Tumgik
#හිට්ලර්
chapter-360 · 1 year
Text
ස්ටාර්ලින්ග්‍රැඩ් -1
1941 ජූනි 22 දින ආරම්භ වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ස්ටාලින්ගේ සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ “බාබරෝසා” මෙහෙයුමේ පරිමාණය සැබවින්ම යමෙකුට හරි ආකාරයෙන් වටහා ගැනීමට අපහසුය. ජර්මානු සහ එහි සහයක අක්ෂ හමුදා මිලියන 3.8 ක් ඒවන විටත් ඔවුන්ගේ බලයට නතු වී තිබූ පෝලන්තයේ දේශසීමා හරහා ගංවතුරක් මෙන් සෝවියට් භූමිය මත නොනවතින ගමනක් ආරම්භ කොට තිබුණි. ජර්මනියේ නාසි අදහස්වලට අනුව නුසුදුසු යැයි සැලකූ සෝවියට්වරු සතුව තිබූ වර්ග සැතපුම් සිය දහස් ගණනක භූමි ප්‍රමාණය තමන් සතු කරගෙන එය යටත් විජිතයක් බවට පත් කර නාසි අධිරාජ්‍යය පෝෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. සෝවියට් දේශය පරාජය කිරීමට ජර්මානුවන් කෙතරම් සමීප වූවාද යත්, ජෙනරාල් ෆීල්ඩ්මර්ෂල් ෆ්‍රාන්ස් ෆ්‍රෙඩ්රික් ෆෙඩෝර් වොන් බොක් අණදෙන නිලධාරියා යටතේ සිටි මධ්‍යම හමුදා කණ්ඩායම මොස්කව් නගරයේ ඉතා ආසන්නයට ළඟා විය. නමුත් ජර්මානුවන් ඔවුන් විසින් දියත් කරන ලද යුදව්‍යාපාරයේ සැබෑ ප්‍රමාණය ගැන සම්පුර්ණයෙන් වටහා නොගෙන සිටියහ. සැපයුම් ගැටළු ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කිරීමට පටන් ගැනීමත් සමගින් ඔවුන්ගේ මූලික සැලසුම් වල බිදවැටීම ආරම්භ වූයේ මෙහිදීය. ජර්මානුවන් ගේ පැත්තෙන් අතිසාර්ථක ලෙස ආක්‍රමණයේ පලමු සති කිහිපය ගෙවී ගොස් තිබුණි. එහෙත් සෝවියට් සංගමයට ඔවුන්ගේ ප්‍රතිරෝධය සංවිධානය කිරීමට වැඩි කාලයක් ගියේ නැත. එහෙත් සෝවියට් සංගමයට පමණක් ජර්මානු තල්ලුව වලකා ගැනීමට තවමත් ශක්තියක් නොවීය. එහෙත් මාස ගනනාවක් යුද්ධය කැටි කරමින් පැමිණි රුසියන් ශීත ඍතුව මොස්කව් ගලවා ගත්තාය.
1942 වසන්තයේ ආරම්භයත් සමග ජර්මනිය නැඟෙනහිර යුද්ධය නැවත ආරම්භ කිරීමට සුදානම් වූ නමුත් සැපයුම් රේඛාවල් පවත්වාගෙන යාමේ අපහසුව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම තෙල් ජර්මානු යාන්ත්‍රණයට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය විය. එබැවින් ඔවුන්ගේ ඉන්ධන හිඟයට පිලියමක් වශයෙන් මෙන්ම ඔවුන් සාර්ථක වුවහොත් එයින් සෝවියට්වරුන් හට ඉන්ධන ලබාගැනීම සම්පූරණයෙන්ම කපා හැරීම සදහා සැලසුමක් ජර්මානු නායකත්වය ගෙන ආවාය. එම සැලැස්මේ කොටසක් වූයේ නැගෙනහිර යුක්රේනයේ වොල්ගා නදිය අද්දර පිහිටි කලින් වොල්ගාග්‍රෑඩ් ලෙස හැඳින්වූ පසුව සෝවියට් නායකයාගේ නාමයෙන් සැරසූ නගරයයි. යුද්ධයට පෙර මිනිසුන් කිහිප දෙනෙකු දැන සිටියත්, යුද්දය අතරතුර එහි සිදු වූ අදහාගත නොහැකි සිදුවීම පිලිබදව කතිකාවන් අදටද අවසන් වී නෙමැත. මේ ඉතිහාසයේ ලේ වැකිම සටන සිදු වූ ස්ටාලින්ග්‍රෑඩ් හි කතාවයි.
Tumblr media
බාබරෝසා.
සෙනසුරාදාවක් වූ 1941 ජූනි 21 දින සුන්දර වූ ගිම්හාන උදෑසනක ආරම්භයක් විය. රාජකාරිවලින් බැහැර නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ බර්ලින් වැසියන් සිය පවුලේ හෝ මිතුරන් සමගින් Sans Souci උද්‍යානයේ දවස ගත කිරීම සඳහා පොට්ස්ඩෑම් වෙත දුම්රියෙන් ගමන් කලහ. තවත් සමහරු පිහිනීම සදහා Wannsee හෝ Nikolassee යන වෙරළ තීරයන් වෙත ගියහ. විහිලු වලින් රසවත් වූ ආපනශාලා තුළ එදින වැඩියෙන් කතාබහට ලක් වුයේ රුඩොල්ෆ් හෙස් (Rudolf Hess) ගේ බ්‍රිතාන්‍යයට ගිය ගුවන් ගමන පිළිබඳවය. ඉන් සිතුවාටත් වඩා ඉක්මනින් සිදුවෙන්නට යන සෝවියට් සංගමයේ ආක්‍රමණයක් ගැන ඉගියක් පළවිය. ඉතා පුලුල් යුද්ධයක් පිලිබඳ අදහස ගැන කලකිරීමට පත් වූ තවත් බොහෝ අය අවසාන මොහොතේ ස්ටාලින් යුක්රේනය ජර්මනියට පවරා දෙනු ඇතැයි යන අදහස මත තම බලාපොරොත්තු තබා ගත්හ. උන්ටෙර් ඩෙන් ලින්ඩෙන් (Unter den Linden) හි පිහිටි සෝවියට් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරියන්හි නිරතව සිටියහ. මොස්කව් වෙතින් පැමිණි හදිසි සංඥාවක් මගින් බෝල්ටික් සිට කළු මුහුද දක්වා වූ මායිම් දිගේ සිදුවෙමින් පවතින දැවැන්ත මිලිටරි සූදානම පිළිබඳ “වැදගත් පැහැදිලි කිරීමක්” ඔවුන් ගෙන් ඉල්ලා සිටියේය. පළමු ලේකම් සහ ප්‍රධාන පරිවර්තක වැලන්ටින් බෙරෙෂ්කොව් (Valentin Berezhkov) රැස්වීමක් සංවිධානය කිරීම සඳහා විල්හෙල්ම්ස්ට්‍රාස් හි ජර්මානු විදේශ කාර්යාලයට කතා කළේය. ඔහුට පවසනු ලැබුවේ රීචිස් ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් (Joachim von Ribbentrop) නගරයෙන් බැහැරව සිටින බවත්, රාජ්‍ය ලේකම් ෆ්රීහර් වොන් වයිස්සැකර් (Freiherr von Weizsacker) ව දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකි බවත්ය.
උදෑසන ගෙවී යද්දී, තොරතුරු ඉල්ලා මොස්කව් වෙතින් හදිසි පණිවිඩ වරින් වර පැමිණෙමින් තිබුණි. පසුගිය මාස අට තුළ ලැබුණු අනතුරු ඇඟවීම් අසූවකට වඩා එකතුවකින් ජර්මානු අභිප්‍රායන් පිළිබඳ සාක්ෂි ගොඩනැගුණු විට ක්‍රෙම්ලිනයේ තැතිගැන්මක වාතාවරණයක් මතු වී තිබුණි. අභ්යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය (NKVD) හි නියෝජ්‍ය ප්‍රධානියා පෙර දින තුළ “සෝවියට් සංගමයේ රාජ්‍ය දේශසීමාව හරහා ගුවන් යානා තිස් නවයකට වඩා අඩු නොවුනු ප්‍රමාණයක හදුනාගැනීම්” සිදු වූ බව වාර්තා කර තිබුණි. ජර්මානු හමුදාවන් හි මේ රහස්‍යභාවයකින් තොර නිර්ලජ්ජිත සූදානම් සියල්ල ඇඩොල්ෆ් හිට්ලර් විසින් වෙනත් වූ සැලැස්මක් සදහා වැඩි වාසි ලබා ගැනීම සඳහා වූ සැලැස්මක කොටසක් විය යුතුය යන්න ස්ටාලින් ගේ සිතෙහි වූ අදහස සනාථ කර ඇති බව පෙනෙන්නට තිබුනි.
බර්ලිනයේ සෝවියට් තානාපති ව්ලැඩිමීර් ඩෙකනොසොව් (Vladimir Dekanozov) මේ සියල්ල බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වැරදි තොරතුරු ව්‍යාපාරයක් බවට ස්ටාලින්ගේ විශ්වාසය හා එකග විය. ජර්මානු සේනාංක 180ක් සෝවියට් දේශසීමාව ආසන්න යේ යොදවා ඇති බවට ඔහුගේම හමුදා අනුයුක්ත නිලධාරියා ගේ වාර්තාව පවා ඔහු ප්‍රතික්ෂේප කළේය. ලැව්රෙන්ටි බෙරියා (Lavrenty Beria) ගේ ගෝලයෙකු වන ඩෙකනොසොව් තවත් ජෝර්ජියානු ජාතිකයෙක් සහ NKVD හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. ප්‍රශ්න කිරීම සහ දේශපාලණික පවිත්‍ර කිරීම හැරෙන්නට ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ අත්දැකීම් අනෙකුත් සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගේ අත්දැකීම් මෙන් ඔබ්බට ගොස් තිබුණේ නැත. කන්ඩායමේ අනෙකුත් සාමාජිකයින්, ඔවුන්ගේ අදහස් ඕනෑවට වඩා ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට එඩිතර නොවූවත්, සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට හිට්ලර් සැලසුම් නොකරන බවට සුලුවෙන් හෝ සැකයක් ඔවුන්ගේ සිත් තුල නොතිබුනි. ජර්මානු කොමියුනිස්ට් මුද්‍රණකරුවෙකු විසින් සෝවියට් කොන්සල් කාර්යාලය��� රහසිගතව ගෙන එන ලද හමුදා ආක්‍රමණ සඳහා උපයෝගී කරගැනීම වෙනුවෙන් ජර්මානු සෙබළුන් අත බෙදා හැරීමට සකස් කරන ලද වාක්‍ය ඛණ්ඩයක සාක්ෂි පවා ඔවුන් හට යවා තිබුණි. එහි “යටත් වන්න!, අත් උස්සන්න!, සාමූහික ගොවිපල සභාපති කොහෙද?, ඔබ කොමියුනිස්ට්වාදියෙක් ද?, සහ ‘මම වෙඩි තියන්නෙමි!” යන වැකිද ඇතුලත්ව රුසියානු භාෂාවෙන් වූ තවත් ප්‍රයෝජනවත් කෙටි යෙදුම් ඇතුළත් විය.
බෙරෙෂ්කොව් විසින් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත නැවත වතාවක් කරන ලද දුරකථන ඇමතුම් මත පිලිතුර වුයේ රිබන්ට්‍රොප් “මෙහි නොමැති අතර ඔහු නැවත පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත” යන්නය. දහවල් වන විට ඔහු දේශපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ වෙනත් නිලධාරියෙකු හා සම්බන්ධ විය. ෆියුලර්ගේ මූලස්ථානයේ යමක් සිදුවෙමින් පවතින බව මම විශ්වාස කරමි. සියල්ලන්ම එහි සිටීමට බොහෝ ඉඩකඩක් ඇත”. නමුත් සැබවින්ම ජර්මානු විදේශ ඇමති බර්ලිනයෙන් පිටව සිටියේ නැත. රිබන්ට්‍රොප් මොස්කව් හි ජර්මානු තානාපති කාර්යාලයට “හදිසියි! රාජ්‍ය රහස!” යන තේමා ඔස්සේ උපදෙස් සකස් කරමින් කාර්යබහුලව සිටියේ. පසුදා උදෑසන, ආක්‍රමණය ආරම්භ වී පැය දෙකකට පමණ පසු ජර්මානු තානාපති කවුන්ට් ෆ්‍රෙඩ්රික් වර්නර් වොන් ඩර් ෂුලෙන්බර්ග්, (Friedrich Werner von der Schulenburg) විසින් ආක්‍රමණය වෙනුවෙන් කනගාටුව සෝවියට් රජයට දැනුම් දීමට නියමිතව තිබුණි.
බර්ලිනයේ සෙනසුරාදා දහවල, සවස් වරුවට හැරෙන විට මොස්කව් සිට එන පණිවිඩ එන්න එන්නම බරපතල විය. බෙරෙෂ්කොව් සෑම විනාඩි තිහකට වරක් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ඇමතුම් ලබා ගත්තාය. තවමත් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ ඇමතුම පිළිගත්තේ නැත. ඔහුගේ කාර්යාලයේ විවෘත ජනේලයෙන් තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන් පැලදි පැරණි පන්නයේ "ශුට්ස්මාන්" හිස්වැසුම් ඔහුට දැකගත හැකි විය. ඔවුන්ගෙන් ඔබ්බට, බර්ලිනර් වැසියන් සෙනසුරාදා සවස් වරුවේ Unter den Linden මත ඇවිදිමින් සිටියහ. බර්ලින්-මොස්කව් සීඝ්‍රගාමී දුම්රිය කිසිවක් වෙනස් වී නොමැති ලෙසින් රදවා ඇති ජර්මානු හමුදාවන් පසුකරමින් දේශසීමා තරණය කිරීමට සූදානම් විය. යුද්ධය සහ සාමය අතර ඇති පරිසරය යථාර්තවාදී නොවන ව්‍යාකූල තත්වයකින් පසු විය.
මොස්කව්හි දී, සෝවියට් විදේශ ඇමති මොලොටොව් (Molotov) කවුන්ට් වොන් ඩර් ෂුලෙන්බර්ග් ව ක්‍රෙම්ලිනයට කැඳවීය. ජර්මානු තානාපතිවරයා තානාපති කාර්යාලයේ රහස් ලිපි ලේඛන විනාශ කිරීම අධීක්ෂණය කිරීමෙන් පසු නවය හමාරට කැඳවා තිබූ රැස්වීමට පිටත් විය. ජර්මානු සූදානම පිළිබඳ සාක්ෂි සමඟ අභියෝග කළ විට, ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව ඔහු පිළිගත්තේ නැත. සෝවියට් සංගමයට තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඔහු විස්මයට පත් වූ අතර ඔහු බර්ලිනයේ උපදෙස් ලබා ගන්නා තෙක් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.
ජර්මනිය කිසි විටෙකත් රුසියාවට එරෙහිව යුද්ධ නොකළ යුතුය යන බිස්මාර්ක් ගේ නියමය විශ්වාස කළ පැරණි තාලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ෂුලෙන්බර්ග්, ක්‍රෙම්ලිනයේ නොදැනුවත්කම ගැන පුදුම වීමට හොඳ හේතුවක් තිබුණි. සති දෙකකට පෙර, මොස්කව්හි සිටියදී ඔහු ඩෙකනොසොව්ට, පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කර, හිට්ලර්ගේ සැලසුම් ගැන ඔහුට අනතුරු ඇඟවීය. රුසියාවට එරෙහිව කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් හිට්ලර් විසින් ඔහුට අමූලික බොරු කීමෙන් පසු මහලු ෂුලෙන්බර්ග් හට තමන් පැහැදිලිවම නාසි පාලන තන්ත්‍රයට වූ පක්ෂපාතිත්වයෙන් මිදී ඇති බවක් දැනුනි. නමුත් එවැනි හෙළිදරව්වකින් විමතියට පත් ඩෙකනොසොව් වෙන්ත් උපක්‍රමයක් ගැන සැක කළේය. එයට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වූ ස්ටාලින් ද සිය දේශපාලන මණ්ඩලයට ‘වැරදි තොරතුරු දැන් තානාපති මට්ටමට පැමිණ ඇත!’ 'ඉංග්‍රීසියෙකු ගේ උසිගැන්වීමක්' යනුවෙන් පවසමින් බැණ වැදුනාය. බොහෝ අනතුරු ඇඟවීම් රුසියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ආරම්භ කිරීමට සෝවියට් සංගමයේ පරම සතුරා වන වින්ස්ටන් චර්චිල් ගේ කුමන්ත්‍රණයක කොටසක් වන බව ස්ටාලින්ට නිසැක විය. රුඩොල්ෆ් හෙස් ස්කොට්ලන්තයට පියාසර කළ දා සිට මේ කුමන්ත්‍රණාත්මක අදහස් ඔහුගේ මනසෙහි වඩාත් සංකීර්ණ විය.
එම සෙනසුරාදා සවස් වන තුරුම ආක්‍රමණයක හැකියාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ස්ටාලින් තවමත් හිට්ලර් කුපිත කිරීමට බියෙන් පසුවිය. දේශසීමාවෙන් ඔබ්බට වනාන්තර තුල රදවා ඇති ටැංකි එන්ජින් උණුසුම් කිරීම මගින් එන ගෝෂාව, ජර්මානු හමුදා ඉංජිනේරුවන් ගංගා හරහා පාලම් ඉදි කිරීම සහ දේශසීමාවන් වෙන් කොට ඇති ඉදිරි රේඛාවන්ගේ කටු කම්බි බාදකයන් ඉවත් කිරීම ගැන දේශසීමා ආරක්ෂකයින් ගෙන් එක පිට එක ලැබුණු වාර්තා වල සඳහන් විය. කියෙව් විශේෂ හමුදා දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරියා අනතුරු ඇඟවූයේ පැය කිහිපයකින් යුද්ධය ආරම්භ වනු ඇති බවයි. බෝල්ටික් වරායන්හි සේවයේ යෙදී සිටි ජර්මානු නැව් හදිසියේ භාන්ඩ පැටවීම නවතා නැවත ජර්මානු මුහුදු කලාපය බලා යාත්‍රා කළ බවට වාර්තා ලැබී ඇත. කෙසේ වෙතත්, ඒකාධිපති ආඥාදායකයා වූ ස්ටාලින්ට දැන් සිදුවෙමින් පවතින දේ ඔහුගේ පාලනයෙන් බැහැර විය හැකිය යන අදහස සමඟ එකඟ වීමට තවමත් නොහැකි විය.
එදින රාත්‍රියේ, රතු හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සමඟ ඔහුගේ කන්තෝරු කාමරය දී දීර්ඝ සාකච්ඡාවකින් පසුව, 1941 ජුනි 22-23 අතරතුර, ලෙනින්ග්‍රෑඩ් හි විශේෂ කලාපයන් වූ බෝල්ටික් හා සම්බන්ධ වන බටහිර ප්‍රදේශ, කියෙව් සහ ඔඩෙස්සා හමුදා දිස්ත්‍රික්කවල පෙරමුණුවලට ජර්මානුවන් විසින් හදිසි ප්‍රහාර එල්ල කළ හැකිය. අපගේ හමුදාවන් ගේ කර්තව්‍යය වන්නේ විශාල සංකූලතා ඇති කිරීමට ඉඩ ඇති කිසිදු ප්‍රකෝප කිරීම්වලට යටත් නොවීමයි. ඒ අතරම, ජර්මානුවන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් එල්ල කළ හැකි විස්මිත පහරකට මුහුණ දීම සඳහා භට පිරිස් පූර්ණ සටන් සූදානමකින් සිටිය යුතුය. යන්න සදහන් හදිසි යුද අනතුරක සංඥා කේතයක් බටහිර දෙසින් වූ සියලුම හමුදා දිස්ත්‍රික්ක මූලස්ථාන වෙත යැවීමට ස්ටාලින් එකඟ විය. එහෙත් නාවික හමුදාව සහ රතු හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ටාලින්ගේ බලමුලු ගැන්වීමේ නියෝගය නොසලකා නිහඬව සිටියහ. එමෙන්ම මේ අනතුරු ඇඟවීමේ නියෝගය බොහෝ ඒකක සඳහා මධ්‍යම රාත්‍රිය පසු වන තුරුත් ලගා නොවී තිබුනි. එය අවසානයඒ ලැබෙනා විටදී ජර්මානුවන් සිය ප්‍රහාරය ද ආරම්භ කොට තිබුණි.
බර්ලිනයේ රාත්‍රිය ගෙවී යද්දී රිබන්ට්‍රොප්ගේ කාර්යාලය හා සම්බන්ද වීමට තිබූ බලාපොරොත්තුවක් බෙරෙෂ්කොව් අත්හැර දමා තිබුණි. එක්වරම පාන්දර තුනට පමණ ඔහු අසල තිබූ දුරකථනය නාද විය. ‘ගෞරවනීය රීච්ස්මිනිස්ටර් වොන් රිබන්ට්‍රොෆ් විදේශ කාර්යාලයේදී සෝවියට් ආණ්ඩුවේ නියෝජිතයන් දැකීමට කැමැත්තෙන් සිටී’ යනුවෙන් නුහුරු කටහඬක් නිවේදනය කළේය. තානාපතිවරයා අවදි කර මෝටර් රථයක් ඇණවුම් කිරීමට කාලය ගත වන බව බෙරෙෂ්කොව් එයට පෙරලා පිලිතුරක් ලබාදුන්නාය. ‘රීච්ස්මිනිස්ටර් ගේ මෝටර් රථය දැනටමත් ඔබේ තානාපති කාර්යාලයෙන් පිටත බලා සිටී. හැකි ඉක්මනින් සෝවියට් නියෝජිතයන් හමුවීමට ඇමතිවරයා කැමතිය.
තානාපති කාර්යාලයෙන් පිටත, ගැටි බැම්මට සමීපයෙහි නවතා ඇති කළු ලි��ොසින් රථය ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් දුටුවාය. සම්පූර්ණ නිල ඇඳුමින් සැරසුණු විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් දොර අසල සිටගෙන සිටි අතර එස්.එස් නිලධාරියෙක් රියදුරු අසල වාඩි වී සිටියේය. ඔවුන් පිටත්ව යන විට, බෙරෙෂ්කොව් දුටුවේ, ඒ වන විටත් බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුවෙන් ඔබ්බට ටියර්ගාර්ටන් ගස්වලට ඉහළින් අහසේ දීප්තිය විහිදුවමින් තිබූ බවයි. ඔවුන් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ළඟා වූ විට, පිටත මිනිසුන් සමූහයක් ඔවුන් දුටුවේය. ප්‍රවෘත්ති චිත්‍රපට කාර්ය මණ්ඩලය සඳහා කැමරා ලයිට් මගින් එහි නිමැවුණු යකඩ ආවරණ සහිත පිවිසුම ආලෝකමත් විය. මාධ්‍යවේදීන් ඔවුන්ගේ කැමරාවල ෆ්ලෑෂ් බල්බවලින් ඔවුන්ව මොහොතකට අන්ධ කරමින් සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනා වට කරන්ගත්හ. මෙම අනපේක්ෂිත පිළිගැනීම බෙරෙෂ්කොව්ට නරකම බිය ඇති කළේය, නමුත් ඩෙකනොසොව් ජර්මනිය සහ රුසියාව තවමත් සාමකාමීව සිටින බවට ඔහුගේ විශ්වාසය තුළ නොසැලී සිටියේය.
යන්තම් අඩි පහක් උස, කුඩා වක් වු නාසයක් සහ කලු පැහැ හිසකෙස් කිහිපයක් පමණක් හා අන් සියල්ලම තට්ටය වූ වටකුරු හිසක් ඇති සෝවියට් තානාපතිවරයා, ආකර්ෂණීය චරිතයක් නොවීය. හිට්ලර්, ඔහුව මුලින්ම පිළිගන්නා විට, වෙනස අවධාරණය කිරීම සඳහා ඔහුගේ උසම එස්, එස් ආරක්ෂකයින් දෙදෙනෙකු තානාපතුවරයගේ දෙපසින් සිටන ලෙස ඔහුව කැදවාගෙන ආවාය. එහෙත් කුඩා ජෝර්ජියානු ජාතිකයා ඔහුගේ බලයේ පහලින් සිටි සියලුම අයට අනතුරුදායක පුද්ගලයෙක් විය. රුසියානු සිවිල් යුද්ධයෙන් පසු කොකේසස් හි ඔහුගේ මර්දනකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුව හැඳින්වූයේ ‘බකු හි එල්ලා මරා දමන්නා’ ලෙසිනි. සෝවියට් ප්‍රජාවේ ද්‍රෝහීන් යැයි සැක කරන අය සමඟ කටයුතු කිරීම සඳහා බර්ලින් තානාපති කාර්යාලයේ, යටි මාලයේ වධහිංසා පැමිණවීමේ කුටියක් පවා ඔහුගේ අණින් ඉදිකර තිබුණි.
රිබෙන්ට්‍රොප්, ඔවුන් එනතුරු බලා සිටියේ නොයිවසිල්ලෙනි. ඔහු තම කාමරය තුල එහා මෙහා ඇවිද ගියේ කූඩු කළ සතෙකු මෙනි. “ෆියුරර් දැන් රුසියාවට පහර දීම සම්පූර්ණයෙන්ම නිවැරදියි,” ඔහු තමාටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නාක් මෙන් නැවත නැවතත් තමන් හටම රහසින් මුමුනාගත්තාය. "අපි එසේ නොකළේ නම් රුසියානුවන් නිසැකවම අපට පහර දෙනු ඇත." ඔහුගේ වඩාත්ම වැදගත් ජයග්‍රහණය වන මොලොටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම විනාශ කිරීමේ අපේක්ෂාවට ඔහුට මුහුණ දිය නොහැකි බව ඔහුගේ යටත් නිලධාරීන්ට ඒත්තු ගොස් තිබුණී. සිය නායකයාගේ මේ අදූරදර්ශී සූදුව ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනය බවට පත් විය හැකි බවට ඔහු සැක කිරීමටද පටන් ගෙන තිබුණි. සෝවියට් නියෝජිතයන් දෙදෙනා රැගැන ආ නිලධාරියා රීච්ස් ඇමතිගේ ගේ විශාල කාර්යාලයට පිවිසීමට ඇති දොර පෙන්වූහ. බෙරෙෂ්කොව් රිබන්ට්‍රොප් ගේ මුහුනෙහි වූ පෙනුමෙන් තමන් සැක කරමින් සිටි දෙය සැබැවක් බව තහවුරු කර ගත්තාය.
ඉතාමත් කඩිමුඩියේ අතට අත දීමෙන් පසුව, රිබන්ට්‍රොෆ් ඔවුන් ව පසකින් වූ මේසයක් වෙත රැගෙන ගොස් එහි අසුන්ගන්නා මෙන් ඉල්ලා සිටියාය. සෝවියට් දේශය පිලිබදව ජර්මානු තර්ජනයක් නොමැති බව සහතික කිරීම වෙනුවෙන් ජර්මානු රජයෙන් සහතිකයක් ඉල්ලා ප්‍රකාශයක් කියවීමට ඩෙකනොසොව් පටන් ගත් නමුත් රිබෙන්ට්‍රොප් ඔහුට බාදා කරමින් කියා සිටියේ ඔවුන්ට රැස්වීමකට සහභාගී වීමට ආරාධනා කර ඇත්තේ ඩෙකනොසොව් ගේ අදහසට සමාන වුවද ඊට හාත්පසිනම වෙනස් කරුණකට බවය. “ආක්‍රමණය” යන වචනය ඔහු භාවිතා නොකිරීමට වගබලා ගනිමින් ඔහු යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන දෙයක් පැකිලෙමින් ප්‍රකාශ කලාය. ‘සෝවියට් ආන්ඩුව ජර්මනිය කෙරෙහි දක්වන සතුරු ආකල්පය සහ ජර්මනියේ නැඟෙනහිර දේශසීමාවේ රුසියානු හමුදා සංකේන්ද්‍රණයෙන් නියෝජනය වන බරපතල තර්ජනය, මිලිටරි ප්‍රති-ක්‍රියාමාර්ග ගැනීමට ජර්මානු රජයට බල කර ඇත. හදිසියේම බෙරෙෂ්කොව් පැහැදිලි වුයේ පහර දීම හෝ පහරදීමට යන සූදානම ඔහුන්ගේ වරදකින් සිදු වී ඇති බවට පෙන්වාදීමේ උත්සාහයක රිබෙන්ට්‍රොප් යෙදෙමින් සිටින බවය. ජර්මන් හමුදාව දැනටමත් එහි ආක්‍රමණය ආරම්භ කර ඇති බව බෙරෙෂ්කොව් ට හදිසියේම පැහැදිලි විය. සෝවියට් දේශයේ පැහැදිලි බලපැම් වලට ප්‍රතිචාරයක් වශයෙන් අපගේ ඉදිරි ආරක්ශක සැලසුම පිළිබඳව ඔබට නිල වශයෙන් දැනුම් දීම සම්බන්ධයෙන් ෆියුරර් මට බලය ලබාදී ඇත. රිබෙන්ට්‍රොප් හදිසියේම නැගී සිටිමින් පවසන අතරවාරයේ ඔහු අත වූ හිට්ලර්ගේ සංදේශයේ සම්පූර්ණ සටහන තුශ්නිම්භූත වී සිටි ස්ටාලින්ගේ තානාපතිවරයාට භාර දුන්නේය.
ඩෙකනොසොව් ද නැගිට සිටියාය. ඔහු යන්තම් රිබන්ට්‍රොප්ගේ උරහිස මට්ටමට සිටියාය. යතාර්ථය අවසානයේ සම්පූර්ණයෙන්ම ඔහුට දැනෙන්නට විය. ‘සෝවියට් සංගමයට එරෙහි මෙම අපහාසාත්මක, ප්‍රකෝපකාරී සහ කොල්ලකාරී ප්‍රහාරය ගැන ඔබලාට තරයේ කනගාටු වීමට සිදු වනු ඇත. ඔබලා ඒ සඳහා බොහෝ සෙයින් ගෙවනු ඇත! ඔහු දොර දෙසට හැසී ඉක්මනින් අඩිය තියමින් ගිය අතර බෙරෙෂ්කොව් ද ඔහුව අනුගමනය කලාය. රිබන්ට්‍රොප් ඔවුන් පසුපස වේගයෙන් පැමිණියාය. ඔබ මොස්කව් වෙත ගිය පසු ඔවුන් හට පවසන්න “මා මේ ප්‍රහාරයට තදින්ම විරුද්ධ වූ අයෙකු බව” යනුවෙන් පැවසීය.
ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් සෝවියට් තානාපති කාර්යාලය වෙත කෙටි ගමනක් සඳහා ලිමොසින් රථයට නැඟෙන විට දවසේ උදාව ගෙවෙමින් තිබුනි. එස් එස් භට කණ්ඩායමක් දැනටමත් Unter den Linden හි කොටස අවහිර කර ඇති බව ඔවුන් හට පෙනුනි. ඇතුළේ, ඔවුන් ආපසු එනතුරු බලා සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ සියලු දුරකථන රැහැන් කපා ඇති බවයි. ඔවුන් රැහැන් රහිතව රුසියානු ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සුසර කළාය. මොස්කව් සිටියේ ජර්මානු ගිම්හාන කාලයට වඩා පැයක් ඉදිරියෙන්, එබැවින් දැන් එහි ජුනි 22 ඉරිදා උදේ හය පසුවී තිබුණි. මොස්කවු හි ප්‍රවෘත්ති ප්‍රකාශනය ආරම්භ වූයේ සෝවියට් කර්මාන්තයේ සහ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ධාරීතාවන් වැඩි කිරීම උදෙසා යෙදුනු නව රෙගුලාසි සම්බන්දයෙන්ය ඉන් පසුව ශරීර සෞඛ්‍යය පිලිබද වැඩසටහනක් විකාශනය විය. ඔවුන්ව පුදුම කරමින් ජර්මානු ආක්‍රමණය ගැන කිසිදු සඳහනක් ප්‍රවෘත්ති ප්‍රකාශනයේ නොවීය. තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ NKVD සහ GRU (මිලිටරි ඔත්තු සේවා) නිලධාරීන් වහාම ශක්තිමත් කරන ලද වානේ දොරවල් සහ මුද්‍රා තබන ලද වානේ පියන්වලින් වසා ඇති ජනෙල්වලින් සමන්විත ඉහළ මාලයට ගිය අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට ස්ථාපනය කර ඇති විශේෂ ඉක්මන් දැවෙන උඳුන් තුළට රහස් ලේඛන තල්ලු කිරීම ආරම්භ කලහ. ඩෙකනොසොව් තානාපති කාර්යාලයේදී රිබන්ට්‍රොප් විසින් පවසූ දෙය ස්ටාලින් හට පැවසුවද එය ස්ටාර්ලින් විසින් අසාගෙන සිටියාද යන්න ඔහුට පැහැදිලි නොවීය.
රුසියානු අගනුවර, ගුවන් යානා නාශක ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුනද, නගරයේ අන් සියල්ලන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තවමත් අවබෝධයක් නොතිබුණි. රජයේ සහ කර්මාන්තවල බලගතු තනතුරු දරණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ට ඔවුන්ගේ කාර්යාලවලට ඇතුළු වීමට නියෝග කළද නිසි මග පෙන්වීමක් නොමැතිකම නිසා සියලුම දෙනා ක්‍රියා විරහිතවී ඇති බව පෙනුනි. ස්ටාර්ලින් කිසිත් නොපැවසුවාය. පෙරමුණේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. ජර්මානු පළමු ප්‍රහාරයෙන් ම සෝවියට් සන්නිවේදන බිඳ වැටී තිබුණි.
හිට්ලර් තවමත් මිතුරෙක් යන වඩාත් උමතු අදහසින් එපිටට යාම අවසන් මොහොත දක්වා ප්‍රතික්ෂේප කරමින් සිටි ක්‍රෙම්ලිනයේ ශුභවාදීන්ගේ බලාපොරොත්තු ද බිඳ වැටෙමින් තිබුණි. සෙවාස්ටොපෝල් නාවික කඳවුරට ජර්මානු බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ කළු මුහුදේ බලඇණියේ අණදෙන නිලධාරියාගෙන් අලුයම 3.15 ට තහවුරු කිරීම ලැබුණි. 1904 දී පෝර්ට් ආතර්ට එරෙහිව ජපානයේ විස්මිත ප්‍රහාරය ගැන සිතීමට සෝවියට් නාවික නිලධාරීන්ගේ මතකය අලුත් විය. ස්ටාලින්ගේ සමීපතම සගයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව් (Georgy Malenkov) අද්මිරාල් නිකොලායි කුස්නෙට්සොව් (Nikolay Kuznetsov) ගේ වචනය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර, නායකයාව රැවටීම මත වැරදි ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ක්‍රියා කිරීමට යොදන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපක්‍රමයක් නොවන බවට සැක හැර දැනගැනීම උදෙසා ඔහු නැවත පුද්ගලිකව අද්මිරාල් හට දුරකථනයෙන් කතා කළේය. බටහිර මායිම්වල ප්‍රහාරය ආරම්භ වී පැය දෙකකට පසු එනම් පහ පසුවී විනාඩි තිහකින් - ෂුලෙන්බර්ග් නාසි ජර්මනියේ යුද ප්‍රකා���ය මොලොටොව් වෙත ලබා දුන්නේය. පැමිණ සිටි එක් අයෙකුට අනුව, මහළු තානාපතිවරයා කෝපයෙන් කඳුළු පුරවාගෙන කතා කර ඇති අතර, පෞද්ගලිකව ඔහු හිට්ලර්ගේ තීරණය පිස්සුවක් යැයි සිතන බව පැවසීය. මොලොටොව් දේශපාලන මණ්ඩලය රැස්ව සිටි ස්ටාලින්ගේ කාර්යාලයට යාමට ඉක්මන් විය. ප්‍රවෘත්තිය ඇසූ ස්ටාලින් කිසිවක් නොකියා තම පුටුව තුලටම වකුටු වී ගියාය. ඔහුගේ උමතු වැරදි උපකල්පනයන් එකිනෙක ඔහුගේ තිත්ත වූ යථාර්තයට කරුණු ඉදිරිපත් කළේය. අනුකම්පා විරහිත උපක්‍රම සඳහා වඩාත් ප්‍රසිද්ධ ඔහු, ඔහු විසින්ම සාදන ලද උගුලකට වැටී ඇත.
ඉදිරි දින කිහිපය තුළ පෙරමුණෙන් ලැබුණු ප්‍රවෘත්ති කෙතරම් ව්‍යසනකාරී වූවාද යත් ස්ටාලින්, බෙරියා සහ මොලොටොව් ව රහසිගත සාකච්ඡාවක් සඳහා කැඳවීය. 1918 දී බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් (Brest-Litovsk) ගනුදෙනුව මෙන් සියලු අපහසුකම් හා පාඩුවන් සමගින් ඔවුන් හිට්ලර් සමඟ සාමය ඇති කර ගත යුතුද ? යන්න ඔවුන් සාකච්ජා කලහ. සැබැවින්ම ඔවුන්ට යුක්රේනය, බෙලෝරුසියාව සහ බෝල්ටික් ජනපද බොහොමයක් ජර්මානුවන් වෙත අත්හැරිය හැකිය. බල්ගේරියානු තානාපති අයිවන් ස්ටැමෙනොව් (Ivan Stamenov) පසුව ක්‍රෙම්ලිනයට කැඳවන ලදී. කන්ඩායම් දෙක වෙනුවෙන් අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට හැකිදැයි මොලොටොව් ඔහුගෙන් විමසූ නමුත් ඔවුන් මවිතයට පත් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් ඔහු ‘ඔබ යූරල් වෙත පසුබැස ගියත්, අවසානයේදී ඔබ ජයගනු ඇත’ යනුවෙන් පිළිතුරු දුන්නේය.
සෝවියට් සමූහාණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රදේශවල ජනගහනයෙන් අතිමහත් බහුතරයක් තම රටට සිදු වූ ව්‍යසනය ගැන කිසිවක් දැන සිටියේ නැත. විවේක දිනකට සුදුසු පරිදි, මොස්කව්හි ජනාකීරණ ස්ථානයන් බොහොමයක් හිස්වී තිබුණි. නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කුස්නෙට්සොව් ක්‍රෙම්ලිනයට ඔහුගේ මෝටර් රථයෙන් යන අතරවාරයේ වටපිටාවේ සාමකාමී දර්ශනය දෙස බලාසිටියාය. අගනුවර ජනගහනය සිය දේශසීමා වල යුද්දයක් ඇවිලෙන බව වත් රුසියානු ඉදිරි ඒකක දරුණු සටන්වල නියැලී සිටින බව වත් තවමත් දැන සිටියේ නැත.
අවසානයේ ජූනි 22 දා මධ්‍යම රාත්‍රියේ ස්ටාලින්ගේ හඬ නොව මොලොටොව් ගේ හඬ රැහැන් රහිත සේවා ඔස්සේ සමස්ථ සෝවියට් දේශය පුරාවටම විකාශය විය. ඔහුගේ ප්‍රකාශය ඉතාම කෙටි විය ‘අද පාන්දර හතරට ජර්මානු හමුදා අපේ රටට පහර දුන්නේ සෝවියට් සංගමයට කිසිදු පූර්ව අනතුරු හැගවීමක් නොකරය. ‘අපේ හේතුව සාධාරණයි’ සතුරාට පරාජය උරුම වන්නේය. අපි ජයග්‍රහයකයන් වන්නෙමු. ඔහු දැඩි ලෙස ප්‍රකාශ කලාය.
මොලොටොව්ගේ වචන තේරීම ආශ්වාදයක් නොවූ අතර ඔහුගේ ඉදිරිපත් කිරීම අපහසු විය, නමුත් මෙම නිවේදනය සෝවියට් සංගමය පුරා ප්‍රබල ප්‍රතිචාරයක් ඇති කළේය. වොල්ගා හි ස්ටාලින්ග්‍රෑඩ් නගරය සටන් වලින් බොහෝ දුරස් වන්නට ඇත, නමුත් මේ නිවේදනයේ බලපෑම එහි පැහැදිලිවම සටහන් විය. ‘ඒක හරියට අහසින් බෝම්බයක් වැටුණා වගේ, ඒක පුදුම කම්පනයක්,’ තරුණ සිසුවියක් සිහිපත් කළාය. ඇය වහාම හෙදියක් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. ඇගේ මිතුරන්, විශේෂයෙන්ම Komsomol (කොමියුනිස්ට් තරුණ) සාමාජිකයන්, යුද ක්‍රියාවන් සඳහා එකතු වීමට ලහි ලහියේ පෝලිම් ගැසුනහ.
දෙවන පෙරමුණුවල් බලමුලු ගැන්වීමේ නියෝග සඳහා බලා සිටියේ නැත. ඔවුන් ඉතා ඉක්මනින් රාජකාරී සදහා වාර්ථා කලෝය. මොලොටොව්ගේ කතාවෙන් පැය භාගයක් ඇතුළත, දෙවන පෙරමුනේ සෙබළෙකු වන වික්ටර් ගොන්චරොව් නිවසින් මධ්‍යස්ථානයට පිටත් විය. ස්ටාලින්ග්‍රෑඩ් ට්‍රෑම් රථ උද්‍යානයේ වැඩ කරමින් සිටි ඔහුගේ බිරිඳට සමුදීම සදහා ආපසු යාමට නොහැකි වුවද ඔහුගේ පියා ඔහුත් සමගින් පැමිණි අතර ඔහුව ඇරලවාලීම සදහා සිය පියා පැමිණෙන බවට වික්ටර් සිතුවද ‘යුද්ධ හතරක සටන් කළ’ අසූ එක් හැවිරිදි කොසැකයෙකු වූ තම පියා ස්වේච්ඡා සේවයට පැමිණීමට සැලසුම් කරන බව ඔහු දැන සිටියේ නැත. නමුත් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඔහුව ප්‍රතික්ෂේප කළ විට මහලු ගොන්චරොව් කෝපයට පත් විය.
දැවැන්ත ස්ටැලින්ග්‍රෑඩ් ට්‍රැක්ටර් කම්හල අසල වූ ස්ටාලින්ග්‍රෑඩ් කාර්මික විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල සිතියමක් බිත්තිය මත එල්ලා රතු හමුදාව ජර්මනිය තුල ඉදිරියට යාම කොඩිවලින් සලකුණු කිරීමට සූදානම් විය. විශාල, තීරණාත්මක පහරකින් අපි සතුරා කුඩුපට්ටම් කරනු ඇත' එක් සිසුවෙකු පැවසීය. අසංඛ්‍යාත ටැංකි නිෂ්පාදනය සහ ගුවන් ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්ති චිත්‍රපට සෝවියට් සංගමයේ දැවැන්ත කාර්මික හා මිලිටරි ශක්තිය ගැන රජය විසින් ඔවුන්ට ඒත්තු ගන්වා තිබුණි. එහෙත් සැබැව ඊට වඩා හත්පසින්ම වෙනස් විය. මෑතක් වන තුරුම තාක්‍ෂණික වශයෙන් පසුගාමී වූ රටක පින්තූර පමණක් ආකර්ෂණීය විය, ඊට අමතරව ස්ටැලින්වාදී ක්‍රමයේ සර්වබලධාරියා එය තුළ සිටින අයට තමන්ගේ දේශය නොසැලෙන බලවතෙක් ලෙස පෙනෙන්නට සැලැස්වීය. ‘බොරු ආටෝපික ප්‍රචාරණයන් කන වැටුණේ ඒවා විශ්වාස කිරීමට සැදී පැහැදී සිටි කන්ඩායමකටය’ සෝවියට් දේශයට පමනක් නොව ඉංජිනේරු කම්හල්, නාගරික උද්‍යාන සහ මහා වොල්ගා හරහා පෙනෙන උස සුදු මහල් නිවාස සහිත ස්ටැලින්ග්‍රෑඩ් ආදර්ශ නගරය සඳහා ද පැමිණීමට නියමිත ඉරණම බොරුවෙන් ඇස් වසා තිබූ ඔවුන් කිසිවෙක් බලාපොරොත්තුවෙන් සිටියක් නොවෙනු ඇත.
0 notes
wanninayaka · 3 years
Text
නැත්ත වෙනුවට ඇත්ත - විමල් වීරවංශ
නැත්ත වෙනුවට ඇත්ත – විමල් වීරවංශ
විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” කියවීමට ලැබුණා. මේක උසාවි නියෝගයක් මත අලෙවිය තහනම් වුවත් තහනම් කළ අලුතම මට හමුවූයේ සලාකා එක ළඟ පොත් විකුණන මනුස්සයකුගෙන්. මේක කියවීමෙන් මම නීතිය කඩ කළාද දන්නෙත් නැහැ. පොතේ තියෙන්නේ වීරවංශ 2008දී ජවිපෙන් අයින් කළ විගසම වගේ හදීසියේ සංස්කරණය කළ ලිපි කිහිපයක් සමග ඔහු ජවිපෙත් සමග විරසකයක් වීමට හේතු වූ කරුණුයි. මමත් හිතන්නේ නම් වීරවංශ ඒ වෙලාවේ දරපු මතය හරි කියලයි.…
Tumblr media
View On WordPress
0 notes
lankanewscolumn · 3 years
Text
වීරසේකරටත් උම්බෑ කීමට අයිතියක් ඇත.
මේ දවස්වල රටට හොඳම විහිළු සපයන්නේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර. හැබැයි එයා කරන්නේ ටිකක් නරක විදිහේ විහිළු.ඇස් රතු වෙන විහිළු.මීට ටික දවසකට උඩදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් කුමාරත් කිව්වේ සරත් වීරසේකර හිට්ලර් කෙනෙක් වෙන්න හදනවා කියලා.ඒ කියන්නේ පොහොට්ටුවේ කට්ටියත් දැන් සරත් වීරසේකර අන්දලා තියෙන්නේ හිට්ලර්ට. රටේ රාළට මතකයි ඔයිට ඉස්සෙල්ලත් කට්ටියක් සරත් වීරසේකර සිංහයෙකුට අන්දලා තිබුණා.ඒ 2019…
Tumblr media
View On WordPress
0 notes
janayugaya · 5 years
Text
"රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි"
ලෝක ඉතිහාසයේ සිටි ආඥාදායක පාලකයන් දෙදෙනකු වන ජර්මන් ජාතික ඇ​ඩොල්ෆ් හිට්ලර් සහ රුසියානු ජාතික ස්ටාලින් පිළිබඳව එහිදී කාදිනල් පියතුමන් සඳහන් කළේය.
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.
මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව අල්තාරය ආසිරි ගැන්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ(05) කාදිනල් පියතුමන් එසේ කියා සිටියා.
ලෝක ඉතිහාසයේ සිටි ආඥාදායක පාලකයන් දෙදෙනකු වන ජර්මන් ජාතික ඇ​ඩොල්ෆ් හිට්ලර් සහ රුසියානු ජාතික ස්ටාලින් පිළිබඳව එහිදී කාදිනල් පියතුමන්…
View On WordPress
0 notes
janaka-balasooriya · 5 years
Text
0 notes
Tumblr media
ආයෙත් ප්‍රජා පීඩක පාලකයින්ගෙන් බැටකමුද ? චිලියේ හමුදා කුමන්ත්‍රණය මීට කලකට පෙර ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වීමේ ප‍්‍රචලිත ක‍්‍රමය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් එක රැයකින් පෙරලා දමා ඒකාධිපතියෙකු විසින් බලය අල්ලා ගනු ලැබීමයි. ඒ ඒකාධිපතියා බොහෝ විට හමුදා නායකයෙකු වීමට ඉඩ තිබුණි. මීට අගනා උදාහරණයක් සැපයුණේ, 1973 දී චිලි රටේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව පෙරලා දමා, හමුදා නායකයෙකු වූ පිනෝචේ බලයට පත්වීමෙනි. ප්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකින් ලෝකයේ ප‍්‍රථම වරට මාක්ස්වාදියෙකු බලයට පත්වුණේ චිලී රටේ ය. 1970 දී එසේ බලයට පත් සැල්වදෝර් අයියන්දේව, 1973 සැප්තැම්බර් මාසයේ දවසක ඝාතනය කර දමා පිනෝචේ නැමැති හමුදා නායකයා බලයට පත්විය. එදා ධනවාදී සහ අධිරාජ්‍යවාදී කඳවුර සිටියේ, සන්නද්ධ විප්ලවීය මාර්ගයකින් පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද ක‍්‍රමයකින් පවා මාක්ස්වාදියෙකුට බලයට පත්වීමට කිසි ඉඩක් නොතැබිය යුතුය යන දැඩි ස්ථාවරයේ ය. ඇමරිකානු ඔත්තු සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් චිලී රටේ හමුදා කුමන්ත‍්‍රණය දියත් වුණේ ඒ යටතේ ය. මාක්ස්වාදී ආණ්ඩු පමණක් නොව, ධනවාදී ආණ්ඩුවක් වුවත්, ලෝක ධනවාදී ක‍්‍රමයේ මූලික අවශ්‍යතා සමග නොපෑහෙන විට මෙවැනි කුමන්ත‍්‍රණ හරහා එවැනි ආණ්ඩු පෙරලා දැමෙන බවට ඇමරිකාව එදා වගබලා ගත්තේය. සීතල යුද්ධ කාලය මෙවැනි කුමන්ත‍්‍රණකරුවන්ට තෝතැන්නක් විය. (සීතල යුද්ධය යනු, ධනවාදී සහ සමාජවාදී වශයෙන් ලෝකය කඳවුරු දෙකකට බෙදී, තමන්ගේ දේශපාලනික සහ ආර්ථික ක‍්‍රමය අනිත් කඳවුරට වඩා සාර්ථක බව සනාථ කිරීම සඳහා නඩත්තු කරගෙන ගිය බිහිසුණු තරඟකාරී කාලය හැඳින්වෙන නාමයයි. විශේෂත්වය වුණේ, මෙය ආයුධවලින් කරගෙන ගිය යුද්ධයක් නොවීමයි. එහෙත්, කඳවුරු දෙක සතුව තිබූ භයානක අවි අනෙකාට විරුද්ධව පාවිච්චියට ගැනුණොත් මුළු මිනිස් සංහතියම විනාශ විය හැකි ය යන අවදානම දැඩිව ලෝකයාට දැනවූ සමයකි). ඒ පසුබිම යටතේ, දෙපැත්තෙන් සැපයුණු අවසරය සහ තල්ලුව පාවිච්චියට ගනිමින් බොහෝ රටවල පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පෙරලා දැමුණි. මේ කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම්වලින් හතරෙන් තුනක්, හමුදා කුමන්ත‍්‍රණ නිසා ඇති වූ බිඳ වැටීම් ය. ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, ගෝතමාලාව, පේරු සහ උරුගුවේ වැනි ලතින් ඇමරිකානු රටවල් පමණක් නොව, ඝානා සහ නයිජීරියාව වැනි අප‍්‍රිකානු රටවල් ද, ග‍්‍රීසිය වැනි යුරෝපා රටවල් ද, තායිලන්තය සහ පාකිස්තානය වැනි ආසියාතික රටවල් ද එවැනි කුමන්ත‍්‍රණවලට ගොදුරු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් කාලයකට විනාශ කර ගත්තේය. අද ප්‍රජා පීඩකයින් බලයට පත්වන්නේ එක රැයෙන් වන විප්ලවයකින් නොවේ 1980 දශකය අවසානයේ සමාජවාදී කඳවුරේ නිශ්චිත බිඳ වැටීමත් සමග, සීතල යුද්ධ කාලය අවසන් විය. එබැවින් අද ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වන්නේ, එක්තරා රැයක ආයුධ සන්නද්ධව ආණ්ඩුවේ මර්මස්ථාන හිටිහැටියේ අත්පත් කර ගැනීමෙන් නොවේ. චිලී රටේ ජනාධිපතිවරයා ඝාතනය කොට ඒකාධිපතියා බලයට පැමිණීම මුළු ලෝකයාම දැක්කේය. දවසක් එළි වන විට, ජනාධිපති මන්දිරය ගිනි තබා අළු කොට ඇති බව මුළු ලෝකයාම දැක්කේය. එහෙත්, සීතල යුද්ධ කාලය අවසන් වීමත් සමග එවැනි ප‍්‍රජා-පීඩකයන් බලයට එන්නේ, ප‍්‍රජාවගේම අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව ය. එහෙත් කිසි ජනතාවක් තමන්ව පීඩාවට පත්කරතැයි සිතන නායකයන්ව බලයට පත්කර ගැනීමට දැනුවත්ව ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් බලයට පත්වන තැනැත්තා අනතුරුව ප‍්‍රජා-පීඩකයෙකු බවට පත්වීමයි. එහිදීත්, හිට්ලර් මෙන් ඔවුන් කෙටි කාලයක් තුළ, ලෝකයාටම ඇස්පනාපිට පෙනෙන ආකාරයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන විනාශ කර දමන්නේ නැත. ඒ වෙනුවට, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාම යැයි පෙනෙන හේතුපාඨ දක්වමින්, තමන්ගේ ගමන ඔවුහූ යුක්ති සහගත කර ගනිති. සීතල යුද්ධ කාලය අවසන් වීමෙන් පසුව බොහෝ නායකයන් බලයට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදියාගේ සිට ප‍්‍රජා-පීඩකයාගේ භූමිකාවට කෙමෙන් ප‍්‍රවිෂ්ටව ඇත්තේ මේ ආකාරයෙන් ජනතාව ගොනාට ඇන්දවීමෙනි. ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය. අද ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණය කරන්නේ නීත්‍යනුකූලවයි එහිදී, මේ නායකයන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙමෙන් අකර්මණ්‍ය කරනු ලබන්නේ, ‘නීත්‍යානුකූලව’ ය. ඔවුහූ, ජනතාව ඉල්ලා සිටිනවාටත් වඩා මැතිවරණ පවත්වති. එසේ කරන්නේ, ඒ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය අවශේෂ සාධක සියල්ල තමන් යටතේ තබා ගනිමිනි. උදාහරණයක් වශයෙන්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සෘජුව හෝ වක‍්‍රව යටපත් කර ගැනෙන පරිසරයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව, මැතිවරණ දූෂණ මැඩලීමේ යාන්ත‍්‍රණයන් අකර්මණ්‍ය කිරීමෙන් පසුව, නීතිය හා සාමය පිළිබඳ අංශ අවනත කර ගැනීමෙන් පසුව, මෙවැනි නායකයන් විසින් මැතිවරණ පවත්වනු ලැබීම සහ ඒවායින් ජයග‍්‍රහණය කරනු ලැබීම දැක්විය හැකිය. නැවතත්, ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය. මහින්ද 18 සම්මත කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ව්‍යවස්ථානුකූල ය. නීත්‍යානුකූල ය. ඊට ‘ව්‍යවස්ථානුකූල’ සහ ‘නීත්‍යානුකූල’ භාවය ලැබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් එය සම්මත කර ගත් නිසා ය. ඒ තුනෙන් දෙකේ වැඩි ඡන්දය ලබා ගත්තේ, ජනතාව ඉදිරියට ගොස් ඉල්ලා ගත් ඡන්දයකින් නොව, වෙනත් පක්ෂයකින් බලයට පත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට අයථා අන්දමින් බා ගැනීමෙනි. එක පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව වෙනත් පක්ෂයකට මාරු වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ. (එහෙත් එය අපි දැනට පසෙකින් තබමු). අදාළ වන්නේ, මේ කියන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂට අවශ්‍ය කෙළේ මන්ද යන්නයි. එක පැත්තකින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ වන විට ඇති කොට තිබූ සාධනීය දේශපාලනික සංස්කෘතිය ආපසු හැරවීමත්, අනිත් පැත්තෙන්, 1978 ව්‍යවස්ථාව තුළ ජේ. ආර්. ජයවර්ධන විසින්ම පනවා තිබූ ජනාධිපති වාර දෙකේ සීමාව ඉවත් කර ගැනීමත් සඳහා ය. මින් පළමුවැන්න ඉඳුරා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ය. දෙවැන්න අධිකාරීවාදී ය. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ දෙකම සාධනය කර ගත්තේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීව’ ය. ජෝර්ජ් වොෂින්ටන් අපිට කියාදෙන පාඩම මොකක්ද ? ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වුණේ ජෝර්ජ් වොෂින්ටන් ය. 1789 දී බලයට පත් ඔහු දෙවරක් ජනාධිපති ධුරය හෙබවීය. ඒ දෙවරම ඔහු ජනාධිපති තනතුරට පත්වුණේ ඇමරිකාවේ ‘මැතිවරණ කොලීජියේ’ ඒකච්ඡන්දයෙනි. තුන්වැනි වරටත් ජනාධිපති ධුරය දරණ ලෙස රජයේ බලවතුන් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කීවේ මෙවැන්නකි: ‘‘මම තමයි මේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රථමයා. ඒක නිසාම, ඉතා පරිස්සමින් කටයුතු කිරීමට මට සිද්ධ වෙලා තියෙනවා. මේ අලූත් ආණ්ඩු ක‍්‍රමය ගැන පූර්වාදර්ශ අපිට නැහැ. මං තමයි පූර්වාදර්ශය වෙන්න තියෙන්නේ. මං කරන කියන හැම දෙයක් දිහාම අද ඇමරිකාව බලා සිටිනවා වගේම, අනාගත ලෝකයත් මගේ චර්යාවෙන් පාඩම් ගැනීමට නියමිතයි. තුන් වැනි වාරෙටත් ජනාධිපති වීම නරකයි කියලා මං හිතන්නේ ඒකයි.’’ තුන්වැනි වාරයක් එකම පුද්ගලයෙකුට ජනාධිපති වීමේ නොහැකියාවක් පිළිබඳ නියමයක් එදාවත්, ඉන් පසු තව අවුරුදු 150 කට ආසන්න කාලයක් තිස්සේවත් ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලියැවී නොතිබුණි. එය, ජෝර්ජ් වොෂින්ටන් විසින් තැබූ පුද්ගල ආදර්ශයක් පමණක්ම විය. එහෙත් සියවසකටත් වැඩි කාලයක් තිස්සේ එය ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ විශිෂ්ට ප‍්‍රතිමානයක් බවට පත්විය. එසේ තිබියදී, 1933 දී ඇමරිකානු ජනාධිපති පදවියට පත් ෆ‍්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් හතර වතාවක් ජනාධිපති ධුරයට තරග කොට දිනුවේය. ඇමරිකානු ජාතියේ පියා වූ වොෂින්ටන් විසින් තැබූ ආදර්ශය එසේ රූස්වෙල්ට් විසින් කඩනු ලැබීම කෙලෙසකින්වත් නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් නොවුණ ද, රූස්වෙල්ට්ගේ මරණයෙන් පසුව, ජෝර්ජ් වොෂින්ටන්ගේ සම්ප‍්‍රදාය නීතියක් වශයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුව ඇතැයි ඇමරිකානු සමාජය තදින් අදිටන් කර ගත්තේය. ඒ අනුව, ඇමරිකානු කොංග‍්‍රසයේ ප‍්‍රධාන පක්ෂ දෙකම එක්සත්ව 1947 දී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණි. අද වන විට, කෙනෙකුට දෙවරකට වඩා ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්විය නොහැක්කේ මේ 22 වැනි සංශෝධනය නිසා ය. අපේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ අර්ථයෙන් ඊට සමාන ය. මම, පුතා - මගේ සහෝදරයා න්‍යාය 2019 ජනාධිපතිවරණය ගැන ඉන්දියාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවැන්නක් කියා තිබේ: ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මට ආයේ සැරයක් ඉල්ලන්න බැහැ. මගේ පුතාට ඉල්ලන්න බැහැ වයස මදි නිසා. ඔව්, මගේ සහෝදරයා ඉල්ලනවා තමයි.’’ පළමු තේරීම මම ය. දෙවැනි තේරීම මගේ පුතා ය. තුන්වැනි තේරීම මගේ සහෝදරයා ය. වැඩවසම් ප‍්‍රවේණිය සහ ප‍්‍රජා-පීඩනය අතර අනිවාර්ය සම්බන්ධයක් නැත. එහෙත්, මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ අතීත භාවිතාව පිළිබඳ වැඩි ඈතක නැති නීරස අත්දැකීම් සමුදායක් අප සතුව තිබේ. රතුපස්වල, හලාවත සහ කටුනායක වැනි ස්ථාන නාම කිහිපයකුත්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුඞීන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත වැනි පුද්ගල නාම කිහිපයකුත් නිතැතින් අපේ මතකයට නැගේ. මේවා, සත්තයි, අත්දුටුවයි. ඇමරිකානු සම්ප‍්‍රදාය තුළ පැවති භයානක හිඩැසක් ගැන රූස්වෙල්ට් බලයට පත්වන තෙක් ඇමරිකාව දැනගෙන සිටියේ නැත. එහෙත් දැන ගත් සැණින් ඒ වරද ඔවුහූ වහා නිවැරදි කර ගත්හ. එසේ තිබියදී, මහින්ද සම්ප‍්‍රදාය සහ ගෝඨාභය සම්ප‍්‍රදාය ගැන වරක් දැනුවත් වූ අප නැවතත් ඒ ගැන අලූතින් දැනුවත් විය යුතු ද ?    සටහන - ගාමිණී වියන්ගොඩ සබැඳි පුවත්  යහපාලනය ආවඩන්නේ කාටද ? ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ 
0 notes
lankapost-blog · 6 years
Text
විජයකලා යලි කියයි.....
Tumblr media
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්නිය විසින් එල්. ටී. ටී. ඊ.පිල් සහ එහි නායකත්වය  පිළිබදව යළිත් වරක් අදහස් පළ කර තිබේ.. ඇය මෙම අදහස් පළ කර ඇත්තේ දෙමළ රූපවාහිනි නාලිකාවකට අදහස් දක්වමිනී. එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ හිට්ලර් සමඟ ප‍්‍රභාකරන් සන්සන්දනය කිරීමට නොහැකි මෙන්ම  ඔහු එතරම් කෲර නොවන බවද ඇය ප‍්‍රකාශ කර තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි මත තවදුරටත් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මේ දක්වා අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි. මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරන්නේ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසය විසිනි. Read the full article
0 notes
suneth123-blog · 6 years
Text
දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමූලඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්
දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමූලඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්
ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියානු-ජර්මන් දේශ සීමාවේ Braunau-am-Inn ගම්මානයේය.
ඔහුගේ පියා රේගු න��ලධාරියෙක් විය. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොලබා අවුරුදු 16 දී පාසලෙන් ඉවත් වී වියානා නුවර චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවත් වීමට වෑයම් කළ හිට්ලර්ගේ අන්තවාදී දේශපාලන හා වාර්ගික අදහස් බොහොමයක් මතුවූයේ මෙම කාලවකවානුව අතරතුරදීය.
1913 දී පළමුවන ලෝක යුද සමයේ…
View On WordPress
0 notes
lankanewscolumn · 5 years
Text
රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි – කාදිනල් හිමියන් පවසයි
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.
මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව අල්තාරය ආසිරි ගැන්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ(05) කාදිනල් හිමිපාණන් එසේ කියා සිටියා.
ලෝක ඉතිහාසයේ සිටි ආඥාදායක පාලකයන් දෙදෙනකු වන ජර්මන් ජාතික ඇ​ඩොල්ෆ් හිට්ලර් සහ රුසියානු ජාතික ස්ටාලින් පිළිබඳව ගැන එහිදී කාදිනල්…
View On WordPress
0 notes
Tumblr media
ප‍්‍රශ්න විසඳීමට මිනිසුන් මරා දැමිය යුතුම ද?  ගාමිණී වියන්ගොඩ හිට්ලර් කෙනෙකු දකුණෙන් ඉල්ලා සිටින විටත්, ප‍්‍රභාකරන් කෙනෙකු උතුරෙන් ඉල්ලා සිටින විට මෙන්ම එල්ලූම් ගස ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විටත් අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය වන්නේ, අදාළ ප‍්‍රශ්නවලට මරණය යම් විසඳුමක් විය හැකි බවයි. හිට්ලර් සහ ප‍්‍රභාකරන් සම්බන්ධයෙන් එම මරණය අනීතික වන විට, එල්ලූම් ගස එම මරණයට නෛතික ආටෝපයක් ලබා දෙයි. මරණයට පත්කිරීම අරභයා වන මෙකී නීතිය සහ අවනීතිය අතර සම්බන්ධය පැත්තකින් තිබ්බොත්, යමක් සාධනය කර ගැනීමේ විසඳුමක් වශයෙන් මරණය සැලකීම මේ අවස්ථා තුනේදීම එක ආකාරයෙන් දැකිය හැකිය. මරණීය දණ්ඩනය, බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. මෙසේ කියන විට අනිත් පැත්තෙන් නැගෙන තර්කය පැහැදිළි ය. එතකොට, මරණීය දණ්ඩනයට පත්කළ පුද්ගලයාගේ අතින් ජීවිතක්ෂයට පත්වූ වින්දිතයාගේ මානව හිමිකම ගැන කියන්නේ කුමක් ද? ඇත්තෙන්ම, මිනීමරුවෙකු සහ රාජ්‍යයක් අතර ඇති වෙනස සනිටුහන් වන්නේ එතැනදී ය. අදාළ වින්දිතයා ඇතුළු සමස්ත සමාජයේ හිමිකම් ආරක්ෂා කර දීම සඳහා මිිනීමරුවාට දඬුවම් පැමිණවීම රාජ්‍යයක වගකීමක් බව නොකිවමනාය. එහිදී වැරදිකරුවා සම්බන්ධයෙන් වන පුද්ගල වගකීමත්, වැරැුද්ද සම්බන්ධයෙන් වන රාජ්‍යයේ වගකීමත් සැලකිල්ලට ගැනේ. වැරදිකරුවාට දඬුවම් කිරීමට අමතරව, එම දඬුවම ආශ‍්‍රයෙන් වෙනත් එවැනි වැරදි අධෛර්යමත් කිරීමත්, ඒ වරද ඇති වීමේ හේතු වළක්වා ගැනීමේ වගකීමත් රජයකට තිබේ. ඒ නිසා, මිනීමරුවා යමෙකු ඝාතනය කළ සැහැල්ලූවෙන් එම මිනීමරුවාව ඝාතනය කිරීමේ අයිතියක් රජයකට අභ්‍යාස කළ නොහේ. මිනීමරුවා කරන්නේ තමාගේ අයිතියක් පාවිච්චි කිරීම නොව, වෙනත් කෙනෙකුගේ ජීවිතයක අයිතියක් පැහැර ගැනීමකි. මෙය ජීවිතයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා, රජයක් ඊට එකට එක කළ යුතු නැත. ඒ වෙනුවට, වැරදිකරුවාට ලැබෙන දඬුවම ඇත්තෙන්ම දඬුවමක් වන්නේ ද, ඒ දඬුවම එම වැරැුද්ද යළි ඇති වීම අධෛර්යමත් කිරීමට හේතු වන්නේ ද, ඊට අමතරව, එකී වරද ඇති වීමේ වෙනත් හේතු මීට සමාන්තරව පාලනය කර ගැනීමේ හැකියාවක් රජයට තිබේ ද ආදී පැති ගණනාවක් සලකා බැලීමට රාජ්‍යයකට සිදුවෙයි. මේ වන විට ලංකාවේ හිරගෙවල්වල මිනීමැරුම්වලට අදාල සිරකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් සිටිති. මේ සියලූ පුද්ගලයන් එම ඝාතනවල යෙදුණේ මන්දැයි ඔවුන්ගෙන් ඇසුවොත්, තමාගේ ප‍්‍රශ්නයට වෙනත් විසඳුමක් තිබුණු බවක් ඒ අවස්ථාවේ තමන්ට නොවැටහුණු බව ඔවුන් කියනු ඇත. එනම්, අවසාන විසඳුමක් වශයෙන් ඔවුන් යම් අවස්ථාවකදී ඝාතනය තෝරාගෙන ඇති බවයි. මිනිමරුවෙකුට අවසාන විසඳුමක් විය හැකි දෙයක් රාජ්‍යයකටත් අවසාන විසඳුමක් වන්නේ නම්, රාජ්‍යය කෙසේ නම් මිනීමරුවාගෙන් වෙනස් වන්න ද? දැන් ලංකාවේ එල්ලූම් ගස ගෙනෙන්ට යන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයට අදාළවයි. ඉහත කී කරුණු එහිදී වඩාත් වැදගත් වෙයි. මත්ද්‍රව්‍යකරුවා හෝ ජාවාරම්කරුවා එල්ලූම් ගස් යැවීමෙන් මත්ද්‍රව්‍ය උවදුර නැති කළ හැකි බව මේ අය සිතති. හිරගෙදර සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන්නන් එල්ලූම් ගස් යැවිය යුතු යැයි කියන විට එය සිනාවට කාරණයක් වෙයි. මන්ද යත්, හිර ගෙයක් යනු, අප දන්නා පරිදි, හතර වටේ රැුකවල් කළ, උස් තාප්ප ගසා ඇති, කිසිවෙකුට ඒ තාප්පෙන් එළියට යා නොහැකි ස්ථානයකි. එවැනි ස්ථානයක සිරකරුවෙකු වශයෙන් සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නේ නම්, එය එම පුද්ගලයාගේ ප‍්‍රශ්නයක් නොවන බව පැහැදිළි ය. කරුණු එසේ වන හෙයින්, මේ වරද සම්බන්ධයෙන් එල්ලූම් ගස අවශ්‍යම යැයි යමෙකු සිතන්නේ නම් කළ යුත්තේ, අර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාව එල්ලා මැරීම නොව, ඔහුට ඒ ජාවාරම කරගෙන යාමට පහසුකම් සලසන හිරගෙදර බලධාරීන්ව එල්ලූම් ගස් යැවීමයි. කෙසේ වෙතත්, එල්ලූම් ගස එක මිනිස් අභිලාෂයක් පමණක් සන්තර්පණය කරවයි. එනම්, පලිගැනීමෙන් ලබන ප‍්‍රහර්ෂයයි. මගේ දෙමාපියන්, මගේ දරුවන්, මගේ සහෝදර සහෝදරියන්, මගේ බිරිඳ හෝ සැමියා ඝාතනය කළ මිනිමරුවෙකු එල්ලූම් ගස් යැවීමෙන් තරම් අස්වැසිල්ලක් වෙන කිසිවකින් මට අත්නොවේ. බොහෝ දෙනා මේ දෙස බලන්නේ, ඒ ප‍්‍රාථමික මිනිස් සහජාසයට යට වීමෙනි. එහෙත් එහිදී ඔවුහු එක් වැරදි විනිශ්චයක එල්බ සිටිති. එනම්, මරණය උපරිම දඬුවම වශයෙන් ගැනීමෙනි. පලිගැනීම තම ආශාව නම්, එය සන්තර්පණය වන්නේ අපරාධකරුවාට උපරිමයෙන් විඳවීමට සැලැස්වීමෙන් නම්, ඇත්තෙන්ම කෙනෙකු ඉල්ලා සිටිය යුත්තේ, අපරාධකරුවාගේ මරණය නොව, එම අපරාධකරුවාගේ උපරිම විඳවීමයි. මරණයට පත්කිරීම යනු, දඬුවම කඩිනම් අවසානයකට පත්කිරීමකි. ඒ වෙනුවට, ජීවිත කාලයක් එම අපරාධකරුවා හිරේක සිටියොත්, සමස්ත ජීවිත කාලයම ඔහු විඳවනු ඇත. කෙසේ වෙතත්, ආදරණීය ජීවිතයකට මරණය විසින් ගෙන එනු ලබන පැවැත්ම පිළිබඳ ඒ වේදනාත්මක අවසානය, අපරාධකරුවා අරභයා තමා තුළ වන පලිගැනීමේ අභිලාෂයට සමසමව ගැට ගැසීමේ ස්වාභාවික නැමියාවක් මිනිස් ස්වභාවය තුළ තිබේ. එයින් මිදීම පහසු නැත. අද බොහෝ දෙනා එල්ලූම් ගසම ඉල්ලන්නේ එබැවිනි. කෙසේ වෙතත් සමාජ ශෝධනය පිළිබඳ සම්මුතීන් ඇති කරගත යුත්තේ, පුද්ගල සන්තර්පණයන්ට තැන දීමෙන් නොව, සමාජයේ යහපැවැත්ම සහතික කරලීම වෙනුවෙනි. එහිදී, එක පැත්තකින් පුද්ගලයා ද, තවත් පැත්තකින් සමාජය ද සිටී. මේ දෙපැත්ත අතර තුලනයක් තිබේ. එම සැකැස්ම තුළ, සමාජ-විරෝධී පුද්ගලයාටත්, ජීවත් වීමේ මිනිස් අයිතිය ඇති බව අද වන විට ලෝකය පිළිගනී. හෙවත්, සමාජ-විරෝධියාගේ ජීවිතය උදුරා ගැනීමේ අයිතියක්, නීතිමය රාමුවක් තුළ පවා, සමාජයකට නොපැවරෙන බව ය. ලෞකික නෛතික සම්මුතියකට අදාළව අද වන විට ලෝකයා ඇති කරගෙන තිබෙන ඒ සම්මුතික අවබෝධය, ඊට වඩා පහසුවෙන් සහ ඉක්මණින් ගෝචර විය යුත්තේ ආගමකට ය. මන්ද යත්, සෑම ආගමක්ම විඥානවාදී වන බැවිනි. සියල්ල තීරණය වන මුඛ්‍ය සාධකය විඥානය බව ඒ සෑම ආගමක්ම දේශනා කරයි. ඒ අනුව, ඒ සෑම ආගමකින්ම දේශනා කෙරෙන නිවන සහ මෝක්ෂය ආදි පරම සත්තාවන් කේන්ද්‍රගත වන්නේ විඥානමය පරිමිතියකයි. එසේ තිබියදී, කාදිනල් මැල්කම් රංජිත් පියතුමා එල්ලූම් ගස ඉල්ලා සිටීම විස්මය ජනක ය. සමාව දීම සහ දේව කරුණාව අගයන ආගමක කාදිනල්වරයෙකු මෙසේ මරණය ඉල්ලා සිටීම, ක‍්‍රිස්තුස් වහන්සේගේ ක‍්‍රිස්තියානියක් අනුව නොව, (සිංහල-බුද්ධාගම වැනි) සිංහල-ක‍්‍රිස්තියානියක් අනුව දෝ හෝ යි කෙනෙකුට සිතෙන තරමි. ඇත්ත වශයෙන්ම, ක‍්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තබා ඇණ ගසා මරණයට පත්කිරීමම, මරණ දඬුවමට විරුද්ධ වීමට කිතුණුවෙකුට ප‍්‍රමාණවත් හේතුවක් විය යුතු යැයි මට සිතේ. වෙනත් කෙනෙකුගේ ජීවිතය පැහැර ගැනීම පිළිබඳ තීන්දුවක් ගැනීමේ සදාචාරමය අයිතියක් තවත් කිසිවෙකුට නැති බව උන්වහන්සේගේ දේශනාව විය. අනාචාරයට මරණ දඬුවම පැමිණවීම ගැන සඳහන් කරමින්, ‘පව් නොකළ කෙනෙකු පළමු ගල ගැසිය යුතු’ බව උන්වහන්සේ කීහ. කෙසේ වෙතත්, පල්ලිය විසින් මරණ දඬුවම අනුමත කළ කාලයක් තිබුණි. එහෙත් ඒ ‘යුක්තිය තකා මිස ද්වේෂය තකා නොවිය යුතුය’ යන බරපතල කොන්දේසියට යටත්ව ය. මේ තත්වයත් දැන් දශක හතරක පමණ කාලයක සිට වෙනස්ව තිබේ. අද වතිකානුව මරණ දඬුවම එකහෙලා ප‍්‍රතික්ෂේප කරයි. (මරණ දඬුවම හේතුවෙන් ලෝකයේ කිසි තැනක අපරාධ අඩු වී ඇති බවට නිශ්චිත සාක්ෂි හමු වී නැති බව මීට පෙර මේ කොලමේ මීට අදාළ වෙනත් ලිපිවලින් විවිධ අවස්ථාවලදී පෙන්වා දී ඇති බැවින් ඒ ගැන නැවත මෙහි සඳහන් නොකරමි), ලංකාවේ මරණ දඬුවම ගැන කතා කිරීමේදී, වෙනත් බොහෝ කරුණුවලට අමතරව, ප‍්‍රධාන කාරණා දෙකක් නොතකා හැරිය නොහේ. එනම්, මරණයට පත් කළ පසු නිර්දෝෂී බව ඔප්පු වුවහොත් ආපසු එම තැනැත්තාට ජීවිතය ලබා දීමේ හැකියාවක් නැති කමත්, ලංකාව වැනි රටක අධිකරණ කි‍්‍රයාවලිය තුළ නිර්දෝෂි භාවය ඔප්පු කිරීමේදී ධනය සහ බලය බොහෝ විට තීරණාත්මක සාධකයක් වීමත් ය. (ඇත්ත වශයෙන්ම, ඇමරිකාව වැනි දියුණු රටවල පවා, අධිකරණ ක‍්‍රියාවලිය තුළ, ජාතිය සහ ධනය තීරණාත්මක සාධක වන සැටි විවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබේ. එසේම, මරණ දඬුවමට පත්කිරීමෙන් පසු නිර්දෝෂි භාවය සනාථ කෙරුණු අවස්ථා ද තිබේ). අපරාධ සහ ජීවන මට්ටම අතර සමීප සබඳතාවක් පවතී. පහළ ජීවන මට්ටමක සිටින කෙනෙකු, සාමාන්‍යයෙන්, අපරාධවලට පෙළඹීමට ඇති ඉඩකඩ වැඩි ය. අනිත් අතට, අධිකරණ ක‍්‍රියාවලිය තුළ, පහළ ජීවන මට්ටමක කෙනෙකු වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වීමට ඇති ඉඩකඩ, සාමාන්‍යයෙන්, අඩු ය. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි යන පොදු ව්‍යවහාරය න්‍යායිකව පැවතිය ද, ප‍්‍රායෝගික තත්වය තරමක් වෙනස් ය. මෙය,  ඕනෑම වරදක් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන තත්වයක් වෙතත්, මරණ දණ්ඩනයට අදාළව ඒ කාරණය බරපතල වැදගත්කමකින් සැලකිල්ලට ගත යුතුව තිබේ. අපේ ජනාධිපතිවරයාගේ එල්ලූම් ගස පිළිබඳ අලූත් තීරණය ගැන පිලිපීන ජනාධිපති දුතර්තේ ගිය සතියේ ප‍්‍රශංසා කොට තිබුණි. අවුරුද්දක කාලයක් තුළ, පිලිපීනයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 7000 ක් ඝාතනය කොට තිබේ. ඒ, එල්ලා මැරීමෙන් නොව. එරටේ එල්ලූම් ගසක් නැත. ඒ වෙනුවට, පොලීසිය සහ ඝාතක කල්ලි මේ මත්ද්‍රව්‍ය උවදුර ඉවරයක් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සේවයේ යොදවා තිබේ. අවසානයේ, මත්ද්‍රව්‍ය උවදුර ඉවරයක් කිරීමට තමාට හැකි වී නැති බව ජනාධිපතිවරයා පිළිගත්තේය. ‘‘ඇමරිකාව වගේ රටවල්වලටත් බැරි කොට අපි කොහොමද ඉවරයක් කරන්නේ?‘‘ යන්න ඔහුගේ ක්ෂාමාලාපය විය.
0 notes
Tumblr media
වි(ප)ත් මගකට සහ එළියෙන් අඳුරට මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර/ මහාචාර්ය කමිනා ගුණරත්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දින උත්සවයකදී, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ කළ ප‍්‍රකාශයත්, යාපනේ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශයත්, විශ‍්‍රාමික රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගමට එරෙහිව කළ ප‍්‍රහාරක ප‍්‍රකාශනයත්, අප සියල්ලන් විසින් ප‍්‍රසිද්ධියේ හෙළාදැකිය යුතු කාරණා වන්නේය. පූජ්‍ය උපාලි තෙරුන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අනුශාසනා කරන්නේ ‘හිට්ලර් කෙනෙකු වී’ හෝ රටට නායකත්වයක් සපයන ලෙසයි. ඉන් සති කිහිපයකට පසු වීරසේකර මහතා ආචාර්ය උඩගම මහත්මිය එල්.ටී.ටී.ඊ. ආධාරකාරියක බවත්, රටට ද්‍රෝහී තැනැත්තියක බවත් කියමින්, ‘ද්‍රෝහීන්ට මරණය’ ඉල්ලා සිටියේය. විජයකලා මහත්මිය, උතුරේ ජනතාවගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව පතා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයක් ඉල්ලා සිටියාය. මේ ප‍්‍රකාශ අතර පොදු නෑකමක් තිබේ. මේවා ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශ වීම නිසාම, යහපාලනයක් ඇති කරලීම සඳහා අධිකාරීවාදී සහ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක අවශ්‍යතාව සුජාත කොට අවධාරණය කරනු ලැබේ. තවද, ප‍්‍රචණ්ඩත්වය, අනෙකා නොඉවසීම සහ වෛරය, සෘජුව හෝ වක‍්‍රාකාරයෙන්, ඔවුහු ඒ මගින් සන්නිවේදනය කරති. මෙවැනි ප‍්‍රකාශන තුළින් කියැවෙන්නේ, අනාදිමත් කාලයක පටන් විවිධ ජාතීන්ගෙන් පැවත එන්නා වූ ද, සන්නද්ධ ගැටුමක ගොරතර අත්දැකීම් ද සහිත දේශයක, වාර්ගික සහ ආගමික අනන්‍යතාවයක නාමයෙන්, එක පැත්තකින්, සිංහල බෞද්ධ බහුතරවාදී රාජ්‍යයකුත්, අනිත් පැත්තෙන්, සුළුතර දෙමළ ප‍්‍රජාවකගේ ඊලාම් රාජ්‍යයකුත් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවකි. මහේෂ්වරන් මහත්මියගේ ප‍්‍රකාශය තුළ, මේ මුළු රටමත් ලෝකයමත් දන්නා එක් යථාර්ථයක් අමතක කරයි: ඒකාධිපති සහ දැඩි මතධාරී එල්.ටී.ටී.ඊ. පාලනය විසින් දෙමළ ප‍්‍රජාවටත්, අපේ සියලූ ජනතාවටත් ගෙනෙන ලද්දේ ප‍්‍රචණ්ඩත්වය, විනාශය සහ විඳවීම ය. මොවුන්ගේ මේ ප‍්‍රසිද්ධ අනුශාසනාවන් තුළ පැවතියේ, අවිහිංසාව කෙරෙහි සහ මිනිස් සන්තාපය කෙරෙහි සංවේදී විය යුතු යැයි බුදුන් වදාළ ආගමක ඇති මූලික හර පද්ධතීන් පාගා පොඩි කර දැමීමට බැලීමකි. සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ ධම්මපදයේ දේශනා කළ පරිදි, වෛරය, ප‍්‍රචණ්ඩත්වය සහ විජයෝත්සව මගින් උපද්දනු ඇත්තේ තව තවත් වෛරය සහ ප‍්‍රචණ්ඩත්වයම ය. ‘පරාජිතයා වේදනාවෙන් තැවෙන නිසා’ එය සක්සුදක් සේ යථාවක්ම වන්නේ යැයි උන්වහන්සේ වදාළහ. වෛරය, හිංසනය සහ අධිකාරීවාදය, සංඝ සාසනයේ නායක ස්වාමීන් වහන්සේ කෙ��ෙකු, හිටපු හමුදා නිලධාරියෙකු සහ පාර්ලිමේන්තුවේ සාමාජිකාවක් විසින් ප‍්‍රවර්ධනය කරනු ලැබීම අතිශය විනාශකාරී ය. ඒවා අප විසින්, ප‍්‍රගතිය සහ සංවර්ධනය අපේක්ෂා කරන අප විසින්, බල අපයෝජනයන්ගෙන් සහ සන්නද්ධ ගැටුම්වලින් විනිර්මුක්ත ප‍්‍රගතියක් සහ සංවර්ධනයක් අපේක්ෂා කරන අප විසින් අභියෝග කොට ප‍්‍රතික්ෂේප කළ යුත්තේය. ඒකාධිපතියන් සහ මිනිසුන්ගේ විවිධත්වයන්ට වෛර කරන්නන් විසින් බිහි කරනු ඇත්තේ, ජනතාවට වැඩදායී රාජ්‍යකරණයක් වෙනුවට, යුද්ධය, විනාශය සහ විඳවීම බව, මිනිස් ඉතිහාසය අපට පෙන්වා දෙයි. එසේම, රජයක තනතුරු දරන්නන් සතු වගකීම් විකෘති කරන සංස්කෘතියත් අප හෙළාදැකිය යුතුව තිබේ. දේශපාලඥයන් ඉදිරියේ දණ නමන ‘පි‍්‍රයමනාප සහ යහපත්’ මිනිසුන්ගේ අවකල් ක‍්‍රියාවන් සහ ¥ෂණයන්, ජරාජීර්ණ දේශපාලන ක‍්‍රමයක අසරණ පිරිසක් වශයෙන් සලකා සමාව දී අමතක කිරීමටත් අපි පුරුදුව සිටිමු. සෘජුපටිපන්නව සහ ධෛර්යවන්තව තමන්ගේ වෘත්තීයමය සහ රාජ්‍ය වගකීම් ඉටු කිරීමට උත්සාහ දරණ පුද්ගලයන්ට එරෙහිව නැගෙන ප‍්‍රහාර ඉවසා සිටීමටත් අපි පුරුදුව සිටිමු. ආචාර්ය උඩගම එල්.ටී.ටී.ඊ ක්ෂමාලාපිකාවක් සේ මෑතකදී ගර්හාවට ලක්කිරීම, මේ දුෂ්ට අවලාද සංස්කෘතියේ තරම නිරූපණය කරයි. ආචාර්ය උඩගම, ශාස්ත‍්‍රාලීය වෘත්තීයවේදිනියකි. සිය වගකීම් දිරිමත්ව, ගෞරවාන්විතව සහ ස්වාධීනව ඉටු කිරීමේ මෙන්ම, රාජ්‍ය සේවය කෙරෙහි ගැඹුරින් කැපවීමේත් පළපුරුද්ද ඈ සතු ය. පුද්ගල සුපිළිපන් භාවයේ ඉහළම ප‍්‍රමිතියට අනුගතව කටයුතු කොට ඇති ඇය ඒ සඳහා වන පෘථුල සමාජ ගෞරවාදරයට ලක්ව සිටින්නියකි. කොමිසමේ සභාපතිනිය වශයෙන් කෙටි කාලයක් තුළ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිඥාවන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ගැනීම හරහා සාක්ෂාත් කර ගැනීමට ඈ නායකත්වය දී ඇත්තේය. පසුගිය රජය යටතේ පැවති ලංකාවේ මානව හිමිකම් කොමිසම, එවැනි කොමිෂන් සභාවන්හි කාර්යයන් නිරීක්ෂණයට ලක්කරන ජාත්‍යන්තර මෙන්ම ආසියාතික ආයතන මගින් තත්වයෙන් පහත හෙලනු ලැබ තිබුණි. වර්තමාන ලංකාවේ මානව හිමිකම් කොමිසම මෑතකදී කරන ලද කාර්ය භාරය, යුක්තිය පසිඳලීම සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරභයා වන එවැනි ආයතන සහිත වෙනත් රටවල් අතරේ හොඳම රටක් වශයෙන් ගෞරවයට ලක්වීමට හේතුකාරක විය. එවැනි තත්වයක් තුළ, ඇගේ නාමය සහ රාජ්‍ය සේවය බාල්දු කිරීම සඳහා කරන ලද කුරිරු සහ අසත්‍ය අපවාද අප හෙළාදැකිය යුතුව ඇත. 2015 දී, අඩු වශයෙන් රටේ සිංහල බෞද්ධයන්ගෙන් තුනෙන් එකක් ඇතුළු රටේ බහුතර ජනතාව පැවති දේශපාලන තන්ත‍්‍රය සහ නායකත්වය ප‍්‍රතික්ෂේප කළෝය. වෙනසක් සඳහා වන අවශ්‍යතාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ එදා නායකත්වය දුන්නෝය. එකී ජයග‍්‍රහණයෙන් පසුව, සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණය සහ කාර්යක්ෂම වූත්, දේශපාලනික කැපවිමකින් යුක්ත වූත් ප‍්‍රජා අභිවෘද්ධිය අතර පාලම් ගොඩනැගිය යුතුව තිබුණි. එහෙත් දෙන ලද ප‍්‍රතිඥා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත්ව තිබේ. ඒ අසාර්ථකත්වයන් හේතුවෙන්, රටට අවශ්‍ය කරන්නේ අධිකාරීවාදී ඒකාධිපති නායකත්වයක් ය යන මතයක් අද වන විට සමාජගතව තිබේ. ඇතැම් අවස්ථා අපෙන් මගහැරී ගොස් ඇති මුත්, මේ කාලය තුළ සාධනීය වෙනස්කම් යම් තරමකින් හෝ සිදුව ඇති බවත් අප පිළිගත යුතුය. කුමන සීමාකම් තිබියේ වී නමුත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කර ගත් සම්මුතිය මේ වන විට නීතිගත කරගෙන තිබේ. එසේම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ගැනීම. විශේෂයෙන් මානව හිමිකම් කොමිසම ක‍්‍රමවත් කර ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ පනතක් ඊට අදාළ ස්වාධීන කොමිසමක් හරහා ස්ථාපනය කරගෙන තිබීම මගින්, ජනතාවට වැඩදායී වන ප‍්‍රමිතීන් සහ ක‍්‍රියා පරිපාටි අප සකසාගෙන තිබේ. පැහැරගෙන යාම් සහ විරුද්ධවාදීන්ව අනීතිකව ඝාතනය කිරීම වැනි අතීතයේ අවකල් ක‍්‍රියා අද දකින්ට නැත. එසේ වෙතත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවත්, ඔවුන් බලයට පත්වීමේදී ජනතාවට දෙන ලද මූලික ප‍්‍රතිඥා සාධනය කරලීමට අසමත්ව සිටී. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය දෙසම ඇස ගසාගෙන සිටින ආණ්ඩුව සහ එහි නායකත්වය, පැරණි වැරදි කරමින් අනන්‍යතා දේශපාලනයක සිර වී සිටී. විවිධ අංශවලින් විරෝධතා නැගුණත්, අලූත් දේශපාලන සංස්කෘතියක් කොතෙක් ඉල්ලා සිටියත්, පත්වීම් කිරීමේදී දේශපාලන අනුග‍්‍රහය ක‍්‍රියාත්මක වීම, මහජන මුදල් අපයෝජනය කිරීම, අකාර්යක්ෂමතාව සහ ¥ෂණය, රාජ්‍ය පරිපාලනය කෙරෙහි වන දේශපාලනික ඇඟිලි ගැසීම් ආදිය තවමත් දකින්ට ලැබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, රජයේ තනතුරු දරණ සහ ජනතාවට වගකිව යුතු පුද්ගලයන්ම ඇතැම් විට දේශපාලඥයන්ගේ අසාර්ථකත්වයන්හි සහ අකාර්යක්ෂමතාවයන්හි පාර්ශ්වකරුවන් බවට පත්ව සිටී. දුෂණය සහ හිංසනය පිළිබඳ නඩුහබ, නිමක් නැති පරීක්ෂණ අස්සේ ප‍්‍රමාද කෙරෙමින් තිබේ. එවැනි සිදුවීම් පිළිබඳ නඩුහබ වෙනත් රටවල විභාග කෙරෙන ආකාරය මෑතකදී අපට දැක ගත හැකි විය. විරෝධතා දේශපාලනයක පැටලී සිටින මේ රටේ අපරාධ පරීක්ෂණ වනාහී දේශපාලන පලිගැනීම් වශයෙන් හංවඩු ගැසීමේ පුරුද්දක් තිබේ. ඒ අනුව, යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාපරිපාටි අපයෝජනය කෙරේ. මූලික අයිතිවාසිකම් පිළිබඳ අලූත් අර්ථකථනයක් මත යමින්, නිදහසට ඇති අයිතිය කෙලෙසන ආකාරයෙන් අත්අඩංගුවට පත්වීමෙන් වැළැකී සිටීමට කෙනෙකුට ඇති අයිතිය, උසාවියකට ගොස් අපරාධ සිදුවීම් පිළිබඳ නඩු විභාග දීර්ඝ කාලයකට කල් දමා ගැනීමේ අයිතියක් වශයෙන් ගෙන අපේ නීතිඥයෝ තර්ක කරති. රාජ්‍යකරණය සහ පරිපාලනය තුළ දක්නට ලැබෙන මේ අසාර්ථකත්වයන් හඳුනා ගැනීම, කෙසේ වෙතත්, අපේ රටත් ජනතාවත් තවත් පීඩාවට පත් කරවන අනාගත ඒකාධිපති පාලනයක් සඳහා වන උත්තේජනයක් නොවිය යුත්තේය. ඒකාධිපතියන් තමන්ගේම ජනතාව විනාශ කර ඇති ආකාරය ඉතිහාසය අපට කියාදෙයි. චණ්ඩාශෝක රජෙකුට ධර්මාශෝක රජෙකු විය හැකි වුණේ සළුපිළි මාරු කිරීමෙන් නොව, හිංසනය සහ බල අපහරණය ප‍්‍රතික්ෂේප කිරීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන ප‍්‍රමිතීන්වලින් මගපෙන්වනු ලැබීමෙනි. උපාලි තෙරුන් වහන්සේ හෝ වීරසේකර මහතා හෝ විජයකලා මහත්මිය අනුදකින මාර්ගය පැහැදිළිවම, ‘එළියෙන් අඳුරට’ යන මාවතකි. එය අපේ රටටත්, ජනතාවටත් ‘විපත් මගක්’ වීමට හැම පැත්තකින්ම ඉඩ ඇත්තේය.
0 notes
මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය
මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය
මහින්ද අයියාගේ ආශිර්වාදයෙන් ගෝඨාභය මල්ලී අපේ ‘ජනමූල’ හිට්ලර් බවට පත්විය. අස්ගිරියේ අනුනායක හිමියන් දැන් ඉල්ලා සිටින්නේ නැවත ඒ වාරය ගෙනෙන ලෙසයි. ඔහුට දොස් කීමේ පලක් තිබේ ද?
ෂ්‍යාමන් ජයසිංහ
‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’
දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා…
View On WordPress
0 notes
ගෝඨාගේ අලූත්ම මුට්ටිය: අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි
ගෝඨාගේ අලූත්ම මුට්ටිය: අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි
හිට්ලර්ගේ පියා හිට්ලර් කුඩා කාලයේ ඔහුට සැලකුවේ ඉතා නපුරට ය. සමහර දවස්වල කස පහරවල් පනහකටත් වැඩි දඬුවම්වලට මේ පියා හිට්ලර්ව භාජනය කොට ඇත. අවසානයේ පියාගේ කස පහරවල් ඉදිරියේ නොහඬා ඉන්නට හිට්ලර් පුරුදු විය. ඔහු නොහඬා කෙළේ, පියාට ඉත සිතින් වෛර කිරීමයි. මේ පියා කවුද?
ගාමිණී වියන්ගොඩ
විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය හැරුණු කොට හිට්ලර්ට ආරෝපණය කළ හැකි වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත.…
View On WordPress
0 notes
suneth123-blog · 6 years
Text
ගෝඨාභය රාජපක්ෂ "හිට්ලර් කෙනෙක් වෙන්න": වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ගේ ප්‍රතිචාරය
ගෝඨාභය රාජපක්ෂ “හිට්ලර් කෙනෙක් වෙන්න”: වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ගේ ප්‍රතිචාරය
ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් “හිට්ලර් කෙනෙක් වෙලා හරි” රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත කළ අනුශාසනයක් ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.
“ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක්…
View On WordPress
0 notes
Tumblr media
ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය – දෙවන කොටස ලයනල් බෝපගේ බලය ගොනු කර ගැනීම මෙම තත්වය බොහෝ විට ටික දෙනෙකු අත දේශපාලන හා තීරණ ගැනීමේ බලය ගොනු කර ගන්නට මඟ පාදයි. මානව සම්පත් ඉතාම යෝග්‍ය ආකාරයට වඩා අඩුවෙන් යොදා ගන්නට මෙන්ම දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය ඇති කර ලන්නට ද මෙයින් මඟ පෑදෙන්නට පුළුවන. අනෙක් අතට, ධනේශ්වර ආණ්ඩු ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු තබා තිබෙන ආකාරයට සෘජු විදේශ ආයෝජන උකහා ගැනීමේ හැකියාවටද මෙයින් බාධා පැමිණෙනු ඇත. එවැනි සමාජයක දරිද්‍රතාවය, දිළිඳුකම සහ බලාපොරොත්තු විරහිත බව ව්‍යාප්ත තත්වයකට පත් වන්නට පුළුවන. කපටි දේශපාලනඥයන්ට සිය විරූපී හිස් ඔසවන්නට හොඳම වාතාවරණයක් මෙයින් සැපයෙයි. මෙම කපටි දේශපාලනඥයෝ හරයාත්මක විසඳුම් ඉදිරිපත් නොකොට ගැලවුම්කරුවන් මෙන් මහ ඉහළින් ඝෝෂා කරනවා ඇත. එසේ වුවත් එවැනි කපටි දේශපාලනඥයන්ට මෙම අසමානත්වය තම ජීවිත කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති අය අතරේ බලාපොරොත්තු පිළිබඳ මන්දාලෝකයක් දැල්විය හැකිය. මෙම ජාතිකවාදී භේදකාරී කපටි දේශපාලන නායකයන් ඕනෑම ජනවාර්ගික හෝ ආගමික පසුබිමකින් බිහි විය හැකිය. ඔවුහු ප‍්‍රතිපත්තියක් මෙන් පෙනෙන යමක් මේ සඳහා යොදා ගත්තත්, එය හුදෙක් බලය අල්ලා ගැනීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක් පමණි. පුරවැසියන්ගේ ආර්ථීක තත්ත්වය වැඩිදියුණු කරන්නටත් ඔවුන් ආර්ථික වශයෙන් සූරාකෑමට ලක් වීමෙන් ගලවා ගන්නටත් දෙන පොරොන්දු වැනි මෙම ප‍්‍රතිපත්ති ඔවුහු බලයට පත්වූ විට අතහැර දමති, නැතහොත් අමතක කර දමති. 1929න් පසු ඇතිවූ විශාලතම අවපාතය ලෙස සලකනු ලබන 2008 ආර්ථික අවපාතය බරපතල දේශපාලන ප‍්‍රතිවිපාක ඇති කර ලීය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ලෝකය පුරා බොහෝ තැන්වල මූලධර්මවාදී ජාතිකවාදී සහ ආගමිකවාදී ප‍්‍රවාහයන් පෙරට ආවේය. ජාතික හා ආගමික ශ්‍රේෂ්ඨත්වය බොහෝ විට අධිකාරවාදී ප‍්‍රචණ්ඩ අන්තවාදය තුළින් දැඩි ලෙස ප‍්‍රකාශයට පත්වූ අතර, එයින් බොහෝ ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයන් පැන නැංවුනි. ඒ සමගම ඇතැම් ජන කොටස්වල දේශපාලන සිතුම් පැතුම් අන්ත දක්ෂිනාංශික මතවාදයන් දෙසට ගමන් කරන්නට පටන් ගැනුනේය. අධිකාරවාදියෙකු අත තීරණ ගැනීමේ බලය කේන්ද්‍රගත කිරීම, සාකච්ඡා කොට ඇති පරිදි ෆැසිස්ට් ආනතීන් සමග බැඳුනු ජාතිකවාදයේ ආන්තික ස්වරූපයක ප‍්‍රකාශයට පත්වීමකි. අධිකාරවාදියෙකු අත බලය ගොනු කර ගැනීම ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ හරහා හෝ පාර්ලිමේන්තුවෙන් බැහැර වූ විධික‍්‍රම තුලින් හෝ ඉටු කර ගත හැකිය. එක්සත් ජනපදය තුල, බොහෝ ලෙසම වාර්ගිකවාදී මූලධර්මවාදී දක්ෂිනාංශික කන්ඩායම් ඩොනල්ඞ් ට්රම්ප් ජනාධිපති ධුරයට ගෙන ආහ. ස්කැන්ඩිනේවියානු රටවල් බොහොමයක පාලනයට දක්ෂිනාංශික කන්ඩායම් තෝරා පත් කොට ගෙන ඇත. තුර්කිය ජනාධිපති ධූර කාලය දීර්ඝ කල අතර ටෙයියප් එර්ඩෝගාන් වෙත අගමැති බලතල ද පවරා දුන්නේය. රුසියන් ෆෙඩරේෂනය ව්ලැඩිමීර් පුටින් අත බලය ගොනු කළ අතර චීනය ෂි ජින්පින් යාවජීව ජනාධිපති බවට පත් කළේය. ශ‍්‍රී ලංකාවට බොහෝ ආසන්නව, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ගුජරාටි මුස්ලිම් ලෙයින් ඔහුගේ දෑත් තෙත්ව තිබුනද, අගමැති බවට පත් කරන ලදි. ෆැසිස්ට්වාදය ෆැසිස්ට්වාදය පදනම් වන්නේ ජාතිය, වාර්ගිකත්වය හෝ සංස්කෘතියෙන් බැඳුනු ජාතියක ශ්‍රේෂ්ඨත්ව සංකීර්ණය මතයි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආඥදායක රාජ්‍යයක් මෙම ජාතිකවාදී මතවාදය ඉහළින් ඔසවා තබයි. ෆැසිස්ට් රාජ්‍යයකට එරට පුරවැසියන් තම ජීවිතවල විවේක කාලය, අධ්‍යාපනය සහ දේශපාලන ක‍්‍රියාකාරිත්වය වැනි පැති පාලනය කරනු ලබනවාට සහාය දක්වන බව සහතික කරන්නට ආඥදායකයෙකු අවශ්‍ය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණවලදී අපේක්ෂකයෝ තම හදවත්වල ජාතික අවශ්‍යතාවන් තබා ගෙන ඇතැයි යන්න සහතික කරන්නට අවශ්‍ය නැත. ප‍්‍රතිපත්ති සාකච්ඡා කරන, සම්පාදනය කරන, පනවන සහ ඒවා ක‍්‍රියාත්මක කරන්නට කාලය කැප කරන මණ්ඩපයක් වෙනුවට පාර්ලිමේන්තුව කථා සාප්පුවක් හා රබර් මුද්‍රාවක් බවට පත්විය හැකිය. වෙනත් පක්ෂ පවතින්නේ නම් අන්ත ජාතිකවාදී පරමාර්ථයක් අනුගමනය කිරීම අභියෝගයට ලක් කල හැකි හෙයින් පාර්ලිමේන්තුවේ වෙනත් තරගකාරී පක්ෂ නොසිටීම අවශ්‍ය වෙයි. පාලන තන්ත‍්‍රයක් අදක්ෂ විට හෝ ප‍්‍රතිචාර නොදක්වන විට, නැතහොත් රටක සමාජ නිර්මිතය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් දැඩි ලෙස ස්ථාපිතව නොපවතින විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පුරවැසියෝ අසතුටට පත්ව, වෙනත් ‘වඩා ශක්තිමත්‘ සහ ‘වඩා දැඩි‘ පාලන තන්ත‍්‍රයක් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතහැර දමන්නට කැමැත්තෙන් පසුවෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වලව පවතින, ජාතිකවාදය ශක්තිමත් එවැනි වාතාවරනයක් තුල ෆැසිස්ට්වාදය අන්ත ජාතිකවාදයේ මුවාවෙන් පෝෂණය වෙයි. ෆැසිස්ට්වාදයට වෑයමකින් තොරව දුර්වල පාලන තන්ත‍්‍රය ඉවත් කොට යම් කාලයක් පුරා වැජඹෙන්නට මෙයින් කදිම වාතාවරනයක් සැපයෙයි. කෙනෙකු කපටි දේශපාලනඥයන්ට උදවු කරන්නට පෙළඹෙන්නේ කෙසේද? ආදායම් අසමානත්වය පැතිර පවතින විට බොහෝ දෙනාට, විශේෂයෙන්ම ආදායම් ප්‍රේ‍ක්ෂාවලියේ පහළ කෙළවරේ සිටින අයට ඔවුන්ගේ අවශ්‍යතාවයන්, එම අවශ්‍යතාවයන් මූලික ආර්ථික, මානසික හෝ ස්වයං සත්‍යකරණ අවශ්‍යතාවයන් වූවද, ඒවා සපුරා ගැනීම ඉතා දුෂ්කර වෙයි. එබැවින්, මූලධර්මවාදය, වෙනස්කම් කිරීම, වර්ගවාදය සහ ලිංගභේදය සමාජය තුළ ව්‍යාප්ත වීම පුදුමයට කාරණයක් නොවේ. යම් යම් අවස්ථාවලදී මනුෂ්‍යත්වයට එවැනි ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී තිබේ. සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දෙන විට, ජනයා තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඔවුන්ට තිබෙන ඕනෑම මාර්ගයක් යොදා ගන්නවා ඇත. ජනයා කපටි දේශපාලනඥයන්ට සවන් දෙන්නට පටන් ගන්නේ එවිටයි. ලෝකයේ බොහෝ තැන්වල ෆැසිස්ට් ප‍්‍රවනතා මුල් බැස ගත්තේ ඒ අන්දමටයි. පසුගිය දශක කිහිපය පුරා බටහිර ලෝකයේත්, සත්තකින්ම ඊට පෙර ආසියාවේ ඇතැම් රටවලත්, බොහෝ ව්‍යාජ හේතූන් මත ආඥදායක ප‍්‍රවණතාවයන් රළ පහරවල් මෙන් මතුවී තිබේ.තම දිවි රැක ගැනීමට වුවමනා කරන අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකි වන විට මනුෂ්‍යත්වය පහසුවෙන් ���න්ධ බවට පත් වෙයි. ජර්මනිය හා ඉතාලිය යන දෙරටේම පළමු ලෝක යුද්ධ සමයෙන් පසුව පැවති වාතාවරනය මෙයයි. ජර්මානු හා ඉතාලි ප‍්‍රජාතන්ත‍්‍රයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාායන් හුදෙක් මැතකදී බිහිව, දුබල ලෙස මුල් ඇද තිබූ ඒවා විය. පළමු ලෝක යුද්ධයෙන් පසු ආර්ථික අර්බුදය සමඟ විරැකියාව වර්ධනය වූයේය. වෙර්සායි (Versailles) ගිවිසුමෙන් පළමු ලෝක යුද්ධය ඇරඹීම සම්බන්ධයෙන් ජර්මන්වරු චූදිතයන් බවට පත් කර තිබිනි. ඔවුන්ට දඬුවම් ලෙස වන්දි ගෙවීම් මෙන්ම සැලකිය යුතු භෞමික සහනද පිලිගැනීමට සිදු විය. ඉතාලි ජාතිකයන් තරයේ කියා සිටියේ ඔවුන්ට ලබාදිය යුතුව තිබුන භූමි ප‍්‍රදේශය ඔවුන්ට ලබා නොදුන් බවයි. අවමානයට පත් වීම හේතුවෙන් ජාතික විරෝධතාව සර්වව්‍යාපී බවට පත් වුනි. ෆැසිස්ට් හා නාසි පක්ෂ ඔවුන්ගේ එක් එක් රටේ ජාතික මහිමය යළි ස්ථාපිත කරන්නට පොරොන්දු වූහ. ඒ අනුව, ඉතාලියානුවෝ සහ ජර්මානුවෝ ෆැසිස්ට්වාදයට සහාය දෙන්නට පටන් ගත්හ. ඉතාලිය සහ ජර්මනිය ඉතාලි ෆැසිස්ට් පක්ෂය හා ජර්මන් නාසි පක්ෂය හරහා ඔවුන්ගේ ජාතික ශ්‍රේෂ්ඨත්ව සංකීර්ණයන් ලූහුබැඳ ගියහ. ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා (Il Duce) වූ බෙනීතො මුසොලීනි, “(ඉතාලියානු) ප‍්‍රජාවේ භෞතික සහ සදාචාරාත්මක ප‍්‍රගතිය මෙහෙයවීම”ට අදහස් කලේය. ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂයේ ඇඩොල්ෆ් හිට්ලර් (der Führer) “මෙම මහ පොළොවේ සංස්කෘතියේ නිර්මාතෘ” ලෙස ජර්මන් ජාතිය යලි ස්ථානගත කරන්නට බලාපොරොත්තු වූයේය. ඔවුන්ට ස්වකීය ජාතීන් කෙරෙහි තිබෙන පක්ෂපාතිත්වය, ආගම හා සමාජ පංතියට වඩා මහ ඉහළින් ඔසවා තබන්නට අවශ්‍ය වූනි. එබඳු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට පවතින ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතියක් හා ආයතනයක් විනාශ කොට අතුගා දමන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති රාජ්‍යයක් අවශ්‍ය කලේය. මුසොලීනි සිය රහස් පොලීසිය යොදා ගනිමින් කම්කරු වැඩ වර්ජන තහනම් කොට සියළු දේශපාලන විරෝධතාවයන් තුරන් කර දැම්මේය. ඉතාලි ෆැසිස්ට් පක්ෂයේ වූ ඔහුත්, ඔහුගේ අනුගාමිකයිනුත් නීති පැනවීමෙන් සහ ප‍්‍රචණ්ඩ මාර්ග යොදා ගනිමින් බලය තහවුරු කර ගෙන, ජාතිය තනි පක්ෂ ආඥදායකත්වයක් බවට පත් කර ගත්හ. ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ ඔහුගේ අභිලාෂයන් අවසන් වූයේ රජු ඔහුව බලයෙන් පහ කළ විටයි. එහෙත් මාස කිහිපයකින් ඔහු උතුරු ඉතාලියේ හිට්ලර් ගැති රූකඩ පාලනයක් ස්ථාපිත කොට, ඉතාලි සමාජීය සමූහාණ්ඩුවේ නායකයා බවට පත් විය. 1945 දී තම ප‍්‍රියාව සමඟ පලා යමින් සිටියදී අල්ලා ගනු ලැබ ඔහුව වහා ඝාතනය කර දැමිනි. දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මන්වරුන් ආර්ථික සූරාකෑමට ලක් වීමට යුදෙව් ජනයා වගකිව යුතු යයි හිට්ලර් විශ්වාස කලේය. ජර්මන්වරු ඉතිහාසය ගැන හිට්ලර්ගේ ව්‍යාජ අනුවාදය පිලිගත්තා පමණක් නොව, මෙයින් හුදෙක් තමන්ගේම වූ පෞද්ගලික ආර්ථික වාසි සාධාරන කෙරුනු හෙයින් හිට්ලර්ගේ දාමරික ම්ලේච්ඡත්වයටද ඔව්හු සමාව දුන්හ. (මතු සම්බන්ධයි)
0 notes
වීරයන් සහ සාඩම්බර කතා
වීරයන් සහ සාඩම්බර කතා
‘‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට්
රෙජී පොන්නම්පලම්
යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය හැකිය. ආගම හෝ වාර්ගිකත්වය වෙනුවෙන් විය හැකිය. ගැහැනුන් වෙනුවෙන් වුව විය හැකිය. දේවල් සිදුවන්නේ ඒ ආකාරයන් වුවත්, ඉතිහාසය අර්ථකථනය…
View On WordPress
0 notes