vishwaabhishek-blog
vishwaabhishek-blog
Vishwa Abhishek
8 posts
Tech Blogger
Don't wanna be here? Send us removal request.
vishwaabhishek-blog · 6 years ago
Text
මොකක්ද මේ Google Stadia
ඉතින් ඔයාලා දැනටමත් දන්නවා Streaming Service එකක් කියන්නෙ මොකක්ද කියලා. Video Streaming, Audio Streaming වගේම දැන් Gaming Streaming කියන්නෙත් අපි කාටවත් අලුත් දෙයක් නෙවෙයි. PlayStation සඳහාත් Nvidia ආයතනයට වගේම, Microsoft සමාගමේ Xbox සඳහාත් මෙවැනි Gaming Streaming Services කිහිපයක්ම දැකගන්න පුලුවන්. නමුත් මේ Google Stadia Platform එක මඟින් Gaming Stream සඳහා නව අත්දැකීමක් ලබාදීලා තියෙනවා.
Tumblr media
මොකක්ද මේ Google Stadia කියන්නෙ?
සරලවම හඳුන්වනවා නම් Google Stadia කියන්නෙ Google සමාගම විසින් නිර්මාණය කරපු අලුත්ම Gaming Platform එක. මේක Cloud base streaming service එකක්. ඒ නිසා මෙහිදි ඕනෑම High Quality Game එකක් ඔබ දැනටමත් භාවිතා කරන Smart Phone, Laptop, Desktop හෝ තෝරාගත් Tabs කිහිපයක Install කිරීමකින් තොරව Chrome Browser එක හරහා මේ Games Play කරන්න අවස්ථාව ලැබෙනවා. ඔව්’ දැන් Game ගහන්නමයි කියලා අලුත් PC එකක් සල්ලි වියදම් කරලා හදන්න අවශ්‍ය නැහැ.
Tumblr media
පසුගිය නොවැම්බර් 19 වනදා “Google Stadia” තෝරාගත් රටවල් කිහිපයකට නිකුත් කරනු ලැබුවා. ලොව පුරා තිබෙන Google Data Centers හරහා ඕනෑම කෙනෙකුට මෙම සේවාව අත්විඳින්න පුලුවන්. වෙනදා වගේ PC එක Update කරන්න , Game Patch කර කර වද වෙන්න, පැය ගාණක් Setup Install කරන්න, Games Download කරන්න, Hard Disk වල Storage ගැන කරදර වෙන්න දෙයක් නැහැ. මොකද Google Stadia Servers වල ඔයාගෙ Account එකේ තමයි මේ හැම game එකක්ම Install වෙන්නෙ. ඒ නිසා කරන්න තියෙන්නෙ Log වෙලා අවශ්‍ය Game එක play කරන්න විතරයි. ඒ වගේම මෙහි තිබෙන ඕනෑම Game එකක් 720p සිට 4K 60fps දක්වා Play කිරීමට ඔබට අවස්ථාව ලැබෙන අතර අවශ්‍ය වන්නේ හොඳ Internet Connection එකක් පමණයි. දැනට ආරංචි වෙන විදිහට පැය1කදී 7GB වැනි විශාල Data ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වේවි. ශ්‍රී ලංකාවේ අපිට ඇති විශාලතම අවාසිය තමයි මේ Data ප්‍රශ්නය.
Tumblr media
මේ Service එක Monthly Subscription එකක් විදිහට තමයි මිළඳී ගන්න වෙන්නෙ. ඒ වගේම මෙය, යම්කිසි සීමාවන් යටතේ නොමිලේ අත්විඳින්නටත් Google සමාගම ඉඩ සලස්වා දී තිබෙනවා.
Tumblr media
මෙහි මිළ ගණන්
Stadia Pro
$9.99/mo
Resolution- up to 4K HDR
Frame Rate - 60FPS
Sound - 5.1 surround sound
Stadia Base - (ලබන වසරේදි)
Free
Resolution- up to 1080p
Frame Rate - 60FPS
Sound - Stereo
විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ Service එකේ හරිම අත්දැකීම ලබාගන්න, ඔවුන් විසින් නිපදවා ඇති Controller එක. ගූගල් සමාගම පවසන පරිදි මෙම Service එක අත්විඳින්න සාමාන්‍ය Keyboard එකක් හා Mouse එකක් භාවිතා කරන්න හැකි වුණත් TV එකක Game එකක් play කරන්න නම් අනිවාර්යෙන්ම ඔබට Chrome-cast එකක් සහ මේ Controller එක මිළඳී ගන්න සිදුවෙනවා.
Tumblr media
ලෝකයේ ප්‍රධාන පෙලේ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන ආයතන කිහිපයක්ම දැනටමත් Stadia සමඟ එකතු වී අවසන්. ඒ වගේම වැඩිදුරටත් අපිට ආරංචි වෙන විදිහට ඉදිරියේදි නිකුත් වීමට නියමිත අලුත්ම Games කිහිපයක් ඔබට මිළඳී ගන්න සිදුවෙයි.
දැනට මෙහි අන්තර්ගත Games කිහිපයක්
Tumblr media
ඉතින් ඔයාලා මොකද මේ Google Stadia Service එක ගැන හිතන්නෙ? ඒවාත් පහළින් Comment කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා. තවත් පෝස්ට් එකකින් හමුවෙමු.
~Apple TechGeeks
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
රුපියල් මිලියනයක් වටිනා MacBook Pro එක 🤯
Apple සමාගමේ අලුත්ම අඟල් 16ක MacBook Pro එක අද එළිදැක්වුවා. මෙහි මිළෙහි වෙනසක් නැති අතර Starting Price එක පැරණි 15inch MacBook එකෙහි මිළට සමානයි. ඒ $2399. ඒ වගේම $2399 - $6,099 ක් වැනි Price Range එකකින් මිළදී ගත හැකිය.
එමෙන්ම පැරණි 15inch MacBook Pro එක නැවත අපිට දැකගන්න වෙන්නෙ නැහැ. මේ සතිය අවසානයේදි වෙළඳපොලට නිකුත් වන අලුත්ම MacBook Pro එක අද දින සිට Pre-Order කළ හැකිය.
Tumblr media
16-INCH MACBOOK PRO SPECS
$2,399 base model
* 2.6GHz 6-core 9th gen Intel Core i7 processor (Turbo Boost up to 4.5 GHz)
* 16GB of 2666MHz DDR4
* AMD Radeon Pro 5300M with 4GB of GDDR6 memory
* 512GB PCIe-based onboard SSD
$2,799 base model
* 2.3GHz 8-core 9th gen Intel Core i9 processor (Turbo Boost up to 4.8 GHz)
* 16GB of 2666MHz DDR4
* AMD Radeon Pro 5500M with 4GB of GDDR6 memory    
* 1TB PCIe-based onboard SSD
All models
* 16.0-inch Retina display, 3072x1920, 226ppi, 500 nits, P3 wide color, True Tone Technology
* Dimensions: 0.64 inch X 14.09 inches X 9.68 inches, 4.3 pounds
* 100-watt-hour battery, rated to 11 hours of “wireless web”
* 96W USB-C charger
* 6-speaker stereo system with Dolby Atmos
* “Studio-quality” 3-microphone array
* Intel UHD Graphics 630
* 4 x Thunderbolt 3 ports, Headphone jack
* Backlit Magic Keyboard with Touch Bar and Touch ID
* Force Touch trackpad                     
* 802.11ac Wi-Fi
* Bluetooth 5.0
Configurable with
* Up to 64GB RAM
* Up to 8TB storage
* AMD Radeon Pro 5500M with 8GB of GDDR6 memory 
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
Facebook මඟින් ඔත්තු බැලීම?
Tumblr media
Facebook iOS App එක පාවිච්චි කරන අයට දින කිහිපයක සිටම හොඳට බැලුවොත් පෙනෙයි අපේ අනුදැනුමකින් තොරවම Camera App එක Background එකෙන් හැමතිස්සෙම ක්‍රියාත්මක වන බවක්. Facebook සමාගම මෙයට හේතුව ලෙස පවසා තිබෙන්නේ iOS 13.2.2 Update එක මඟින් ඇති වූ Bug එකක් නිසා මෙසේ සිදුවන බවයි. මේ පිළිබඳව ඇපල් සමාගම සමඟ දැනටමත් සාකච්ඡා අරඹා ඇති බවද වැඩි දුරටත් සඳහන්. මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් Twitter මඟින් අදහස් දක්වා තිබුණා.
Tumblr media
Tumblr media
මේ සිද්ධිය ඔයාටත් වෙනවද කියලා බලාගන්න අවශ්‍යනම් Timeline එකේ Photo එකක් උඩ click කරලා ඒ photo එක නැවතත් පල්ලෙහාට හෙමින් drag කරන ගමන් බලන්න වම් පැත්තෙන් කැමරාව Enable වෙලා තියෙනවා බලාගන්න පුලුවන්.
ඉතින් මේ සිද්ධිය ඔයාටත් වෙනවනම් පහළින් Comment කරන්න. ඒ වගේම එහෙම වෙන අයට අපි Recommend කරනවා දැනට Facebook Camera Access Disable කරන ලෙස.
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
Facebook Video Download | iOS 13
යහලුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට මේ දේ තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා මේ පෝස්ට් එක ඉක්මණින් දාන්න හිතුවා.
“Facebook Video Download”..
හරිම ලේසියෙන්ම Android Devices වලින් සහ PC එකකින් Facebook Video එකක් Download කරගන්න පුලුවන් වුණාට iOS එකේදි දහඅට වන්න���ක් නටන්න වුණා 🤦🏻. නමුත් ඔයාගෙ iOS Version එක iOS 13 හෝ ඊට වැඩිනම් බොහොම පහසුවෙන් Facebook එකෙන් Video එකක් Download කරගන්න පුලුවන්. මට තවමත් iOS එකට ගැලපෙන App එකක් හොයාගන්න බැරිවුණ නිසා Safari Web Browser එකෙන් Download කරන විදිහ කියලා දෙන්නම්. (App එකක් දන්නවනම් / මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් පහලින් Comment එකක් දාන්න. තව කෙනෙක්ට උදව්වක් වෙයි)
Step 1 : මුලින්ම ඔයාට අවශ්‍ය Video එක හොයාගෙන එතැන තියෙන Share Button එක Click කරන්න
▪️ පහළම තියෙන More Options Select කරගන්න
Tumblr media
▪️වෙනම Window එකක් Popup වෙයි එතැනින් “Copy” select කරලා Link එක copy කරගන්න පුලුවන්
Tumblr media
Step 2 : Safari Browser එක Open කරගෙන මේ ලින්ක් එකෙන් අදාළ Site එකට යන්න 👇🏻
https://www.getfvid.com
Tumblr media
Step 3 : Copy කරගත්ත Link එක මෙතන Paste කරගෙන Download Click කරලා අවශ්‍ය Video Quality එක Select කරගන්න. දැන් ඔයාලට දකුණු පැත්තෙ උඩ ඔයාගෙ වීඩියො එක Download වෙනවා බලාගන්න පුලුවන්.
Tumblr media
මේ විදිහට වීඩියෝ එක Download වෙන්නෙ ඔයාගෙ Filesවල iCloud Drive එකේ Downloadsවලට
මේ වීඩියො එක ඔ��ාගෙ Photos වලට දාගන්න ඕනනම් කරන්න තියෙන්නෙ අදාළ වීඩියෝ එකට ගිහින් Share icon එක Click කරලා Save Video කියන එක Select කරන්න.
Tumblr media
දැන් ඔයාගෙ Photos වලට Video එක Save වෙලා තියෙනවා බලාගන්න පුලුවන්.. ✌🏻
ඔයාලා දන්න දේවල් තියෙනවනම් පහළින් Comment එකක් දාගෙන යන්න
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
Facebook සමාගමේ තීරණය
සියලුම දේශපාලන දැන්වීම් Twitter මඟින් ප්‍රචාරය කිරීම තහනම් කරන බවට, Twitter සමාගමේ විධායක නිළධාරී Jack Dorsey කළ ප්‍රකාශය, මීට පෙර අපි ඔබට වාර්තා කළා.
එම ප්‍රකාශයත් සමඟ Facebook සමාගම කුමන තීරණයක් ගනීද’ යන්න සම්බන්ධයෙන් ලෝකයේම අවධානය Facebook සමාගම වෙත යොමු වුණා. මීට සුලු මොහොතකට පෙර Facebook සමාගමේ විධායක නිළධාරි Mark Zuckerberg කියා සිටියේ “දේශපාලන දැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කරනවාට වඩා, විනිවිදභාවයකින් යුතුව ප්‍රචාරය කිරීම වැදගත් බව සහ facebook හි ඇති දේශපාලන දැන්වීම් අන් කවර මාධ්‍යයකටත් වඩා විනිවිදභාවයකින් යුතු බවයි.
Tumblr media
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
නොවැම්බර් 22වනදා සිට දේශපාලන දැන්වීම් තහනම් ❌
නොවැම්බර් 22වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, සියලුම දේශපාලන දැන්වීම් Twitter මඟින් පල කිරීම ගෝලීය වශයෙන් තහනම්. Twitter සමාගමේ විධායක නිළධාරි, ‘Jack Dorsey’තම Twitter ගිණුමේ මේ පිළිබඳව ඊයේ සටහන් කර තිබුණා.
Tumblr media
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
Tumblr media
0 notes
vishwaabhishek-blog · 6 years ago
Text
iMessage වලට Memoji වලින් React කරමු
Facebook Messenger , iMessage පාවිච්චි කරන හැමෝම දන්න දෙයක් තමයි Messages වලට වෙන වෙනම React කරන්න පුලුවන් කියන එක. Reply නෙවෙයි “React”.. නමුත් iMessage සහ Messenger Reactionsවල ලොකු වෙනස්කම් කිහිපයක්ම දැකගන්න පුලුවන්..
Tumblr media Tumblr media
මේ Article එකෙන් මේ දෙකේ වෙනස්කම් ගැන කතා නොකර අපි බලමු iOS 13 වලින් Apple Usersලට ලැබුණු අලුත්ම Features වලින් එකක් වන ‘Memoji’s පාවිච්චි කරලා Message එකකට React කරන්නෙ කොහාමද කියන එක.
Tumblr media
මේක හරිම සරල වැඩක්.. මුලින්ම ඔයාගෙ iMessage එකට ආව Message එකක් හෝ ඔයා යවපු Message එක හොයාගෙන පහළින් තියෙන Memoji icon එක Touch කරන්න.
Tumblr media
දැන් සුපුරුදු විදිහටම ඔයා Customize කරගත් සහ Default Memoji’s වලින් කැමති එකක් Select කරගෙන ඒ අදාළ Msg එක උඩට Drag කරන්න. Click නෙවයි “Drag”.
මෙහෙම අදාළ Msg එක උඩට Drag කරන ගමන්ම මේ Memoji එක ඔයාට අවශ්‍ය විදිහට ලොකු, පොඩි කරගෙන, කනපිට හරවලා, ඔලුවෙන් හිටවලා ඕන විදිහකට Drop කරන්න. සරලයි 🤘🏻😌 මේකෙ හොඳම වැඩේ කියන්නෙ එකක් වෙනුවට දෙක තුනක් Message එක පේන්නෙ නැති වෙන්නම ඇඩ් කරන්න පුලුවන් 🤣
Tumblr media
1 note · View note