chapter-360
chapter-360
Chapter-360
3 posts
උපුටා ගැනීම් හා අනුවර්තන.
Don't wanna be here? Send us removal request.
chapter-360 · 2 years ago
Text
සලාහුදීන්
මධ්‍යතන යුගයේ විශේෂයෙන්ම මුල් කුරුස යුධ සමයෙහි යම් කිසි කාලයක් ඔබට සිහිපත් වන විට ඔබේ මනස සෑම විටම ටෙම්ප්ලාර්, ටියුටොනික් හෝ හෙස්පිටලර්ස් නයිටුවන් ගෙන් සමන්විත වූ ක්‍රිස්තියානි රණකාමී නිකායන් වෙත ඇදී යනු ඇත. එම රණකාමී ජූජක සෙබළුන්ගෙන් හා අනෙකුත් ක්‍රිස්තියානු හමුදාවන්ගෙන් සමන්විත වූ විශාල සේනාවන් සමගින් සටන් කොට ඔවුන් හට පරාජය එක් වරක් නොව කි��ිපවරක්ම ලගාකර දෙමින් ක්‍රි.ව 1187 දී නැවත වරක් ශුද්ධ වූ ජෙරුසෙලම මුස්ලිම් පාලනයට නතු කර ගැනීම සදහා සිය අති විශාල හමුදාවක් මෙහෙය වූ මැදපෙරදිග කලාපයේ සිටි වඩාත්ම වැදගත් නායකයෙකු ලෙසින් අදටත් හදුන්වන අයුබිඩ් රාජවංශය ආරම්භ කරමින් ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකෙහි භාරකරු යන පදවිය දැරූ පළමු පුද්ගලයාද වෙමින් මිතුරාගේ මෙන්ම සතුරාගේද ගෞරවය දිනා ගත් සිරියාවේ සහ ඊජිප්තුවේ සුල්තාන්වරයා වූ සලාහුදීන් අල් අයුබි (Salahuddin Al Ayyubi) නැතහොත් සලාදීන් (Saladin) ගැන කෙටි සටහනක් තමා මේ….
Tumblr media
මූලික උපුටා ගැනීම්.
the people profiles real crusades history
istorymarche
biographics යන යුටියුබ් චැනලයන් හා
කාල වකවානු, ස්ථානයන් හා නම්,ගම් වෙනුවෙන් විකාපීඩියාව හා ගූගල් සෙවුම.
කුරුස යුද්දයන් සම්බන්දයෙන් වැඩිදුර කියවීමක් සදහා Kings and Generals යුටියුබ් නාලිකාවේ වදගත් වීඩියෝ බොහොමයක් තියනවා රෙකමෙන්දෝරු කරන්න පුලුවන් හොදම චැනලයක් තමා ඒක.
(මාගේ උක්ත - ආඛ්‍යාත පද සම්බන්ධය හා අක්ෂර වින්‍යාසයේ ඇති වැරදි මගහරවාගෙන කියවන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිමි)
යූසුෆ් ඉබ්න්-අයූබ් (Yusuf Ibn-Ayyub) උපත ලැබුවේ 1137 දී බැග්ඩෑඩයට උතුරින් පිහිටි ටික්රිට් (Tikrit) මාලිගයේ ය. ඔහුගේ පියා නජ්ම් අඩ්-ඩින් අයුබ් (Najm ad-Din Ayyub) කුර්දි සොල්දාදුවෙකු සහ පරිපාලකයෙකු වූ අතර බොහෝ කුර්දි ජාතිකයන් මෙන් ඔහුගේ විශිෂ්ට අශ්වාරෝහක කුසලතා නිසාම සෙල්ජුක් (Seljuk) තුර්කි ජාතිකයන් විසින් සේවයට බදවාගෙන තිබුණි. එකල සෙල්ජුක්වරු නූතන ඉරානය, ඉරාකය සහ මැදපෙරදිග සමහර ප්‍රදේශ අත්පත් කරගෙන සිටියහ. 1095-1099 පළමු කුරුස යුද්ධයේදී අත්වූ පරාජය හමුවේ වුවද සෙල්ජුක් වරුන්ගේ පාලනය මුස්ලිම් ප්‍රජාවන්ට යම්තාක් දුරකට ශක්තියක් ගෙන දී තිබූ අතර දිනෙන් දින නොයෙකුත් ගෝත්‍රයන් එකතු කරමින් එක්සත් සමස්තයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන් මුලපුරා තිබුණි. යූසුෆ් උපත ලැබූ කාලය වනවිට ලෙවන්ට්හි (Levant) ජෙරුසලම් රාජධානිය, ඇන්ටියොච් ප්‍රාන්තය (Antioch) සහ ට්‍රිපොලි ප්‍රාන්තය (Tripoli) යන ක්‍රිස්තියානි රාජ්‍ය තුන එහි සමෘද්ධිමත් කාලය අත්විදිමින් තිබුණි.
කලාපයේ සිටි මුස්ලිම් සියල්ලන්ම ක්‍රිස්තියානුවන් ව හැදින්වූයේ ආක්‍රමණිකයන් ලෙසයි. එහෙත් මනා ලෙස සංවිධානය වෙමින් ඔවුන් හට තිබූ මේ විදේශීය තර්ජනයට මුහුණ දෙනවාට වඩා තමන්ගේ ආගමික නිකායන් ප්‍රධාන කොටගෙන ග්‍රෝත්‍ර වශයෙන් වෙන් වී ඔවුන් එකිනෙකා හා සටන් කරමින් සිටියහ. එහෙත් එය වැඩි කාලයක් එලෙස නොතිබුණි. 1146 දී සෙල්ජුක්වරුන්ගේ සිරියානු ප්‍රාදේශීය ආන්ඩුකාරයා වශයෙන් හෝ එම ප්‍රදේශයේ නායකයා ව සිටි ඉමාඩ් අල්-දින් සෙන්ගි (Imad al-Din Zengi) මිය ගියාය. ඔහු නජ්ම් අයුබ් ගේ නායකයා හා දෙවන කුරුස යුද්දය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතුවූ වැදගත් මුස්ලිම් ජයග්‍රහනයක් ලෙසින් සැලකෙන කුරුස සටන්කරුවන් ගේ යටතේ වූ එඩෙස්සා ප්‍රාන්තය යටත් කරගැනීමට නායකත්වය ලබා දුන් පුද්ගලයාද විය. ඔහුගේ මරණයින් පසු ඔහුටත් වඩා ක්‍රිස්තියානුවන් පලවා හැරීමේ බලාපොරොත්තු තිබූ ඔහුගේ පුත්‍රයා වූ නූර් අල්-දීන් සෙන්ගි (Nur al-Din Maḥmud Zengi) කලාපයේ ඊලග පාලකයා බවට පත්විය. ඔහු පසුවට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් සලහඩීන්ගේ ගුරුවරයා වනු ඇත. නූර් අල්-දීන් ජිහාඩයට බුද්ධිමය හා යුදමය ශක්තියක් ලබා දුන් පළමු මුස්ලිම් පාලකයන්ගෙන් කෙනෙක් මෙන්ම "ෆ්‍රෑන්ක්ස් හෝ ෆ්‍රැන්කියන්" යනුවෙන් ඔවුන් හැදින්වූ කිතුනුවන් ශුද්ධ භූමියෙන් පලවා හැරීම සඳහා සියලු කන්ඩායම් එක් කරමින් එක්සත් වූ මුස්ලිම් පෙරමුණක් සැදීම සදහා ක්‍රියාකල පුද්ගලයාද විය. මුල සිටම තමන්ගේම රාජවංශයක් ආරම්භ කිරීමට හැකියාව තිබියදී බැග්ඩෑඩ්හි සෙල්ජුක් කලීෆ් වෙත සිය ඔලුව නමන්නේ ඇයි දැයි යන යටි අදහසද නූර් අල්-දීන් ගේ සිත තුල පැල පදියම් වී තිබුණි. නූර් අල්-දීන් ඩමස්කසය (Damascus) අල්ලාගෙන එය ඔහු���ේ මූලස්ථානය බවට පත් කළේය. මේ මහා සිරියානු නගරය ඔහුගේ නව සෙන්ගිඩ්ස් (Zengids) රාජවංශයේ අගනුවර බවට පත් වූ අතර ආගමික හැදැරීම සහ ෆ්‍රෑන්ක්වරුන්ට එරෙහිව ජිහාඩයක් දියත් කිරීම සදහා සේනාංකයන් එක්‍ රැස් කල මධ්‍යස්ථානයක් බවට එය වැඩි කල් යන්නට මත්තෙන් පරිවර්තනය විය. මේ අවදිය වන විට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් අපගේ කතා නායකයා වන සලාදීන් ඔහුගේ නව යොවුන් වියේ සිටිය අතර ඉතාම ඉක්මනින් අසාද් අඩ්-ඩින් ෂිර්කු බින් ෂාදි (Asad ad-Din Shirkuh bin Shadhi) නැතහොත් ෂිර්කු (Shirkuh) යනුවෙන් හැදින් වූ සිය මාමාගේ සහායකයෙකු ලෙස ඩමස්කසය වෙත ගියේය. ෂිර්කු යනු නූර් ඇඩ්-ඩින්ගේ විශ්වාසවන්ත ජෙනරාල්වරයෙකි, ඔහු ශක්තිමත් රණශූරයෙක් වූ අතර මනා යුද සැලසුම් කරුවෙක්ද විය. සටනක එක් ප්‍රතිපලයක් ලෙසින් එක් ඇසක් අන්ධ වී සිටි ඔහු ඉතා දැඩි ආහාර රුචියක් නිසාම විශාල බඩක් සහිත පුද්ගලයෙකු විය. සිය මාමාගේ මාර්ගයෙන් නූර් අල්-දීන් ව හදුනාගන්නා සලාදීන් ඔවුන් දෙන්නා සමග කාලය ගත කරමින් හමුදා සහ දේශපාලන නායකත්වයේ කලාව ඉගෙන ගනිමින් සිටි අතර ඔහු මේ දෙකටම සහජ හැකියාවකින් උපන් කෙනෙකු විය.
1160 ගණන්වල මුල් භාගයේදී, Nur ad-Din සහ Shirkuh ඔවුන්ගේ ඉදිරි සැලැස්ම සදහා ඊජිප්තුව දෙසට අවධානය යොමු කළහ. මෙම ධනවත් හා සාරවත් භූමිය ෂියා රාජවංශයක් වන ෆාතිමිඩ්වරුන් විසින් පාලනය කරන ලද අතර ඔවුන්ගේ බලය තරමක් දුරට පිරිහෙමින් තිබූ කාලයක් විය. ජෙරුසලමේ සිටි ක්‍රිස්තියානුවන් ෆාතිමිඩ්වරුන් ගේ මේ අනාරක්ශිත බව දැනගෙන ඉන් ප්‍රයෝජනයක් ගනිමින් ඊජිප්තුව අල්ලාගනු ඇතැයි විශ්වාස කල හා එසේ නොවුනද තම ක්‍රියාවලිය වෙනුවෙන් ඉදිරි කාලය සදහා ඊජිප්තුවේ සාරවත් භූමියේ වටිනාකම තේරුම් ගත් Nur ad-Din සිය විශ්වාසවන්ත ජෙනරාල්වරුන් හමුවේ ඊජිප්තුවේ පාලනය ලබාගැනීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක කලාය. මේ සැලසුමේ ප්‍රතිපලයක් ලෙසින් Shirkuh ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමක් ඊජිප්තුවට ගොස් අවුරුදු කිහිපයක යුද මාලාවල් කිහිපයකින් පසු 1169 දී Shirkuh සිය ස්වාමියා වන Nur ad-Din වෙනුවෙන් එය යටත් කරගත් අතර එම කාලය තුල සිදුවූ සියලුම සටන් වලට මෙන්ම සැලසුම් වලට ද සලාදීන් ඉදිරිපත් වී තිබුණි.
එහෙත් ජයග්‍රහණයෙන් මාස දෙකකට පසු අධික ලෙස ආහාර ගැනීමෙන් අජීර්ණයට ලක් වී කෑදර ජෙනරාල් Shirkuh මිය ගියේය. ඒ වන විටත් ඔහු ඊජිප්තුව Nur ad-Din වෙනුවෙන් පාලනය කල එහි මහ ඇමති විය. මේ මහත් අවාසනාව නොසිතූ ලෙස සලාදීන් හට වාසනාවක් විය. ඔහුට වඩා වයසින් වැඩි හා අත්දැකීම් වැඩි වෙනත් ජෙනරාල්වරු සිටියද ඔහුගේ මාමා ගේ මරණයින් පසු ඊලග ඇමති හෝ ඊජිප්තුවේ නාමික පාලකයා වීමට සලාදීන් අවස්තාවක් ලැබී තිබුණි. එහෙත් ඔහු පිටස්තරයෙකි. ෂියා අරාබිවරුන්ගේ දේශයක් පරිපාලනය කිරීම සදහා කිසිදු නිලධාරිවාදී අත්දැකීමක් නොමැති සුන්නි කුර්දි ජාතිකයෙක් විය. අසාර්ථක වීමට ඇති හැකියාව බොහෝ වැඩියෙන් සලාදින් හට විය. එහෙත් එකල ලේවල නීතිය අනුව ඔහු ඊජිප්තුවේ ඊලග මහඇමති ලෙසින් පත් වූ අතර මේ සියලු අඩුපාඩු හමුවේ වුවද සලාඩින් සිය රාජකාරිය හොදින් සිදු කලාය. මෙයට ප්‍රධානතම හේතුව වුයේ සිය නව තනතුර ලැබූ සැටියෙන්ම නිවැරදි පුද්ගලයින් සමඟ එකතු වී අදහස් ලබාගැනීමත් ඔවුන් තමන්ගේ වටා එක්‍ රැස් කරගෙනීමත්ය. ඔහුට පක්ෂපාතී උපදේශකයින්ගේ අභ්‍යන්තර කවයක් ඇති කරගත් ඔහු තමන්ගේ ප්‍රධාන උපදේශක හෝ ආරක්ෂක තනතුරු සඳහා පවුලේ සාමාජිකයන් පත් කරගත්තාය. සිය පියා පවා ඊජිප්තුවේ ප්‍රධාන භාණ්ඩාගාරික බවට ද ඔහු පත්කරගත්තා ය. සලාදීන් ඉතාම තියුණු මනසක් ඇති පුද්ගලයෙක් විය ඔහුට මිනිසුන්ගේ දක්ශතාවයන් හදුනාගැනීම මන ලෙස කල අයෙකු විය එම නිසාම ඔහු වාර්ගික හෝ ආගමික බැඳීම් නොසලකා හරිමින් යමෙකුගේ කුසලතා මත පදනම්ව තෝරාගැනීම් කල අයෙකු ද විය.
ඔහුගේ කවුන්සිලයේ සහාය ඇතිව, ඊජිප්තුවේ ආර්ථිකය නංවාලීමට හා ඔහුගේ පෞද්ගලික බලය සහ කීර්තිය වැඩි කිරීමට වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහුට පුලුවන් කමක් ලැබුණි. අහම්බයක් ලෙසින් සිය ගුරුවරයා වූ නූර් ඇඩ්-ඩින්ගේ ආදර්ශය අනුගමනය කරමින් අයුබිඩ් Ayyubid යනුවෙන් හැදින්වෙන ඔහු ඔහුගේම රාජවංශය ගොඩනගමින් තිබුණි. ඊජිප්තුව තුල වූ ඔහු වෙනුවෙන් ඇති වූ පිලිගැනීම තම වාර්ගිකයන් අතරට පමණක් නොව සියලුම ග්‍රෝත්‍රයන් අතර ඉතාම ඉක්මනින් පැතිරීමට ලක්විය. මේ නිසාම තමන්ගේ නමින් දැන් ඊජිප්තුව පලනය කරනා සලාදීන් ගැන Nur ad-Din හට විශාල සැකයක් මතුවෙමින් තිබුණි. ඔහු මේ ක්‍රියාකාරී තියුණු මනසක් ඇති පුද්ගලයා ගැන දැන සිටියේ බොහෝ කලක සිට බැවින් ඔහුගේ හැකියාවන් ගැන අවතක්සේරුවක් නොකලාය. ඊජිප්තුව වැනි වටිනා දේශයක් සිය ගෝලයා වූ සලාදීන් අත තවත් වැඩි කාලයක් තිබුනහොත් එහි ඇති සම්පත්වලින් ඔහු තමාටද තර්ජනයක් වේවි යැයි උපකල්පනය කල Nur ad-Din වහාම සලාදීන් හට නැවතත් ඩමස්කස් වෙත එන ලෙස නියෝග කලාය. Nur ad-Din තමන්ට නැවතත් ඩැමස්කස් වෙත පැමිණෙන ලෙස කියන්නේ ඇයි දැයි හොද ආකාරයෙන්ම දැන සිටි සලාදින් තමන්ගේ එක් විශේෂ වූ දක්ශතාවයක් එයට පිලිතුරු වශයෙන් යෙදෙව්වාය ඒ කල් මැරීමයි. Nur ad-Din විසින් මසකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක් වශයෙන් සිය පනිවිඩකරුවන් අතේ “නැවත පැමිණෙනු” යන පනිවිඩය සලාදීන් හට යොමු කලද ඊට ඔහුගේ ප්‍රතිචාරයන් සමහරක් වුයේ “ක්‍රිස්තියානුවන් තමන් ගැන සැලකිල්ලෙන්, නගරය තුල කැරැල්ලක් ඇති විමේ අවධානමක්, දඩයමේ යන අතරතුර අනතුරකට මුහුනපා ඇත” යනුවෙන් විය. සමහර අවස්තාවන් වලදී පණිවිඩය ලබාගැනීමට සලාදීන් පෙනෙන්නට හෝ නොසිටියේය. මේ අයුරින් නැවත ඩමස්කසයට යාම මාසයෙන් මාසය ඔහු පස්සට දැමූ අතර ඒ අතර වාරයේ තමන්ගේ සෙබල පිරිස් දෙගුණ තෙගුණ කර ගනිමින් තමාගේ ඩමස්කස් ගමනේ පරක්කුවට Nur ad-Din විසින් ඊලගට ගන්නා තීරණය වෙනුවෙන් ඔහු සූදානම් විය. සලාදීන් බලාපොරොත්තු වූ පරිදිම ටික කාලයක් යනවිට එනම් 1174 වන විටNur ad-Din හට පනිවිඩ යැවීමෙන් පලක් නොවන බව වැටහී ගියාය. ඔහු සිය බලවත්ම හා වඩාත් දක්ශම සෙන්පතියන් කිහිපදෙනක් සමගින් සේනාවක් සූදානම් කොට සිය සේවකයා වන ඔහු දන්නා පරිදි යූසුෆ් ඉබ්න්-අයූබ් හමුවීමට ඊජිප්තුවට පිටත් විය. එහෙත් සලාදීන්ගේ වාසනාව නැවතත් ඔහුට නොදැනීම පැමිණියාය ඒ මේ ගමන අතර වාරයේ Nur ad-Din ස්භාවික ලෙස මරණයට පත්වීමයි. සිය මාමාගේ සේවකයා ලෙස ඊජිප්තුවට පැමිණි සලාදීන් අවාසනාවන්ත සිදුවීමකින් ඊජිප්තුවේ මහඇමති විය. දැන් තවත් අවාසනාවකින් ඔහුට ඊටත් වඩා බලවත් හා මුස්ලිම් දේශයටම වැදගත් වන තනතුරක් හමුවේ සිටියාය. සිදුවූ මරණය අනෙකාට ආවාසනාවක් වුවද එය සලහදීන්ට අවාසනාවක් නොවීය. මාස කිහිපයක පරතරයකින් පසුව එනම් 1175 වන විටදී වැඩි දුරදිග නොගිය කෙටි සටන් කිහිපයකින් පසුව ඩමස්කසය අල්ලා ගත් සලාදීන් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා තමන් බව ප්‍රකාශ කරගත් අතර ඉන් කෙටි කාලයකට පසුව එවකට අබ්බාසිඩ් රාජවංශයෙන් පැවත එන බැග්ඩෑඩ්හි කලීෆා විසින් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා ලෙස යූසුෆ් ඉබ්න්-අයූබ් ව නිල වශයෙන් පිළිගනු ලැබීය. 1170 ගණන්වල අගභාගයේ සහ 1180 ගණන්වල මුල් භාගයේදී, සලාදීන් මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම දෙකෙන්ම තම බලය ක්‍රමානුකූලව වැඩි කරගෙන එමින් සිටියාය. ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා වීමෙන් පසු ඔහුගේ අයුබිඩ් රාජවංශයේ සිහිනය සැබැවක් කර ගත්තය. එහෙත් එය කිසිවිටෙකත් ස්තීර නොවී තිබුනේ සැලකියයුතු මට්ටමකින් වූ කැරලිකාර ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු සලාඩින් Nur ad-Din ගේ සැබෑ අනුප්‍රාප්තිකයා ලෙස පිලි නොගැනීම මතය මෙලෙස ඔහුගේ බලය හැල්ලුවට ලක් කල ප්‍රධාන පුද්ගලයා වුයේ Nur ad-Din ගේ පුත්‍රයා ය.
1176 සිට 1181 දක්වා ඩැමස්කසයේ මෙන්ම නැවත වරක් ඊජිප්තුවෙන් පැමිණි සැලකිය යුතු ප්‍රාදේශිය කැරලි කිහිපයක් මැඩපැවැත්වූ සලාදීන් අවසානයේ තමන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් ඒ වනවිට හදුන���ගෙන සිටි නූර් ඇඩ්-ඩින්ගේ පුතා හා ඔහුගේ සේනාව 1183 දී ඇලෙප්පෝවේ දී (Aleppo) වටලා ඔහුව පරාජය කළේය. නමුත් ඔහුගේ සැබැ තනි බලයට ආ තර්ජනවල අවසානය එයින් අවසන් නොවීය. සුන්නි නායකයෙකු ලෙස, සලාදීන්ට ඔහුගේ නව ප්‍රදේශවල ෂියා කන්ඩායම්වලට විරුද්දව නිතරම සටන් කිරීමට සිදු වූ අතර ඔහුගේ ජීවිතයට ප්‍රධානම තර්ජනය වූයේ Nizari Shia නිකායේ Fedayn ඝාතකයින් ගෙන් විය. එමෙන්ම සෙල්ජුක් තුර්කි ජාතිකයින්ගෙන් ද සලාදීන් හට වරින් වර තර්ජන පැමිණෙමින් තිබුනි. මෙයට එක් ප්‍රධාන පිලියමක් ලෙස සලාදීන් බයිසැන්තියානු අධිරාජ්‍යය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ අතර එමගින් ඔහුගේ එක් කරදරයක් යම්තාක් දුරකට අඩු විය. සලාදීන් ඊලගට කලේ කලින් Nur ad-Din හට විශ්වාසව කටයුතු කල ප්‍රදේශයේ වූ බලවත් පවුල් වල අයගේ සහයෝගය වෙනුවෙන් කල විවාහයයි. මෙය සදහා ඔහු තොරා ගත්තේ නූර් ඇඩ්-ඩින්ගේ ම වැන්දඹුවක් වූ ඉස්මත් Ismat ad-din Khatun නම් වංශවත් කාන්තාවයි. ඇය ඩැමස්කසයේ සිටි ආන්ඩුකාරවරයෙකුගේ දියණියක්ද විය. මෙම විවාහය නිසාම සලාදීන් හට උවමනා වී තිබූ බලවත් පවුල් වල සහයෝගය ඔහු හට ලැබුණි. සියලුම සුන්නි ප්‍රජාවල් එකට එකතු කරමින් Levant කලාපයෙන් විශේෂයෙන්ම තම ඇදහිල්ලේ ප්‍රධාන ස්ථානයක් වූ ශුද්ධ ජෙරුසලමෙන් ක්‍රිස්තියානු ආක්‍රමණකයින් පලවා හැරීම Nur ad-din ගේ බලාපොරොත්තුව සලාදීන් ඉදිරියටම ගෙන ගියාය.
1174දී Nur ad-din ගේ මරණයත් සමගම එවකට ජෙරුසෙලමේ රජු වූ Amalric විසින් Banias බලකොටුවට පහර දුන් අතර එය සාර්ථක නොවීම මත නැවත ජෙරුසෙලම වෙත පැමිනෙන අතරවාරයේ අසනීප තත්වයට පත් වී එයින්ම ඔහුගේ මරණයද සිදු විය. ඔහුගෙන් පසුව රජකමට පත් වුයේ ඔහුගේ පුතා වූ හතරවැනි බෝල්ඩ්වින් (Baldwin IV) ය. ඔහු බොහෝ මුස්ලිම් නායකයින් ඉතා දුර්වල හා පාලනය පිලිබද අද්දැකීම් අඩු පුද්ගලයෙක් බව විශ්වාස කලහ. එමෙන්ම ඔහු ලාදුරු රෝගයෙන් දුක් විදින පුද්ගලයෙකු වීමෙන් මෙය නැවත පහරදීමක් වෙනුවෙන් හෝ මුස්ලිම් නායකයින් මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ගේ බටහිරට එරෙහි ශුද්ධ යුද්ධයක් සදහා හොදම කාලය මෙය බව සියලු දෙනා විශ්වාස කල අතර සලාදීන් ගේ මතයද එයම විය. ඒ අනුව සියලුම පැති වලින් මේ පලවාහැරීම වෙනුවෙන් සහයෝගය ඒවන විටත් ඔහුට ලැබෙමින් තිබුණි. එහෙත් 'ලාදුරු රජා' ලෙස ප්‍රසිද්ධියට පත් වූ බෝල්ඩ්වින් ගැන සියල්ලන්ම අවතක්සේරු කොට තිබුණි. 1179 වන විට මේ ලාදුරු හැදී ඇති දුර්වලයාගෙන් ජෙරුසලම උදුරා ගැනීමට කාලය පැමිණ ඇති බව සලාදීන්ගේ ප්‍රධාන උපදේශකයින් ඔහුට පැවසීය. එම මතයේම සිටි සලාදීන් ඒවන විටත් තමන් සතුව සිටි හෝ තමන් හට එකතු කර ගත හැකි සෙබලුන්ගෙන් ඉතාම සුලු කොටසක් එනම් 27000ක් පමණ සේනාවක් සමගින් ඉතාම පහසු ඉල්ලක්කය වෙතැයි සිතූ ජෙරුසෙලම වෙත යාමට පිටත් විය. සැබැවින්ම මේ ලැස්තිකරගත් සේනාවට වඩා හතර ගුණයකටත් වඩා සෙබලුන් ඔහුගේ අණකින් එක්‍ රැස් කිරීමට ඔහුට හැකියාවක් තිබුණි. නමුත් ඒ සදහා මාස කිහිපයක් ඔහුට බලා සිටීමට සිදුවන්නට ඇත මේ නිසාම මෙතෙක් කල් තමන්ගේ ප්‍රධානතම ඉලක්කය වූ ජෙරුසෙලමේ දුර්වලම අවස්තාවෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇති වූ හදිස්සිය සලාදීන් ගේ මේ ඉක්මන් ප්‍රහාරයට මග පාදන්නට ඇත. සලාදීන්ගේ සේනාව ඊජිප්තුවෙන් උතුර දෙසට වෙන්නට ගමන ඇරබූ අතර ප්‍රහාරය සදහා එන මුස්ලිම් හමුදාව ගැන ආරංචිවූ වහාම මුස්ලිම් නායකයින් සිතුවා සේ ලාදුරු රජා කලබල වූ යේ වත් වැරදි තීරණයක් හෝ බියෙන් පලාගියේද නැත. බෝල්ඩ්වින් ගැන සියල්ලනම් සිතා සිටි අදහස් වැරදි විය ලාදුරු රෝගයෙන් පීඩා විදින රජෙකු වූවත් අත්දැකීම් අඩු තරුණයෙක් ලෙසින් පෙනුනද ඔහු සැබැම රණශූරයෙක් හා යුද ශාස්ත්‍රය මනා ලෙස හැදැරූ පුද්ගලයෙක් විය. සලාදීන් පවා තම සතුරා අවතක්සේරු කර තිබුණි.
ප්‍රංශ වංශාධිපතියෙකු වූ රේනල්ඩ් ඩි චැටිලෝන්ට (Raynald de Chatillon) ජෙරුසෙලමේ ස්ථාන ගත වී සිටි හමුදාවේ නායකත්වය බෝල්ඩ්වින් රජු විසින් ලබා දුන්නාය. රේනල්ඩ් ඩි චැටිලෝන්ට වඩා පළපුරුදු හමුදා නායකයින් නගරය තුල සිටියද ඔහුගේ මුස්ලිම් වරුන් ගැන ���ිබූ වූ තරහා බෝල්ඩ්වින් විසින් හදාරා තිබෙන්නට ඇත. තම පියාගේ මරණයත් සමගින්ම තමන්ගේ රෝගය හා වයස පිලිබදව අවතක්සේරු කරමින් මේ එන ඉක්මන් ආක්‍රමණය ඔහු දකින්නට ඇත්තේ තමන්ට කල අපහාසයක් ලෙස විය හැකිය එම නිසාම ඔහු රේනල්ඩ් හට තම හමුදාවේ නායකත්වය පවරන්නට ඇත. ඊලගට ඔහු හා රේනල්ඩ් කුඩා හමුදාවන් දෙකක් සමගින් ජෙරුසලමට දකුණින් පිහිටි ඇස්කලෝන් Ascalon වෙත ගමන් ගත්තේ සලාදීන් ගේ මග අහුරාලීමටය. ඊජිප්තු හමුදාව ඇස්කලෝන් වරාය නගරය වට කලද එයට පහර දීමට සූදානමක් නොවීය ඒ වෙනුවට සලාදීන් ජෙරුසෙලමට සිය හමුදාව මෙහෙයවමින් තවත් උතුරට වන්නට වූ නගර තුනකට පහර දීමට අණ නිකුත් කලාය. අත්දැකීම් බහුල යුද නායකයෙකු ලෙස සලාදීන් වැරදි දෙකක් මේ සමගින් සිදුකොට තිබුණි. එකක් වන්නේ Ascalon වෙත ඔහු පිවිසි අවස්තාවේ පිරිස් බලය ඔහු සතු විය ඔහුට නගරයට මාස කීපයක් වට කොට තැබීමෙන් එය බිදවැටෙන්නට ඇති හැකියාව ඉතාම වැඩි විය. එහෙත් ඉක්මන් ප්‍රහාරයකින් ජෙරුසෙලම අල්ලාගැනීමට ඔහුට උවමනා වීම මත ඔහු එතැනින් පිටත් විය. එහෙත් ඒ පිටත් වූ ජෙරුසෙලමේ ඉක්මන් ප්‍රහාරය වෙනුවට නැවත වරක් ඔහු ඔහුගේ 27000ක් පමණ වූ විශාල හමුදාව එකවර ස්ථාන තුනකට පහර දීමට අණ කලාය මෙමගින් සිය මුලු සේනාව සතුරාගේ භූමිය මත කොටස් කිහිපයකට විසිරියාම සදහා ඉඩ සලසා දීම ඔහුගේ තවත් වැරැද්දක් විය. වට කිරීමෙන් නිදහස්වූ වහාම බෝල්ඩ්වින් රජු රේනල්ඩ් සමගින් නගරයෙන් පිටතට ආ අතර නොවැම්බර් 25 වන දින රම්ලා Ramla අසල මොන්ට් ගිසාර්ඩ් Mont Gisard හිදී සලාදීන්ගේ පසුපස රේඛාවට පහර දුන්හ. සලාඩින්ගේ සේනානකයෙන් අඩක්ම වෙනත් ස්තනයන්හි සිටියහ. මේ ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ සිට ගමනේ යෙදී සිටි සලාදින්ගේ ප්‍රභූ අශ්වාරෝහක හමුදාව සිටින්නට ඇත්තේ බොහෝ සෙයින් වෙහෙසට පත් වීමෙනි. බෝල්ඩ්වින් රජු ගේ නායකත්වයෙන් ක්‍රිස්තියානි නයිටුවන් සලාදින්ගේ ප්‍රධාන ආරක්ශක රේඛාව සියල්ලම පසු කරමින් සලාදීන් සිටින ප්‍රධාන රේඛාව වෙත කඩා පාත් විය.
සැබැ කුරුසියේ කොටසක් සමගින් සටන් බිමට පිවිසි බෙත්ලෙහෙමේ බිෂොප්වරයා සමගින් ක්‍රිස්තියානු ප්‍රහාරයේ ඉදිරිපස තල්ලුව සදහා සම්පූර්ණ සන්නාහයෙන් සමන්විත ටෙම්ප්ලාර් නයිටුවන් 80 දෙනෙක් සහභාගී විය. රේනල්ඩ් ඩි චැටිලෝන් තවත් එක කන්ඩායමක් සමගින් ඊජිප්තුවන්ගේ සැපයුම් කරත්ත වලට දැඩි හානියක් කර තිබුණි. හතරවන බෝල්ඩ්වින් රජු ගේ ප්‍රහාරය සාර්ථක විය. දිවීමේ තරග සදහා යොදාගන්නා ඔටුවෙකු පිට නැගී සලාදීන් හට පැනයාමට සිදු විය. සලාදීන් ජෙරුසෙලම වෙනුවෙන් රැගෙන ආ සේනාවෙන් එලෙස බේරී පලායාමට හැකියාව ලැබුනේ 10000ටත් අඩු පිරිසකට පමණි.
මේ පරාජය සලාදීන් හට දරුණු පාඩමක් උගන්වා තිබුණි. නැවත වරක් ජෙරුසෙලම අල්ලාගැනීම සදහා ඇති පමණින් සේනාවක් සමගින් යැම හා සිය ප්‍රතිවාදියා වූ මේ තරුණ රජා ගැන අවතක්සේරු නොකිරීමට සලාදීන් වගබලා ගත්තාය. බෝල්ඩ්වින් රජු ද තමන්ගේ සේනාව ඉක්මන් ප්‍රහාරයක් සදහා යෙදවීම වෙනුවෙන් ජෙරුසලමේ සිට සැතපුම් සියයක් පමණ උතුරින් ඒකරය හා ඩැමස්කසය අතරින් වූ ජේකබ්ස් ෆෝර්ඩ් Jacob's Ford නමින් හැදින්වූ ස්ථානයේ බලකොටුවක් ඉදිකිරීම ආරම්භ කලාය. මෙය උපාය මාර්ගික වශයෙන් දෙපැත්තටම වැදගත් ස්තානයක් විය. එලෙස ඩැමස්කස් සීමාවට වඩාත් ලගින්ම ගොඩ නැගෙන බලකොටුව නිසා සලාදින් හට වැඩි අවදානමක් ඇති විය. එහෙත් එය සම්පූර්ණයෙන් ගොඩ නැගීමට පෙර එයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහුට නොහැකි විය. ඒ ජෙරුසෙලම ආක්‍රමණය කිරීම මගින් බයිසෙන්තියානුවන් සමගින් තිබූ ගිවිසුම අහෝසි වීම නිසා නැවතත් උතුරු සිරියාවේ කැරලි කරුවන් සමගින් සලාදීන් ඒ වන විට සටන් කරමින් සිටි නිසාය. ගොඩ නැගීම නැවැත්වීම සදහා ඩිනාර් 100000 ගෙවන බවට පොරොන්දුවක් සලාදීන් හතරවන බෝල්ඩ්වින් රජු වෙත යොමු කලද රජු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර 1178 අප්‍රේල් වන විට නව බලකොටුවේ ගොඩ නැගීම අවසන් විය. එම වසරේ ජූලි මස අවසානය දක්වා සලාදීන් උතුරු සිරියානු කැරලි කරුවන් සමගින් සටන් වදිමින් සිටි අතර අවසානයේ එයින් ජයග්‍රහණය කිරීමෙන් පසු සති තුනක් වැනි ඉතාම කෙටි කාලයකින් නැවතත් සිය හමුදාව ගක්තිමත් කොට 1178 අගෝස්තු 24 වන දින ක්‍රිස්තියනුවන්ගේ මේ නව බලකොටුව වෙත ප්‍රහාරයක් දියත් කළේය. මෙවර සලාදීන් පෙර කල වරද නොකිරීමට වගබලා ගත්තාය. ප්‍රහාරය සදහා ගෙනගිය සම්පූර්ණ ශක්තියම ඔහු වෙන ස්තානයන් වෙත යොමු නොකල අතර ඔහු වෙනදාටත් වඩා සැලසුම් සහගත විය. බලකොටුවේ උස් බිත්ති වලට ඔහු ගල් විසිකරනයන් මගින් පහර දුන් අතර සිරියානු පතල් කම්කරුවන්ගේ කණ්ඩායමක් යොදා ගනිමින් බලක්කොටුවේ බිත්ති වලට තාර මිශ්‍ර තෙල් යොදමින් හා බිත්ති වලට ලගින් ගැබුරු වලවල් හාරා එවා ගිනි තැබීමට අණ දුන්නාය. මේ නිසා දින කිහිපයක් ඇතුලත බලකොටුවේ ඊසානදිග කෙළවරේ පිහිටි බිත්තිය දුර්වල වූ අතර පසුව කරනු ලැබු ගල් ප්‍රහාරයක් මගින් එය පොලවට පතිත විය. සලාදීන්ගේ ආක්‍රමණ හමුදාවේ විශාලත්වය මත බෝල්ඩ්වින් හට ඉක්මන් ප්‍රහරයක් සදහා ඇති තරම් හමුදාවක් නොසිටින්නට හෝ දැනටමත් බලකොටුවේ වූ සේනාව ඔහු එනතුරු ආරක්ශාකාරීව සිටින්නට හැකි බව ඔහු සිතන්නට ඇත. මෙවර සිය සතුරා අවතක්සේරු කොට තිබුනේ බෝල්ඩ්වින් රජු විසිනි. ඔහු රැස් කරගත් විශාල හමුදාව සමගින් බලකොටුව වෙත එන අතරවාරයේ දින පහක පමනක් කරන ලද ඉක්මන් ප්‍රහාරයෙන් පසු සලාදීන් බලකොටුව වෙත ඇතුල් විය. බලකොටුව තුල වූ සටනින් එහි ආරක්ශකයින් 800කට අධිකප්‍රමානයක් මිය ගිය අතර තවත් 700ක් පමණ සලදීන්ගේ අත්අඩංගුවට පත්විය. මුලු බලකොටුවම කොල්ල කැමට ලක් වූ අතර එයට සන්නාහ ඇදුම් 1000කට ආසන්නව හා රනින් හා රිදියෙන් කරන ලද භාන්ඩ මැනික් ඇල්ලූ කුරුසයන් අශ්වයින් 300කට ආසන්න ප්‍රමානයක් හා ආහාරය සහ කිරි වෙනුවෙන් ඇති කරන ලද සතුන් විශාල ප්‍රමාණයක්ද එයට ඇතුලත් විය. ඒ අයුරින් තමන්ට තිබූ එක් ප්‍රධාන බාදකයක් සලාදීන් විසින් ඉවත් කරනු ලැබූ අතර නැවතත් ඔහු ඩමස්කසය වෙත ගියාය.
1178 සිදු වූ මේ ප්‍රහාරය මගින් සලාදීන් සිය බලය ක්‍රිස්තියානු නායකයින් හට පෙන්වා දුන්නාය. එහෙත් කටින් කට පැවත එන එක් කතාවකට අනුව බලකොටුව වෙත මුස්ලිම් හමුදාව ඇතුල්වෙන මොහොතේ සලාදීන් එහි නොසිට ඇත ඔහු ගේ ප්‍රධානතම ඉලක්කය වූ බලකොටුව අල්ලාගැනීම දින 5ක් වැනි කෙටි කාලයක් තුල සිදුවෙයි යැයි ඔහු නොසිතූ අතර ජෙරුසෙලමේ සිටි තම රහස් ඔත්තු කරුවන් මගින් ජෙරුසෙලමේ ලදුරු රජු සේනාවක් සමගින් බලකොටුවට එන බව දැනගැනීමෙන් පසු තමන් සතුව වූ එක් ප්‍රධාන සේනාංකයක් සමගින් බෝල්ඩ්වින් ගේ එන මග ඇහිරීම සදහා පිටත්ව ගොස් ඇති මෙහොතේ බලකොටුව බිද වැටී ඇත. අති විශාල මුස්ලිම් බලකායක් සමගින් ආරක්ශාවක් නොමැති තැනක සටන් කිරීම පලක් නොවන බව දැනගත් ක්‍රිස්තියානු සෙබලු බොහොමයක් යටත් වී ඇති මුත් ඔවුන්ව ඒ මොහොතේ මුස්ල්ලිම් සේනාන්කයන් වලට අණ දුන් නායකයින් විසින් මරාදැමීමට අණ කොට ඇති අතර බලකොටුව අල්ලාගැනීම අවසන් වී ඇත්තේ සමූලඝාතනයකින් විය. පසුවට මෙය පිලිබදව දැනගත් සලාදීන් සිරකරුවන් කෲර අන්දමින් මැරීම සදහා අණ දුන් නායකයින් කිහිප දෙනෙකු දඩුවම වශයෙන් හිසගසා මරාදැමූ බව සදහන් වෙයි කෙසේ නමුත් මෙය ඇත්තක් හෝ බොරුවක් වේවා මේවන් වූ සිද්දීන් මගින් සතුරෙකු හා භයානක සටන්කාමියෙකු වූ සලාදීන් ගැන ක්‍රිස්තියානු සටන්කාමීන් අතර යම් තරමක ගෞරවයක් හටගන්නට ඇත. මේ සටනින් පසු කන්ඩායම් දෙක අතර මහා පරිමාණයෙන් සටන් කිසිවක් සිදු නොවුන අතර සලාඩින් සහ හතර වන බෝල්ඩ්වින් අතර සටන් විරාමයක්ද සටහන් විය. එමඟින් කුරුස රාජධානි සහ අයුබිඩ් වංශයේ ප්‍රදේශයන් වසර දෙකක් සාමයෙන් සිටිනු ඇත.
එහෙත් මේ සාමය වැඩි කල් පැවතුනේ නැත. අද දින ජෝර්දානයේ පිහිටි එකල ප්‍රබල බලකොටු දෙකක් වූ කෙරක් (Kerak) සහ මොන්ට්‍රියල් (Montreal) පාලණය කරන ලද්දේ රේනල්ඩ් ඩි චැටිලෝන් වංශාධිපතියා විසිනි. මේ බලකොටු දෙකේ පිහිටීම අනුව මක්කම වෙත යන මාර්ගය මෙන්ම ප්‍රධාන මුස්ලිම් වෙලද මාර්ගයටද රේනල්ඩ් ගේ සේනාවට ඉතා ඉක්මනින් ලගා විය හැකි විය. 1181 මැද භාගයේදී රේනල්ඩ් විසින් මේ මාර්ගය තාවකාලිකව අල්ලා ගත් අතර එම අවස්තාවේ සිට එම මාර්ගය යොදා ගනිමින් ගමන් කල සියලු මුස්ලිම් තවලම් සියල්ල ඔහු කොල්ල කැවාය. මෙය ආරංචි වූ සලාදීන් යුදමය ක්‍රියාවකට යාමට පෙර රේනල්ඩ් හට දන්වා සිටියේ කොල්ල කන සියලුම දේ නැවත ගෙවා දමන ලෙසය. එහෙත් සලාදීන් බලාපොරොත්තු වූ දෙය රේනල්ඩ් ගෙන් නොලැබීම මත නැවත වරක් දෙගොල්ලන් අතර සටන් වලට එය මුලපිරීමක් විය. රේනල්ඩ් ඩි චැටිලන් ගේ අණ මතින් ක්‍රියාත්මක වූ මුහුදු ගැලී කිහිපයක් ඊජිප්තු පාලනයේ තිබූ වරායන්වලට පහර දී මක්කමට පවා තර්ජනක් විය. එහෙත් සලාදීන්ගේ නාවික බලය නිසාම වැඩි කාලයක් ක්‍රිස්තියානු නාවික බලයට ඔහුට තර්ජනයක් වෙමින් සිටිය නොහැකි විය. ගොඩබිම මතද 1183 හා 1184 යන වසර දෙක තුල රේනල්ඩ් ඩි චැටිලන් ගේ සේනාවට විරුද්ධව සලාදීන් සටන් මාලාවල් කිහිපයක් සිදු කලද ඒ සැම මොහොතකදීම බෝල්ඩ්වින් රජු විසින් සහන හමුදාවක් රැගෙන ආ අතර සලාදීන් ඒ සැම අවස්ථාවකදීම නැවත වරක් ඩැමස්කසය වෙත පසුබා ගියාය.
සැබවින්ම සලාදීන් හට පිරිස් බලය ක්‍රිස්තියානු හමුදාවන්ට වඩා වැඩියෙන් තිබුනද ක්‍රිස්තියානුවන්ගේ සැබැ ශක්තිය තිබුනේ යෙරුසෙලමේ රජු ලගය. මේ ලාදුරුවලින් දුර්වල වී වේදනා විදිමින් සිටියද ඔහුගේ යුද මනස නිතරම ක්‍රියාකාරී මටටමක විය. අද පවා මේ කාලය පිලිබද යුද විශ්ලේශකයින් පවසන්නේ ජෙරුසෙලමේ ආරක්ශාව අඩු පහසුකම් හා අඩු සේනාවල් යටතේ වුවද හතරවන බෝල්ඩ්වින් රජු යටතේ වඩාත් සුරක්ශිතව තිබූ බවයි. මෙය එකල සලාදීන් පවා පිලිගත කරුණක් වන්න පුලුවනි. සතුර වුද දෙන්නා එකිනෙකට විශේෂ වූ ගරු කිරීමක් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් අවසානයේ ලාදුරු රෝගය ජයග්‍රණය කරමින් හතරවන බෝල්ඩ්වින් රජු 1185 අවුරුදු 24ක් වැනි ඉතාම තරුණ අවධියේදී මිය ගියාය.
කුඩා කාලයේ සිටම ලාදුරු වලින් පීඩාවට පත්වීම මත හතරවන බෝල්ඩ්වින් රජු විවාහයක් සිදු නොකරගත් එම නිසා ඔහුට සැබැ අනුප්‍රාප්තිකයෙක් නොසිටියාය. එබැවින් ඔහුගෙන් පසුව ජෙරුසෙලමේ රජකම ඔහුගේ සොහොයුරියගේ පුතා වෙත බාර විය. 8හැවරිදි වියේදී රජකම ලබාගත් පස්වන බෝල්ඩ්වින් රජ වූ වහාම එවකට ට්‍රිපොලි හි සිටුවරයා වූ තුන්වන රේමඩ් විසින් සලාදීන් සමගින් නැවත වතාවක් සටන් විරාමයක් වෙන��වෙන් කටයුතු සූදානම් කලාය. කෙසේ නමුත් රජවී අවුරුද්දක් ගිය තැන පස්වන බෝල්ඩ්වින් හදුනානෙගත් හේතුවකින් මිය ගියේය. ඔහුගේ පියාද ඊට පෙර මිය ගොස් තිබූ නිසා ඔහුගේ මව වූ සිබිලා (Sybilla) ගයි හි ලුසිග්නන් (Guy of Lusignan) නම් ප්‍රංශ වංශාධිපතියෙකු සමඟ නැවත විවාහ වූ අතර එමගින් ජෙරුසෙලමේ රැජණ වශයෙන් සිටි ඇයගේ තනතුර නිසා ඔහු ජෙරුසෙලමේ සම පාලකයා ලෙසින් පත් විය.
ට්‍රිපොලි හි සිටුවරයා හා සලාදීන් අතර පිහිටුවාගත් සටන් විරාමය වැඩි කල් පැවතුනේ නැත. ජෙරුසෙලමේ සම රජු වශයෙන් පත් වූ Guy of Lusignan ගේ ප්‍රධාන ආධාරකරුවෙක් වූයේ රේනල්ඩ් ඩි චැටිලන් ය. ඔහු නැවත වරක් තමන්ගේ පැරණි පුරුද්ද ක්‍රියාවට නැංවීය. මුස්ලිම් තවලම් වලට නැවත වරක් තර්ජන ලගා විය. එක් කටකතාවකට අනුව සලාදීන් ගේ දරුණු බලය ජෙරුසෙලම අල්ලා ගැනීම වෙනුවෙන් මුලුමනින්ම යොදාගැනීම වෙනුවෙන් මග පැදූ එක් සිදුවීමක් මේ කොල්ලකැම අතරතුර සිදු විය. ඒ මක්කම බලා යමින් සිටි සලාදීන් ගේ සහෝදරිය ගමන් කරමින් තිබූ තවලමට රේනල්ඩ් විසින් පහර එල්ල කොට ඇයව අල්ලා ගැනීමයි. එපමණක් නොව ඇය කවුරුන්ද යන්න දැනගත් පසුව පවා ඇයව නිදහස් නොකර ඇයට අඩත්තේට්ටම් කිරීම හා ස��ාදීන් ට පවා අපහාසයක් වන ලෙස ඇයව නිරුවත් කොට සියල්ලන්ටම පෙනෙන පරිදි කස පහර ලබාදීම රේනල්ඩ් විසින් සිදුකිරීමය. මේ අන්තිම කුපිත කරවීම මගින් දෙගොල්ලන් අතරේ සාමයක් වෙනුවෙන් තිබූ අවසන් අවස්ථාව බිද වැටුනි. තමන් හට වූ අවමානය වෙනුවෙන් පලිය ගැනීම සදහා සලාදීන් ක්‍රියාත්මක විය.
සලාදීන් සිය පුතෙකු වූ අල්-අෆ්ඩාල් (Al Afdal ibn Salah ad Din) හා සෙබළුන් 24000ක් සමගින් 1187 ගිම්හානයේදී ගලීල මුහුද නැතහොතTiberias විල ආසන්නයේ වූ කුරුස කරුවන්ගේ බලකොටුව වට ලැවාය. එය වට කිරීමට පෙර ඒ අවට වූ සියලුම ගම්මානවලට සලාදීන්ගේ හමුදාව ප්‍රහාරයන් එල්ල කොට කොල්ල කා තිබුණි. Tiberias බලකොටුව පිහිටා තිබූ ප්‍රදේශය දෙස බලන විට එයට ලගා වීම වෙනුවෙන් අඩුම දුර මෙනම පහසුම මාර්ගය පිහිටා තිබුනේ සලාදීන් ගේ හමුදාවන් වලට පහසු වෙන ආකාරයටය එහෙත් යම් හෙයකින් එය අල්ලා ගනු ලැබුවහොත් හෝ එය සලාදීන් බලාපොරොත්තු වූ ආකාරයට වටලනු ලැබූ විට එය ගලවා ගැනීම වෙනුවෙන් ජෙරුසෙලමේ සිට එන ක්‍රිස්තියානු හමුදාවකට එයට ලගා වීමට ඇති එකම මාර්ගය වන්නේ ඉතාම රළු කඳුකර මගක් ඔස්සේය. කලින් ස්ථාන ගත වී සිටිය හැකි උස් ස්ථානයක් යනු ප්‍රහාරයකට පහසුම ස්ථානයක් බව සලාදීන් අත්දැකීමෙන් වටහාගෙන සිටියාය. තමන් වට කරනු ලැබූ බලකොටුව ගලවා ගැනීම වෙනුවෙන් කුරුස කරුවන් එන බව ඔහුට විශ්වාසයක් තිබුණි එය තවත් වැඩි වූයේ ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ්ගේ බිරිඳ ඒවන විටත් වටලනු ලැබූ ටයිබීරියස් බලකොටුවේ සිරවී සිටිම නිසාය. මේ අයුරින් සලාදීන් සිය උගුල ඇටෙවුවාය.
සලාදීන්ගේ වටකිරීම වෙනුවෙන් Guy of Lusignan ගේ ප්‍රතිචරය ඉක්මන් නොවීය. සමහර විට ඔහුට මෙය උගුලක් බව වැටහෙන්නට හෝ ජෙරුසෙලමෙන් පිට තිබූ මෙවන් ස්ථානයක වැදගත් කමක් එක්වර ඔහු නොදකින්නට ඇත. එහෙත් ඔහුගේ උපදේශකයින් විශේෂයෙන්ම රේනල්ඩ් පවසා සිටියේ සිංහාසනය මත ඔහුගේ අයිතිය තහවුරු කිරීම වශයෙන් මෙය ඉතාම හොද අවස්ථාවක් වන බවත් පහර දුන්හොතින් පහසුවෙන්ම සලාදීන්ව පන්නා දැමීමට හැකිවනු ඇති බවත්ය. මේ අනුව ගයි 1300ක නයිටුවන් හා තවත් සොල්දාදුවන් 18000ක් රැගෙන ජෙරුසෙලමේ සිට කිලෝමීටර් 32 පමණ දුරින් වූ ටයිබීරියස් බලකොටුව බේරාගැනීම වෙනුවෙන් පිටත් විය. ගමන ක්‍රිස්තියානුවන් බලාපොරොත්තු වූ ලෙසකින් පහසුවක් නොවීය ලෙවන්ට් හි කාලගුණය ඉතම කෲර වූ අතර සලාදීන් විසින් පෙර සූදානම් කොට තිබූ පරිදි කන්ඩායම එන මාර්ගය මත නිරන්තරයෙන් සැගවී සිට පහරදීම් වලට ඔවුන්ට ගොදුරු වීමට සිදුවිය මෙහි එක් ප්‍රථිපලයක් ලෙසින් ක්‍රිස්තියානු හමුදාව වෙනුවෙන් රැගෙන හා ආහාර හා ජල සැපයුම් කරත්ත කිහිපයක්ම විනාශ වී තිබුණි.
ජූලි 3වනදා වන විට හටින් (Hattin) ගම්මානය අසලට පැමිණි කුරුස කරුවන් බොහෝ ලෙසින් දුර්වල වී සිටිය අතර ඒ වන විටත් සැලකිව යුතු ප්‍රමාණයක් සලාදීන් ගේ අසරු දුනුවායන්ගේ ප්‍රහරයන්ට ගොදුරුව මරණයට හෝ තුවාල ලබා සිටියහ. ඉන් පසු දින උදැසනම සලාදින් ගම්මානය අසල වූ ලදු කැලැවන් වලට ගිණි තබන ලෙස අණ කරන ලද්දේ එයින් සිය සතුරාගේ ජල පිපාසය තවත් වැඩීවීමට ලක් කිරීමටය. ප්‍රහාරය වෙනුවෙන් රැගෙන ආ කොටසින් විසිදාහක් පමණ සෙබලුන් ප්‍රමාණයක් ගම්මානයේ වූ ක්‍රිස්තියානු බලකාය වට කිරීම වෙනුවෙන් සූදානමින් සිටි අතර ලදු කැලයට තැබූ ගින්නෙන් ඇති වූ දුමාරයත් අදුරත් සමගින් සලාදීන් සිය දුනුවායන් යොදවා ක්‍රිස්තියානු සේනාවට ඊතල වැස්සක් වස්සවන්නට විය. දුමාරයත් තිබහත් සමගින් ඊතල ප්‍රහාරයෙන් කලබල වූ සේනාව තැනින් තැන විසිරීමට පටන් ගත් අතර එය පහරදීම වෙනුවෙන් සලාදීන් බලාපොරොත්තු වූ මොහොත විය ඔහු සිය සේනාව කුරුස කරුවන් මත මුදා හැරියාය. ප්‍රහාරය සදහා පැමිණි ටෙම්ප්ලාර් හා හොස්පිටලර් නයිටුවන්ගේ කන්ඩායම් එක්ව පෙර දවසකදී මොන්ට් ගිසාර්ඩ් හිදි සලාදීන් ගේ පසු රේඛාවට පහර දුන්නා සේ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වුවත් මෙවර සලාදීන් එයට හොදින් සූදානම් වී සිටියාය. ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ් ගේ අණ යටතේ වූ කුඩා නයිටුවන් කන්ඩායමකට පමණක් සලාදීන් ගේ ප්‍රහාර රේඛා සියල්ලම කඩා දමමින් පැනයාමට හැකියාවක් ලැබුණි. මෙයට තවත් ප්‍රංශ වංශවතෙක් වූ ඉබෙලින් හි බේලයන් (Balian of Ibelin) ද ඇතුලත් විය. ජෙරුසෙලමේ සම-රජු මෙන්ම කරක් හි අදිපදි රේනල්ඩ් ඩි චැටිලන් වැනි අය සිරකරුවන් ලෙසත් හා තවත් බොහෝ දෙනා මරණයට පත් විය. සටන තුලදී අල්ලා ගනු ලැබූ ටෙම්ප්ලාර් නයිටුවන් සියලු දෙනාටම හිමි වුයේ මරණයයි. සලාදීන් බොහෝ කාලයක් බලාසිටි මොහොත උදාකරගැනීම වෙනුවෙන් වීමට මුල් අඩිය තබමින් ජෙරුසෙලමේ ඊලග රජු අල්ලා ගනිමින් හා ක්‍රිස්තියානු හමුදාවන් මෙහෙයවීමට සිට එක් ප්‍රධාන සෙන්පතියෙක් අල්ලාගැනීමට මග පාදමින් කුරුස යුද ඉතිහාසයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන “හටින් හි සටන”අවසන් විය.
ජනප්‍රවාදයට අනුව අල්ලාගනු ලැබූ ගයි හි ලුසිග්නන් හා රේනල්ඩ් ඩි චැටිලන් ව සලාදින් ගේ කූඩාරම වෙත ගෙන ආ අතර එහිදී ආගන්තුක සත්කාරයක් වශයෙන් සීතල ජලය පිරි කෝප්පයක් සලාදීන් විසින් ගයි හි ලුසිග්නන් වෙත පිරිනමා ඇත. එහෙත් එය ඔහු බොනවා වෙනුවට එය තමන් අසල වූ රේනල්ඩ් ඩි චැටිලන් හට ගයි විසින් දී ඇත. ඔහු එයින් ජලය පානය කිරීමත් සමග සලාදින් කුපිතව රජු දෙස බලා “මේ ශාපලත් මිනිසා ජලය පානය කලේ මගේ අවසරයකින් තොරවයි. මේ මාගේ ජලයයි. මා එය ඔබට ලබාදුන්නේ නායකයෙකු හට මගේ ආගන්තුක සත්කාරය පිරිනැමීමේ යුතුකමක් වශයෙනුයි ඔබ සිටින තැන මා සිටියද ඔබත් මෙයම මට පිරිනමනු ඇත. මගෙන් ලැබෙන දෙයක ආරක්ශාව ගැන මා වග කියනවා.” යනුවෙන් ප්‍රකාශ කොට ඇත. සැබවින්ම ජලය සලාදීන් විසින්ම රේනල්ඩ් පිරිනැමුවා නම් ඔහුට එය ප්‍රශ්නයක් නොවෙනු ඇත එය ආගන්තුක සත්කාරයක් වනු ඇත එහෙත් දැන් නැවත වරක් රේනල්ඩ් සිදුකර ඇත්තේ තමන් ගේ දෙයක් අවසරයකින් තොරව ලබාගැනීමයි. සලාදීන් ගේ ඇස් වලින් මෙය ඔහුට කරනු ලැබූ තවත් අපහාසයකි. මේ සිදුවීම අවසන් වන්නේ සලාදීන් විසින්ම සිය කඩුවෙන් රේනල්ඩ් ගේ බෙල්ල කපා දැමීමෙන් විය. සමහර තැනක එය සදහන් වන්නේ සිය ජලය කෝප්පය ගත් අත පමණක් සලාදීන් කපාදැමූ බව හා පසුව ඔහුගේ සෙබලුන් විසින් රේනල්ඩ් ගේ ගෙලසිද දැමූ බවත්ය. රජුන් තවත් රජුන් ව මරන්නේ නැහැ ඇත්තටම නුබ එය ඉගෙන ගැනීමට ඒ ගුණවත් රජු පිටුපස සිටියේ නැද්ද ? යනුවෙන් ඉන් පසුව සලාදීන් විමසා සිටිය බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.
අල්ලා ගැනීමෙන් අවුරුද්දකට පමණ පසුව සලාදීන් ගයි නිදහස් කළේ නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා බවට පොරොන්දු කොන්දේසියක් මත ය.එහෙත් පසුවට ඔහු මේ පොරොන්දුව කඩ කරනු ඇත. මෙය සමහරුන් විසින් සුල්තාන්වරයා ගේ ත්‍යාගශීලී බවට සහතිකයක් වශයෙන් පෙන්වාදීමක් විය. ජෙරුසෙලමේ ඊලග රජු හැටියන් හිදී ලද පරාජයේ ආරංචිය වැඩි කල් නොගොස් බටහිර යුරෝපයට ආරංචි විය. සැබැ කුරුසිය සතුරා අතට පත් වූ අතර ෆ්‍රෑන්ක්ස් හමුදාව විනාශ වී ජෙරුසලම දැන් අවදානමට ලක් වී තිබුණි. ඉන් පසුව සෑම නගරයක්ම සහ කුරුස බලකොටුවක්ම පාහේ ඉක්මනින්ම සලාඩින් අතට පත් විය. Conrad of Montferrat මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ්ගේ ආරක්ශාව යටතේ වූ Tyre බලකොටුවේ සිටි Balian සිය බිරිය වූ Amalric රජුගේ දෙවන බිරියක් හා ජෙරුසෙලමේ පෙර රැජිනක් වූ මාරියා රැජිණ (Maria Komnene) හා ඔවුන්ගේ දරුවන් නැවතී සිටි ජෙරුසෙලමින් නගරයෙන් පිටත් වීම වෙනුවෙන් සතුරු සීමා හරහා යාම වෙනුවෙන් සලාදීන්ගෙන් අවසර ඉල්ලා සිටි අතර සලාදින් විසින් Balian හටද තමන් ගයි වෙනුවෙන් පසු කාලයකදී ඉදිරිපත් කරන “නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා” බවට පොරොන්දු කොන්දේසිය ඉදිරිපත් කලාය. Balian මෙයට කැමැත්ත පළකල නමුත් ඔහු ජෙරුසෙලමේ මාලිගයට ගිය පසුව සිබිලා රැජින නගරයේ ආරක්ෂාවට නායකත්වය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අතර, ඔහු අකමැත්තෙන් වුවද එයට එකඟ වීමට සිදුවිය. ඔ��ු සිය පොරොන්දුව ඉල්ලා අස්කරගන්නා බව සලාදින් හට දන්වා සිටියේය. මෙයින් සුල්තාන් කෝපයට පත් විය.
1187 සැප්තැම්බර් 20 වෙනිදා ඊජිප්තු සහ සිරියානු හමුදාව නගර තාප්පයෙන් පිටත කදුවුරු බැදගත් අතර ප්‍රහාරයක් එල්ලකිරීමට පෙර සලාදීන් විසින් සටනක් නොමැතිව නගරය තමන්හට ලබාගැනීම පිනිස සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළේද ඉන් පලක් නොවීය. සැප්තැම්බර් මාසය පුරාවටම, නගරයේ බිත්තිවලට කැටපෝලු ප්‍රහාරයන් දිනකට කිහිපවතාවක්ම සිදුවිය මෙයින් නගරයේ පිටත බිත්තියන් වලට මෙන්ම ඉන් ඇතුලෙන් වූ ගොඩ නැගිලි හා මිනිසුන්ට විශාල හානියක් සිදුවිය. එමෙන්ම සලාදීන් තමන් ගේ පෙර අත්දැකීම ඇසුරෙන් දුර්වලව ආරක්ශාකරන ලද නගර බිත්ති ඇති තැන් සොයා ඒවා මත තාර දමා හා බිත්තියන් අසල විශාල වලවල් කපා ඒවා ගිනිතැබීමට කටයුතු කල අතර ඉන් ඔහු සාර්ථක විය. සැප්තැම්බර් 29 වන දින ඔලිව් කන්ද අසල වූ නගර බිත්තියෙන් කොටසක් කඩා වැටුනාය. එහෙත් Balian ගේ නගර ආරක්ශාව ඉතා හොද මට්ටමක තිබුනි කඩා වැටුනු කොටසින් සලාදීන්ගේ මුල් ප්‍රහාරකයින් යම් ප්‍රමාණයක් නගර තුලට ඇතුල් වීමට ගත් උත්සාහයට ඔහු ඉඩ දුන් අතර සැලකිය යුතු ප්‍රමානයක් ඇතුලට පැමිනි විගස ඔහු කඩා වැටුනු කොටසට නගරයේ තුල තිබූ දර කොටන් හා පිදුරු දමා මාර්ගය අහුරාලමින් ඒ මත ගිනි දැමීමට අණ දුන්නාය නගරය තුලට ආ අයියූබිඩ් සෙබලුන්ට පිටතට පැන යාමට හෝ නගරයෙන් එලියේ සිටි උන් හට ඇතුලට ඒම මින් වැලකුන අතර නගරය තුලට ආ අයට අත්වූයේ මරණයයි. එහෙත් මේ අයුරින් වැඩි කල් සටන් කිරීමට නොහැකි බව Balian කල්පනා කරන්නට ඇත එමෙන්ම නගරය අල්ලාගැනීමට නම් එය තවත් විනාශයට පත් වනු ඇති බව සලාදීන් කල්පනා කරන්නට ඇත. මෙම නිසා නැවත වරක් සාකච්ඡාමය විසඳුමක් සොයා දෙදෙනා මුණ ගැසුනාය. ලෙවන්ට්හි බහුලව භාවිතා වන බයිසැන්තියම් හි bezants රන් කාසි 30000කට සරිලන පරිදි ක්‍රිස්තියානු වැසියන් 7000ක් වහලුන් ලෙසින් අල්ලාගැනීමට නොහැකි බව පවසා Balian සිය ඉල්ලීම සලාදින් වෙත යොමු කල අතර මෙයට අකමැති වුවහොත් හෝ සටන දිගටම පැවතියහොත් 5,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නගරය තුල දැනට ජීවත්වන මුස්ලිම් වැසියන් මරාදමන බවටත් සහ අල්-අක්සා (al Aqsa) පල්ලිය හා එහි වූ ශුද්ධ වූ ඩොම් ඔෆ් ද රොක් (Dome of the Rock) විනාශ කරන බවටත් Balian විසින් පවසා තිබුණි. සලාදීන් සිය උපදේශකයින් හා කතා කොට Balian ගේ ඉල්ලීමට කැමති විය. එමෙන්ම සලාදීන් විසින් තමන්ගේ අනෙක් නිලදාරීන් විසින් අල්ලාගන්නා ලද ක්‍රිස්තියානු වැසියන් බොහොමයක් දෙනාද කිසිදු මුදලක් නොමැතිව නිදහස් කරන ලෙස ඔවුන්ට ඒත්තු ගැන්වූ බව ඉතිහාසයේ සදහන් වෙයි. මේ අනුව 1187 ඔක්තෝබර් 2 සිකුරාදා ජෙරුසලම සලාදීන්ගේ හමුදාවන්ට යටත් විය. Holy Sepulchre දේවස්ථානය හැර අනෙකුත් සියලුම දේවස්ථානයන් මුස්ලිම් පල්ලි ලෙසට හැරවූ සලාදීන් බටහිර රටවලින් පැමිණි සියලුම ක්‍රිස්තියානුවන් හට නගරයෙන් පිටත් වීමට අණකල අතර නැගනහිර ක්‍රිස්තියානුවන් හට ඔවුන්ගේ කැමැත්ත පරිදි සිටීමට හෝ යාමට ඔහු ඉඩ සලසා දුන්නාය. සලාදීන් යුදෙව්ව ජනතාව කැඳවා නගරයේ නැවත පදිංචි වීමට ද අවසර දුන්නේය. විශේෂයෙන්ම, විශාල යුදෙව් ජනාවාසයක් වූ Ascalon හි පදිංචිකරුවන් ඔහුගේ මේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූහ. ශුද්ධ වූ දේශයේ සලාදීන් හට අල්ලා ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබුනේ Tyre වෙරලබඩ බලකොටුව පමණි. මෙය ආරක්ශා කරන ලද්දේ මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ් විසිනි. ඔහු එහි ආරක්ෂාව මනා ලෙස ශක්තිමත් කළ අතර සලාදීන් ගේ ප්‍රහාරයන් දෙකක් වලකාලමින් බලකොටුව ආරක්ශා කරගැනීමට ඔහුට හැකි විය. එය ඇරෙන්නට තමන් බලාපොරොත්තු වූ ලෙස සිය සිහිනය සැබැවක් කරගත් සලාදීන් ජෙරුසෙලම සිය රාජධානියට ඈදා ගත්තේ අවම ක්‍රිස්තියානි ලේ වැගිරීම් සහිතව ය. ඊට ප්‍රථමයෙන් පළමු කුරුස යුද්දයේ අවසන් මොහොතේ ජෙරුසෙලම කුරුසකරුවන් වෙත අත්වන මොහොතේ කතාව ඊට හාත්පසින් වෙනස් දෙයක් විය. තමන්ගේ ජීවිත කාලය තුලදී ක්‍රිස්තියානු බලවේගයන් සමගින් ඇතිවන අවසාන ගැටුම මෙය වන්නට ඇති බව සමහර විට ඔහු කල්පනා කරන්නට ඇත. එහෙත් එය එසේ නොවීය.
ජෙරුසෙලමේ වැටීම ආරංචි වූ 1187 ඔක්තොම්බර් මස 25වන දින පාප් ලෙසින් පත් වූ අටවන ග්‍රෙගරි පාප් වහන්සේ 1187 ඔක්තොම්බර් මස 29වන දින Audita tremendi නියෝගය නිකුත් කරමින් ශුද්ධ වූ දේශය ගලවාගැනීම වෙනුවෙන් තුන්වන කුරුස යුද්දය ඉල්ලා සිටියාය. පසුව මේ සදහා ඒ වනවිට එකිනෙකා හා සතුරුකමින් සිටි Pisa හා Genoa යන බලවත් නාවික නගර වල සතුරුකම් සමතයකට පත්කොට ඔවුන්ගේ වරායන් යුද්දය වෙනුවෙන් යොදවාලීම වෙනුවෙන් සාම සාකච්ඡා වලට සහාභාගී වෙන මොහොතක ඔහු උණ රෝගයට ගොදුරු වී පසුව දෙසැම්බරයේ 17වන දින මරණයට පත්වනු ඇත. කෙසේ නමුත් සලාදීන් හට නැවත වරක් කුරුස කරුවන් හා මුහුණදීමට මෙයින් සිදුවනු ඇත.
සලාදීන් ජෙරුසලම ආක්‍රමණය කරන කාලයේදී, යුරෝපීය මහාද්වීපයේ ශ්‍රේෂ්ඨ රජවරුන් තිදෙනෙක් සිටියහ. ෆ්‍රෙඩ්රික් බාබරෝසා ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ එවකට පාලකය පළමු ෆ්‍රෙඩ්රික් (Frederick I) ඉන් පළමු වැන්නාය. ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් (Philip II Augustus) මෙහි දෙවනියා වූ අතර තුන්වෙනියා වන්නේ ඉංග්‍රීසි ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන රජවරුන් අතරේ මුල්ම තැනකට පත් වන පළමු රිචඩ් Richard I නැතහොත් ‘Lionheart’ “ලයන්හාට්” රජුය. මොවුන් තුන්දෙනාම පාප්වහන්සේගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අතර ජෙරුසෙලම ගලවා ගැනීම වෙනුවෙන් කුරුසිය අතට ගත්හ.
ශුද්ධ භූමියට යන ගමනේදී, බාබරෝසා හට බයිසැන්තියානු අධිරාජ්‍යය විසින් සිය දේශසීමා හරහා යාම තහනම් කරන ලද නමුත් ඔහු ඒවා ගනනකට නොගෙන දකුණු ඇනටෝලියාවේ සිලිසියාවට ළඟා විය. ඔහු සිටින ස්ථානය අනුව සිරියාවට ඇත්තේ ඉතාම පහසු ගමනකි. එහෙත් නැවත වරක් අනුන් හට අවාසනාවක් ගෙන ආ එහෙත් සලාදීන් හට වාසනාවක් වූ සිදුවීමක් සිදු විය. ඒ 1190 ජූනි මස 10 වන දින ෆ්‍රෙඩ්රික් බාබරෝසා දියේ ගිලී මියයාමය. ඔහු පිහිනීමට සමත් පුද්ගලයෙකු නොවීය. මෙම නිසාම මුහුදු මගින් ගමන ද අත්හැර ඔහු ගොඩබිම් මාර්ගය සිය ගමන වෙනුවෙන් යොදාගෙන තිබුනි. තෙවන කුරුස යුද්දය වෙනුවෙන් සහභාගී වූ විශාලම හමුදාව ඔහු සතු විය. එය 1200 දී පමණ ලියන ලද ලියවිල්ලකට අනුව සෙබළුන් 100000 පමණ වූ බව හා එයට නයිටුවන් 20000ක් අයිති වූ බව සදහන් එහෙත් මෙය ගැන මැත කාලීන ඉතිහාසඥයින් ගේ ඇස්තමේන්තු අනුව නයිට්වරු 3,000 හෝ 4,000 ක් ඇතුළුව ඔහුගේ හමුදාවේ ප්‍රමාණය 12,000-15,000 කට වැඩි විය නොහැකි වනු ඇති බවටයි. කෙසේ නමුත් ඔහුගේ මරණයින් පසු ඔවුන් ගෙන් විශාල කොටසක් නැවත ජර්මනියටත් තවත් කුඩා කොටසක් කුරුස යුද්දය වෙනුවෙන් ක්‍රියාකිරීම වෙනුවෙන් බෙදී වෙන් විය. ඉන් වසරකට පමණ පසුව පළමු රිචඩ් හා දෙවන පිලිප් ඔගස්ටස් සිය සේනාවල් සමගින් ලෙවන්ට් වෙත පැමිණ සලාඩින්ගේ හමුදාවන්ට එරෙහි ප්‍රධාන සටනට සහභාගී වූහ. නිදහස් වී පැමිණි ජෙරුසෙලමේ රජු වශයෙන් තමන්ව පත්කොට ගත් Guy of Lusignan සලාදීන් හට දුන් පොරොන්දුව අමතක කරමින් 1189 අගෝස්තු මාසයේ සිට සලාදීන්ගේ ප්‍රධාන බලකොටු නගරයක් වූ ඒකරය වටලෑමට ලක් කොට තිබුණි. එහෙත් Guy of Lusignan හට වූ වැරදි උපදෙස් මත ඔහුගේ නගර වට ලැම ඔහුව වට ලැමක් බවට පත් විය. ඒ සලාදීන් විසින් එවන ලද අතිරේක බලඇණි විසින් ඔහුගේ සේනාව වට කිරීම නිසාය. එහෙත් එංගලන්ත රජුගේ සේනාව පැමිනීමත් සමගින් ඔහු ඒ උගුලින් යන්තමින් ගැලවිනි.
ලයන්හාට් ද සලාදීන් මෙන්ම ඉතාම හොද යුදමය මනසක් තිබූ පුද්ගලයෙක් විය. කුරුස යුද්දය සදහා එන අතර වාරයේ ඔහු බයිසෙන්තියානුව යටතේ වූ සයිපරසය තමන්ගේ නමින් අල්ලා ගත්තාය ඉන් පසුව ඔහු එය ටෙම්පාල් නයිටු නිකායට විකිනීමට කටයුතු කලාය. ටෙම්ප්ලාර් නයිටුවන් එවකට යුරෝපයේ සිටි ධනවත්ම නයිටු නිකායක් විය. ඔවුන්ගෙන් ලද මුදල මගින් වැඩි වශයෙන් තාර මිලදී ගත් රජු ඒවා ඒකරයේ නගර බිත්තිය බිද දැමීම සදහා වැඩි වශයෙන් උපයෝගී කර ගත්තාය. 1191 ජූනි 8 වෙනිදා ඒකරයට ලගාවූ රිචඩ් ද ලයන්හාට් රජු ජූලි 12 වෙනිදා වන විට නගරය අල්ලා ගත්තාය. ලයන්හාට් ගේ මේ දක්ශතාවය ජෙරුසෙලමේ රජු හට කනේ පහරක් විය ඒ ඔහු අවුරුදු 2ක් තිස්සේ නගරය අල්ලාගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීම මතය.
කෙසේ නමුත් සිය රට තුල සිහසුන කෙරෙහි ඇති තර්ජන නිසාම ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් කුරුස යුද්දය අත්හැර නැවත යාමට තීරණය කොට තිබුණි. මේ නිසාම රිචඩ් ද ලයන්හාට් හට සේනා ප්‍රමාණය අනුව වඩා අවාසියක් ලගා විය. මෙයින් ප්‍රයෝජනය ගැනීමට කල්පනා කල සලාදින් ඔහුට විරුද්දව ප්‍රහාරයන් දියත් කලද එංගලන්ත රජු ඒවා සියල්ල මැඩ පැවැත්වීය. ඒකරය අල්ලාගැනීමෙන් පසු එහිදි අල්ලාගත් මුස්ලිම් සිරකරුවන් 2000කට වැඩි පිරිසක් සදහා නිදහස වෙනුවෙන් රිචඩ් රජු සලාදීන්ගෙන් කප්පමක් ඉල්ලා සිටියාය. එහෙත් සලාදීන් කාලය කා දැමීමක් ලෙසින් මේ යෝජනාවට වැඩි කැමැත්තක් හෝ අවධානයක් යොමු නොකලාය. වයසත් සමගින් සලාදින්ගේ තියුනු යුද මනසේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිදු වුනාද ? නැතහොත් නොයෙක් ආකාරයේ ඒකාලයට සම්භන්ද ලිපි වල සදහන්වන පරිදි සලාදින් රෝගවලින් පීඩා විදිමින් ඉන්නට ඇති. ඔහු සැබවින්ම රිචඩ් රජුගේ යෝජනා වැඩි වැදගත් කමකින් සිතට නොගත්තය. එහි ප්‍රතිපලය වුයේ සිරකරුවන් සියලුම දෙනාගේ සමූහ ඝාතනය සිදුවීමයි.
සලාදීන්ගේ මෙම පරිහානියට හේතුව කුමක් වුවත්, ලයන්හාට් රජුගේ ඒකරයේ සිට ජෙරුසලම දක්වා ගමන් කිරීම නැවැත්වීමට ඔහුට නොහැකි විය. Hattin හි ලබාගත් සාර්ථකත්වය නැවතත් ලබාගැනීම වෙනුවෙන් සලාදීන් ක්‍රියාත්මක විය ලයන්හට් රජුගේ එන මග රැකගෙන සිටි මින් ඔහුගේ සේනාවට පසුපසින් හා පැති දෙකෙන් සිය අශ්වාරෝහක දුනුවායන් යොදවා පහර එල්ල කිරීම සදහා සලාදින් කටයුතු යොදවා තිබුණි. එමෙන්ම රජුගේ සේනාවට වුවමනා හදිසි ආහර හා ජලය රැගත් කරත්ත වලට ගිණි ඊතල වලින් හානි කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් ඉතාම පහසුවෙන් ලයන්හාට් විසින් වලකා තිබුණි. පෙර අත්දැකීම ඇසුරෙන් එයට ඔහු පිලියම් දෙකක් යොදවා තිබුනි ඒවා අවසානයට නොව කන්ඩායම මැදකින් ගමනේ රදවා තැබීමත් එයට ආරක්ශාව වශයෙන් ටෙම්ප්ලාර් හෝ වෙතත් නයිටුවන් යෙදවීමත් ඔහු සිදු කොට තිබුණි. 1191 සැප්තැම්බර් 7 වන දින Arsuf හරහා යන අතර වාරයේ සලාදින් නැවත වරක් අසලවූ තණතීරු සහ වියලි ලදු කැලැ ගිණිබත් කරමින් ප්‍රහාරයක් එල්ල කලාය. එහෙත් ගමන්ගත් භූමිය පිලිබද මනා දැනුමකින් සිටි ලයන්හාට් සිය කන්ඩායම් මුහු��ු රේඛාව වෙත පසු බැස්ස වීය. එයින් දුමාරයෙන් ආරක්ශා වූ ඔවුන් වටකිරීමකින්ද ආරක්ශා විය. සලදින්ගේ ප්‍රහාරයන් වෙනිවෙන් සිය ඉදිරිපෙල ශක්තිය ටෙම්ප්ලාර් හා හොස්ටිපලර් නයිටුවන් ප්‍රමුක වඩා ශක්තිවන්ත සන්නද්ධ අශ්වාරෝහක සේනාවෙන් සකස් කරගත් ඔහු සලදින්ගේ කන්ඩායම එනතෙක් සුදානමින් සිටියාය. එහෙත් වාසිය දැන් ඇත්තේ සිය සතුරාගේ පැත්තේ බව වටහා ගත් සලදින් එතනින් පසුබා ගියාය.
1192 ජනවාරි මාසයේදී රිචඩ් විසින් Jaffa බලකොටුව අල්ලාගත්තාය. ජෙරුසෙලම දැන් ඔහුගේ පෙනෙන මානයේ විය. එහෙත් කුරුස යුද්දය වෙනුවෙන් දැන් ඉතිරි වී ඇති එක බටහිර නායකත්වය තමන් පමණක් විය. ජෙරුසෙලම අල්ලාගැනීමට තමන් හට පුලුවන් කමක් තිබූ බව රිචඩ් හොදාකාරයෙන් දැන සිටියාය එමෙන්ම ඔහු එය අල්ලාගත් පසු එන ප්‍රතිප්‍රහාරයක මුහුන දීමට නොහැකි වන බවද ඔහු දැන සිටියාය. ආධාර වශයෙන් අලුත් සෙබලුන් බටහිරෙන් ඉල්ලා ඔහු ලිපි කිහිපයක් යොමු කලාය. ඒවාට පිලිතුරු එනතුරු ඔහු මාස හයක් පුරාවට Jaffa බලකොටුවේ රැදී සිටියාය. මේ කාලය ඇතුලත සලාදින් පවා කිසිම දෙයක් නොකලාය මෙයද ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය හෝ යුදවැදීම තුල ලද තෙහෙට්ටුව පෙන්වන කරුණක් වන්නට ඇත.
කෙසේ නමුත් ජූලි මාසයේදී සලාදින් Jaffa බලකොටුවට පහර දී එය අල්ලාගත් නමුත් ලයන්හාට් විසින් නැවත වරක් එය අගෝස්තුවේදී අල්ලාගත්තාය. නායකයින් දෙන්නා අණ දුන් සේනානකයන් දෙකක් අවසන් වරට මුන ගැසෙන අවස්ථාව මෙය විය. නවකතා වල මොවුන් දෙන්නාගේ මුන ගැසීම පිලිබද නොයෙක් සටහන් තිබුනද සැබැවින්ම මොවුන් දෙන්නා කිසිම දවසක මුහුනට මුහුණ හමු වී නොතිබුණි. Jaffa හිදී පවා සාම සාකච්චා සිදු කරනු ලැබුවේ දෙපැත්තේ දූතයන් විසිනි. ලයන්හාට් විසින් සලාදින් හට පෞද්ගලිකව දැඩි කැමැත්තක් තිබූ බව නොරහසකි. ප්‍රධාන වශයෙන් යුරෝපීයයන් සලාදින්ව සාධාරණ පාලකයෙකු සහ දක්ශ සටන්කාමියෙකු ලෙස අගය කිරීමට ඉගෙන ගත්තේ ලයන්හාට්ගේ හැදින්වීම් මතය. සිය සොහොයුරියක් වූ ජොආනා (Joan of England) සලාඩින්ගේ සහෝදරයා වූ අල්-ආදිල් (Sayf ad-Din Abu Bakr) සමඟ විවාහ කරවීමටද රිචඩ් හට වුවමනාවක් තිබුණි මේයට අල්-ආදිල් හා සලාදීන් පවා කැමැත්ත පළකලද එය සිදු නොවනු ඇත. සිය සහෝදරයා ගේ ක්‍රියාකාරකම් මත තමන්ගේ කිරුල අහිමි වීමට ඇති හැකියාව මත ඒවන විටත් අසනීපයෙන් සිටි රිචඩ් ද ලයන්හාට් රජු සලාදීන් සමගින් සාම ක්‍රයාවලියකට අත්සන් තැබීය. එමගින් ක්‍රිස්තියනු කුරුස කරුවන් සදහා සාමයෙන් සිටිය හැකි ප්‍රදේශන් කිහිපයක් ලබාදීමත් වන්දනාකරුවන් වෙත ආරක්ශාකාරීව ජෙරුසෙලමට යාමට හා ඒමට හැකි විය. සිය අවසන් ලිපියෙන් තමන් නුදුරේදීම නැවත වරක් ශුද්ධ භූමිය අත්පත්කර ගැනීම වෙනුවෙන් එන බව පැවසූ ලයන්හාට් රජුගේ ලිපියට පිලිතුරු වශයෙන් තමන් ඔහුගේ අභියෝගය භාර ගන්නා බවටත් තමන්ගේ ජිවිතකාලයේ සිහිනය වශයෙන් ලබාගත් ජෙරුසෙලම වෙනත් අයකුගේ අතර පත්වන්නේ නම් ඒ සදහා රිචඩ් ඇරෙන්නට වෙනත් සුදුස්සෙක් නොමැති බවත් සලාදින් ලියා යැවීය.
යෙරුසෙලමින් කුරුස කරුවන්ගේ ඉවත්වීම සිය වාසියක් වෙනුවෙන් හරවාගැනීමට කාලයක් සලාදීන් හට නොමැති විය. 1193 මාර්තු 4 වන දින ඩමස්කස්හිදී ඔහුය මියගියාය. ඔහ්ට අවුරුදු 55ක් හෝ 56ක් පමණක් විය. යම් යම් අසනීප තත්වයන් මත සිටියද මිය යමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දශක ගනනාවක යුද ව්‍යාපාරයේ යෙදීමෙන් ඇතිබූ අධික ශාරීරික වෙහෙස නිසා විය හැකිය. සලාදින් ගේ මරණයින් පසුව ඉතා ඉක්මනින් ඔහුගේ සන්ධානය කඩා වැටීම ආරම්භ විය. සලාදීන්ගේ පුතුන් තිදෙනෙකු පිළිවෙලින් ඊජිප්තුව, ඩැමස්කස් සහ ඇලෙප්පෝ නගර පාලණය ලබාගත් අතර තවත් බලවත් ප්‍රාදේශි නායකයින් සලාදීන් ඒමට පෙර සිටියක් මෙන් භූමිය උදෙසා එකිනෙකා හා සටන් වැදීම නැවත ආරම්භ කලහ. Mamluksවංශිකයින් විසින් විනාශ කර දමන තුරු අයුබිඩ් රාජවංශය ඊජිප්තුව තුල ක්‍රි.ව 1250 දක්වාද සිරියාව තුල 1260 දක්වාද පවතිනු ඇත.
ඔහුගේ ජීවිත කාලය තුළ සහ ඉන් පසුව සුල්තාන්වරයා ගැන බොහෝ දේ ලියා ඇත අදටද ඔහු ගැන කතිකාව අවසන් නැත. රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නායකත්ව කුසලතා පිළිබඳ අගය කිරීමක් සමගින් ඉතාම සූක්ශම යුද මනසක් තිබූ පුද්ගලයෙකු ගැන මුස්ලිම් සහ ක්‍රිස්තියානි මූලාශ්‍ර දෙකෙහිම එක හා සමානව වැඩි වශයෙන්ම කතාබහක් ඇති වුයේ සලාදීන් ගැන විය හැකි එමෙන්ම 13 වන සියවසේ යුරෝපීය සාහිත්‍යය වීරත්වයට පෙන්වාදීමට හැකි විශිෂ්ට ආදර්ශයක් බවට පත්වීම ම ඔහුගේ දක්ශතාවයට එක් උදාහරණයක් ලෙස ගත හැක.
0 notes
chapter-360 · 2 years ago
Text
ස්ටාර්ලින්ග්‍රැඩ් -1
1941 ජූනි 22 දින ආරම්භ වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ස්ටාලින්ගේ සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ “බාබරෝසා” මෙහෙයුමේ පරිමාණය සැබවින්ම යමෙකුට හරි ආකාරයෙන් වටහා ගැනීමට අපහසුය. ජර්මානු සහ එහි සහයක අක්ෂ හමුදා මිලියන 3.8 ක් ඒවන විටත් ඔවුන්ගේ බලයට නතු වී තිබූ පෝලන්තයේ දේශසීමා හරහා ගංවතුරක් මෙන් සෝවියට් භූමිය මත නොනවතින ගමනක් ආරම්භ කොට තිබුණි. ජර්මනියේ නාසි අදහස්වලට අනුව නුසුදුසු යැයි සැලකූ සෝවියට්වරු සතුව තිබූ වර්ග සැතපුම් සිය දහස් ගණනක භූමි ප්‍රමාණය තමන් සතු කරගෙන එය යටත් විජිතයක් බවට පත් කර නාසි අධිරාජ්‍යය පෝෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. සෝවියට් දේශය පරාජය කිරීමට ජර්මානුවන් කෙතරම් සමීප වූවාද යත්, ජෙනරාල් ෆීල්ඩ්මර්ෂල් ෆ්‍රාන්ස් ෆ්‍රෙඩ්රික් ෆෙඩෝර් වොන් බොක් අණදෙන නිලධාරියා යටතේ සිටි මධ්‍යම හමුදා කණ්ඩායම මොස්කව් නගරයේ ඉතා ආසන්නයට ළඟා විය. නමුත් ජර්මානුවන් ඔවුන් විසින් දියත් කරන ලද යුදව්‍යාපාරයේ සැබෑ ප්‍රමාණය ගැන සම්පුර්ණයෙන් වටහා නොගෙන සිටියහ. සැපයුම් ගැටළු ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කිරීමට පටන් ගැනීමත් සමගින් ඔවුන්ගේ මූලික සැලසුම් වල බිදවැටීම ආරම්භ වූයේ මෙහිදීය. ජර්මානුවන් ගේ පැත්තෙන් අතිසාර්ථක ලෙස ආක්‍රමණයේ පලමු සති කිහිපය ගෙවී ගොස් තිබුණි. එහෙත් සෝවියට් සංගමයට ඔවුන්ගේ ප්‍රතිරෝධය සංවිධානය කිරීමට වැඩි කාලයක් ගියේ නැත. එහෙත් සෝවියට් සංගමයට පමණක් ජර්මානු තල්ලුව වලකා ගැනීමට තවමත් ශක්තියක් නොවීය. එහෙත් මාස ගනනාවක් යුද්ධය කැටි කරමින් පැමිණි රුසියන් ශීත ඍතුව මොස්කව් ගලවා ගත්තාය.
1942 වසන්තයේ ආරම්භයත් සමග ජර්මනිය නැඟෙනහිර යුද්ධය නැවත ආරම්භ කිරීමට සුදානම් වූ නමුත් සැපයුම් රේඛාවල් පවත්වාගෙන යාමේ අපහසුව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම තෙල් ජර්මානු යාන්ත්‍රණයට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය විය. එබැවින් ඔවුන්ගේ ඉන්ධන හිඟයට පිලියමක් වශයෙන් මෙන්ම ඔවුන් සාර්ථක වුවහොත් එයින් සෝවියට්වරුන් හට ඉන්ධන ලබාගැනීම සම්පූරණයෙන්ම කපා හැරීම සදහා සැලසුමක් ජර්මානු නායකත්වය ගෙන ආවාය. එම සැලැස්මේ කොටසක් වූයේ නැගෙනහිර යුක්රේනයේ වොල්ගා නදිය අද්දර පිහිටි කලින් වොල්ගාග්‍රෑඩ් ලෙස හැඳින්වූ පසුව සෝවියට් නායකයාගේ නාමයෙන් සැරසූ නගරයයි. යුද්ධයට පෙර මිනිසුන් කිහිප දෙනෙකු දැන සිටියත්, යුද්දය අතරතුර එහි සිදු වූ අදහාගත නොහැකි සිදුවීම පිලිබදව කතිකාවන් අදටද අවසන් වී නෙමැත. මේ ඉතිහාසයේ ලේ වැකිම සටන සිදු වූ ස්ටාලින්ග්‍රෑඩ් හි කතාවයි.
Tumblr media
බාබරෝසා.
සෙනසුරාදාවක් වූ 1941 ජූනි 21 දින සුන්දර වූ ගිම්හාන උදෑසනක ආරම්භයක් විය. රාජකාරිවලින් බැහැර නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ බර්ලින් වැසියන් සිය පවුලේ හෝ මිතුරන් සමගින් Sans Souci උද්‍යානයේ දවස ගත කිරීම සඳහා පොට්ස්ඩෑම් වෙත දුම්රියෙන් ගමන් කලහ. තවත් සමහරු පිහිනීම සදහා Wannsee හෝ Nikolassee යන වෙරළ තීරයන් වෙත ගියහ. විහිලු වලින් රසවත් වූ ආපනශාලා තුළ එදින වැඩියෙන් කතාබහට ලක් වුයේ රුඩොල්ෆ් හෙස් (Rudolf Hess) ගේ බ්‍රිතාන්‍යයට ගිය ගුවන් ගමන පිළිබඳවය. ඉන් සිතුවාටත් වඩා ඉක්මනින් සිදුවෙන්නට යන සෝවියට් සංගමයේ ආක්‍රමණයක් ගැන ඉගියක් පළවිය. ඉතා පුලුල් යුද්ධයක් පිලිබඳ අදහස ගැන කලකිරීමට පත් වූ තවත් බොහෝ අය අවසාන මොහොතේ ස්ටාලින් යුක්රේනය ජර්මනියට පවරා දෙනු ඇතැයි යන අදහස මත තම බලාපොරොත්තු තබා ගත්හ. උන්ටෙර් ඩෙන් ලින්ඩෙන් (Unter den Linden) හි පිහිටි සෝවියට් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරියන්හි නිරතව සිටියහ. මොස්කව් වෙතින් පැමිණි හදිසි සංඥාවක් මගින් බෝල්ටික් සිට කළු මුහුද දක්වා වූ මායිම් දිගේ සිදුවෙමින් පවතින දැවැන්ත මිලිටරි සූදානම පිළිබඳ “වැදගත් පැහැදිලි කිරීමක්” ඔවුන් ගෙන් ඉල්ලා සිටියේය. පළමු ලේකම් සහ ප්‍රධාන පරිවර්තක වැලන්ටින් බෙරෙෂ්කොව් (Valentin Berezhkov) රැස්වීමක් සංවිධානය කිරීම සඳහා විල්හෙල්ම්ස්ට්‍රාස් හි ජර්මානු විදේශ කාර්යාලයට කතා කළේය. ඔහුට පවසනු ලැබුවේ රීචිස් ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් (Joachim von Ribbentrop) නගරයෙන් බැහැරව සිටින බවත්, රාජ්‍ය ලේකම් ෆ්රීහර් වොන් වයිස්සැකර් (Freiherr von Weizsacker) ව දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකි බවත්ය.
උදෑසන ගෙවී යද්දී, තොරතුරු ඉල්ලා මොස්කව් වෙතින් හදිසි පණිවිඩ වරින් වර පැමිණෙමින් තිබුණි. පසුගිය මාස අට තුළ ලැබුණු අනතුරු ඇඟවීම් අසූවකට වඩා එකතුවකින් ජර්මානු අභිප්‍රායන් පිළිබඳ සාක්ෂි ගොඩනැගුණු විට ක්‍රෙම්ලිනයේ තැතිගැන්මක වාතාවරණයක් මතු වී තිබුණි. අභ්යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය (NKVD) හි නියෝජ්‍ය ප්‍රධානියා පෙර දින තුළ “සෝවියට් සංගමයේ රාජ්‍ය දේශසීමාව හරහා ගුවන් යානා තිස් නවයකට වඩා අඩු නොවුනු ප්‍රමාණයක හදුනාගැනීම්” සිදු වූ බව වාර්තා කර තිබුණි. ජර්මානු හමුදාවන් හි මේ රහස්‍යභාවයකින් තොර නිර්ලජ්ජිත සූදානම් සියල්ල ඇඩොල්ෆ් හිට්ලර් විසින් වෙනත් වූ සැලැස්මක් සදහා වැඩි වාසි ලබා ගැනීම සඳහා වූ සැලැස්මක කොටසක් විය යුතුය යන්න ස්ටාලින් ගේ සිතෙහි වූ අදහස සනාථ කර ඇති බව පෙනෙන්නට තිබුනි.
බර්ලිනයේ සෝවියට් තානාපති ව්ලැඩිමීර් ඩෙකනොසොව් (Vladimir Dekanozov) මේ සියල්ල බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වැරදි තොරතුරු ව්‍යාපාරයක් බවට ස්ටාලින්ගේ විශ්වාසය හා එකග විය. ජර්මානු සේනාංක 180ක් සෝවියට් දේශසීමාව ආසන්න යේ යොදවා ඇති බවට ඔහුගේම හමුදා අනුයුක්ත නිලධාරියා ගේ වාර්තාව පවා ඔහු ප්‍රතික්ෂේප කළේය. ලැව්රෙන්ටි බෙරියා (Lavrenty Beria) ගේ ගෝලයෙකු වන ඩෙකනොසොව් තවත් ජෝර්ජියානු ජාතිකයෙක් සහ NKVD හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. ප්‍රශ්න කිරීම සහ දේශපාලණික පවිත්‍ර කිරීම හැරෙන්නට ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ අත්දැකීම් අනෙකුත් සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගේ අත්දැකීම් මෙන් ඔබ්බට ගොස් තිබුණේ නැත. කන්ඩායමේ අනෙකුත් සාමාජිකයින්, ඔවුන්ගේ අදහස් ඕනෑවට වඩා ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට එඩිතර නොවූවත්, සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට හිට්ලර් සැලසුම් නොකරන බවට සුලුවෙන් හෝ සැකයක් ඔවුන්ගේ සිත් ත���ල නොතිබුනි. ජර්මානු කොමියුනිස්ට් මුද්‍රණකරුවෙකු විසින් සෝවියට් කොන්සල් කාර්යාලයට රහසිගතව ගෙන එන ලද හමුදා ආක්‍රමණ සඳහා උපයෝගී කරගැනීම වෙනුවෙන් ජර්මානු සෙබළුන් අත බෙදා හැරීමට සකස් කරන ලද වාක්‍ය ඛණ්ඩයක සාක්ෂි පවා ඔවුන් හට යවා තිබුණි. එහි “යටත් වන්න!, අත් උස්සන්න!, සාමූහික ගොවිපල සභාපති කොහෙද?, ඔබ කොමියුනිස්ට්වාදියෙක් ද?, සහ ‘මම වෙඩි තියන්නෙමි!” යන වැකිද ඇතුලත්ව රුසියානු භාෂාවෙන් වූ තවත් ප්‍රයෝජනවත් කෙටි යෙදුම් ඇතුළත් විය.
බෙරෙෂ්කොව් විසින් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත නැවත වතාවක් කරන ලද දුරකථන ඇමතුම් මත පිලිතුර වුයේ රිබන්ට්‍රොප් “මෙහි නොමැති අතර ඔහු නැවත පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත” යන්නය. දහවල් වන විට ඔහු දේශපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ වෙනත් නිලධාරියෙකු හා සම්බන්ධ විය. ෆියුලර්ගේ මූලස්ථානයේ යමක් සිදුවෙමින් පවතින බව මම විශ්වාස කරමි. සියල්ලන්ම එහි සිටීමට බොහෝ ඉඩකඩක් ඇත”. නමුත් සැබවින්ම ජර්මානු විදේශ ඇමති බර්ලිනයෙන් පිටව සිටියේ නැත. රිබන්ට්‍රොප් මොස්කව් හි ජර්මානු තානාපති කාර්යාලයට “හදිසියි! රාජ්‍ය රහස!” යන තේමා ඔස්සේ උපදෙස් සකස් කරමින් කාර්යබහුලව සිටියේ. පසුදා උදෑසන, ආක්‍රමණය ආරම්භ වී පැය දෙකකට පමණ පසු ජර්මානු තානාපති කවුන්ට් ෆ්‍රෙඩ්රික් වර්නර් වොන් ඩර් ෂුලෙන්බර්ග්, (Friedrich Werner von der Schulenburg) විසින් ආක්‍රමණය වෙනුවෙන් කනගාටුව සෝවියට් රජයට දැනුම් දීමට නියමිතව තිබුණි.
බර්ලිනයේ ස��නසුරාදා දහවල, සවස් වරුවට හැරෙන විට මොස්කව් සිට එන පණිවිඩ එන්න එන්නම බරපතල විය. බෙරෙෂ්කොව් සෑම විනාඩි තිහකට වරක් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ඇමතුම් ලබා ගත්තාය. තවමත් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ ඇමතුම පිළිගත්තේ නැත. ඔහුගේ කාර්යාලයේ විවෘත ජනේලයෙන් තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන් පැලදි පැරණි පන්නයේ "ශුට්ස්මාන්" හිස්වැසුම් ඔහුට දැකගත හැකි විය. ඔවුන්ගෙන් ඔබ්බට, බර්ලිනර් වැසියන් සෙනසුරාදා සවස් වරුවේ Unter den Linden මත ඇවිදිමින් සිටියහ. බර්ලින්-මොස්කව් සීඝ්‍රගාමී දුම්රිය කිසිවක් වෙනස් වී නොමැති ලෙසින් රදවා ඇති ජර්මානු හමුදාවන් පසුකරමින් දේශසීමා තරණය කිරීමට සූදානම් විය. යුද්ධය සහ සාමය අතර ඇති පරිසරය යථාර්තවාදී නොවන ව්‍යාකූල තත්වයකින් පසු විය.
මොස්කව්හි දී, සෝවියට් විදේශ ඇමති මොලොටොව් (Molotov) කවුන්ට් වොන් ඩර් ෂුලෙන්බර්ග් ව ක්‍රෙම්ලිනයට කැඳවීය. ජර්මානු තානාපතිවරයා තානාපති කාර්යාලයේ රහස් ලිපි ලේඛන විනාශ කිරීම අධීක්ෂණය කිරීමෙන් පසු නවය හමාරට කැඳවා තිබූ රැස්වීමට පිටත් විය. ජර්මානු සූදානම පිළිබඳ සාක්ෂි සමඟ අභියෝග කළ විට, ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව ඔහු පිළිගත්තේ නැත. සෝවියට් සංගමයට තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඔහු විස්මයට පත් වූ අතර ඔහු බර්ලිනයේ උපදෙස් ලබා ගන්නා තෙක් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.
ජර්මනිය කිසි විටෙකත් රුසියාවට එරෙහිව යුද්ධ නොකළ යුතුය යන බිස්මාර්ක් ගේ නියමය විශ්වාස කළ පැරණි තාලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ෂුලෙන්බර්ග්, ක්‍රෙම්ලිනයේ නොදැනුවත්කම ගැන පුදුම වීමට හොඳ හේතුවක් තිබුණි. සති දෙකකට පෙර, මොස්කව්හි සිටියදී ඔහු ඩෙකනොසොව්ට, පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කර, හිට්ලර්ගේ සැලසුම් ගැන ඔහුට අනතුරු ඇඟවීය. රුසියාවට එරෙහිව කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් හිට්ලර් විසින් ඔහුට අමූලික බොරු කීමෙන් පසු මහලු ෂුලෙන්බර්ග් හට තමන් පැහැදිලිවම නාසි පාලන තන්ත්‍රයට වූ පක්ෂපාතිත්වයෙන් මිදී ඇති බවක් දැනුනි. නමුත් එවැනි හෙළිදරව්වකින් විමතියට පත් ඩෙකනොසොව් වෙන්ත් උපක්‍රමයක් ගැන සැක කළේය. එයට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වූ ස්ටාලින් ද සිය දේශපාලන මණ්ඩලයට ‘වැරදි තොරතුරු දැන් තානාපති මට්ටමට පැමිණ ඇත!’ 'ඉංග්‍රීසියෙකු ගේ උසිගැන්වීමක්' යනුවෙන් පවසමින් බැණ වැදුනාය. බොහෝ අනතුරු ඇඟවීම් රුසියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ආරම්භ කිරීමට සෝවියට් සංගමයේ පරම සතුරා වන වින්ස්ටන් චර්චිල් ගේ කුමන්ත්‍රණයක කොටසක් වන බව ස්ටාලින්ට නිසැක විය. රුඩොල්ෆ් හෙස් ස්කොට්ලන්තයට පියාසර කළ දා සිට මේ කුමන්ත්‍රණාත්මක අදහස් ඔහුගේ මනසෙහි වඩාත් සංකීර්ණ විය.
එම සෙනසුරාදා සවස් වන තුරුම ආක්‍රමණයක හැකියාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ස්ටාලින් තවමත් හිට්ලර් කුපිත කිරීමට බියෙන් පසුවිය. දේශසීමාවෙන් ඔබ්බට වනාන්තර තුල රදවා ඇති ටැංකි එන්ජින් උණුසුම් කිරීම මගින් එන ගෝෂාව, ජර්මානු හමුදා ඉංජිනේරුවන් ගංගා හරහා පාලම් ඉදි කිරීම සහ දේශසීමාවන් වෙන් කොට ඇති ඉදිරි රේඛාවන්ගේ කටු කම්බි බාදකයන් ඉවත් කිරීම ගැන දේශසීමා ආරක්ෂකයින් ගෙන් එක පිට එක ලැබුණු වාර්තා වල සඳහන් විය. කියෙව් විශේෂ හමුදා දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරියා අනතුරු ඇඟවූයේ පැය කිහිපයකින් යුද්ධය ආරම්භ වනු ඇති බවයි. බෝල්ටික් වරායන්හි සේවයේ යෙදී සිටි ජර්මානු නැව් හදිසියේ භාන්ඩ පැටවීම නවතා නැවත ජර්මානු මුහුදු කලාපය බලා යාත්‍රා කළ බවට වාර්තා ලැබී ඇත. කෙසේ වෙතත්, ඒකාධිපති ආඥාදායකයා වූ ස්ටාලින්ට දැන් සිදුවෙමින් පවතින දේ ඔහුගේ පාලනයෙන් බැහැර විය හැකිය යන අදහස සමඟ එකඟ වීමට තවමත් නොහැකි විය.
එදින රාත්‍රියේ, රතු හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සමඟ ඔහුගේ කන්තෝරු කාමරය දී දීර්ඝ සාකච්ඡාවකින් පසුව, 1941 ජුනි 22-23 අතරතුර, ලෙනින්ග්‍රෑඩ් හි විශේෂ කලාපයන් වූ බෝල්ටික් හා සම්බන්ධ වන බටහිර ප්‍රදේශ, කියෙව් සහ ඔඩෙස්සා හමුදා දිස්ත්‍රික්කවල පෙරමුණුවලට ජර්මානුවන් විසින් හදිසි ප්‍රහාර එල්ල කළ හැකිය. අපගේ හමුදාවන් ගේ කර්තව්‍යය වන්නේ විශාල සංකූලතා ඇති කිරීමට ඉඩ ඇති කිසිදු ප්‍රකෝප කිරීම්වලට යටත් නොවීමයි. ඒ අතරම, ජර්මානුවන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් එල්ල කළ හැකි විස්මිත පහරකට මුහුණ දීම සඳහා භට පිරිස් පූර්ණ සටන් සූදානමකින් සිටිය යුතුය. යන්න සදහන් හදිසි යුද අනතුරක සංඥා කේතයක් බටහිර දෙසින් වූ සියලුම හමුදා දිස්ත්‍රික්ක මූලස්ථාන වෙත යැවීමට ස්ටාලින් එකඟ විය. එහෙත් නාවික හමුදාව සහ රතු හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ටාලින්ගේ බලමුලු ගැන්වීමේ නියෝගය නොසලකා නිහඬව සිටියහ. එමෙන්ම මේ අනතුරු ඇඟවීමේ නියෝගය බොහෝ ඒකක සඳහා මධ්‍යම රාත්‍රිය පසු වන තුරුත් ලගා නොවී තිබුනි. එය අවසානයඒ ලැබෙනා විටදී ජර්මානුවන් සිය ප්‍රහාරය ද ආරම්භ කොට තිබුණි.
බර්ලිනයේ රාත්‍රිය ගෙවී යද්දී රිබන්ට්‍රොප්ගේ කාර්යාලය හා සම්බන්ද වීමට තිබූ බලාපොරොත්තුවක් බෙරෙෂ්කොව් අත්හැර දමා තිබුණි. එක්වරම පාන්දර තුනට පමණ ඔහු අසල තිබූ දුරකථනය නාද විය. ‘ගෞරවනීය රීච්ස්මිනිස්ටර් වොන් රිබන්ට්‍රොෆ් විදේශ කාර්යාලයේදී සෝවියට් ආණ්ඩුවේ නියෝජිතයන් දැකීමට කැමැත්තෙන් සිටී’ යනුවෙන් නුහුරු කටහඬක් නිවේදනය කළේය. තානාපතිවරයා අවදි කර මෝටර් රථයක් ඇණවුම් කිරීමට කාලය ගත වන බව බෙරෙෂ්කොව් එයට පෙරලා පිලිතුරක් ලබාදුන්නාය. ‘රීච්ස්මිනිස්ටර් ගේ මෝටර් රථය දැනටමත් ඔබේ තානාපති කාර්යාලයෙන් පිටත බලා සිටී. හැකි ඉක්මනින් සෝවියට් නියෝජිතයන් හමුවීමට ඇමතිවරයා කැමතිය.
තානාපති කාර්යාලයෙන් පිටත, ගැටි බැම්මට සමීපයෙහි නවතා ඇති කළු ලිමොසින් රථය ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් දුටුවාය. සම්පූර්ණ නිල ඇඳුමින් සැරසුණු විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් දොර අසල සිටගෙන සිටි අතර එස්.එස් නිලධාරියෙක් රියදුරු අසල වාඩි වී සිටියේය. ඔවුන් පිටත්ව යන විට, බෙරෙෂ්කොව් දුටුවේ, ඒ වන විටත් බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුවෙන් ඔබ්බට ටියර්ගාර්ටන් ගස්වලට ඉහළින් අහසේ දීප්තිය විහිදුවමින් තිබූ බවයි. ඔවුන් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ළඟා වූ විට, පිටත මිනිසුන් සමූහයක් ඔවුන් දුටුවේය. ප්‍රවෘත්ති චිත්‍රපට කාර්ය මණ්ඩලය සඳහා කැමරා ලයිට් මගින් එහි නිමැවුණු යකඩ ආවරණ සහිත පිවිසුම ආලෝකමත් විය. මාධ්‍යවේදීන් ඔවුන්ගේ කැමරාවල ෆ්ලෑෂ් බල්බවලින් ඔවුන්ව මොහොතකට අන්ධ කරමින් සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනා වට කරන්ගත්හ. මෙම අනපේක්ෂිත පිළිගැනීම බෙරෙෂ්කොව්ට නරකම බිය ඇති කළේය, නමුත් ඩෙකනොසොව් ජර්මනිය සහ රුසියාව තවමත් සාමකාමීව සිටින බවට ඔහුගේ විශ්වාසය තුළ නොසැලී සිටියේය.
යන්තම් අඩි පහක් උස, කුඩා වක් වු නාසයක් සහ කලු පැහැ හිසකෙස් කිහිපයක් පමණක් හා අන් සියල්ලම තට්ටය වූ වටකුරු හිසක් ඇති සෝවියට් තානාපතිවරයා, ආකර්ෂණීය චරිතයක් නොවීය. හිට්ලර්, ඔහුව මුලින්ම පිළිගන්නා විට, වෙනස අවධාරණය කිරීම සඳහා ඔහුගේ උසම එස්, එස් ආරක්ෂකයින් දෙදෙනෙකු තානාපතුවරයගේ දෙපසින් සිටන ලෙස ඔහුව කැදවාගෙන ආවාය. එහෙත් කුඩා ජෝර්ජියානු ජාතිකයා ඔහුගේ බලයේ පහලින් සිටි සියලුම අයට අනතුරුදායක පුද්ගලයෙක් විය. රුසියානු සිවිල් යුද්ධයෙන් පසු කොකේසස් හි ඔහුගේ මර්දනකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුව හැඳින්වූයේ ‘බකු හි එල්ලා මරා දමන්නා’ ලෙසිනි. සෝවියට් ප්‍රජාවේ ද්‍රෝහීන් යැයි සැක කරන අය සමඟ කටයුතු කිරීම සඳහා බර්ලින් තානාපති කාර්යාලයේ, යටි මාලයේ වධහිංසා පැමිණවීමේ කුටියක් පවා ඔහුගේ අණින් ඉදිකර තිබුණි.
රිබෙන්ට්‍රොප්, ඔවුන් එනතුරු බලා සිටියේ නොයිවසිල්ලෙනි. ඔහු තම කාමරය තුල එහා මෙහා ඇවිද ගියේ කූඩු කළ සතෙකු මෙනි. “ෆියුරර් දැන් රුසියාවට පහර දීම සම්පූර්ණයෙන්ම නිවැරදියි,” ඔහු තමාටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නාක් මෙන් නැවත නැවතත් තමන් හටම රහසින් මුමුනාගත්තාය. "අපි එසේ නොකළේ නම් රුසියානුවන් නිසැකවම අපට පහර දෙනු ඇත." ඔහුගේ වඩාත්ම වැදගත් ජයග්‍රහණය වන මොලොටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම විනාශ කිරීමේ අපේක්ෂාවට ඔහුට මුහුණ දිය නොහැකි බව ඔහුගේ යටත් නිලධාරීන්ට ඒත්තු ගොස් තිබුණී. සිය නායකයාගේ මේ අදූරදර්ශී සූදුව ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනය බවට පත් විය හැකි බවට ඔහු සැක කිරීමටද පටන් ගෙන තිබුණි. සෝවියට් නියෝජිතයන් දෙදෙනා රැගැන ආ නිලධාරියා රීච්ස් ඇමතිගේ ගේ විශාල කාර්යාලයට පිවිසීමට ඇති දොර පෙන්වූහ. බෙරෙෂ්කොව් රිබන්ට්‍රොප් ගේ මුහුනෙහි වූ පෙනුමෙන් තමන් සැක කරමින් සිටි දෙය සැබැවක් බව තහවුරු කර ගත්තාය.
ඉතාමත් කඩිමුඩියේ අතට අත දීමෙන් පසුව, රිබන්ට්‍රොෆ් ඔවුන් ව පසකින් වූ මේසයක් වෙත රැගෙන ගොස් එහි අසුන්ගන්නා මෙන් ඉල්ලා සිටියාය. සෝවියට් දේශය පිලිබදව ජර්මානු තර්ජනයක් නොමැති බව සහතික කිරීම වෙනුවෙන් ජර්මානු රජයෙන් සහතිකයක් ඉල්ලා ප්‍රකාශයක් කියවීමට ඩෙකනොසොව් පටන් ගත් නමුත් රිබෙන්ට්‍රොප් ඔහුට බාදා කරමින් කියා සිටියේ ඔවුන්ට රැස්වීමකට සහභාගී වීමට ආරාධනා කර ඇත්තේ ඩෙකනොසොව් ගේ අදහසට සමාන වුවද ඊට හාත්පසිනම වෙනස් කරුණකට බවය. “ආක්‍රමණය” යන වචනය ඔහු භාවිතා නොකිරීමට වගබලා ගනිමින් ඔහු යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන දෙයක් පැකිලෙමින් ප්‍රකාශ කලාය. ‘සෝවියට් ආන්ඩුව ජර්මනිය කෙරෙහි දක්වන සතුරු ආකල්පය සහ ජර්මනියේ නැඟෙනහිර දේශසීමාවේ රුසියානු හමුදා සංකේන්ද්‍රණයෙන් නියෝජනය වන බරපතල තර්ජනය, මිලිටරි ප්‍රති-ක්‍රියාමාර්ග ගැනීමට ජර්මානු රජයට බල කර ඇත. හදිසියේම බෙරෙෂ්කොව් පැහැදිලි වුයේ පහර දීම හෝ පහරදීමට යන සූදානම ඔහුන්ගේ වරදකින් සිදු වී ඇති බවට පෙන්වාදීමේ උත්සාහයක රිබෙන්ට්‍රොප් යෙදෙමින් සිටින බවය. ජර්මන් හමුදාව දැනටමත් එහි ආක්‍රමණය ආරම්භ කර ඇති බව බෙරෙෂ්කොව් ට හදිසියේම පැහැදිලි විය. සෝවියට් දේශයේ පැහැදිලි බලපැම් වලට ප්‍රතිචාරයක් වශයෙන් අපගේ ඉදිරි ආරක්ශක සැලසුම පිළිබඳව ඔබට නිල වශයෙන් දැනුම් දීම සම්බන්ධයෙන් ෆියුරර් මට බලය ලබාදී ඇත. රිබෙන්ට්‍රොප් හදිසියේම නැගී සිටිමින් පවසන අතරවාරයේ ඔහු අත වූ හිට්ලර්ගේ සංදේශයේ සම්පූර්ණ සටහන තුශ්නිම්භූත වී සිටි ස්ටාලින්ගේ තානාපතිවරයාට භාර දුන්නේය.
ඩෙකනොසොව් ද නැගිට සිටියාය. ඔහු යන්තම් රිබන්ට්‍රොප්ගේ උරහිස මට්ටමට සිටියාය. යතාර්ථය අවසානයේ සම්පූර්ණයෙන්ම ඔහුට දැනෙන්නට විය. ‘සෝවියට් සංගමයට එරෙහි මෙම අපහාසාත්මක, ප්‍රකෝපකාරී සහ කොල්ලකාරී ප්‍රහාරය ගැන ඔබලාට තරයේ කනගාටු වීමට සිදු වනු ඇත. ඔබලා ඒ සඳහා බොහෝ සෙයින් ගෙවනු ඇත! ඔහු දොර දෙසට හැසී ඉක්මනින් අඩිය තියමින් ගිය අතර බෙරෙෂ්කොව් ද ඔහුව අනුගමනය කලාය. රිබන්ට්‍රොප් ඔවුන් පසුපස වේගයෙන් පැමිණියාය. ඔබ මොස්කව් වෙත ගිය පසු ඔවුන් හට පවසන්න “මා මේ ප්‍රහාරයට තදින්ම විරුද්ධ වූ අයෙකු බව” යනුවෙන් පැවසීය.
ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් සෝවියට් තානාපති කාර්යාලය වෙත කෙටි ගමනක් සඳහා ලිමොසින් රථයට නැඟෙන විට දවසේ උදාව ගෙවෙමින් තිබුනි. එස් එස් භට කණ්ඩායමක් දැනටමත් Unter den Linden හි කොටස අවහිර කර ඇති බව ඔවුන් හට පෙනුනි. ඇතුළේ, ඔවුන් ආපසු එනතුරු බලා සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ සියලු දුරකථන රැහැන් කපා ඇති බවයි. ඔවුන් රැහැන් රහිතව රුසියානු ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සුසර කළාය. මොස්කව් සිටියේ ජර්මානු ගිම්හාන කාලයට වඩා පැයක් ඉදිරියෙන්, එබැවින් දැන් එහි ජුනි 22 ඉරිදා උදේ හය පසුවී තිබුණි. මොස්කවු හි ප්‍රවෘත්ති ප්‍රකාශනය ආරම්භ වූයේ සෝවියට් කර්මාන්තයේ සහ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ධාරීතාවන් වැඩි කිරීම උදෙසා යෙදුනු නව රෙගුලාසි සම්බන්දයෙන්ය ඉන් පසුව ශරීර සෞඛ්‍යය පිලිබද වැඩසටහනක් විකාශනය විය. ඔවුන්ව පුදුම කරමින් ජර්මානු ආක්‍රමණය ගැන කිසිදු සඳහනක් ප්‍රවෘත්ති ප්‍රකාශනයේ නොවීය. තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ NKVD සහ GRU (මිලිටරි ඔත්තු සේවා) නිලධාරීන් වහාම ශක්තිමත් කරන ලද වානේ දොරවල් සහ මුද්‍රා තබන ලද වානේ පියන්වලින් වසා ඇති ජනෙල්වලින් සමන්විත ඉහළ මාලයට ගිය අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට ස්ථාපනය කර ඇති විශේෂ ඉක්මන් දැවෙන උඳුන් තුළට රහස් ලේඛන තල්ලු කිරීම ආරම්භ කලහ. ඩෙකනොසොව් තානාපති කාර්යාලයේදී රිබන්ට්‍රොප් විසින් පවසූ දෙය ස්ටාලින් හට පැවසුවද එය ස්ටාර්ලින් විසින් අසාගෙන සිටියාද යන්න ඔහුට පැහැදිලි නොවීය.
රුසියානු අගනුවර, ගුවන් යානා නාශක ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුනද, නගරයේ අන් සියල්ලන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තවමත් අවබෝධයක් නොතිබුණි. රජයේ සහ කර්මාන්තවල බලගතු තනතුරු දරණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ට ඔවුන්ගේ කාර්යාලවලට ඇතුළු වීමට නියෝග කළද නිසි මග පෙන්වීමක් නොමැතිකම නිසා සියලුම දෙනා ක්‍රියා විරහිතවී ඇති බව පෙනුනි. ස්ටාර්ලින් කිසිත් නොපැවසුවාය. පෙරමුණේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. ජර්මානු පළමු ප්‍රහාරයෙන් ම සෝවියට් සන්නිවේදන බිඳ වැටී තිබුණි.
හිට්ලර් තවමත් මිතුරෙක් යන වඩාත් උමතු අදහසින් එපිටට යාම අවසන් මොහොත දක්වා ප්‍රතික්ෂේප කරමින් සිටි ක්‍රෙම්ලිනයේ ශුභවාදීන්ගේ බලාපොරොත්තු ද බිඳ වැටෙමින් තිබුණි. සෙවාස්ටොපෝල් නාවික කඳවුරට ජර්මානු බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ කළු මුහුදේ බලඇණියේ අණදෙන නිලධාරියාගෙන් අලුයම 3.15 ට තහවුරු කිරීම ලැබුණි. 1904 දී පෝර්ට් ආතර්ට එරෙහිව ජපානයේ විස්මිත ප්‍රහාරය ගැන සිතීමට සෝවියට් නාවික නිලධාරීන්ගේ මතකය අලුත් විය. ස්ටාලින්ගේ සමීපතම සගයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව් (Georgy Malenkov) අද්මිරාල් නිකොලායි කුස්නෙට්සොව් (Nikolay Kuznetsov) ගේ වචනය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර, නායකයාව රැවටීම මත වැරදි ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ක්‍රියා කිරීමට යොදන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපක්‍රමයක් නොවන බවට සැක හැර දැනගැනීම උදෙසා ඔහු නැවත පුද්ගලිකව අද්මිරාල් හට දුරකථනයෙන් කතා කළේය. බටහිර මායිම්වල ප්‍රහාරය ආරම්භ ���ී පැය දෙකකට පසු එනම් පහ පසුවී විනාඩි තිහකින් - ෂුලෙන්බර්ග් නාසි ජර්මනියේ යුද ප්‍රකාශය මොලොටොව් වෙත ලබා දුන්නේය. පැමිණ සිටි එක් අයෙකුට අනුව, මහළු තානාපතිවරයා කෝපයෙන් කඳුළු පුරවාගෙන කතා කර ඇති අතර, පෞද්ගලිකව ඔහු හිට්ලර්ගේ තීරණය පිස්සුවක් යැයි සිතන බව පැවසීය. මොලොටොව් දේශපාලන මණ්ඩලය රැස්ව සිටි ස්ටාලින්ගේ කාර්යාලයට යාමට ඉක්මන් විය. ප්‍රවෘත්තිය ඇසූ ස්ටාලින් කිසිවක් නොකියා තම පුටුව තුලටම වකුටු වී ගියාය. ඔහුගේ උමතු වැරදි උපකල්පනයන් එකිනෙක ඔහුගේ තිත්ත වූ යථාර්තයට කරුණු ඉදිරිපත් කළේය. අනුකම්පා විරහිත උපක්‍රම සඳහා වඩාත් ප්‍රසිද්ධ ඔහු, ඔහු විසින්ම සාදන ලද උගුලකට වැටී ඇත.
ඉදිරි දින කිහිපය තුළ පෙරමුණෙන් ලැබුණු ප්‍රවෘත්ති කෙතරම් ව්‍යසනකාරී වූවාද යත් ස්ටාලින්, බෙරියා සහ මොලොටොව් ව රහසිගත සාකච්ඡාවක් සඳහා කැඳවීය. 1918 දී බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් (Brest-Litovsk) ගනුදෙනුව මෙන් සියලු අපහසුකම් හා පාඩුවන් සමගින් ඔවුන් හිට්ලර් සමඟ සාමය ඇති කර ගත යුතුද ? යන්න ඔවුන් සාකච්ජා කලහ. සැබැවින්ම ඔවුන්ට යුක්රේනය, බෙලෝරුසියාව සහ බෝල්ටික් ජනපද බොහොමයක් ජර්මානුවන් වෙත අත්හැරිය හැකිය. බල්ගේරියානු තානාපති අයිවන් ස්ටැමෙනොව් (Ivan Stamenov) පසුව ක්‍රෙම්ලිනයට කැඳවන ලදී. කන්ඩායම් දෙක වෙනුවෙන් අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට හැකිදැයි මොලොටොව් ඔහුගෙන් විමසූ නමුත් ඔවුන් මවිතයට පත් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් ඔහු ‘ඔබ යූරල් වෙත පසුබැස ගියත්, අවසානයේදී ඔබ ජයගනු ඇත’ යනුවෙන් පිළිතුරු දුන්නේය.
සෝවියට් සමූහාණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රදේශවල ජනගහනයෙන් අතිමහත් බහුතරයක් තම රටට සිදු වූ ව්‍යසනය ගැන කිසිවක් දැන සිටියේ නැත. විවේක දිනකට සුදුසු පරිදි, මොස්කව්හි ජනාකීරණ ස්ථානයන් බොහොමයක් හිස්වී තිබුණි. නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කුස්නෙට්සොව් ක්‍රෙම්ලිනයට ඔහුගේ මෝටර් රථයෙන් යන අතරවාරයේ වටපිටාවේ සාමකාමී දර්ශනය දෙස බලාසිටියාය. අගනුවර ජනගහනය සිය දේශසීමා වල යුද්දයක් ඇවිලෙන බව වත් රුසියානු ඉදිරි ඒකක දරුණු සටන්වල නියැලී සිටින බව වත් තවමත් දැන සිටියේ නැත.
අවසානයේ ජූනි 22 දා මධ්‍යම රාත්‍රියේ ස්ටාලින්ගේ හඬ නොව මොලොටොව් ගේ හඬ රැහැන් රහිත සේවා ඔස්සේ සමස්ථ සෝවියට් දේශය පුරාවටම විකාශය විය. ඔහුගේ ප්‍රකාශය ඉතාම කෙටි විය ‘අද පාන්දර හතරට ජර්මානු හමුදා අපේ රටට පහර දුන්නේ සෝවියට් සංගමයට කිසිදු පූර්ව අනතුරු හැගවීමක් නොකරය. ‘අපේ හේතුව සාධාරණයි’ සතුරාට පරාජය උරුම වන්නේය. අපි ජයග්‍රහයකයන් වන්නෙමු. ඔහු දැඩි ලෙස ප්‍රකාශ කලාය.
මොලොටොව්ගේ වචන තේරීම ආශ්වාදයක් නොවූ අතර ඔහුගේ ඉදිරිපත් කිරීම අපහසු විය, නමුත් මෙම නිවේදනය සෝවියට් සංගමය පුරා ප්‍රබල ප්‍රතිචාරයක් ඇති කළේය. වොල්ගා හි ස්ටාලින්ග්‍රෑඩ් නගරය සටන් වලින් බොහෝ දුරස් වන්නට ඇත, නමුත් මේ නිවේදනයේ බලපෑම එහි පැහැදිලිවම සටහන් විය. ‘ඒක හරියට අහසින් බෝම්බයක් වැටුණා වගේ, ඒක පුදුම කම්පනයක්,’ තරුණ සිසුවියක් සිහිපත් කළාය. ඇය වහාම හෙදියක් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. ඇගේ මිතුරන්, විශේෂයෙන්ම Komsomol (කොමියුනිස්ට් තරුණ) සාමාජිකයන්, යුද ක්‍රියාවන් සඳහා එකතු වීමට ලහි ලහියේ පෝලිම් ගැසුනහ.
දෙවන පෙරමුණුවල් බලමුලු ගැන්වීමේ නියෝග සඳහා බලා සිටියේ නැත. ඔවුන් ඉතා ඉක්මනින් රාජකාරී සදහා වාර්ථා කලෝය. මොලොටොව්ගේ කතාවෙන් පැය භාගයක් ඇතුළත, දෙවන පෙරමුනේ සෙබළෙකු වන වික්ටර් ගොන්චරොව් නිවසින් මධ්‍යස්ථානයට පිටත් විය. ස්ටාලින්ග්‍රෑඩ් ට්‍රෑම් රථ උද්‍යානයේ වැඩ කරමින් සිටි ඔහුගේ බිරිඳට සමුදීම සදහා ආපසු යාමට නොහැකි වුවද ඔහුගේ පියා ඔහුත් සමගින් පැමිණි අතර ඔහුව ඇරලවාලීම සදහා සිය පියා පැමිණෙන බවට වික්ටර් සිතුවද ‘යුද්ධ හතරක සටන් කළ’ අසූ එක් හැවිරිදි කොසැකයෙකු වූ තම පියා ස්වේච්ඡා සේවයට පැමිණීමට සැලසුම් කරන බව ඔහු දැන සිටියේ නැත. නමුත් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඔහුව ප්‍රතික්ෂේප කළ විට මහලු ගොන්චරොව් කෝපයට පත් විය.
දැවැන්ත ස්ටැලින්ග්‍රෑඩ් ට්‍රැක්ටර් කම්හල අසල වූ ස්ටාලින්ග්‍රෑඩ් කාර්මික විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල සිතියමක් බිත්තිය මත එල්ලා රතු හමුදාව ජර්මනිය තුල ඉදිරියට යාම කොඩිවලින් සලකුණු කිරීමට සූදානම් විය. විශාල, තීරණාත්මක පහරකින් අපි සතුරා කුඩුපට්ටම් කරනු ඇත' එක් සිසුවෙකු පැවසීය. අසංඛ්‍යාත ටැංකි නිෂ්පාදනය සහ ගුවන් ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්ති චිත්‍රපට සෝවියට් සංගමයේ දැවැන්ත කාර්මික හා මිලිටරි ශක්තිය ගැන රජය විසින් ඔවුන්ට ඒත්තු ගන්වා තිබුණි. එහෙත් සැබැව ඊට වඩා හත්පසින්ම වෙනස් විය. මෑතක් වන තුරුම තාක්‍ෂණික වශයෙන් පසුගාමී වූ රටක පින්තූර පමණක් ආකර්ෂණීය විය, ඊට අමතරව ස්ටැලින්වාදී ක්‍රමයේ සර්වබලධාරියා එය තුළ සිටින අයට තමන්ගේ දේශය නොසැලෙන බලවතෙක් ලෙස පෙනෙන්නට සැලැස්වීය. ‘බොරු ආටෝපික ප්‍රචාරණයන් කන වැටුණේ ඒවා විශ්වාස කිරීමට සැදී පැහැදී සිටි කන්ඩායමකටය’ සෝවියට් දේශයට පමනක් නොව ඉංජිනේරු කම්හල්, නාගරික උද්‍යාන සහ මහා වොල්ගා හරහා පෙනෙන උස සුදු මහල් නිවාස සහිත ස්ටැලින්ග්‍රෑඩ් ආදර්ශ නගරය සඳහා ද පැමිණීමට නියමිත ඉරණම බොරුවෙන් ඇස් වසා තිබූ ඔවුන් කිසිවෙක් බලාපොරොත්තුවෙන් සිටියක් නොවෙනු ඇත.
0 notes
chapter-360 · 2 years ago
Text
දිගම දවස -1
හිට්ලර්ගේ නාසි ජර්මනියට එරෙහිව මිත්‍ර හමුදාවේ යුරෝපා ආක්‍රමණය
1 වන කොටස
සැලැස්මක උපත.
Tumblr media
1940 ජූනි මාසයේදී ප්‍රංශය ජර්මානු හමුදාව විසින් යටත් කරගත් මොහොතේ සිට ජර්මනිය බටහිර යුරෝපීය ආක්‍රමණවලින් පලවා හැරිය හැක්කේ ඉංග්‍රීසි නාලිකාව හරහා වූ ප්‍රහාරයකින් පමණක් බව පැහැදිලි විය. ජර්මානු ආක්‍රමණික ප්‍රංශයේ වෙරළ තීරයේ සිට එයට ආසන්නතම ස්ථානය ලෙසින් ඇති බ්‍රිතාන්‍ය භූමිය එය ආරම්භ කිරීමේ භූමිය විය යුතු බව ද පැහැදිලි විය. බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ අනෙකුත් මිත්‍ර හමුදා සාමාජිකයින් 338,226 ක් ඉවත් කල ඩන්කර්ක් මෙහෙයුමෙන් පසුව හිට්ලර්ගේ හමුදා ශක්තිය ඔහුට යුරෝපය පාලණය කිරීමේ අපේක්ෂාව ලබා දුන්නේය. එම පාලනයට අභියෝග කිරීමට නාලිකාව හරහා ආපසු ඒමට වඩාත් විශාල හමුදාවක් අවශ්‍ය වනු ඇත.
බ්‍රිතාන්‍යයේ යුධ සම්පත් සාර්ථකත්වයේ අපේක්ෂාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ශක්තිය කිසිදාක එවන් නැවත පැමිණීමක් සඳහා ප්‍රමාණවත් නොවනු ඇත. ගොඩබෑමේ යාත්‍රා ඇතුළුව මහා ගුවන්, ගොඩබිම් සහ නාවික ශක්තිය ඇති එක්සත් ජනපදයට යුද්ධයට අවතීර්ණ වුවහොත් පමණක් යුරෝපයට ආපසු යාමට හැකි වනු ඇත. නමුත් බ්‍රිතාන්‍යයේ යුධ ප්‍රයත්නයට අනියම් අන්දමින් සැලකිය යුතු ලෙස ආධාර කරමින් සිටියද, ඇමරිකාව 1940 පුරාවට සහ 1941 දෙසැම්බර් මුල දක්වා යුද්දයට මධ්‍යස්ථව සිටියේය.
හරස් නාලිකා ප්‍රහාරයක් දියත් කිරීමේ මාධ්‍යයක් සොයා ගැනීමට අධිෂ්ඨාන කර ගත් චර්චිල් - ඩන්කර්ක්ට පසු බ්‍රිතාන්‍ය ජනතාවට “පසුබැමකින් යුද්ධයන් ජයග්‍රහණය කල නොහැක” යැයි පැවසූ හෙතෙම ගොඩබෑමේ යාත්‍රා සැලසුම් කිරීම සහ ඉදිකිරීමට නියෝග කළේය. ඩන්කර්ක් හි අවසන් ඉවත් කිරීම් වලින් දින හතරකට පසුව 1940 ජූනි 6 වන දින ඔහු සතුරාට මුහුදෙහි බලය නොමැති නිසා එය අප සතුවිය යුතුයි යන්න ප්‍රකාශ කරමින් වෙරළට යුදටැංකි ප්‍රවාහනය සහ ගොඩබෑම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස තම ආරක්ෂක කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. යුරෝපයට නැවත වරක් යාම ගැන තවමත් සිතමින් ඉන්නා අතරතුර ජූනි 22වෙනිදා ඔහු නැවතත් සිය ආරක්ශක මංඩලයට ලියමින්” අපට අඩුම තරමින් 5000ක ශක්තිමත් පැරචූට් බලකායක සිටිය යුතුයි. මට අහන්න ලැබුනා දැනටමත් එවන් වූ බලකායක් නිර්මාණය වෙනුවෙන් කටයුතු සිදුවෙන බවට එහෙත් බොහොම කුඩාවට” යනුවෙන් ප්‍රකාශ කලාය.
එදින බ්‍රිතාන්‍ය යුද කැබිනට් මණ්ඩලය SOE ලෙස හැඳින්වෙන විශේෂ මෙහෙයුම් විධායකය පිහිටුවීමේ චර්චිල්ගේ යෝජනාව අනුමත කළේය. එහි අරමුන වූයේ කඩාකප්පල් කිරීම් සදහා සැලසුම්, කඩාකප්පල් කිරීම, ඉංග්‍රීසි චැනලය හරහා කෙටි පහරදීම් සහ සතුරු රේඛා පිටුපස දේශප්‍රේමියන් ගෙන් සමන්විත රහස් බලකායක් නිර්මාණය කිරීමයි. "යුරෝපය ගිනිබත් කරන්න!" චර්චිල් මෙම නව නිපැයුමේ අරමුණ වචන තුනකින් දක්වමින්, එය රහසිගත ගරිල්ලා මෙහෙයුම් මගින් භූමිය අල්ලාගෙන සිටින බලවතාට හිරිහැර කරනු ඇති අතර, නිවැරදි මොහොත පැමිණි විට, ආක්‍රමණික හමුදාවකට සහාය වනු ඇත යනුවෙන් පැහැදිලි කිරීමක් යොමු කලාය.
යුද කැබිනට් මණ්ඩලය SOE වෙත අනුමැතිය ලබා දුන් දිනට පසු දින, චර්චිල් එහි කර්තව්‍යයන් ගෙනහැර දැක්වීය. “ඇත්ත වශයෙන්ම එය හදිසි සහ අත්‍යවශ්‍ය දෙයකි,” “විවිධ රටවල වූ ජර්මානු හමුදාවන් ගැන ගතහැකි උපරිම තොරතුරු රහසිගතව ලබා ගැනීමට සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. දේශීය ජනතාව, සහ නියෝජිතයන් යෙදීම සඳහා මෙය, අවස්ථාවක් ලැබෙන පරිදි විශාලතම පරිමාණයෙන් සිදු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔහු යුධ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිවීය.
පන්දහසකට නොඅඩු හෝ දස දහසකට වැඩි නොවන සෙබළුන්ගේ සහභාගීත්වයෙන් වැටලීම් දෙක, තුනක් එළැඹෙන ශීත ඍතුවේ දී ප්‍රංශ වෙරළට එරෙහිව සිදු කළ හැකි යැයි ඔහු සිතූවාය. "මෙම මධ්‍යම වැටලීම්වලට අවස්ථාව ලැබුණු පසු, සුළු කන්ඩායම් මගින් පවා ප්‍රංශ වෙරළ තීරය කලබල කාරී තැනක් කිරීමට බාදාවක් නොවනු ඇත." 1941 වසන්ත හා ග්‍රීෂ්ම ඍතුවේදී “විශාල සන්නාහ සන්නද්ධ මැදිහත් වීම” මේ මධ්‍යම වැටලීම් අනුගමනය කිරීමට නියමිතව තිබුණි
1940 ඔක්තෝබර් 15 වන දින අනාගත උභයජීවී මෙහෙයුම් සඳහා සැලසුම් කිරීම හා ගොඩවීම, ගොඩබෑම, සහ වෙඩි හුවමරු වක් මධ්‍යයේ ගොඩබෑම සඳහා පුහුණුව ලබා දීම වෙනුවෙන්. ස්කොට්ලන්තයේ ඉන්වේරාරේ හි ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවන ලදී. ඉංග්‍රීසි නාලිකාව හරහා ආක්‍රමණයේ දෙවන අංගය වූයේ පැරෂුට් භටයින් විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමයි. පළමු බ්‍රිතාන්‍ය පැරෂුට් මෙහෙයුම, ඔපරේෂන් කොලොසස් Operation Colossus, 1941 පෙබරවාරි 14 වන දින ඉතාලිය තුළ සිදු වූ අතර, මිනිසුන් තිස්පස් දෙනෙකු කඩාකප්පල්කාරී මෙහෙයුමක් සඳහා ඇපෙනයින් හි දුම්රිය මාර්ගයක් පුපුරුවා හරින ලදී. කඩාකප්පල් කිරීම සාර්ථක වූ නමුත් එයට සභාබාගී වූ කමාන්ඩෝ භටයන්ව අල්ලා ගන්නා ලදී. එහි අත්දැකීම සමගින් ඔවුන්ගේ සගයන් දිගටම ඔවුන්ගේ කුසලතා පරිපූර්ණ කර ගත්හ. එනිග්මා යන්ත්‍රයක් සහ කේත පොතක් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක කොටසක් ලෙස, මාර්තු 4 වන දින, රාජකීය ඉංජිනේරු කඩා බිඳ දැමීමේ කණ්ඩායම් දෙකක සහාය ඇතිව මිනිසුන් 250 බැගින් වූ කමාන්ඩෝ ඒකක දෙකක්, නෝර්වේ හි වයඹ දිග වෙරළට ඔබ්බෙන් වූ ලොෆෝටන් දූපත් වෙත ගොඩ බැස්සේය. එනිග්මා යනු ජර්මානු ප්‍රධාන අණදෙන කාර්යාලය සහ ගොඩබිම, මුහුදේ සහ ගුවනේදී ප්‍රධාන අණ දෙන නිලධාරීන් අතර ගුවන් විදුලි සන්නිවේදනයේ ඉතා රහසිගත ක්‍රමයයි.
ලොෆෝටන් දූපත් මෙහෙයුම සාර්ථක වූ අතර, එහි රහස්‍යභාවය රැකුණේ දේශීය මත්ස්‍ය තෙල් කම්හල් සහ පවතින සියලුම ජර්මානු නැව් ගමනාගමනයන් විනාශ කිරීමේ වැටලීමක ආ බව පෙන්වූ වංචාව මගිනි.
1941 මාර්තු මාසයේදී යුරෝපයේ ප්‍රධාන භූමියේ ප්‍රථම සැලකිය යුතු SOE මෙහෙයුම දියත් කරන ලද්දේ එහි සෙබළුන් ප්‍රංශය භූමියේ වැන්ස් අසල බිස්කේ බොක්කෙ හි බ්‍රිතාන්‍යයට එරෙහිව බෝම්බ හෙලීම සඳහා භාවිතා කරන ජර්මානු ගුවන් කඳවුරක් වෙත ජර්මානු ගුවන් කාර්ය මණ්ඩල රැගත් රාත්‍රියේ ගමන් කරමින් තිබූ බස් රථ දෙකකට සැඟවී සිට පහරදීම සදහාය. අවාසනාවකට සැලසුම සඳහා, එය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අතර කාලය තුල ජර්මානුවන් සිය ගුවන් කාර්යමන්ඩල සෙබළුන් ගුවන් තොටුපළට මාරු කිරීම සඳහා ගනු ලැබූ ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන දැඩි කළ අතර එබැවින් මෙහෙයුම අතහැර දැමීමට සිදුවිය. කෙසේ වෙතත්, එය ප්‍රංශයේ තත්වය පිළිබඳ වටිනා තොරතුරු නැවත ලන්ඩනයට ගෙන ආවේය.
කඩාකප්පල්කාරී ක්‍රියාවන්, ප්‍රංශය තුළ SOE ක්‍රියකාරී තිත්පොලවල් පිහිටුවීම, ප්‍රංශ දේශප්‍රේමී කන්ඩායම් සමඟ සම්බන්ධ වීම සහ ඔවුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සඳහා උපකාර කිරීම වැනි අනෙකුත් මෙහෙයුම් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිරෝධක ජාලයන්ගේ ප්‍රධාන කාර්යය සහ ඔවුන්ගේ SOE සහායකයින් පැමිණෙන්නේ මිත්‍ර පාක්ෂිකයින් ප්‍රධාන උභයජීවී ගොඩබෑමක් කිරීමට සූදානම් වූ විට බව පැහැදිලි විය. සමස්තයක් වශයෙන්, SOE විසින් 1941 ගිම්හානය සිට ඉදිරි වසර තුනකට පසුව එන නෝර්මන්ඩි ගොඩබෑම අතර ප්‍රංශය තුල ප්‍රංශ දේශහිතයිශී ප්‍රතිරෝධය සමඟ ක්‍රියාත්මක වන නියෝජිත කණ්ඩායම් අසූ තුනක් ස්ථාපිත කරන ලදී. සමහරක් පාවාදීමේ ප්‍රතිපලයන් ලෙසද, අනෙක් ඒවා අත්වැරදීම් හේතුවෙන් ද මෙම දේශහිතයිශී කන්ඩායම් අසූ තුනෙන්, තිස් තුනක් ජර්මානුවන් අතින් විනාශයට පත්විය. නමුත් ඉංග්‍රීසි නාලිකාව හරහා ගොඩබෑමේ දිනයේ කන්ඩායම් පනහක් තවමත් ක්‍රියාත්මක විය. ප්‍රංශයේ සේවය කළ නියෝජිතයන් 393 දෙනාගෙන් 119 දෙනෙකු ගෙස්ටාපෝ විසින් ඝාතනය කර හෝ ඔවුන්ගේ රාජකාරිය කරගෙන යමින් සිටියදී මරා දමන ලදී. මෙම ප්‍රතිරෝධ කන්ඩායම් වලට උදව් කිරීම නිසා ප්‍රංශ පිරිමින් සහ කාන්තාවන් දහස් ගණනක් ද ඝාතනය කරන ලදී.
හිට්ලර්ගේ යුරෝපීය ආක්‍රමණ 1941 පුරාවටම පැවතුනි. එම අප්‍රේල් මාසයේදී ග්‍රීසිය සහ යුගෝස්ලාවියාව ජර්මානු ග්‍රණයට නතු වූ අතර ජූනි මාසයේදී ජර්මානු ප්‍රහාරය සෝවියට් සංගමයට එරෙහිව ආරම්භ විය. රුසියාවේ ගැඹුරට විනිවිද ගිය ජර්මානු ප්‍රහාරයේ මුල් මාසවල සිටම, බ්‍රිතාන්‍යය සෝවියට් හමුදාවන්ට ආයුධ, ටැංකි, ගුවන් යානා, යුධෝපකරණ, වෛද්‍ය සැපයුම් සහ බුද්ධි තොරතුරු ලෙස දැවැන්ත ආධාර ලබා දෙමින් ජර්මානු ප්‍රහාරයට එරෙහිව දිගටම රැදී සිටිමේ රුසියාවට ඇති හැකියාවට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.
බ්‍රිතාන්‍ය බටහිර රටවල කොමාන්ඩෝ වැටලීම් ගණනාවක් ද දියත් කළේය. 1941 ජුලි 27 දින ප්‍රංශ වෙරළ තීරයේ Ambleteuse අසලදී, අංක 12 කමාන්ඩෝ කන්ඩායමේ නිලධාරියෙකු සහ භටයින් දහසය දෙනෙකු විසින් කුඩා ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුව නෝමැන්ඩි ගොඩබෑමේ එක් ස්තානයක් වූ ප්‍රංශ මුහුදුබඩ නගරයක් වන Luc-sur-Mer අසල තවත් පහර දීමක් සැප්තැම්බර් 27 වෙනිදා සිදු විය. එය සිදු කරනු ලැබුවේ මුහුදු රේඛාව ආරක්ශාව වෙනුවෙන් තනවා තිබූ පවුර තරණය කිරීමට සමත් වූ නමුත් පසුව ජර්මානු මැෂින් තුවක්කු ප්‍රහාරයකට ලක්ව ඉවත්ව වීමට සිදු වූ පළමු කොමාන්ඩෝ කන්ඩායම මගිනි. කමාන්ඩෝ භටයින් දෙදෙනෙකු සිරකරුවන් බවට පත් වූ අතර එක් අයෙකු තුවාල ලැබීය. නෝර්මන්ඩි වෙරළට එරෙහිව මෙම කමාන්ඩෝ වැටලීමෙන් මාසයක් ඇතුළත, චර්චිල් විසින් අලුතින් පත් කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් කොමදෝරු, වයිස් අද්මිරාල් ලුවී මවුන්ට්බැටන් සාමිවරයා සහ ඔහුගේ ඒකාබද්ධ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට "අපගේ යුරෝපයේ මහා ප්‍රති ආක්‍රමණය" සඳහා සැලසුම් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය. චර්චිල් මවුන්ට්බැටන්ට මෙසේ කීවේය: “එංගලන්තයේ දකුණු වෙරළ තීරය හිට්ලර්ගේ ආක්‍රමණයට එරෙහිව ඇති ආරක්ෂක බලකොටුවකි; ඔබ එය ප්‍රහාරයක් දියත් කිරීමට උපකාරකයක් වශයෙන් හරවා ගත යුතුයි.
නොවැම්බර් 23 වන දින ප්‍රංශ වෙරළ තීරයේ හෝල්ගේට් හි වැටලීමක් අංක 9 කමාන්ඩෝ භටයින් අසූ අට දෙනෙකු විසින් සිදු කරන ලදී. එය එහි පහරදීම සහ පලායාම පරමාර්ථයෙන් අසාර්ථක වූ නමුත් එයින් මවුන්ට්බැටන් හට "���ෙරළ සහ නැව් අතර සන්නිවේදනය ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේ වැදගත් පාඩම ඉගෙන ගෙන නොතිබූ බව ඉගැන්වීය" පසුව ඉතා උනන්දුවෙන් එය ඉගනීම ආරම්භ විය.
1941 දෙසැම්බර් 7 වන දින ජපානය පර්ල් වරායට පහර දුන්නේය. ඇමරිකානු රජය සහ ජනතාව හදිසියේම පැසිෆික් සාගරයේ යුද්ධයක පැටලී සිටියහ. දින හතරකට පසු හිට්ලර් එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. යුරෝපයේ බ්‍රිතාන්‍ය කමාන්ඩෝ භටයින්ගේ ක්‍රියාකාරකම් දිගටම පැවතුනි. දෙසැම්බර් 27දා ඔවුන් මෙතෙක් කල විශාලතම වැටලීම සිදු කළේ, ජර්මානු නැව් නැංගුරම් පොළක් සහ වෙරළබඩ සංක්‍රමණික ස්ථානයක් වන මධ්‍යම නෝර්වේ හි වෙරළ තීරයේ දකුණු වාග්සෝ වරාය නිලධාරීන් 51ක් සහ සෙබළුන් 525ක් සමඟින් තාවකාලිකව අත්පත් කර ගත් විටය. මෙයට අංක 2, අංක 3, අංක 4 සහ අංක 6 කමාන්ඩෝ භටයින් සහභාගී වූ අතර, සැලකිය යුතු බ්‍රිතාන්‍ය නාවික සහ ගුවන් හමුදා හා කෲසර් යාත්‍රාවක් සහ විනාශකාරී යාත්‍රා හතරක් ද ඊට සහභාගී වූහ. කලින් බෙල්ජියම් මුහු���ු නාලිකාවේ ප්‍රහාරයන් සදහා යොදාගත් යාත්‍රා වූ සැහැල්ලු සන්නද්ධ පාබල ප්‍රහාරක නැව් දෙකක් විසින් (Assault LCAs-Landing Craft) භට පිරිස් වෙරළට ගෙන යන ලදී.
ජර්මානු වෙරළබඩ ආරක්‍ෂාව කඩා බිඳ දැමූ අතර ටොන් 16,000 ක ජර්මානු නැව් ගමනාගමනය විනාශ වූ ආකාරය දැක බලා ගැනීමට සහ වාර්තා කිරීමට විශේෂ වාර්තාකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ කැමරා ශිල්පීන්ගේ විශේෂ ඒකකයක් ද වාග්සෝ වෙත ගොඩ බැස්සේය. වාග්සෝහි සිටි ජර්මානු ආරක්ෂකයින් අඩපණ කිරීමට පෙර, වැටලීම් බලකායෙන් විසි දෙනෙක් මිය ගියහ. ජර්මානුවන් අනූ අටක් සිරකරුවන් බවට පත් විය. "මෙම යුද්ධයේ ඉරණමේ කලාපය නෝර්වේ" යැයි නිගමනය කළ හිට්ලර් සැලකිය යුතු ශක්තිමත් කිරීම්වලට නියෝග කළේය. මෙමගින් මිත්‍ර පාක්ෂිකයින්ට ඔවුන්ගේ අනාගත රැවටිලි සැලසුම් යහපත් ප්‍රතිඵල සඳහා යොදාගත හැකි ස්ථානය පිළිබඳ පැහැදිලි ඇඟවීමක් ලබා දුනි.
වොෂින්ටනයේ යුද දෙපාර්තමේන්තුවේ යුද සැලසුම් අංශයේ සාමාජිකයෙකු ලෙස මෑතකදී පත් කරන ලද ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර් හට එහි පළමු සතිවලදී පැසිෆික් සාගරයේ ජපන් ප්‍රහාරයෙන් වලට මුහුන දීමට සිදු විය. ඔහුට හැඟී ගියේ එක්සත් ජනපදයේ බලය පැසිෆික් සාගරය තුල විකාශය විය යුතු බවටය. "මම ඈත පෙරදිග වැදගත් බව අවධාරණය කරමි. ගුවන හා භූමිය සතුටුදායක තත්ත්වයකට පත්වන තුරු වෙනත් කිසිදු දෙයකට අත නොගැසිය යුතුයි”. 1942 ජනවාරි 1 වන දින ඔහු ලිවීය. ඇමරිකානුවන් මෙන්ම ඈත පෙරදිග බ්‍රිතාන්‍ය සහ ලන්දේසීන්ගේ බරපතල තත්වයත් සමඟ, මෑතකදී එකඟ වූ ඇන්ග්ලෝ-ඇමරිකානු ව්‍යාපෘති දෙකක් වූ ඇමරිකානු හමුදා බ්‍රිතාන්‍යයට යැවීම ඔපරේෂන් මැග්නට් Operation Magnet සහ උතුරු අප්‍රිකාවේ ජර්මානු-ප්‍රංශ රූකඩ රජය වෙත යෝජිත ඇන්ග්ලෝ-ඇමරිකානු ප්‍රහාරය ඔපරේෂන් ජිම්නාස්ට් Operation Gymnast හට අයිසන්හවර් විරුද්ධ විය.
එහෙත් සති තුනකට පසු, ජපන් ජාතිකයන් මලයාවේ බ්‍රිතාන්‍යයන් සහ පිලිපීනයේ ඇමරිකානුවන් පරාජය කිරීමට සූදානම් වූ විට, අයිසන්හවර් විසින්ම පසු කාලයකදී දැවැන්ත ලෙස වැඩිදියුණු කළ මතය වොෂින්ටනයේ පැතිරෙමින් තිබුණි. "අපි යුරෝපයට ගොස් සටන් කළ යුතු අතර, ලෝකය පුරා අපගේ සම්පත් නාස්ති කිරීම සහ ඊටත් වඩා නරක-කාලය නාස්ති කිරීම අත්හැර දැමිය යුතුය" යනුවෙන් ඔහු ලිවීය. “අපි රුසියාව රඳවා තබා ගැනීමට නම්, මැදපෙරදිග, ඉන්දියාව සහ බුරුමය ඉතිරි කර ගැනීමට නම්, අපට බටහිර යුරෝපයේ ගුවන් හා එය අනුගමය කරමින් ගොඩබිම් ප්‍රහාරයක් පටන් ගත යුතුය. අයිසන්හවර් එයටම තවත් දෙයක් එකතු කරමින් ප්‍රකාශ කර සිටියාය.
හිට්ලර් එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් මාසයක් ඇතුළත, චර්චිල් වොෂින්ටනයට ගියේ ජනාධිපති රූස්වෙල්ට් හමුවෙමින්, ජපානයේ පරාජයට පෙර යුරෝපයේ ජර්මනිය පරාජය කිරීමට ඇමරිකානු කැපවීම තහවුරු කර ගැනීමට ය. ඔහුගේ අදහස් සාරවත් බිමක වැටී තිබුණි. 1941 සරත් සෘතුවේ දී ප්‍රමුඛ පෙළේ ඇමරිකානු මූලෝපායික චින්තකයෙකු වන වොෂින්ටනයේ යුද දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරියෙක් හා කපිතාන්වරයෙකු ලෙස යුද්ධයට පෙර වසර තුනක් බර්ලිනයේ ජර්මානු මාණ්ඩලික විද්‍යාලයේ ගත කර තිබූ ජෙනරාල් ඇල්බට් සී. වෙඩමෙයර් විසින් යුද්ධයකදී ජර්මනිය පරාජය කිරීමට අවශ්‍ය වන සම්පත් සහ මිනිස් බලය දැවැන්ත ලෙස බලමුලු ගැන්වීම අවධාරණය කරන “ජයග්‍රහණ සැලැස්මක්” ඉදිරිපත් කර තිබුණි. “අපගේ ප්‍රධාන යුද රඟහල මධ්‍යම යුරෝපයයි. අප්‍රිකාව, ආසන්න පෙරදිග, ස්පාඤ්ඤය, ස්කැන්ඩිනේවියාව සහ ඈත පෙරදිග කලපයන් "සෙසු කුඩා යුද රඟහලවල්" වනු ඇත”. ඔහු ලිවීය.
“ආකේඩියා” කේත නාමයෙන් හැදින්වූ 1941 දෙසැම්බරයේ වොෂින්ටන් හිදී පැවති සමුළුවේදී, රූස්වෙල්ට්, චර්චිල් සහ ඔවුන්ගේ හමුදා කාර්ය මණ්ඩලය, ඇංග්ලෝ-ඇමරිකානු මූලෝපායේ පදනමක් ලෙස, "අනෙකුත් යුද රඟහලවල් වල” අත්‍යවශ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවම බලවේග පමණක් ජර්මනියට එරෙහි මෙහෙයුම්වලින් හරවා යැවිය යුතු විය බවට එකඟ විය. මෙම මාර්ගෝපදේශය අනුගමනය කරමින්, ජෙනරාල් වෙඩමෙයර් ගේ පෙර සැලැස්මේ මූලික තේමාව අනුගමනය කරමින්, 1942 පෙබරවාරි 20 දින, යුධ සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ලෙස උසස්වීමක් ලද ජෙනරල් අයිසන්හවර්, යුරෝපීය රඟහලේ "ප්‍රහාරක මෙහෙයුම්" සඳහා සහ "ඊට සමගාමීව අනෙකුත් පෙරමුණු තුල ආරක්ෂක මෙහෙයුම්" සඳහා ඔහුගේ සහාය තහවුරු කළේය.
1 note · View note