වා. හජ්ජියාර්ලා ඇවිත් මට කසාද බඳින්න යෝජනා කළා. එක් අයෙක් නෙමෙයි, විටින් විට හජ්ජියාර්ලා කිහිපදෙනෙක්ම ඇවිත් මඟුල් යෝජනා කළා. ඒත් මම කැමති වුණේ නෑ. මුස්ලිම් පිරිමියෙක් එක්ක විවාහ වෙලා වහලියක් වගෙ හිරවෙලා ඉන්න මම කැමැති නෑ. ඒ වගේම මුස්ලිම් පිරිමින්ට හිතේ හැටියට ගෑනු එක්ක ඉන්න පුළුවන්. මට ඒ ජීවිතය අප්පිරියයි...’’
‘‘මනුස්සයෙක් වුණහම තමන්ට ඕනෑ විදිහට අඳින්න පළඳින්න, ගමන් බිමන් යන්න, සහකරුවෙක් තෝරගන්න නිදහස තියෙන්න ඕනෑ. අපේ කාන්තාවන්ට කිසිම නිදහසක් නෑ. ඒ අයට තියෙන්නෙ ගෙවල්වල කෑම උයලා දරුවො වදන්න විතරයි. තේරෙන වයසෙ ඉඳලා අපේ ආගමේ ප‍්‍රතිපත්තිවලට මම අකැමැති වුණා. ඒත් මම උසස් පෙළ විභාගය දක්වා ඉගෙනගත්තේ ඉස්ලාම් ආගම. උසස් පෙළ කරලා ජොබ් එකකට ගියා. ඇන්දේ ඩෙනිම්, ටීෂර්ට්. මම කරන, කියන දේවල්වලට පල්ලියේ අය කැමැති වුණේ නෑ.
කිහිපවිටක්ම පල්ලියෙන් ඇවිත් ‘‘අපේ ගෑනු රස්සා කරන්නෙ නෑ වහාම දුව ජොබ් එකට යන එක නතර කරන්න... ඇඟ වැහෙන්න කළු අඳින්න පුරුදු කරන්න’’ කියලා තාත්තට කියලා තිබුණා. ඒත් මම කළු කබාවලින් ඇඟ පෙරෙව්වේ නෑ. ජොබ් එකට යන එක නතර කළෙත් නෑ. ඒ නිසා පල්ලියේ අය මා එක්ක ලොකු වෛරයකින් හිටියේ. සිංහල කෙනෙක් කසාද බැඳගත්තට පස්සේ ඒ වෛරය තවත් වැඩි වුණා...’’
‘‘අපේ ගමේ සිංහල පිරිමි කසාද බැඳපු තවත් මුස්ලිම් කාන්තාවො ඉන්නවා. ඒ සිංහල පිරිමි මුස්ලිම් ආගමට ඇවිත් ඉන්නෙ. ආගමට බැඳුණම පල්ලියෙන් හොඳට උදව් කරනවා. ආගමට ආවේ නැති වුණහම තමයි ප‍්‍රශ්න දාන්නෙ. මගේ මහත්තයා තමයි අටුළුගම ගමෙන් කසාදයක් කරගෙන මුස්ලිම් ආගම වැළඳ නොගෙන ඉන්න එකම සිංහලයා. දැන් අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු එකොළහයි. දෙවැනි දුවට අවුරුදු හතයි. ඒත් පල්ලියෙන් ඇවිත් කියනවා ලොකු දුව මුස්ලිම් තරුණයකුට කසාද බන්දල දෙන්න කියලා.
තාම දරුවට අවුරුදු එකොළහයි. ඉගෙනගන්නවා. මොන කසාදද? ඒ ඉල්ලීම කොතරම් අසාධාරණද? දැන් මට අන්තයටම කලකිරිලා තියෙන්නෙ. කාන්තාවන්ට කුරිරු විදිහට දඬුවම් කරනව මදිවට පුංචි වයසේදීම ගෑනු ළමයින්ව කසාද බන්ඳලා දෙනවා. මගේ ලොකු අක්කා කසාද බැන්දේ අවුරුදු පහළොවෙන් අවුරුදු තිස්නවයක කෙනෙක්ව. දෙවැනි අක්කා අවුරුදු දහඅටෙන් අවුරුදු තිස්අටක කෙනෙක් බැන්දා. මුස්ලිම් කාන්තාවක් වෙනත් ආගමක පිරිමියෙක් ආශ‍්‍රය කළොත් ශරියා නීතියට අනුව පල්ලියට අරගෙන ගිහින් සෙමේට්රියේ වළක් හාරලා ඒ කාන්තාව වළට බස්සලා පොල්පිත්තෙන් අසූවක් ගහනවා. එහෙම දඬුවම් කරනවා මම දැකලා තියෙනවා...’’
‘‘අපේ රටේ සමහර පල්ලිවල ශරියා නීතිය ක‍්‍රියාත්මකයි. මටත් ශරියා නීතිය ක‍්‍රියාත්මක කරන්න හැදුවේ. 2019 මාර්තු 24 වැනිදා මහ පිරිසක් අපේ ගෙදරට ඇවිත් මාව පල්ලියට ඇදගෙන යන්න හැදුවා. එදා ගෙදර හිටියේ මමයි, අම්මයි, දරුවො දෙන්නයි විතරයි. මහත්තයා වැඩට ගිහින්. කොච්චර දොරට ගැහුවත් අපි දොර ඇරියෙම නෑ. හතරදෙනත් එක්ක කාමරයකට ගිහින් කාමරේ දොරත් වහගත්තා. වැඩි හොඳට ජුකී මැෂින් එකත් දොරට තියලා තද කළා. ඊට පස්සෙ 119 ට කතා කරලා ‘අපිව මරන්න මහ සේනාවක් ඇවිත්’ කියලා බණ්ඩාරගම පොලිසියට කිව්වා. මුස්ලිම් ආගමේ හැටියට වෙනත් ආගමක කෙනෙක් විවාහ කර ගත්තම මරණ දඬුවම දෙන්න පුළුවන්. පල්ලියෙන් හැදුවේ මාව මරන්න. ඒත් කෙළින්ම ඇවිත් මාව මරන්න ඒ අය බය වුණා. එදා ඒ අය ඇවිත් හිටියේ සමාජය ඉදිරියේ මාව ලැජ්ජාවට පත් කරලා සියදිවි හානි කරගන්න තැනට පත් කරන්න...’’
‘‘පල්ලියෙන් ඇවිත් කියලා කොච්චර දොරට ගැහුවත් අපි දොර ඇරියේ නෑ. ඊට පස්සේ වහළට නැඟලා අපි හතරදෙනා කාමරේ ගුලි වෙලා හඬන ෆොටෝ ගහලා බලලා මහ හයියෙන් හිනා වුණා. පොලිසිය ආවට පස්සෙ ගෙයි දොරවල් කඩාගෙන පොලිසියත් එක්කම එළියේ හිටිය සේනාවත් ගේ ඇතුළට ආවා. ‘ ඕකිව ඇදල ගන්න...’ දෙමළෙන් මහ හයියෙන් කෑගැහුවා. ඒ සේරම වීඩියෝ කරලා. පොලිසිය ගේ ඇතුළෙ හිටිද්දී අපි හිටිය කාමරේ දොර කඩාගෙන මැෂින් එකත් පෙරළගෙන ඇවිත් මගෙ ඇඳුම් ඉරලා, ළමයි දෙන්නට ගගහා වීඩියෝ කළා.
ඊට පස්සෙ අපි තුන්දෙනාව ගෙයින් එළියට ඇදගෙන ඇවිත් නොසෑහෙන්න පරුෂ වචනයෙන් බැණලා අතින්, පයින් ගැහුවා. ගමේ සාමවිනිසුරු කෙනෙකුත් ඇවිත් පොලිසියෙන් ඇහුවා ‘මේකිව පොලිසියට අරගෙන ගිහින් දඬුවම් කරනවද... අපි පල්ලියට අරගෙන ගිහින් දඬුවම් කරන්නද කියලා. එතකොට පොලිසියෙන් කිව්වා අපි ගෙනියනවා කියලා. ඊට පස්සෙ මීටර් සීයක් විතර මාවයි, දරුවො දෙන්නවයි පයින් එක්කරගෙන ගියා. පාර දෙපැත්තෙ මහ සෙනඟක් රැස්වෙලා හිටියා. ඒ මිනිස්සු අපිට ගල්වලින් ගැහුවා. සමහර අය කෙළ ගැහුවා. හූ කිව්වා. පරුෂ වචනයෙන් බැන්නා. ඇඳුම්වලින් ඇඳලා ඉරිච්ච ඒවත් ඉරුවා. එදා අපිව නොමර මැරුවා. ඒ තරමට දස වඳ දීලා ලැජ්ජාවට පත් කළා. අපිට ගහලා ඇදගෙන යනවා ෆේස්බුක් එකටත් දාලා තිබුණා...’’
‘‘පොලිසිය කළෙත් පල්ලියේ අයගේ අවශ්‍යතාව ඉටු කිරීම විතරයි. මිනිස්සු අපිට හිරිහැර කරනකොට එපා කිව්වේවත් නෑ. අඩුම තරමින් අපේ ආරක්‍ෂාවට පොලිස් කාන්තාවක්වත් ඇවිත් හිටියේ නෑ. පොලිස් නිලධාරීන් හතරදෙනෙක් විතරයි ඇවිත් හිටියේ. මගේ ඇඳුම්වලින් ඇදලා මූණට ගහනකොට එකම එක නිලධාරියෙක් කිව්වා අත තියන්න එපා වෙඩි තියනවා කියලා. එහෙම කියලා අමාරුවෙන් අපිව අරගෙන ඇවිත් ජීප් එකට දාගෙන පොලිසියට ගෙනිච්චා. ඊට පස්සේ අපේ ගමේ මිනිස්සු පොලිසියටත් ඇවිත් අපි අඬන හැටි වීඩියෝ කළා. කිසිම පොලිස් නිලධාරියෙක් ඒ අයව එලවන්න උත්සාහ කළේ නෑ. මාව කූඩුවට දාන්න හදනකොට ‘අම්මව කූඩු කරන්න එපා’ කියලා ළමයි දෙන්න කෑගගහ ඇඬුවා. ඊට පස්සෙ තමයි තුන්දෙනාවම කූඩුව ළඟම වාඩි කරලා තිබ්බා. පහුවදා එකහමාර වෙනකම් අපිව පොලිසියේ තියාගත්තා. මට ඇප දෙන්න ඕනෑ කියලා කිව්වට පස්සෙ අම්මා ඇප දීල මාව ගත්තා...’’
‘‘පොලිසියෙන් නිදහස් වෙලා ඇවිත් ගෙදරට අඩිය තියනකොටම පෙර විදිහටම සෙනඟ පිරිලා නැවත කරදර කරන්න පටන් ගත්තා. පස්සෙ අපි යාළුවකුගේ ගෙදර ගිහින් නතර වෙලා ඉඳගෙන ඒ.එස්.පී. ඕෆිස් එකට කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා. ඊට පස්සෙ තමයි අප‍්‍රියෙල් 06 වැනිදා පොලිසියට එන්න කියලා දැනුම් දුන්නේ. අපි බණ්ඩාරගම පොලිසියට යනකොට පල්ලියේ භාරකාර මණ්ඩලයේ හතරදෙනෙකුත් ඇවිත් හිටියා. බණ්ඩාරගම පොලිසියේ ඕ.අයි.සී මහත්තයා පැමිණිල්ල විභාග කරලා අපේ ගෙදර කඩපු දොර ලොක් ටිකයි, වහලේ උලූ ටිකයි තියාගන්න රුපියල් තිස්දාහක් දෙන්න කියලා විත්ති පාර්ශ්වයට නියෝග කළා. ඒත් මට ලැබුණේ විසිඅටදාහයි.
පොලිසිය හරි හැටි නීතිය ක‍්‍රියාත්මක කළේ නෑ. බණ්ඩාරගම පොලිසියේ ඕ.අයි.සී මහත්තයා අපේ අම්මට කියලා තිබුණා ‘ඔයා දන්නවානේ ශරියා නීතිය කියන්නෙ මොකක්ද කියලා. ඒ හින්දා දුවට ගමට එන්න එපා කියන්න’ කියලා. ඊට පස්සෙ අපි ඒ දුන්නු සල්ලිත් අරගෙන ගෙදර ඇවිත් පහුවෙනිදා මම නීති ආධාර කොමිෂන් එකට ගියා. එතැන හිටිය මිස්ලා මට ගොඩක් උදව් කළා. සාධාරණයක් ඉෂ්ට කරගත හැකි යැයි සිතෙන සෑම ආයතනයකටම ලියුම් හැදුවා. එක දිවුරුම් ප‍්‍රකාශයක් හදන්න දවසක් ගියා. ඒ මිස්ලා දවස් කිහිපයක්ම මා වෙනුවෙන් කැප වෙලා වැඩ කළා. වින්දිතයන් සුරැකීමේ මධ්‍යස්ථානයටත් ලිව්වා. මානව හිමිකම් නඩුවක් දැම්මා. වින්දිතයන් සුරැකීමේ මධ්‍යස්ථානයෙන් අපේ ලියුමට ප‍්‍රතිචාර දක්වලා තිබුණා. ඊට පස්සෙ තමයි මට පහර දුන්නු මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය නඩු දාලා තිබුණේ. ඒකත් අපි දැනගත්තේ අපේ වහළට ගල් වැටෙනකොට. මම අපිට පහර දුන්නු දහහතරදෙනෙකුගේ නම් සඳහන් කරලා පැමිණිලි කරලා තියෙනවා. ඒත් තවම කිසිම කෙනෙක්ව පොලිසිය අත්අඩංගුවට අරගෙන නෑ...’’
‘‘පල්ලිය කියන දේට විරුද්ධව පොලිසිය කතා කරන්නෙත් නෑ. අපේ ගමේ පල්ලියට දේශපාලන ශක්තියත් තියෙනවා. මට පහරදෙන්න නගර සභා මන්ත‍්‍රීවරයකුත් ඇවිත් හිටියා. පල්ලියේ භාරකරුවන්ගේ එක මැසේජ් එකට ලක්‍ෂයක් එකතු වෙනවා. ඒ තරම් සංවිධාන ශක්තියක් තියෙනවා. ඒත් පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සෙ නම් තවම අපිට කිසිම කරදරයක් නෑ. දැඩි නිහඬතාවක් තියෙන්නෙ. ඒත් දැන් ප‍්‍රචාරය අරිනවා මම අනාචාරය හැසිරුණා, එක, එක මිනිස්සු ගෙදරට ගෙන්න ගත්තා කියලා. මට එහෙම වෙන්න ඕන නෑ. හොඳ කඩවසම් මනුස්සයෙක් මට ඉන්නවා. මට කිසිම දේකින් අඩුවක් නෑ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැත්තේ පල්ලියෙන්. මම වගේ අසාධාරණයට පත්වෙච්ච මුස්ලිම් කාන්තාවො තවත් අපේ ගමේ ඉන්නවා. ඒ අයට සමාජ ඉදිරියට එන්න ශක්තියක් නෑ. පුංචි කාලේ ඉඳලා මම අසාධාරණයට විරුද්ධයි. හෙට මාව මැරුවත් මම අසාධාරණය වෙනුවෙන් කතා කරනවා...’’
Read the full article
0 notes
සමාජ මාධ්‍ය හරහා ජාතිවාදය/වෛරය පතුරවන්නන්ට ICCPR වලින් තිත
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයථා ලෙස භාවිතා කරමින් ඇතැම් පිරිස් ජාතීවාදී හා වෛරී ප්‍රකාශ පැතිරවීමට කටයුතු කරන ආකාරයත් එහි ඇති අයහපත් ප්‍රතිවිපාක පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කරනු ලැබිණි.
එහිදී අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මෙසේ පැවසී ය.
”ජාතිවාදී කලබල ඇතිකරවීම සඳහා ඇතැම් කණ්ඩායම් සැඟවුණු අරමුණු සහිතව ක්‍රියා කරමින් සිටිනවා. කවර කණ්ඩායමක් මගින් සිදුකරනු ලැබූවත් එය වරදක්. බහු ජාතික රටක් වන මෙම රටේදී අප එකිනෙකාට ගෞරව කරමින් සාමකාමීව ජීවත් වීමට ඉගෙනගත යුතුයි.”
සමාජ මාධ්‍ය ඔස්සේ වෛරය පැතිරවීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පෙන්වා දෙමින් ඉන්දතිස්ස මෙසේ දහස් දැක්වී ය. “පහත් කොට සැලකීම, සතුරුභාවය හෝ ප්‍රචණ්ඩත්වය ඇතිවන ආකාරයට යුද්ධය සඳහා පෙළඹවීම හෝ ජාතික හෝ ආගමික වෛරය පැතිරවීම කිසිදු පුද්ගලයෙකු විසින් සිදු නොකළ යුතු බව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ICCPR මගින් දක්වා තිබෙනවා.”
“රටේ පොලීසියට සමාජ මාධ්‍ය වල පළවන කරුණු සම්බන්ධයෙන් පියවර ගත නොහැකි බවට සමහරුන් අතර මතයක් තිබෙනවා. මෙය වැරදි මතයක්. ෆේස්බුක් හි යමක් පළකිරීම යනු, වාචිකව කිසියම් පාර්ශ්වයකට හෝ ප්‍රජාවකට එරෙහිව අවමානාත්මක අදහස් පළකිරීමට සමානයි. එම නිසා එවැනි පුද්ගලයන් (ICCPR) විධිවිධාන යටතේ නීතිය හමුවට ගෙන ඒමට පුළුවන්. මෙහි වෙනස ඇත්තේ ඔප්පු කිරීමේ ක්‍රමවේදයේ පමණයි. ඒ සඳහා පුහුණුවක් ලෙස අදාළ බලධාරීන් පරීක්ෂණ නඩු පැවරීම් සිදුකිරීම ආරම්භ කළ යුතු වෙනවා.” ඉන්දතිස්ස අවධාරණය කළේ ය.
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද 1980 ජූනි මස 11 වන දින සිට එක් විණි. ඉන්දතිස්ස මහතා පෙන්වා දුන්නේ, රටක් එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් තැබූ පසු, එම සම්මුතියට ගැළපෙන ආකාරයට රටේ නීති සකස් කිරීම අදාළ රට සතු වගකීමක් බවයි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන්, 2007 වසරේදී ශ්‍රී ලංකාව ICCPR පනත සම්මත කරන ලදී.
“ශ්‍රී ලංකාව අවම වශයෙන් වසර 700 කට ආසන්න කාලයක් බහු ජාතික රටක් ලෙස පැවතුණු බවත්, එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවත් මා දැඩිව විශ්වාස කරනවා. මෙහි අප සියලු දෙනාම සමානයි. ඒ නිසා අප නීතියට හෝ, නැතිනම් අප තුළම ඇති මානව ගුණාංග අනුව ජීවත්වීමට ඉගෙනගත යුතුයි. ඕනෑම රටක ජනමාධ්‍ය වලට ඉටුකළ හැකි විශාල කාර්යභාරයක් තිබෙනවා. බහු ජාතික සමාජයකදී ඔවුන් ජනතාව එකමුතු කිරීමට කටයුතු කළ යුතුයි.” ඉන්දතිස්ස වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘සාමාන්‍ය නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම‘ යන්නයි. නීතිය, සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ වැදගත්කම, පොලීසියේ කාර්යභාරය සහ රටේ ජනතාවගේ වගකීම් සම්බන්ධයෙන් එහිදී අවධාරණය කෙරිණි.
මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති සහ ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ යන අය අදහස් දැක්වූහ.
Read the full article
0 notes
පාස්කු ප්‍රහාර කාරක සභාවට නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්
නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු බවත් එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වන බවත් කතානායක කරූ කයසූරිය මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
පාස්කු 21 ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබූ අතර කතානායකවරයාගේ නිශ්චිත මතය පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස මන්ත්‍රීවරයා ප්‍රකාශය සඳහන් කරමින් කියා සිටියේ ය.
එහිදී අඳහස් දැක්වූ කතානායකවරයා,
"පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ, ආණ්ඩුවෙත් විපක්ෂයෙත් ඒකමතික එකඟත්වයෙන්. විපක්ෂයෙත් උනන්දුවක් තිබුණා. ඉන් අනතුරුව පක්ෂ නායකයින්ගේ රැස්වීමට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා,එකඟත්වයෙන් සිදු කළේ.
අවුරුදු විසි ගණනකට පසුව අප ස්ථාවර නියෝග වෙනස් කළා. වර්තමානයට ගැළපෙන ආකාරයට අප පාර්ලිමේන්තුවේ නීති රීති වෙනස් කළා. මාධ්‍ය ගෙන්වීමේ බලයත් අප එම කමිටුවලට බාර දි තිබෙනවා.
පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව ආරම්භ කලාට පසුවයි නඩුවක් ගියේ. ඒ නිසා එය නවත්වන්න බෑ.එය සිරිතක්. ඒ වාගේම අලුත් ස්ථාවර නියෝග අනුව කතානායකවරයාට බලතල තිබෙනවා, හැඟී යනව නම් කරගෙන යන්න පුළුවන්.මෙතැන දී මම නීති උපදෙස් ලබාගත්තා.
මෙතැන දි යම් කිසි අගතියක් වේ නම්, ඒ ගැන විශේෂ කාරකසභාවට දැක්විය හැකියි.ජනාධිපතිතුමා විසින් එවන ලද ලිපිය ගැන සඳහන් කළා.
ජනාධිපතිතුමා විසින් එවන නියෝග මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අනෙකුත් ලිපි අදාළ විදියට ක්‍රියා කරනවා.අදාළ ලිපිය කෙළින් ම කඬ්හ්ව්වා ඒ සාමාජිකයෝ ඒ අයගේ අවධානයට යොමු කළා.
මෙතැන කිසිම දෙයක් වැරදියට සිදු වී නෑ.මගේ උපදේශය මෙයට සහභාගී වීම යෝග්‍යයයි කියලා.
පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි කටයුතු කළේ. නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි.එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වෙනවා යැයි පැවසීය"
Read the full article
0 notes
විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 8,000ක් ණයයි
විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.
එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබේ.
මේ අතර පෙරේදා (08) ලංකා ඛණිජතෙල් සංස්ථාව ලංවීමට ඉන්ධන සැපයීම නතර කළ අතර එමගින් මෙගාවොට් 150 ක පමණ විදුලිය ධාරිතාවයක් ජනනය කිරීමට නොහැකි වූ බවද එම මණ්ඩලය කියයි.
Read the full article
0 notes
රුහුනු විශ්වවිද්‍යාලයේ ගැටුමෙන් පසු හමුදා හා පොලිස් ආරක්ෂාව
රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඊයේ(09) ගැටුමක් ඇති විය. රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගත්තේය.
එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම ගැටුම හේතුවෙන් මේ වන විට විශ්ව විද්‍යාල පරිශ්‍රෙය් ආරක්ෂාව දැඩි කිරිමට පියවර ගෙන තිබේ.
මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවට වාර්ථා වේ.
Read the full article
0 notes
සීමා ඉක්මවා ළමයි ඇතුළත් කරන්න ආණ්ඩුකාර කීර්තිගෙන් ලිපි
පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ලිපි නිකුත් කර ඇතැයි වාර්තාවේ.
පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අතර එම සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කළ නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුරු සංගම් පෙන්වා දෙති.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද ඇතැම් ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කරන ලෙසට නියෝග කරමින් යනුවෙන් සඳහන් ලිපි ද තිබෙන බව ගුරු සංගම් කියයි.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් ඇති බවත්, ඊට පිටින් ළමයින් ඇතුළත් කිරීමට නියෝග ලබාදීම නීති විරෝධී බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.
කීර්ති තෙන්නකෝන් පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට උපදෙස් දීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කරන බව ද ස්ටාලින් පැවසීය. එක ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පාසලක විදුහල්පතිනියට ආණ්ඩුකාරවරයා බැන වැදී ඇති බව කියමින් මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
Read the full article
0 notes
පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට ඇප
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09 ) නියෝග කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියා නොකර වගකීම් පැහැරහැරි බවට සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි.
සැකකරුවන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.
සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Read the full article
0 notes
පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට ඇප
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09 ) නියෝග කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියා නොකර වගකීම් පැහැරහැරි බවට සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි.
සැකකරුවන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.
සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Read the full article
0 notes