Tumgik
Tumblr media
ආඥාදායකයා වහා පලවා හැරිය යුතුය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි. සතියේ සිකුරාදාව ළඟා වෙන විට වෙනදා නම් යම් සහනදායී බවක් සිතට දැනුණත් පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදායින් පසුව එළඹුණු සෑම සිකුරාදාවක් ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන ජනතාව මහත් අසහනයට සහ කම්පනයට පත් කළේය. තවත් සිකුරාදාවක් එළඹෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ බදාදා රැස්වූ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව මගින් පරාජයට පත්කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග පිළිබඳව ඇති කරගත් යම් සහනශීලී සිතුවිල්ලකින් නින්දට යාමට සැරසුණු සැනින් නැවතත් ජනාධිපතිවරයා තම මුග්ධ ආඥාදායකත්වය විදහාපාමින් කතානායක වරයාට ලිපියක් යැවීය. රජයේ උත්තරීතර නෛතික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් කළ වෙනත් කිසිදු ලාංකීය නායකයෙකු මගේ මතකයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එහි වචනාර්ථයන්හි එල්බ ගත් අවස්ථාවාදී දේශපාලකයන්ගේ ස්වාභිමතය ඉටු කිරීමට යොදා ගන්නා අත්තනෝමතික ලියවිල්ලක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමට නූගත් ජනාධිපතිවරයෙකුට හැකි නම්, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කුමකට ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම තුලින් බලාපොරොත්තු වන ප්‍රධානම කාරණය වන්නේ නීතියේ රන් රෙගුලාසි (Golden rules) වලට යටත්ව රාජ්‍යයක උත්තරීතර නීතිය විවරණය කිරීමයි. එනම්, කිසියම් නීතියක් පැනවීමේ පරම අරමුණ කුමක්ද යන්න සහ එම නීතිය හරහා සද්භාවයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැක්විය යුතු අනිවාර්ය අවධානයයි. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වචනවල තිබෙන අඩුපාඩු සොයමින් ඒවායේ එල්ලී තම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන ජනාධිපතිවරයාත්, ඔහු වටා සිටින බලලෝභීන් සහ නීති උපදේශකයනුත් හිතාමතාම මග අරින්නේ පරමාදර්ශී ලෙස සැලකෙන මෙම රන් රෙගුලාසි පිළිබඳ මූලධර්මය යි. මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් තිබේ. පළමුවැන්න නම්, ජනාධිපතිවරයා පුනරුච්චාරණය කරන ආකාරයට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇතැයි තමා කල්පනා කරන අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැකි බැවින් 2015 ජනවාරි 8 වෙනිදා කළ පරිදිම ඔහු කැමැති පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවත්, ඒ සඳහා ආණ්ඩුවේ බහුතරයක් පෙන්වීම අවශ්‍ය නොවන බවත්ය. මෙය නම් යහපාලනය ගෙන ඒමට ශපථ කළ ජනතා නියෝජිතයකු විසින් සිහිනයකින්වත් කළ යුතු ප්‍රකාශයක් නොවේ. ඔහු මේ උත්සාහ කරන්නේ, යහපාලනය ගෙන ඒමට මුල් වූ සද්භාවී දේශපාලන වටපිටාව, දැන් ඔහු විසින් ම ඇති කර තිබෙන දූෂිත අවස්ථාවාදී දේශපාලන ව්‍යාකූලත්වය සමග සමාන කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන ලද්දේ විධායක ජනාධිපතිවරයාගේ අසහාය බලතල අඩු කිරීමට මිස වැඩි කිරීමට නොවේ. එබැවින් ජනතා ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු සිටියදී, තමා කැමති වෙනත් අයෙකු හිටි අඩියේ අගමැති ධුරයට පත් කිරීම දරුණු අඥාදායකත්වයක් මිස, ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිදු මූලධර්මයකට අදාළ කළ නොහැකිය. දෙවැනි කාරණය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ��නාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනතා පරමාධිපත්‍යය දිගින් දිගටම නොසලකා හැරීම තුළ ජනාධිපතිවරයා පෙන්වන මෙම ආඥාදායකත්වයට පිළිතුරු දිය යුත්තේ ද ජනමතයෙන් ම ය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමතය අවස්ථාවාදී දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථකථනය කරගත හැකි මෙවලම් බවට පත් කර ගැනීමට එරෙහිව, වගකිවයුතු ලාංකීය පුරවැසියන් ලෙස ආඥාදායක ජනාධිපතිවරයා පලවා හැරීමට වහා පෙළගැසිය යුතු ව තිබේ. ආචාර්ය ඉන්දි අකුරුගොඩ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය රුහුණ විශ්වවිද්‍යාලය
0 notes
ශ්‍රීලනිප යටපත් කිරීමට ගන්නා උත්සහය චන්ද්‍රිකා හෙළාදකියි
ශ්‍රීලනිප යටපත් කිරීමට ගන්නා උත්සහය චන්ද්‍රිකා හෙළාදකියි
2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමග එක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරයේ හෙළා දකී. අද (15) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පවසා ඇත.
අදාළ නිවේදනයේ සඳහන් කරුණු වැඩිදුරටත්, 
‘‘2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහී වූ…
View On WordPress
0 notes
Tumblr media
මේ මොහොතේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමයි මීට ඇති එක් බලගතු විසඳුමක් වන්නේ, ජනාධිපතිවරණයකට යෑමය. එවිට සිරිසේන මහතාට ජනතාව අතර ඇති කැමැත්ත උරගා බැලිය හැකිය. එසේම, රාජපක්ෂ මහතාට, සිරිසේන මහතා දෙවැනිවර ජනාධිපති කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේද, යන්න තීරණය කළ හැකිය. රාවණ ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන ජනාධිපති සිරිසේන, පාර්ලිමේන්තුවේ සිටින තමන්ට හිතැති පාක්ෂිකයින්ටවත් විනයක් ඉගැන්වීමට සමත් වී නැත. එසේම මහින්ද රාජපක්ෂ මහතා තමන්ට බහුතරය නැති බව පිළිගෙන රටට මෙන්ම ඔහුගේ දේශපාලන ජීවිතයට කරගෙන ඇති හානිය ගැන අවබෝධයකින් මෙම අවුලේ පැටලීමෙන් වැළකී සිටීමේ වැදගත්කම ගැන අවබෝධ කරගැනීමේ වුවමණාවක් නොමැත. ඔවුහු ඉල්ලා සිටින්නේ ජනතාවගේ මතයට යෑම වැදගත් බවය. ජනාධිපතිවරයාට අනුව, පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණද නැතද, තමන්ට සිතෙන්නේ නම් යම් කිසිවෙකුට බහුතරය ඇති බව ඔහු රටේ අගමැතිවරයා බවට පත් කළ හැකිය. ඔහු පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කොට ඇති ලිපියේ එය සඳහන් කළේය. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට සිතෙන පරිදි බහුතරය ඇති තැනැත්තා යැයි තමන් විසින් සිතන පුද්ගලයා අගමැතිධූරයට පත් කළ හැකි බව සත්‍යය. නමුත් එසේ අගමැති ලෙස පත්වන ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ කටයුතු කර ගැනීම සඳහා බහුතරයේ කැමත්ත අවශ්‍යය වේ. මෙම සරල ගණිතය හිතාමතාම අමතක කරමින් ව්‍යාජ තර්ක දමා තමන් කළ අප්‍රසන්න කටයුත්ත සදරනීකරණය කිරීමේ උත්සාහයක ජනාධිපතිවරයා නිරත වන්නේය. මෙවැනි තත්වයක් යටතේ බොහෝ පිරිසක් සඳහන් කරනු ලබන්නේ මහමැතිවරණයක් අවශ්‍යය බවය. ජනාධිපතිවරයාද තමන්ට ඇතැයි කියන තුරුම්පුවක් භාවිතා කොට ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවනු ලැබුවේය. නමුත් එම නියෝගය මෙරට උපරිමාධිකරණයේදී අභියෝගයට ලක් වූ අතර, ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක් උපරිමාධිකර්ණය විසින් පැනවීය. ඊට අදාළ අවසන් තීන්දුව දෙසැම්බර් 07 වැනි දින ලබා දීමට නියමිතය. සමස්ත රට අරාජික වී ඇත. මෙහි ඇති විපාකය ඉතාම විශාලය. ඒ ගැන රටේ සෑම පුරවැසියෙකුටම පාහේ අවබෝධයක් ඇත්තේය. වැදගත් වන්නේ මොළේ ඇති මිනිසුන් කිහිපදෙනක් හෝ එකතු වී දියාරූ වෙමින් පවතින රට ලේ වැගිරීමකින් තොරව ගොඩ ගැනීමට උත්සහ කිරීමය. මන්ද ලේ වැගිරීමකින් තොරව අපි අපේ ප්‍රශ්න විසඳා ගැනීමට සමත් ජාතියක්යැයි ඉතිහාසයේ සිටම අපි පෙන්වා නැති හෙයින් පවතින ව්‍යාකූල තත්වයේ ආනිසංශ ඛේදජනක විය හැකිය. මීට ඇති එක් බලගතු විසඳුමක් වන්නේ, ජනාධිපතිවරණයකට යෑමය. එවිට සිරිසේන මහතාට ජනතාව අතර ඇති කැමැත්ත උරගා බැලිය හැකිය. එසේම, රාජපක්ෂ මහතාට, සිරිසේන මහතා දෙවැනිවර ජනාධිපති කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේද, යන්න තීරණය කළ හැකිය. පවතින සමාජ ව්‍යාකූලත්වය ජනාධිපති සිරිසේන මහතා විසින් ඇති කළ හෙයින්, ඔහු වගවීමට නතු කොට, ඔහුද අපේක්ෂකයෙක් කරමින් ජනාධිපතිවරණයට ගමන් කිරීම වැදගත් වේ. ආණ්ඩුවට කැමැත්තක් නැති බව කියමින්, අගමැතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි බව කියමින් තම දුර්වල තාවයන් සෑම විටම අනෙකා පිට පටවමින් නිදහස් වන ජනාධිපති සිරිසේන මහතා නිවැරදි නම් ඔහුට ජනාධිපතිවරණයක් ඔස්සේ මෙය විසඳාගත හැකිය. එවිට රටේ ජනතාව තමන් සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න මනාව තීරණය කරනු ඇත.
0 notes
''ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි'' - කතානායකගෙන් ජනපතිට පිළිතුරක්
”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්
අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර  ඇත. 
නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව මෙම ලිපිය මගින් කථානායකතුමා දැනුම් දෙයි.
ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ���්‍රී…
View On WordPress
0 notes
Tumblr media
‘‘රට ගොඩගන්න මගෙත් සමග අත්වැල් බැඳගන්න‘‘ – මහින්ද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පාර්ලිමේන්තු සභාව අමතමින් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය රට අගාධයට ගෙන ගිය බවත් යළි තමා සමග අත්වැල් බැඳගෙන රට අගාධයෙන් ගොඩගැනීමට එක්වන ලෙසටත් මහජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිිටියේය. මෙහිදී කථානායකතුමා සිය පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම ගැන තමන් අතිශය කම්පාවට පත්වන බව ද පවසා සිටියේය.  කෙසේවුවත්, මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතන අතරතුරදී සභාවේ පිරිස් ඝෝෂා කරනු දක්නට ලැබුණි. ‘‘ පාර්ලිමේන්තුවේ ඊයේ වගේ අඳුරු දිනයක් තමන් නොදුටු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාධයෙන් පසුවුණා. ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.
0 notes
සිරිසේන ජනපතිගෙන් කථානායකට මාධ්‍යම රාත්‍රියේ පිළිතුරක්
සිරිසේන ජනපතිගෙන් කථානායකට මාධ්‍යම රාත්‍රියේ පිළිතුරක්
ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් මිට සුළු මොහොතකට පෙර කථානායක කරූ ජයසුරිය මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ අවසන කථානායක වශයෙන් පත්වන තැනැත්තා ස්වාධිනව කටයුතු කළයුතු බවත් තමන් විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවු බවත් ජනපතිවරයා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
එම ලිපිය පහතින්,
View On WordPress
0 notes
Tumblr media
මහින්ද ඉල්ලා අස්වුණේ නැහැ – මහින්ද සමරසිංහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී මේ වනවිට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  ‘‘මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වල පළවන වාර්තා සත්‍ය දැයි‘‘ මාධ්‍යවේදියෙකු විමසන ලද ප්‍රශ්නය පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසන්නේ, ‘‘නව අගමැතිවරයෙකු පත්කරන ගැසට්ටුව නිකුත් කරන තුරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ක්‍රියා කරන බවයි‘‘‘
0 notes
පස්ස දොරෙන් ආණ්ඩු හදන කුමන්ත‍්‍රණය පරාජය කළා
පස්ස දොරෙන් ආණ්ඩු හදන කුමන්ත‍්‍රණය පරාජය කළා
26වෙනිදා අගමැති වෙනස් කළා. ඇමතිවරු පත්කරන්න ගත්තා දවසින් දවස. ඊළඟ පාර්ලිමේන්තුව කල්දැම්මා. බහුතරය හදාගන්න කෝටි 25ට, 30ට 50ට මන්ත‍්‍රීවරු මිලදී ගන්න පටන් ගත්තා. ඒ අතර නොවැ.14 පර්ලිමේන්තුව කැඳවන්න ගැසට් එකක් ගැහුව්වා. ඒකත් කර ගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.
ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක්. 26වෙනිදා සිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා…
View On WordPress
0 notes
අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත.
කථානායකතුමා මෙමගින් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ‘‘අද දින භාරදෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාාවේ තීරණය ද, ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී…
View On WordPress
0 notes
වියරු වියවුල
සිරිසේන පාවිච්චි කරන මත්ද්‍රව්‍යය, මිනිස් ශිෂ්ටාචාරය තරමටම පැරණි ය. ඒ, බලය නමි. ඔහුට දෙවැනි වරටත් ජනාධිපති වීමට අවශ්‍ය කර තිබේ. ඒ පිස්සු ආශාව, අනිත් සෑම දෙයකටම- එනම්, විනීත කම, ලැජ්ජාව, කෘතඥතාව, සාමාන්‍ය බුද්ධිය, සාධාරණ ස්වාර්ථය සහ ප‍්‍රතිපත්ති- ආදී සෑම දෙයකටම ඔහුගේ ඇස් අන්ධ කොට තිබේ.
තිසරණී ගුණසේකර
එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම…
View On WordPress
0 notes
ජනාධිපතිගේ අගමැති රාජපක්ෂ සභාව අතර මැද පාර්ලිමේන්තුව හැර යයි
ජනාධිපතිගේ අගමැති රාජපක්ෂ සභාව අතර මැද පාර්ලිමේන්තුව හැර යයි
ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව වර්ජනය කරයි රාජපක්ෂ සහ ඔහුගේ කැබිනෙට්ටුව විශ්වාසබංග යෝජනාවෙන් පරාජය වේ
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරයට පත් කරනු ලැබු මහින්ද රාජපක්ෂ මහතා අද අපර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවට සහභාගී වූ නමුත් සභාව අතර වාරයේදී ඔහුට බහුතරය තිබේදැයි පෙන්වීම සඳහා කටයුතු සූදානම් වන අවස්ථාවේදී, ඔහු ඔහුගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග…
View On WordPress
0 notes
පාර්ලිමේන්තුව හෙට ට කල්දැමේ
පාර්ලිමේන්තුව හෙට ට කල්දැමේ
වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර හෙට (15) උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ අත්සනින් යුතුව කථානායකතුමා වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගත්තේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
View On WordPress
0 notes
ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාවගත යුතුය
ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාවගත යුතුය
බලන් එපුර පායා ඇති එසඳ බබලන සැටි සත්‍යයෙන් සහ යුක්තියෙන්
රාවණ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු මේ අවස්ථාවේදී ලබා දිය හැකි උපරිම තීන්දුව යුක්තියේ නාමයෙන්…
View On WordPress
0 notes
ජනාධිපතිගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
ජනාධිපතිගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිනි.
පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම්…
View On WordPress
0 notes
සුප්‍රකට කොමික් චරිත වල නිර්මාණය කළ ස්ටෑන් ලී දිවියෙන් සමුගනී
සුප්‍රකට කොමික් චරිත වල නිර්මාණය කළ ස්ටෑන් ලී දිවියෙන් සමුගනී
සුප්‍රකට කොමික් කතා මාලා හරහා ලොවක් ඇදබැඳගත් ස්ටෑන් ලී සිය ගමන නිමාකොට තිබේ. සුප්‍රකට අයන් මෑන්, ෆැන්ටෑස්ටික් ෆෝ, ස්පයිඩර් මෑන් හා එක්ස් මෑන් ආදියේ සම නිර්මාණකරුවා වන්නේ ඔහුය. ජැක් කර්බි හා ස්ටීව් ඩිට්කෝ වැනි කලාකරුවන් සමීපව ඇසුරු කළ ලී කොමික් චරිත හරහා කලා ක්ෂේත්‍රයට නව ජීවයක් ගෙනදීමේ කාර්යයට දායක වූවේය. 
ලී ගේ මරණයෙන් අනතුරු රොයිටර් වෙත අදහස් දැක්වූ දියණිය ජේ. සී. ලී පවසන්නේ, ‘‘ඔහු, ඔහුගේ…
View On WordPress
0 notes
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ලියැවුණු Free Hit කෘතිය HarperCollins වෙතින්
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ලියැවුණු Free Hit කෘතිය HarperCollins වෙතින්
Free Hit කෘතිය ගැන
සම්මානලාභී ක්‍රීඩා මාධ්‍යවේදිනියක වන  සුප්‍රිතා දාස් රචනා කළ Free Hit කෘතිය HarperCollins India සමාගමේ කෘතියක් ලෙස ජනගතකර ඇත. (මිලදී ගැනීමට පිවිසෙන්න). ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය මේ කෘතියට පදනම් වී ඇත. ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ආරම්භ වන්නේ 1960 – 70 දශකයේදී  වුවත් එය අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ 2017 වසරේදී ය. කාන්තා ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට ඉන්දියාව 2017 වසරේදී…
View On WordPress
0 notes
Amnesty International අවුං සාං සුකී ට ලබාදී තිබූ මානව හිමිකම් සම්මානය ඉවත් කරගනී
Amnesty International අවුං සාං සුකී ට ලබාදී තිබූ මානව හිමිකම් සම්මානය ඉවත් කරගනී
මියන්මාරයේ දිගින් දිගටම‍ මානව හිමිකම් උල්ලංඝනය වෙන පසුබිමක් තුළ මානව හිමිකම් උදෙසා සිදුකරන ලද සුවිශේෂී දායකත්වය ලබාදෙමින් Amnesty International මගින් සුකීට ලබාදී තිබූ Ambassador of Conscience සම්මානය ඊයේ (12) දින නැවත ලබාගෙන ඇත.
  Ambassador of Conscience සම්මානය පසුගිය 2009 වසරේදී සුකීට ලබාදී තිබූ අතර එය නැවත ලබාගන්නා බව Amnesty International හි මහ ලේකම් කුමී නයිදූ – සුකී වෙත ලිපියක් යොමුකරමින්…
View On WordPress
0 notes