Don't wanna be here? Send us removal request.
Text
බැබලෙන රන් කොත් නවයක් තිබුණ දේවාලය.
දේවාලයේ වත්පිළිවෙත් ආරම්භක අවදිය උග්ගල් අලුත්නුවර ඉතිහාසය සොයන විට හමුවන අපූරු ජන කවියක් . ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මහේ පුර හඳ කාලේ ගලුත් කඩා කණු මුල් උදුරා සීමා පවුරකි මැද මාලේ දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ කාලේ දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ විමසන්නකුට පැරණි කපුනිලමේ මේ කවිය පවසා විස්තර අරඹයි. මේ ලේඛකයා 1980 දී අසාගත් විස්තරයකි. (1933…

View On WordPress
0 notes
Text
සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා
සිංහල හින්දු අලුත් අවරුද්ද හැමටම සුබම සුබ වේවා! අවරුදු නැකත් උදාව ආසන්නයේ ඔබ හැමටම සුබැපතුම් එකතු වෙනවා. මීට පෙර ලිපියේ පැවසූ පරිදි පත්තිනි දෙවියන් වීදියේ වැඩමවීමෙන් පසුව මුළු ගම් පියසම අලුත් අවරුද්දට සැරසෙනවා. උග්ගල් අලුත්නුවර දේවාලයේ චිරාගත චාරිත්‍ර අනුව මේ දිනවල කතරගම දේවාභරණ රැගත් පෙරහර දින පහක් පුරා දේව මන්දිරය පැදකුණු කරවමින් වැඩමවනවා. සූර් සංක්‍රාන්ති වෙලාව සටහන් කරමින් හෙට ගම පුරාම…
View On WordPress
0 notes
Text
පත්තිනි දෙයියන් වඩම්මන කං වීදි සුද්ද වෙන්නෙ නෑ
“පත්තිනි දෙයියන් වඩිනතුරු වීදි සුද්ද වෙන්නෙ නෑ” (පළමු වරට 2013/10/14 දින පළ කරන ලද මේ ලිපිය නව සංස්කරණයන් සහිතව පළ කරන බව සලකන්න) ගමේ දැනමුත්තකු පහන් මඩුව හා පත්තිනි දේව හාස්කම් ගැන කළ ප්‍රකාශයකි. ලංකාවේ වැඳුපිදුම් ලබන ප්‍රධාන තම කාන්තා දෙවියන් වන්නේ පත්තිනි දෙවියෝ වෙති. එතුමිය වෙනුවෙන් කරන පාන්මඩු ශාන්තිකර්මය, පුරාණයේ සිටම වසරක් පාසා කරන බව ද කළ යුතු බව ද දැනමුත්තෝ අවධාරණය කරති. ඒ මගින්…

View On WordPress
0 notes
Text
සුබ නව වසරක් වේවා!
සුබ නව වසරක් වේවා!
2023 සුබ නව වසරක් වේවා ! උග්ගල් අලුත්නුවර ගම්මානයේ සිට මුළු ලොවටම ගෙන එන සුබ පැතුම්! මේ මොහොතේ පත්තිනි දේවාලය අබියස පහන් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. එහි බණ්ඩාර නැටුම් ශිල්පීන් සුපුරුදු ලෙසම හෙට, ජනවාරි පළමුවන දිනට පහන් වෙද්දී මෙලෙස පතති. මේ මොහොතේ දේවාලයේ මාධ්‍ය ඒකකය මගින් අන්තරජාලය තූළ මෙහි සජීවී විකාශනයක් ද සිදුවෙයි කුඹල්මුල්ල පහන් මුඩ ශිල්පීන් සමග කපු නිලමේවරුන්

View On WordPress
0 notes
Text
Balangoda - බළන්ගොඩ
Balangoda – බළන්ගොඩ
බළන්ගොඩ ප්‍රදේශ නාමය පිළිබඳ ඓතිහාසික සාක්කි ආරාධනා පත්‍තරේ ගෙනිච්ච ගමන්ම ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ සිනහ නගමින් මේකෙ අකුරු වැරදියි නේ. “මෙහෙම නෙවයි, Balangoda කියන එක සිංහලෙන් ලියන්නෙ “බළන්ගොඩ” කියලයි. ‘ල’යන්න වෙනුවට ‘ළ’ යොදන්න. බින්දුව වෙනුවට ‘න්’ යොදන්න. ළමුන්ටත් කියා දෙන්න. “බළන්ගොඩ” කියල ලියන්න. මහනුවර සමයෙ මෙතන බලඇණි නවතා තිබූ තැනක් ඒ කාලෙ ‘බටන්ගොඩ’ කිව්ව එක පස්සෙ කාලෙ බළන්ගොඩ…

View On WordPress
0 notes
Text
මකර තොරණ පුවත
උග්ගල් අලුත්නුවර දේවපුරාණය2 (මීට පෙර ලිපිය හා සම්බන්ධය) උග්ගල් අලුත්නුවර මකරතොරණ අමුතුම එකක් බව බැලූ බැල්මටම පෙනෙනවා. දේවාලයට පැමිණි විට නැවතනැවතත් හොඳින් බලන්න. මකර තොරණක පොදු ලක්ෂණ එලෙසම පවත්වා ගනිමින් උග්ගල් අලුත්නුවර දේවාලයේද තොරණ ඉදිව ඇත. එහෙත් එහි අමුතුම විශේෂත්වයක් පවතී. මේ දේවාලයේ පුරාවෘතය සම්බන්ධව සෘජුව නොකියා ඉඟි සැපයීම ඒ විශේෂත්වයයි. උග්ගල් අලුත්නුවර යනු කතරගම දෙවියන් ප්‍රධානව…

View On WordPress
0 notes
Text
උග්ගල් අලුත්නුවර දේව පුරාණය 1
උග්ගල් අලුත්නුවර දේව පුරාණය 1
උග්ගල් අලුත්නුවර පිදුම් ලබන දෙවිවරුන් (මේ සම්බන්ධව ලැබී ඇති දත්ත හා විස්තර රාශියකි. ඉදිරි ලිපිවලින් ඒ විස්තර ගෙන ඒමට ලේඛකයා සැලසුම් කරමින් සිටී) ලේඛකයා කුඩා දරුවකුව සිටි අඅවදියේ උග්ගල් අලුත්නුවර දේවාලයේ අඹරාගෙයින් දිග්ගෙට පිවිසෙන දොරටුවේ ඉදිකෙරමින් පැවති මකර තොරණ දෙස බලාසිටීම පුරුද්දක් විය. එය සැලසුම් කරන ලද්දේත්, කිරිඳගලින් පැමිණි( ඔහුගේ නම අද මතකයේ නැත.) ශිල්පියාට විවිධ උපදෙස් දුන්නෙත්, දේවාලයේ…

View On WordPress
0 notes
Text
සැම දෙනාටම සෙත ශාන්තිය උදා වේවා!
සැම දෙනාටම සෙත ශාන්තිය උදා වේවා!
සැම දෙනාගෙම අද පිබිදෙන සිල් ගුණ සුවඳ සැම දෙනාගෙම අද පිබිදුන සිල් ගුණය ඉදිරියටත් සුරක්ෂිත වේවා ! යි මේ වෙබ් අවකාශය තුළින් වෙසක් සුබ පැතුම් පිරිනමයි. උග්ගල් අලුත්නුවර දැන් සිදුවන්නේ කුමක් ද! තදාසන්න සෑම පන්සලකම සුපුදරුදු බෞද්ධාමික වතාවතින් හැඩ වී පවතී. එය ගමට සීමා නොවී මුළු රටටම පොදුය. සියලු මාධ්‍යයන් හිද වෙබ් අවකාශය පුරාද එය පැතිර ගොසිනි. අට සිල් නොගත් අය හැකි පමණින් දන්සැල් දාන පිරිනැමීම්…

View On WordPress
0 notes
Text
අලුත් සහල් මංගල්ලය 2022
උග්ගල් අලුත්නුවර 2022 අලුත් සහල් මංගල්ලය දෙවියන්නෙ මුත්තෙට්ටුව නමින් හැදින්වෙන කුඹුරු යායේ අදාල ලියද්දෙ වැවෙන ගොයම “රන් ගොයම” ලෙස දේවාල ගමේ ජනතාව අතර ව්‍යවහාරවන නම අනතුරුව “රන් අස්වැන්න“, පැසෙන වීකරල් “රන්කරල්” සහ එම වීවලින් ලබාගන්නා සහල “රන් සහල්” ලෙස හැඳින්වීම අනාදිමත් කාලයක සිටම ව්‍යවහාරයේ පවතී. “දෙයියන්නෙ මුත්තෙට්ටුව” යනු ඊට අදාල කුඹුරු යාය වන අතර එහි වැවෙන අස්වැන්නේ මුල්ම හෙවත් මුදුන්…

View On WordPress
0 notes
Text
"බුද්ධ මංගල්ලෙට පෙරාතුව"
“බුද්ධ මංගල්ලෙට පෙරාතුව”
ගම්මානය පොල්තෙල් පහන් 2022 කින් ආලෝකමත් වූ දිනය අති පූජ්‍ය උල්පතගම ඉන්දරතන හිමිපාණන්, අතිපූජ්‍ය ගිනිමෑල්ලගහ වනරතන හිමිපාණන්, ඒ.එම්. එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මාණන්, ඒ. එම්.කුලසිංහ මහතාණන්,(හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ හා ග්‍රන්ථ කතෘවර) ඒ.එම්. එස්.එම්. පුංචිබණ්ඩාර මහතාණන්, ඒ. එම්. ගුණපාල මහතාණන් සමග ජයසේකර මහත්මාණන්, ටී.එච්.ඒඩින්සිංඤෝ මහත්මාණන්,ඒ.එම්. එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මාණන් සහ ටී.එච්.…
View On WordPress
0 notes
Text
පහන් මඩුවේ තවත් අරුතක්
පහන් මඩුවේ තවත් අරුතක්
සුබ අලුත් අවුරුද්දක් වේවා උග්ගල් අලුත්නුවර ගම්යායේ පහන් මඩු ශාන්ති කර්මයේ තවත් අරුතක් ගම්‍ය වෙයි. ඒ අලුත් අවුරුද්දට සුබ පැතීම ය. එය පහන්මඩු ශාන්ති කර්මයට අමුතුවෙන් එක් වූ සිරිතක් නොවන බව සියුම්ව විමසද්දී පැහැදිලිවම පෙනීයයි. බිනර මාසයේ සිට උඳුවප් මාසය දක්වා කාලය යක්ෂ මාස ලෙස හැඳින් වෙන අතර බල උඳුවප් හෙවත් දළ වශයෙන් දෙසැම්බර් මාසයේ දී යක්ෂයන් පළවා හැර දෙවියන්ගේ දිවැස්ලෑම ලැබෙන්නට මේ ශාන්ති…

View On WordPress
0 notes
Text
උග්ගල් අලුත්නුවර පාන්මඩුව
“පත්තිනි දෙවියන් වඩිනතුරු වීදි සුද්ද වෙන්නෙ නෑ” ගමේ දැනමුත්තකු පහන් මඩුව ගැන විමසද්දී කළ ප්‍රකාශයකින් උපුටාගත් කොටසකි. එයින් ගම්‍ය වන පරිදි ලංකාවේ වැඳුපිදුම් ලබන ප්‍රධාන තම කාන්තා දෙවියන් හෙවත් පත්තිනි දේවමෑණියන් උදෙසා පාන්මඩු ශාන්තිකර්මය වසරක් පාසා කෙරෙයි. යක්ෂමාස කෙලවර කරමින් යකුන් දෙව්යන බවට පමුණුවමින්(දෙවොල් යකුන් දෙවොල් දෙවියන් ���වට පත්කරවන බව මෙහි විවිධ ගායන වලින් පැවසේ) දෙවියන්ට වැඩීමට…

View On WordPress
0 notes
Text
උග්ගල් අලුත්නුවර දේවාලය
ඉහළින් යන කැමරා නෙත දකුණු සීමාවට ඉහළින්. පුරාණ “රජමාවතේ” පැමිණියකුට දේවලයේ ඉදිරි මහ දොරටුවෙන්ම පිවිසිය හැකියි. වල් වැදී ගියද ඒ පුරාණ මාවතේ නටබුන් අදත් පවති. දකුණු සීමාවට ඉහලින් උතුරට හැරුන කැමරා නෙත දේවාලයට පූජනීය ස්මාරකයට මුදුන් වෙයි ගිනිකොණ දෙසින් ඉහළින් පෙනෙන දසුන. මෙහි පුරණ බෝධීන් වහන්සේ චෛත්‍ය රාජයාණන් සහ ඝන්ඨාර කුළු අසලින්ම යාන්තමට දිස්වන “පිළිම ගෙය” මෙය ටැම්පිට විහාරයක්ව පැවතිය දි ලබාගත්…

View On WordPress
0 notes
Text
ශාන්ත
මැකී නොයන මතක සටහන් “අහිමි වීමටත් වඩා, වඩාත් වේදනාකාරී වන්නේ, නික්ම යන්නන් අප තුල ඉතිරි කර යන මතකයන් ය.” – ලහිරු බැබිලේ ගොඩ* “ශාන්ත”යි පොදුවේ හැඳින් වුනත් ඔහුගේ නියම නම ෂෙල්ටන් රෝහණ කුමාර විය. නිවසින් බැහැර දී මතකයේ ඇඳි සේයා සටහන් කීපයකි. උග්ගල් අලුත්නුවර පෙරහර රාජකාර මණ්ඩලයට සුදුසු අලුත් ඇඳුම් සිය මිතුරු බෝසි මහතා සමග එක්ව සකස් කර බෙදා දීමේ වීඩියෝවක උපකාරයෙනි 2013 උග්ගල් අලුත්නුවර පෙරහර…

View On WordPress
0 notes
Text
හාමතේ සිටි දරුවා සහ ගුරුවරයා.
හාමතේ සිටි දරුවා සහ ගුරුවරයා.
බඩගිනියයි පැවසූ දරු පැටවා. (තවත් ප්‍රබන්ධයක් නොවේ. ඉවසිල්ලෙන් කියවන්නකෝ.) අන්තර්ජාල උපුටනයකි “1958.02.21 – වේලාව 9.30 විය. බාලාංශ පන්තියේ ළමයෙකු, කුඩා ගැහැණු ළමයෙකු හඩනවා ඇසුනි. කාරණය සොයා බැලීමි. ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ‘බඩගිනි’යයි ඒ කුඩා ගැහැණු ළමයා කීය. පළමුවැනි පන්තියේ සිටින පිරිමි ළමයාත්,තෙවැන්නේ සිටින ගැහැණු ළමයාත් ඇගේ සහෝදරයා සහ සහෝදරිය යි. කනබොන කතා ඇසීම අනවශ්‍ය දෙයක් වුවත් මම…

View On WordPress
0 notes
Text
දිවි පිදූ ගුරුවරු
කොටවෙහෙරමංකඩ මුල් ගුරුතුමා (දෙයියන්නෙ රටේ ලිපි පෙළ මදකට නවතා ගුරුවරයා පිළිබඳ විස්තර කතා පුවත් දෙසට හැරෙන්නට අවසර ) “ මට නම් අදහාගන්න බෑ” ��තාවට මගේ මුල්ම ප්‍රතිචාරය විය. මෙය කියවන ඔබටත් පිළිගන්න බැරි වේවි. එහෙත් එයා කතාව කියන එක නැවතුනේ නෑ. ” ඔබ පිළිනොගත්තා වුනත් මේක ඇත්තක්. වෙලාවක අපේ පාසලට එන්න. මම ඒ ලොග් ටික පෙන්වන්නම්. ඒ කාලෙ ඉගෙනගත්තු දෙතුන් දෙනෙකුත් මුණ ගස්සන්නම්“ යි පවසන්න වුනා. කතාව…

View On WordPress
0 notes
Text
සතුට සුවය සපිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා!
සතුට සුවය සපිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා!
සැම දෙනාම ලැබූ අලුත් අවුරුද්දේ සුවදායකත්වය රැකගනිමින් සතුට සලසා ගනිත්වා! මැදින් මාසය(දළ වශයෙන් මාර්ත් මාසය) මහකන්නයේ අස්වනු නෙලන සමයයි. සැමට කලින් අපේ වෙල්යායේ මුලින්ම වැපිරූ එය රහසිගත අවස්ථාවකි. සහභාගීවන්නේ කපුමහතා විදානෙ ඇතුළු ඇතුල් කට්ටලේ අයයි එය රහසිගත අවස්ථාවකි. සහභාගීවන්නේ කපුමහතා විදානෙ ඇතුළු ඇතුල් කට්ටලේ අයයි කුඹුරේ මුලින්ම අස්වනු නෙලීම ‘රන්කරල් කැපීමේ මංගල්‍යය’ වන බව නළුවෙල ඇත්තන්ගේ …

View On WordPress
0 notes